Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

'සංගීත පුටු' සිඟිති මනැස සංවර්ධනයට උදව්වකි

මෑත අතීතයේ සිටම බාල මහළු කවුරුත් අතර ඉතා ජනප්‍රිය ක්‍රීඩාවකි. විවිධ උත්සව අවස්ථා වලදී මෙන්ම ක්‍රිඩා උත්සව වලදී ද සංගීත පුටු ක්‍රීඩාවේ නිරත වෙමින් විනෝදාස්වාදයක් ලබා ගැනීමට ප්‍රිය කරන අය සිටිති.

වැඩිහිටියන්‍ මෙන්ම වියපත් දරුවන්ට ද මෙය විනෝදාස්වාදය ලබා දීම සඳහා උචිත ක්‍රීඩාවක් වුවද සිඟිති දරුවන්ට විනෝදය සමඟම මොළය වර්ධනයටද කුසලතා සංවර්ධනයටද සංගීත පුටු ක්‍රීඩාව උපයෝගී කරගත හැකිය.

ඒ කෙසේදැයි මෙසේ පැහැදිළි කළ හැක.

අවධානයෙන් යුතුව සවන්දීමට හුරුවීම

ඉඳ ගැනීමට ආසනයක් ලබා ගැනීමට නම් සංගීතය නතර වීම පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය. ඒ සඳහා සංගීතයට හොඳින් සවන්දීම ඉතාම අවශ්‍ය වේ.

මාංශපේෂී ක්‍රියාශීලී වීම

ඇතැම් දරුවන් ඇඟ සෙලවීමට ඉතා කම්මැලිය. එක තැනකට වී සිටීමට නිතරම උත්සාහ කරන දරුවන් අද සමාජයේ ඉතා බහුලය.

ඔවුන්ගේ එම ස්වභාවය දුරු කිරීමට මෙය අවස්ථාවක් කර ගත හැකියි.

තාලයකට ඇවිදීම, නටමින් ඇවිදීම, අත්පුඩි ගසමින් ඇවිදීම යනාදී ක්‍රියාවන්ට දරුවන්ව යොමු කළ හැකිය. ඒ මගින් දරුවන්ගේ මාංශපේෂී ක්‍රියාශීලීත්වය සිදුවේ.

පරාජය පිළිගැනීමට හුරු කරවීම.

පරාජය පිළිගැනීමට අපහසු දරුවන් මෙන්ම වැඩිහිටියෝද සිටිති. සමාජයේ විවිධ ගැටුම් ඇතිවීමට මෙයද එක හේතුවක් වේ. එම නිසා දරුවන්ට කුඩා කාලයේ සිටම පරාජය පිළිගැනීමට, පරාජ‍යේ දී නොසැලී සිටීමට හුරු කළ යුතුය. සංගීත පුටු ක්‍රීඩාවේදී ආසනයක් නොලබා පිටවී යාමට දරුවන් මැලි කරන්නේ නම් එය තරඟයේ ස්වභාවය බව ඔවුන්ට අවබෝධ කර  දිය යුතුය.

එ‍මෙන්ම එසේ ඉවත්වන දරුවන්ව යම් ක්‍රියාකාරකමක් සඳහා යොමු කිරීමටද පුළුවන.

උදා -: ගීතයක් ගායනා කිරීම, අලියෙකු - හාවෙකු මෙන් රවුමක් ඇවිදීම, බයිසිකලයක් පදින ආකාරය පෙන්වීම.

මෙම ක්‍රියාකාරකම් හමුවේ අත්පොළසන් නාදයක් ලබා දී දරුවාට ප්‍රශංසා කළ හැකිය.

දරුවන්ගේ නිර්මාණශීලී චින්තනය සංවර්ධනය 

මේ සත්‍ය සිද්ධිය ඒ සඳහා උදාරණයකි,

එක්දරු පියෙක් තමන් හා අවට නිවෙස් වල සිටි සම වයසේ දරුවන් ද සමඟ සංගීත පුටු ක්‍රීඩාවල නිරත විය. ඔවුන්ට පුටු තිබුණේ නැත. ඒ සඳහා රවුමක් ඇඳ රවුම වටේට සෙරෙප්පු තබා ස්ථාන සකස් කළහ.

එසේම සංගීතය ලබා ගැනීමටද පහසුකම් තිබුණේ නැත. ඒ සඳහා කළේ ක්‍රීඩාවේ නිරත නොවන දරුවකු විසින් අත්පුඩියක් මගින් නැවතීමේ සංඥාව ලබා දීමයි.

තමන් සතු සම්පත් සමඟ ඔවුන් ක්‍රීඩාව කළ ආකාරය කෙතරම් අපූරුද!

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1727

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1746

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1021

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2563

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4021

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10175

Please publish modules in offcanvas position.