Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පෙර පාසලට යන විට දරුවාට අරුමෝසම් ඇඳුම් සුදුසු නැත

දරුවෙකු පෙරපාසල් යවන විට දෙමාපියන් විසින් සැකිලිමත් විය යුතු කරුණු රැසක් තිබේ. පෙරපාසලට දරුවා ඇඳගෙන යන ඇඳුම පිළිබඳවද විශේෂයෙන් දෙමාපියන් දැනුවත් විය යුතුවේ.

අද බොහෝ පෙර පාසල් වලට නිළ ඇඳුම් තිබේ. ඒ අතර නිළ ඇඳුම් නියම කර නොමැති පෙර පාසල්ද වේ. ඇතැම් පෙර පාසල් වල සතියකට දවසක් හෝ දෙකක් වෙනත් ඇඳු‍මකින් සැරසී පැමිණීමට අවසර දී ඇති අතර ඒ සතියේ කවදාද යන්න නියම කර තිබේ.

කෙසේ වෙතත් දරුවා පෙර පාසලට අඳින ඇඳුම පෙර පාසලේ ක්‍රියාකාරකම් වල නිරත වීමේ දී අපහසුවක් නොවන ඇඳුමක් විය යුතුයි. එමෙන්ම දරුවාගේ ඇඟට පහසු රෙදි වර්ගයකින් සකස් කරන ලද ඇඳුමක් විය යුතුය.

වැසිකිළි යන අවස්ථාවල දී ඇතැම් ඇඳුම් මෝස්තර දරුවන්ට ගෙන එන්නේ අපහසුවකි. විටෙක මෙය පෙර පාසල් ගුරු මහත්මීන්ට ද අපහසුවකි. පෙර පාසලක සිටින්නේ එක දරුවකු පමණක් නොවේ. නමුත් ගුරුමහත්මීන්ට දරුවන් සියළු දෙනා කෙරෙහිම අවධානය යොමු කළ යුතුවේ. එම නිසා දරුවාගේ ඇඳුම් වල ස්වභාවය දරුවාට මෙන්ම ගුරු මහත්මීන්ට ද අපහසුවක් නොවිය යුතුවේ.

දියණියන්ට වඩාත් සුදුසු වන්නේ රැළි සාය හෝ හැඩ සාය සහිතව සකස් කරන ලද ඇඳුම්ය. නර්තනයේ යෙදෙන විට. ව්‍යායාම කරන විට මෙන්ම බිම ඉඳගන කරන ක්‍රියාකාරකම් වලදීද එවැනි ඇඳුම් දරුවාට පහසුය.

විසිතුරු ආභරණ පැළඳීමට ද ඔවුහු ඉතා ප්‍රිය කරති. නමුත්  පෙර පාසැලට ඒවා අවශ්‍ය නැත. ඒවා වෙනත් ගමන් යා‍මේ දී භාවිතා කළ හැකි බව ඔවුන්ට අවබෝධ කර දීම මාපියන්ගේ වගකීමයි.

දියණියගේ කොණ්ඩය දිගට ඇත්නම් ඇයට අපහසුවක් නොවන ලෙස ‍හා සරල ලෙස එය සකස් කිරීම වැදගත් වේ.

පුතාලාගේ ඇඳුම් පිළිබඳව කථා කිරීමේදී ද පහසුව මෙන්ම සරල බව පිළිබඳව සැකිලිමත් විය යුතුවේ. විශේෂයෙන් සිප් (Zip) සහිත කලිසම් ඇන්දවීමෙන් වැළකිය යුතුයි. බඳ පටිය අවශ්‍ය නැත.

කුඩා දරුවන් බොහෝ දෙනෙකු වැඩිහිටියන් මෙන් විවිධ විලාසිතා අනුකරණය කිරීමට කැමතිය. දරුවාගේ ආශාව ඉටුකරදීම දෙමාපියන්ගේ ද සතුට වුවද පෙර පාසලට අඳින ඇඳුම පහසු මෙන්ම සරල වීමද ඉතා වැදගත් බව දෙමාපියන් මතක තබා ගත යුතුය.

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1710

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1730

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1013

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2555

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4014

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10164

Please publish modules in offcanvas position.