Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පෙර පාසල් යාමට දරුවාගේ මනැස සකසමු

දරුවකු මුලින්ම පෙර පාසලට යන අවස්ථාව දෙමාපියන්ට විශේෂය. ඇඳුම් - පැළඳුම්, පොත් - පත් හා අනිකුත් අවශ්‍ය දේ මිලදී ගනිමින් ඒ සඳහා ‍ඔවුන් සූදානම් වන්නේ සතුටිනි.

මේ සියල්ලමත් සමඟම පෙර පාසල් යාමට දරුවාගේ මනැස ද සූදානම් කළ යුතු බව දෙමාපියන් දැන ගත යුතුය.

දරුවකු පෙර පාසල තුළ සතුටින් කාලය ගත කිරීම සම්බන්ධයෙන් වගකීම ඇත්තේ පෙර පාසලේ ගුරු භවතුන්ට බව බහුතරයකගේ අදහසය. එම අදහස මුළුමනින්ම සාවද්‍ය වන්නේද නැත.

පෙර පාසලේ පරිසරය,ගුරු මව්වරුන්ගේ කථා බහ, ඇඳුම් පැළඳුම්, හැසිරීම් රටාවන් මෙන්ම පෙර පාසලේ වැඩ පිළිවෙල, ක්‍රියාකාරකම් සඳහා දරුවන්ව යොමු කරන විලාසය යනාදී දේවල් දරුවන් තුළ පෙර පාසල පිළිබඳව ඇල්මක් ඇති වීමට හෝ නොවීමට හේතු පාදක වේ.

නමුත් සමහර දෙමාපියන්ගේ යම් ක්‍රියාවන්ද දරුවාට පෙර පාසල අප්‍රසන්න කරවීමට හේතු වන  අවස්ථා තිබේ.

ඒ මොනවාදැයි බලමු,

දරුවාට පෙර පාසල සුන්දර ස්ථානයක් වීමට නම් ගුරුතුමිය පිළිබඳව ඇල්මක් ඇතිවීම අවශ්‍යය.

මේ සඳහා තම දරුවාට අසත්‍ය දේ පවසන හා අනවශ්‍ය බලාපොරොත්තු දෙන දෙමාපියෝ සිටිති.

"ටීචර් පුතාව වඩාගෙන ඉඳියි"

"ටීචර් අද තෑගි ගේනවා ඔයාලට දෙන්න"

"ඔයා තමයි හොඳම ළමයා"

මෙසේ පවසන විට දරුවාට සතුටක් ඇති වන බව සැබෑය. නමුත් ඒවා සත්‍ය නොවන බව දැන ගැනීමෙන් පසු දරුවා තුළ ඇති වන්නේ වේදනාවකි. පෙර පාසල් යාමට අකමැති වීමට එවැනි දේවල් ද හේතු වේ.

එමෙන්ම දරුවා ඉදිරියේ පෙර පාසල, ගුරුතුමිය හෝ අනෙක් දරුවන් පිළිබඳව අප්‍රසාදයෙන් කථා කිරීම ඔවුන්ව විවේචනය කිරීම ආදිය නුසුදුසුය.

එවිට දරුවා තුළ පෙර පාසල පිළිබඳව මැවෙන්නේ ප්‍රසන්න චිත්‍රයක් නොවේ. තමන්ට අප්‍රසන්න ස්ථානයක් කරා යාමට වැඩිහිටියන් වුවද ප්‍රිය කරන්නේ නැත. සිඟිති දරුවන්ද ඒ ආකාරයම බව දෙමාපියන් මතක තබා ගත යුතුය.

ඇත්තෙන්ම පෙර පාසල් ගුරුතුමිය සිඟිති දරුවන්ට මවක බඳු විය යුතුමය. තමන් වෙතින් දරුවනට ආදරය හා රැකවරණය ලැබෙන බව ඔවුන් හැඟවීම ද ඉතාම අවශ්‍යය.

නමුත් පෙර පාසල තුළ සිටිනුයේ තම දරුවා පමණක් නොවන බව දෙමාපියන්ද මතක තබා ගත යුතුම කරුණක් වේ.

පෙර පාසලේ සිටින දරුවන්ගේ හැසිරීම් රටාවන්ද එක හා සමාන වන්නේ නැත. නමුත් ගුරුතුමිය සෑම දරුවකු කෙරෙහිම එක හා සමාන ලෙස අවධානය යොමු කළ යුතුව තිබේ. එය භාර ධූර වගකීමකි.

පෙර පාසලේ ස්වභාවය නිවසට වඩා වෙනස් බව දෙමාපියන් අවබෝධ කර ගත යුතු අතර ඒ පිළිබඳව දරුවා සමඟ කථා කිරීම දරුවාට ද එම තත්ත්වය අවබෝධ කර ගැනීමට උපකාර වේ.

"එතන පුතාට යා‍ළුවෝ ගොඩාක් ඉන්නවා. ටීචර් තමයි හැම කෙනෙක්වම බලා ගන්නේ. කාගෙවත් අම්මලා එතන ඉන්නේ නැහැ."

මේ ආදී වශයෙන් පැවසීම අනිවාර්යයෙන්ම කළ යුතුය.

ඒ සමඟම තමන්ට පෙර පාසලේ දරුවා සමඟ රැඳී සිටීමට ඉඩ දෙන කාල සීමාව පිළිබඳව ද දෙමාපියන් සැලකිලිමත් විය යුතුය. දරුවා සමඟ වැඩිපුර කාලයක් රැඳී සිටීමට අවසර ඉල්ලීමද සුදුසු නැත.

දරුවකු පෙර පාසලකට ඇතුළත් කරන විට දරුවා හඬයිද යන්න ඕනෑම මවකට පියෙකුට ඇතිවන ගැටලුවකි. නමුත් ඒ පිළිබඳව දරුවා ඉදිරියේ කථා කිරීම නොකළ යුතු බවත් හොඳින්ම මතක තබා ගත යුතුමය.

පෙර පාසලක වැඩ කටයුතු සාර්ථකව කරගන යාමට නම් දරුවන් පෙර පාසලේ පිළිවෙළට අනුව හැඩ ගැසිය යුතුවේ. ඒ සඳහා ඉහත සඳහන් කළ ආකාරයට දෙමාපියන්ට සහයෝගය දිය හැකියි. පෙර පාසල දරුවාට සුන්දර තැනක් වූ විට එහි පිළිවෙළට අනුව හැඩ ගැනීම දරුවාට අපහසු කටයුත්තක් වන්නේ නැත.

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 610

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1196

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 603

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1669

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 501

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4191

Please publish modules in offcanvas position.