Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

‍පොතපතින් පමණක් ළමා මනස සංවර්ධනය නොවේ

දරුවන් කුඩා අවධියේ සිටම ඔවුන්ව ‍පොතපත කියවීමට යොමු කළ යුතු බව බහුතරයකගේ අදහසයි. එහි අසත්‍යයක් නැත. ‍පොතපත ඇසුරින් දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද බොහෝ දේ දැනගත හැකිය. නමුත් යමක් නිසි පරිදි අවබෝධ කර ගැනීමට නම් ‍පොතපතට වඩා අත්දැකීම් තුළින් ලබා ගන්නා දැනුම එනම් ප්‍රායෝගික දැනුම වඩාත් වැදගත් බව පැවැසිය යුතුය. 
මේ පැරණි චීන කියමනකි. 
මට ඇසෙන දේ  - මට අමතක වේ 
මම දකින දේ - මගේ මතකයේ රැඳේ
මම කරන දේ - මට අවබෝධ වේ 
මීට උදාහරණයන් මෙසේ පෙන්වා දිය හැකියි. 
දෙහි යනු ඇඹුල් රසැති දෙයක් බව දෙහි ගෙඩියක් දැකීමෙන් හෝ තවත් අයකු කියනු ඇසීමෙන් හෝ ‍පොත පතකින් දැකීමෙන් අපට තහවුරු කර ගත හැකි වන්නේ නැත. එය කරගත හැකි වන්නේ දෙහි ගෙඩියක රස බැලීමෙන්ම පමණි. 
කළු ගල් කැටයක රළු බව පුළුන් කැබැල්ලක සිනිඳු බව දැනගත හැකි වන්නේ එය ස්පර්ශ කර බැලීමෙනි. 
මේ අනුව ප්‍රායෝගිකව ලබා ගන්නා දැනුම ‍පොතපතින් ලබා ගන්නා දැනුමට වඩා වැදගත් බව තහවුරු වනවා නොවේද? 
දරුවකුට ‍පොතපතේ දැනුම අවශ්‍ය නැති බවක් මින් අදහස් නොකෙරේ. ‍පොතපතින් අප කාටත් දැනගත යුතු බොහෝ දේ දැන ගැනීමට අවස්ථාව සැලසෙන බවත් පිළිගත යුතුමය. 
නමුත් එදිනෙදා ජීවිතයේ අපහට නිරත වීමට සිදුවන දේ මෙන්ම අපට මුහුණ දීමට සිදුවන දේවල් සඳහාද සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වන්නේ ‍පොතපතේ දැනුම පමණක් නොවේ. ඒ සඳහා වඩාත් වැදගත් වන්නේ ප්‍රායෝගික දැනුමය. 
එම නිසා දරුවන්ව කිසිවිටකත් ස්වභාවික පරිසරයෙන් ඈත් කර ‍පොත පතට පමණක් සීමා නොකරන්න. රූපවාහිනිය, පරිගණකය, ජංගම දුරකථනය යනාදිය සමග කාලය ගත කිරීමට වඩා ‍පොත පතට යොමු වීම සුදුසු බව සැබෑය. 
නමුත් ඒ සමගම දරුවන්ට ස්වභාවික පරිසරය සමග ගැටීමටද ඉඩ දෙන්න. ඒ සඳහා ගත වන කාලය දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් බව කිසි විටකත් නොසිතන්න. 
දරුවාට ගහකොළ හඳුන්වා දෙන්න. ගෙවත්තේ ඔබ කරන විවිධ කටයුතු සඳහා දරුවාද සහභාගි කරවා ගන්න. දරුවකු නිවස තුළටම කොටු කරගෙන සිටීම කොහෙත්ම සුදුසු වන්නේ නැත. දරුවාට පරිසරයට සංවේදී වෙමින් පරිසරයට හැඩ ගැසීමට මෙන්ම පරිසරය ආරක්ෂා කර ගැනීමටද උනන්දු කරවීමත් දරුවන්ට පරිසර අත්දැකීම් ලබා ගැනීමට මග පෙන්වීමත් ඔබ සතු යුතුකමකි. 
 
ජලදිනී සේනානායක
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1505

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1338

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1421

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1584

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7755

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5135

Please publish modules in offcanvas position.

X

Right Click

No right click