Coss Ear2
lakbima.lk
COSS Ear 1

අතීතයේ රූපවාහිනී හෝ ගුවන් විදුලි වැනි  වින්දන මාධ්‍යයන් තිබුණේ නැත. එකල ජන සමාජය රසවත් කළේ ගැමි ජන සාහිත්‍ය කලාවයි. පැරණි ජන සාහිත්‍යය අප ජන සමාජය කුල්මත් කළා යැයි පැවසීම සාවද්‍ය නොවේ. හේනේ කුඹුරේ පැලේ සිට වෙහෙස මහන්සි වී නිවසට පැමිණි පසු වෙහෙස නිවා ගැනීමට පැරණි ජන කතා මහත් උපකාරී විය.

මෙම ගැමි ජනකතා අතර රජ කතා, දේව කතා, අද්භූත කතා, වීර කතා ආදී අංග රැසක් තිබුණි. අන්දරේගේ, මහදැනමුත්තාගේ මෙන්ම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කතාද ඊට අයත් වේ.

ගැමි ජන සාහිත්‍යයේද ළමා, යොවුන්, වැඩිහිටි අංග වලට අයත් සාහිත්‍ය අංග පැවතිණි. මේවා පරපුරෙන් පරපුරට ගලා යාමේ දී වඩාත් දියුණු, තියුණු වී අලංකාර වී ගලා යාම ඒවායේ සුවිශේෂී ලක්‍ෂණයක් ලෙස පෙන්වා දිය හැකියි.

ජන කතාවල උපුටා ගැනීම් මෙන්ම සංශෝධනයන් වලට බුද්ධිමය දේපල ය‍ටතේ නඩු අසන සංවිධාන එකල තිබුණේ නැත. එබැවින් එක් එක් යුගවල සිටි දක්‍ෂ ජනසාහිත්‍ය කරුවන් විසින් එක් එක් කතාවලට අළුත් අංග එකතු කරමින් අවශ්‍ය ලෙස සංශෝධනය කරන ලදී.

ඇත්තෙන්ම මෙම කතාවන් පරම්පරාවෙන් පරාම්පරාවට හැඩ වැඩ වෙමින් රසවත් වෙමින් අඩු ලුහුඬුකම් ඉවත් කරමින් වර්ධනය වීම තුළ ඒවා වඩාත් රසවත් වූ බව පැවසීමට පුළුවන.

පැරණි ජන සමාජ වල තිබූ ඉතා හරවත් රසවත් කතාවන් දන්නා අය අද විරලය. මේවායේ ගැබ් තිබූ හාස්‍යය පිරි උපදේශාත්මක රසය අද නිර්මාණ ගණනාවකින් හෝ ලැබීම අපහසුය. එම රසවත්  කතා නිර්මාණය කළ අයද සමඟ එම කතා ද ජන සමාජයට අහිමි විය. නව මාධ්‍ය කලාවක් විසින් ඒවා බිලි ගත්තා යැයි පැවසීමද වරදක් නොවේ.

කෙසේ වෙතත් අප ජන සමාජය සතුව ඇති ජන කතා පිළිබඳව කරුණු සොයා බලා ඒවා සංරක්ෂණය කරන්නේ නම් එය අනාගත දරු පරපුර වෙනුවෙන් කරන මහඟු ක්‍රියාවක් වනු ඇත.

 

ආචාර්ය ධම්මදේශ අම්බලන්පිටිය විසිනි,

සකස් කලා - ජලදිනී සේනානායක

දරුවන් නිදහසේ හැදී වැඩෙන්න හරිම කැමැතියි. ඔළුවට බරක් සේ දැනෙන පාසැල් විෂය කටයුතුවලට වඩා දරුවන් කැමැති ක්‍රීඩා කරන්න, රූපවාහිනිය නරඹන්න, ආකර්ෂණීය විෂය බාහිර ‍පොත්පත් කියවන්නයි. ඒත් මාපියන් සිතන්නේ දරුවන් නිතරම පාසල් ‍පොත්පත්වල ඇලී ගැලී සිටිමින් විෂයන්ට අදාළ කරුණු කට පාඩම් කළයුතු බවයි. මේ ඝට්ටනය වර්තමාන මාපියන් හා දරුවන් අතර බහුලව දකින්න පුළුවන්. අධ්‍යාපනය තුළින් තමන්ට යා නොහැකි වූ දුරකට, තත්ත්වයකට තම දරුවා යොමුකිරීම මාපියන්ගේ පවිත්‍ර ප්‍රාර්ථනාවක් වුවද ළමා වයසේ සිතුම් පැතුම් පවා තේරුම් නොගෙන දරුවා රොබෝවෙකු මෙන් පාසල් වැඩ සඳහාම යොමුකිරීම එතරම් ගෝචර නොවන බව නූතන මනෝ වෛද්‍යවරුන් පවා පිළිගන්නා මතයක්. ඒත් මාපියන්ගෙන් බොහෝ පිරිසක් මේ තත්ත්වය තවමත් තේරුම් නොගෙන සිටින බවයි මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ පවා අදහස වී තිබෙන්නේ. 
දරුවන් හා මාපියන් අතර පවතින මේ නොතේරුම්කමේ ගැටලුව බොහෝ විට අවසන් වෙන්නේ මාපියන් විසින් අකීකරු දරුවන් ලෙස එවැනි දරුවන් හඳුන්වාදෙමින්, මෙහිදී මවුපියන් මුලින්ම කරන්නේ ඔවුන් විවිධ අයුරින් වාචිකව වදහිංසාවලට ලක්කිරීමයි.  මෙය දරුවන් අයුතු ලෙස මානසිකව අපයෝජනයට ලක් කෙරෙන ප්‍රබලම තත්ත්වයක් බව මනෝ වෛද්‍යවරුන්ගේ අදහසයි. වාචිකව දරුවාට අපහාස මුඛයෙන් කතා කිරීමට අමතරව බොහෝ මාපියන් තම දරුවන්ට ශාරීරික වදහිංසා පැමිණවීමත් සිදුකරනවා. එලෙස කුඩා කාලයේදී ඉතාම සුළු වැරදිවලට හෝ වැරදි ලෙස වැඩිහිටියන්ට පෙනෙන දරුවන්ගේ ක්‍රියාකාරකම් වලට වැඩිහිටියන්ගේ ශාරීරික හිංසාවලට නිරතුරුව ලක්වන දරුවන් වැඩිහිටියන් බවට පත්වූ පසු විවිධ මානසික රෝගවලට ගොදුරුවන බව හා වැරදි පුරුදුවලට යොමුවන බව නවතම අධ්‍යයන මගින් හෙළිවී තිබෙනවා. මේ පිළිබඳව සොයාබැලීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් සරසවියේ මහාචාර්ය ඇන්ඩෲ ගොර්ගන් (Andrew Gorgan) ඇතුළු පිරිසක් විසින් වයස අවුරුදු 19-27 අතර පුද්ගලයන් 8300ක් යොදාගනිමින් තොරතුරු හා දත්ත රැස්කිරීමක් පසුගියදා සිදුකළා. මෙහිදී මෙම පුද්ගලයන් ලිඛිත පරීක්ෂණයකට මෙන්ම වාචික පරීක්ෂාවකටද ලක්කෙරුණා. විවිධ උපක්‍රම අනුසාරයෙන් ඔවුන් විමසා බැලීමට ලක්කළ ප්‍රධානම සිදුවීම් වන්නේ ශාරීරික පහරදීම්වලටත්, අපහාස කිරීම් හා අගෞරව කිරීම්වලටත් ඔවුන් ළමා වයසේදී ලක්වූවාද යන්නයි. මෙම අධ්‍යයනයට ලක්වූ පිරිසෙන් 55ක්ම (පුද්ගලයින් 4565) ළමා අවධියේදී ශාරීරික මෙන්ම මානසික වදහිංසාවලට ලක්වූවන් බව එහිදී හෙළිදරව් වුණා. එම පිරිසෙන් ළමා අවදියේදී වැඩිම ශාරීරික හා මානසික වදහිංසාවන්ට ලක්වී තිබුණේ කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන්. එලෙස අත්දැකීම් ලද අයගෙන් 85 (කාන්තා පිරිමි දෙපාර්ශ්වයෙන්ම) විශේෂ මානසික පීඩන තත්ත්වයන්ට සේම විවාහ ජීවිතයේදී පෞරුෂමය බිදවැටීම්වලටද ගොදුරුවී තිබුණා. මෙම තොරතුරු අපේ මාපියන්ට තම දරුවන් සම්බන්ධයෙන් ඉතාම වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා නොඅනුමානය. 
 
Health ඇසුරිනි 

රඹුක්කන කීර්ති එස්. කුමාර 

Page 1 of 6

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 629

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1146

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1006

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 779

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5436

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3591

Please publish modules in offcanvas position.