Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සමහර වැඩුණු දරුවන් ඇඳ තෙමන හේතු සොයා බලමු

“අනේ අනේ තාම ‍පොඩි ළමයෙක් වගේ රෑට ඇඳ තෙමනවා. දෙන්න හිතෙනවා මේ
ළමයට දෙකක්”
“ලැජ්ජ නැද්ද ළමයෝ දැන් ඔයාගේ වයස කීයද? මුළු කාමරේම ගඳයි.”
“මට වද දෙන්න කරනවාද කොහෙද? නැත්නම් මේ වයසේ අනිත් අයට නැති ලෙඩක් මොකක්ද මේ ළමයට විතරක්.”
“හොඳ ගුටියක් දෙන්න ඒ වෙලාවට අපූරුවට හරියයි“
ළදරුවිය ඉක්ම ගොස් තිබෙන දරුවකුගේ නොදැනුවත්ම මුත්‍රා පිටවීම අපේ සමාජයේ බහුතරයක් දකින්නේ මෙවැනි අදහස්වලින් යුතුවය. එසේම මෙවැනි තත්ත්වයක් යටතේ මවට සේම ඒ නිවසේ වැඩිහිටියන්ට ඇතිකර ගැටලු සමූහයද දරුවා කෙරෙහි තරහක් ඇති කිරීමට හේතු වෙයි. ඒ නිසාම මෙවැනි දරුවන්ට වරදකාරී මුරණ්ඩු, කම්මැලි වැනි විශේෂණ පද යෙදීමට වැඩිහිටියන් පෙළඹෙන අවස්ථා බහුලය. මේ නිසාම වැඩිහිටියන්ගෙන් දැඩි දඬුවම් ලබන දරුවන් සමාජයේ බහුලය. මේ තත්ත්වය පවසා දරුවා ලැජ්ජාවට පත්කිරීම, දඬුවම් කිරීම හරහා මෙම තත්ත්වය යහපත් අතට හරවා ගත හැකිය යන්නද සමාජයේ පවතින මිථ්‍යාවකි. මෙවැනි දරුවකුට උසුළු විසුළු කිරීම, ලැජ්ජාවට පත්කිරීම, දඬුවම් කිරීම වැනි දේ මගින් අනාගතයේ පෞරුෂ ආබාධ සහිත  මානසික ශක්තියෙන් අඩු කෙනෙකු බවට පත්වීමට ඉඩ තිබෙන බව බොහෝ වැඩිහිටියන් නොදන්නා කාරණාවකි. එසේම මෙවැනි උසුළු විසුළු දඬුවම් නිසාම මේ තත්ත්වය සමනය නොවී වැඩි කලක් ගතවීමටද වැඩි ඉඩකඩක් තිබේ. මෙය කිසිසේත්ම දරුවාගේ මුරණ්ඩුකම හෝ වරදක් නිසා සිදුවන්නක් නොවේ. එය දරුවාගේ අභ්‍යන්තර ඉන්ද්‍රීයයන්ගේ වැඩීමේ ඇති කුඩා අඩුපාඩුවක් නිසා සිදුවන වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයකි.
ළදරු වියේදී ඉබේම මුත්‍රා, මල පිටවීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් වයස අවුරුදු 2-4 දක්වා කාලය අතරතුර දරුවාට මුත්‍රා පිටකිරීම පාලනය කර ගැනීමේ හැකියාව ලැබේ. එය මොළය හරහා ලැබෙන පණිවුඩයකින් සිදුවන ප්‍රතීකක්‍රියාවකි. සාමාන්‍ය දරුවකුට මෙය වයස අවුරුදු හතර පමණ වන විට ලැබෙන හැකියාවක් වුවද සමහර දරුවන්ට මේ හැකියාව ප්‍රගුණකර ගැනීමේ කාලය වැඩිවේ. සමහර දරුවෝ වයස අවුරුදු 5 පමණ වනතුරුත් තවත් සමහරු ඊට වැඩි වයස්වලදීත් මුත්‍රා පාලනය කරගත නොහැකි තත්ත්වයේ පසුවෙති. මෙය මුත්‍රා පිටවන කපාටය පාලනය කරගැනීමට ඇති නොහැකියාව සේම වෙනත් ආබාධ නිසාද, හටගත හැකි තත්ත්වයක් බව වැඩිහිටියන් දැනගත යුතු කරුණකි. සමහර විට එය මුත්‍රා ආසාදනයක් නිසා කිසියම් මානසික තිගැස්මක් නිසා සේම දියවැඩියාව, වකුගඩු වැනි සැඟව තිබෙන රෝගී තත්ත්වයක් නිසාද මතුවිය හැකිය.
මේ ආකාරයට වයස අවුරුදු 5 පමණ වන විටත් දරුවා ඇඳ තෙමයි නම්, වෛද්‍ය උපදෙස් පැතිය යුතුමය. එසේම දරුවා හොඳින් තේරුම්ගෙන, දරුවා සමග සුහදව මෙයට ප්‍රතිකාර ලබාදීම මත මෙම තත්ත්වය සුවකරගත හැකිය.
මේ ආකාරයට ඇඳ තෙමන දරුවන්ගෙන් 50කට පමණ පවු‍ලේ කෙනෙකුට එය බලපා ඇති බවද හෙළි විය. මේ තත්ත්වයට මව මුහුණපෑවේ නම් එවැනි දරුවන් 44කට පමණ මෙය උරුමව තිබිණි. එසේම කුඩා කල පියා ඇඳ තෙමා ඇති දරුවන්ගෙන් 77ක්ම මේ තත්ත්වයට පත්ව තිබෙන බව පර්යේෂණ හරහා හෙළිව තිබේ.
මෙවැනි දරුවන්ට සවස 6න් පමණ පසු, වැඩිපුර දියර වර්ග ලබානොදීම හරහාද මෙම තත්ත්වය පාලනය කරගත හැකිය. එවැනි දරුවන්ට දවස පුරා හොඳින් දියර වර්ග ලබාදී නින්දට ළංවෙන හවස් කාලයේ ලබාදෙන දියර ප්‍රමාණය සීම කළ හැකිය.
එසේම සවස රාත්‍රී කාලවල සීනි සහිත, කැෆේන් වර්ග අඩංගු බිම වර්ග ලබා නොදීමෙන්ද තත්ත්වය යහපත් අතට හරවා ගත හැකි වේ. දරුවා ඇඳ නොතෙමූ දිනවල එය අගය කිරීම සඳහා කිසියම් තෑග්ගක් වැනි දෙයක් ලබාදීමෙන් ද දරුවා මෙයින් ඉක්මනින් මුදවා ගත හැකිය. ඉතා අධික ලෙස නින්ද යන දරුවන්ට සේම මලබද්ධයෙන් පෙළෙන දරුවන්ටද මේ මුත්‍රා ගැටලුව මතුවීමේ ප්‍රවණතාවක් ඇත. රාත්‍රියේ ගොරවන දරුවන්ටද මෙම තත්ත්වය මතුවීමට ඉඩ තිබේ.
සමහර දරුවන්ට නොනවත්වාම දිගටම මෙය පවතින අතර තවත් සමහර දරුවන්ට කලට වේලාවට මුත්‍රා පාලනය ඇතිවී මාස කීපයක් ගත වනවිට නැවත පාලනයක් නොමැතිව, මුත්‍රා පිටවන අවස්ථා ඇත. එවැනි අවස්ථාවන් ගැටලු සහගත බැවින් ඉක්මනින් ප්‍රතිකාර පැතිය යුතුය.
මෙය සැබැවින්ම දරුවාගේ වරදක් හෝ මුරණ්ඩුකමක් නොවන බව වටහාගෙන දරුවාට ආදරයෙන් අවවාද කරමින් සුහදව විසඳාගත යුතුය. දරුවා ලැජ්ජාවට පත්කිරීමෙන් මේ තත්ත්වය තව තවත් වැඩිදියුණු වනවා පමණක් නොව අනාගතයේ දරුවා ආත්ම විශ්වාසය අඩු පෞරුෂ ආබාධ සහිත දරුවකු වීමටද පිළිවන. එබැවින් මෙය බරපතළ නොවන ඉතා සුළු රෝගී තත්ත්වයක් බැවින් දරුවාට මානසික හෝ ශාරීරික හිරිහැර නොකොට වෛද්‍ය උපදෙස් කරා යොමු කිරීම අතිශයින් වැදගත් වෙයි.
 
ගම්පහ මහ රෝහ‍ලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චින්තක රාජපක්ෂ අවධාරණය කරයි

සාකච්ඡා කළා - නිර්මලා කුමාරි සේනාරත්න

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1725

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1741

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1020

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2562

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4020

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10174

Please publish modules in offcanvas position.