lakbima.lk

කොළඹ කොටුවේ පැරණි වලව්ව - ඕලන්ද කෞතුකාගාරය

කොළඹ පිටකොටුව අද ඉතා කාර්යබහුලය. නිනව්වක් නොමැතිව එහේ මෙහේ ඇවිද යන ජනයාත් පදික වෙළෙඳුන්ගේ කන් කරච්චලයත් රථ වාහන නලා හඬත් මේ කාර්යබහුල බවට එකසේ දායක වී ඇත. එහෙත් මින් වසර ගණනකට පෙර කොළඹ කොටුව  අතිශය සුන්දර භූමිභගයක් විය.


ලංකාවේ යටගියාව ගැන කෘතින් රැසක් රචනාකර ඇති ප‍්‍රකට මිනින්දෝරුවකු වන ආර්. එල් .බ්‍රෝහියර්ගේ කොළොම්පුර පුරාවෘත්තය කෘතියට අනුව එකළ පිටකොටුවේ අලංකාර උද්‍යාන සහිත නිවාස විය.මේවා හැඳින්වූයේ විලා හෙවත් වලව් ලෙසය. පිටකොටුවේ මෙම විලා ගැන දීර්ග විස්තරයක් කරන හෙතෙම මෙසේ සඳහන් කරන්නේය.
පිටකොටුවේ සෑම විලාවන්ටම ප්ලාට්සයක් හෙවත් උද්‍යානයක් විය. එය උස් බිත්තිවලින් ආවරණය වූ නිවාස පිටුපසින් සකස් වූවකි. පුෂ්පයන් ගහණ පඳුරුවලින් හෝ ලතාවලින් හෝ උද්යාන වැසීගියේය. මෙවන් මල් අතර උෂ්ණ රටවල වැවෙන කිනිහිරි මල් රාත්රියේ පිපෙන සුගන්ධවත් ? කුමාරි මල් දෑ සමන් මල් මග්රින් මල් හා අරලිය මල් විය.සෑම උද්යානයකම සෙවණ සහිත අහුමුළුවල සුවඳවත් රම්පේ සේර හා කරපිංචා පැළ වවන ලදී.සෑම යටත් විජිත ලන්දේසි නිවසකම ළිඳක් විය.


ත්‍බ‍්‍රා්හියර්ගේ මේ වර්ණනයේන් කියැවෙන ආකාරයේ ගොඩනැගිල්ලක් අදද පිටකොටුවේ දකින්නට ඇත.එ් පිටකොටුව දෙවන හරස් වීදියේ පිහිටි ලන්දේසි කෞතුකාගාරයයි.පැරණි විලාවක අංග ලක්ෂණ එ් ආකාරයෙන්ම දැකගතහැකි මේ ගොඩනැගිල්ල ලන්දේසි යුගයේ ඉතිහාස තොරතුරු අධ්‍යනය කළ හැකි එකම ස්ථානය බව සැක නැත.
ලන්දේසින් මෙරට පාලනය කළේ 1658-1696 අතර කාලයේය. මේ යුගයේ ගෘහනිර්මාණ ශිල්පය භාවිතයට ගැණුනු උපකරණ හා උපාංග උැඳුම් පැළඳුම් මුදල් වර්ග සේම ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් රැසක සාක්ෂි කොටුව  ඕලන්ද කෞතුකාගාරය තුළ සුරැකිව පවති.


විශාල කුලූණු සහිත කොරිඩෝවකින් යුත් දෙමහල් ගොඩනැගිල්ලක් වන  කොටුව  ඕලන්ද කෞතුකාගාරයේ පහළ මාලයේ  ප‍්‍රවේශ ෙදාරටුව අසල පුවරුවක ඇති සටහන එහි ඉතිහාසය ගැන ලූහුඬු  විස්තරයක්  සපයයි.
17 වැනි සියවසේ අග භාගයේ 1692-1696  ඕලන්ද ආණ්ඩුකාර තෝමස් වෑන් රී සිය නිල නිවාසය ලෙස ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල නිල කාලය අවසන් වීමත් සමග  ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම VOC සමාගම වෙත විකුණන ලදුව සමාගම විසින් අනත්දරු නිවාසයක් හා දෙව්සත්හලක් ලෙස ලංකාවේ  ඕලන්ද ලානල කාල පරිජෙදය අවසානය තෙක්ම 1796 දක්වා පවත්වාගෙන ගොස් ඇත.අනතුරුව බි‍්‍රතාන්‍ය පාලන සමයේ දි මෙම ගොඩනැගිල්ල හමුදා රෝහලක් යුධායුධ ගබඩාවක් පොලිස් පුහුණු මධ්‍යස්ථානයක් ලෙසද අවසානයේ පිටකොටුවේ තැපල් කාර්යාලය හා විදුලි සංදේශ මධ්‍යස්ථානයේ කොටසක් ලෙසද මෙම ගොඩනැගිල්ල පවත්වාගෙන ගොස් තිබේ. පසුකාලීනව මෙම ගොඩනැගිල්ලේ කෞතුක වටිනාකම සැලකිල්ලට ගනිමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පවරාගත් අතර 1982 ජුලි 10 වැනි දින සිට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ යුග කෞතුකාගාරයක් වශයේන් හා එළීමහන් කෞතුකාගාරයක් වශයේන් මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදි.


එහෙත් බොහෝ දෙනා කොළඹ කොටුවෙ  ඕලන්ද කෞතුකාගාරයක් ඇති බව දන්නේ නැත.එනිසාම ඉතා වැදගත් ඓතිහාසික තොරතුරු රැුසක් මහජනයාට මගහැරේ. මැද මිදුලක් සහිත ඹ හැඩැති ගොඩනැගිල්ලේ පහළ මාලයේ ප‍්‍රවිෂ්ට ද්වාරයේ සිට මැදිරි ගණනකින් යුත් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම  ඕලන්ද යුගයේ කෞතුක භාණ්ඩවලින් හා එ් යුගයේ තොරතුරු මුලාශ‍්‍රවලින් යුක්තවන්නේය. ඕලන්ද ජාතිකයින් ලංකාව සමග සබ`දතා ගොඩනගාගත් ආකාරය දැක්වෙන සිතුවම් හා සිතියම් කෞතුකාගාර ගොඩනැගිල්ලට ප‍්‍රවේශ වද්දිම ඇස ගැටේ.ශි‍්‍ර ලංකාවට පැමිණි පළමු ඔලන්ද ජාතිකයා වූ ජොරිස් වෑන් ස්පිල් බර්ජන් කන්ද උඩරට රජු බැහැදැකීම පෘතුගීසීන්ගෙන් කොළඹ කොටුව බේරා ගැනීමට මූලික වූ ජෙරාඩ් හල්ෆ්ට් කන්ද උඩරට රජු බැහැදැකීම ආදි  සිතුවම් එ් අතර වේ.පහළ මාලයේ තවත් මැදිරියක තබා ඇති රුවල් නැවක ආකෘතිය  ඕලන්ද යුගයේ වෙළෙඳ කටයුතු පිළිබඳ හොඳ සාක්ෂීයකි. ලන්දේසීන් පෙරදිග රටවල් යටත්කර ගැනිමට උත්සාහ කළේ  වෙළෙඳ එ්කාධිකාරය ඔවුන් අතට ගැනීමේ අරමුණ ඇතිවය.එ් සඳහා ශක්තිමත් නාවුක සේවාවක් ඔවුන් සතු විය. විශාල රුවල් නැව් ඔවුන්ගේ නාවුක ශක්තිය වඩාත් තරකළ බව සැක නැත. ප‍්‍රදර්ශනයට තබා ඇති රුවල් නැව් ආකෘතිය එයට සාක්ෂි දරයි. මිට අමතරව එකළ නාවුකගමන් මාර්ග දැක්වෙන සිතියම් ලන්දේසීන්ගේ ශක්තිමත් වෙළෙඳ බලය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ඉවහල් වේ.


 ඕලන්ද යුගයේ භාවිතයට ගත් අවි ආයුධ ප‍්‍රදර්ශනයට තබා ඇති පහළ මාලයේ පිහිටි කුටිය බොහෝ දෙනාගේ අවධානයට යොමුවන්නකි.ලන්දේසීන්ගේ කාලතුවක්කු කඩු කස්තාන හා සෙසු අවි ආයුධ මෙහි ප‍්‍රදර්ශනය වේ. මීට අමතරව එකළ ඇඳුම් පැළඳුම් හා ආභරණ මුළුතැන්ගෙයි උපකරණ දුම් පයිප්ප කිල්ලෝට මෙන්ම ලන්දේසි කාසි වර්ගද පහළ මාලයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. තඹය ෙදායිතුව තුට්ටුව තුට්ටු දෙක නාගපට්නම් අගුටු මස්ස  මස්ස යන වටිනාකම් සහික කාසි එකල අර්ථ ක‍්‍රමය ගැන නිශ්චිත අවබෝධයක් ලබාදෙන්නේය. විශේෂයේන්ම මේ කාසි හා බැඳි යෙදුම් අදද සිංහල වහරෙයි දැකගත හැකිය.මුදල් නැත යන්න ඇඟවීමට යොදන තඹ ෙදායිතුවක්වත් නෑ හා නොවටිනා කි‍්‍රයා ඇගවීම සඳහා යොදන තුට්ටු දෙකේ වැඩ වැනි යෙදුම් ඉන් සමහරකි.  
පහළ මාලයේ  ප‍්‍රදර්ශනය කෙරෙන  සොහොන් ස්මාරක එකතුවද සුවිශෙෂි වටිනාකමකින් යුක්තය.මෙහි  ඕලන්ද යුගයට අයත් සොහොන් ස්මාරක 25ක් පමණ තිබේ.සෑම ස්මාරකයකම ඉහළ මුදුණේ මිනී ඔළුව හා ඇටකටු යුගල නෙලා තිබෙනු දකින්නට ඇත. මිය ගිය පුද්ගලයාගේ නම සහ වයස සෑම සමාරකයකම සටහන් කර ඇත.එක් සොහොන් කොතක් හැරෙන්නට සෙසු සියල්ලම  ඕලන්ද ජාතිකයින්ගේය. අතපත්තු මුදලිඳු ෙදාන් මිගෙල් ලෙස සටහන්ව ඇති සොහොන් ගල  සිංහල ජාතිකයකුගේ බව සඳහන්ය.මේ සියලූ සොහොන් ගල් වර්තමානයේ කොළඹ කොටුව පොලීසිය පිහිටි ස්ථානයේ තිබි මෑතකදි හමුවු එ්වාය.මෙම භූමිය ලන්දේසිහු ඔවුන්ගේ සොහොන් බිමක් ලෙස ප‍්‍රයෝජනයට ගෙන ඇති බව විශ්වාස කෙරෙති.
ගොඩනැගිල්ලේ ඉහළ මාලය මැදිරි කිහිපයකින් යුක්තවේ.  සෑම මැදිරියකම ලන්දේ යුගයේ භාවිතයට ගත් ගෘහ උපකරණ දැකගත හැකිය. එ් අතර අල්මාරි කවිච්චි පුටු වියන් ඇඳන් මේස රාශියක් ඇත.මේ සෑම ලී භාණ්ඩයක්ම විසිතුරු කැටයමින් අනූන වේ.එකිනෙකට වෙනස් වූ සියුම් හා සංකීර්ණ කැටයම් රටා එකළ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව කියාපාන්නේය. ඕලන්ද යුගයේ මුද්‍රණ තාක්ෂණයට සම්බන්ධ උපකරණ හා ලේඛණ රැසක්ද ඉහළ මාලයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. එකළ පරිපාලන කටයුතු පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙමගින් හෙළිවේ.සිංහල රජවරු හා  ඕලන්ද ආණ්ඩුකාරවරු අතර හුවමාරු වූ ලිපි තෝම්බු හා අණ පණත්වල පිටපත් මේ අතර වැදගත්ය.මීට අමතරව මුද්‍රණයෙන් එළි දක්වන ලද මුල්ම සිංහල ග‍්‍රන්ථයේ මුල් පිටුවේ පිටපතක්ද මෙහිදි දැකගත හැකිය.
අභ්‍යන්තරය සේම ගොඩනැගිල්ලේ පිටතද සුවිශේෂි ලක්ෂණවලින් යුක්ත වන්නේය. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයේ කැපී පෙනෙන අංග වූ මැදමිදුල ළිඳ ගඩොල් අතුරණ ලද ගෙබිම හා ලී සොල්දර එ් අකාරයෙන්ම මෙහි  නිර්මාණය කර ඇත. විශාල උළුවහු ෙදාර ජනෙල් කුලූණු සහිත බරාද රවුම් උළු සෙවිලිකළ පියසි මෙන්ම පුළුල් හා උස් වු බිත්ති  ඕලන්ද යුගයේ අනන්‍ය ලක්ෂණයෝය.

පි‍්‍රයංගිකා එදිරිසූරිය ආරච්චි

ඡායාරූප - අන්තර්ජාලයෙන්

 
   

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.