Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කාගෙද මේ රජ පැටියා?

මම පත්තරේ දේශපාලන ඕපාදූප තීරුව කියවමින් සිටියෙමි.
අපේ උසාවි වාර්තාකරු පැමිණ මා කියවන්නේ කුමක්දැයි එබි බැලුවේය.
දේශපාලනේම කියව කියව ඉන්නෙ යමුද මාත් එක්ක උසාවිය පැත්තෙ? ඔහු විමසුවේය. අද නැගල යන නඩුවකුත් තියෙනවා.
මම ඈනුමක් ඇරියෙමි.
මොකක්ද නඩුව?
එකම ළමයට දෙන්නෙක් අයිතිවාසිකම් කියනව. වදපු අම්මයි, හදපු අම්මයි අපේ මිනිහා කියා සිටියේය. ඔක්කොටම හපන් ඉන්න නඩුකාරයට මැන්ටල්, ඒක නිසා කොහොම තීන්දුවක් දෙයිද කියන්න බෑ.
මම තවත් ඈනුමක් ඇරියෙමි.
තමුසෙ උසාවි යනව මිසක් ‍පොතක් කියවන, නාට්‍යයක්, චිත්‍රපටයක් බලන කෙනෙක් ‍නෙවෙයිනෙ මම උසාවි වාර්තාකරුට කීවෙමි. නැත්නම් දැනගන්න එපැයි ඕක හුණුවටයෙ කතාව නාට්‍යයේ නව නිෂ්පාදනයක් බව.
මොකක්ද?
අයිසෙ, ඒ නාට්‍යයෙ හැටියට හතුරො මාලිගාව අල්ල ගත්තම රජ පවුල පණ බේරා ගන්නව ළමයව දාල ගිහින්. සේවිකාවක් කුමාරයව හදාගන්නව මම කියා සිටියෙමි. පස්සෙ දේපළ අයිති කරගන්න කුමාරය නැතුව බැරි නිසා රජ පවුල ඇවිත් ළමය ඉල්ලනව. සේවිකාව තමන් හදාගත්ත ළමයව දෙන්න බෑ කියනව. අන්තිමේ නඩුව අහන්නෙ මැන්ටල් නඩුකාරයෙක්. ඉතිහාසෙ එකම දේ නැවත නැවත වෙනව කියල තමුසෙ අහල නැද්ද?
උසාවි වාර්තාකරු මා දෙස අනුකම්පාවෙන් බැලුවේය.
බොස්, ‍පොත් කියවල කියවල මොළේ කොලොප්පම් වෙලා ඔහු මට කියා සිටියේය. නැත්නම් මේ කාලෙ කොහෙන්ද රජවරු, කුමාරවරු?
මම කතාව නතර නොකළෙමි.
මම ඕන්නම් තමුසෙට කියන්නම් ඔය මැන්ටල් නඩුකාරය දෙන තීන්දුවත් මම කියා සිටියෙමි. මිනිහ කියයි ළමයව ඉස්සෙල්ල තමන් ළඟට ඇද ගත්ත ගෑණි තමයි හැබෑ අම්ම කියල. රජ පවුල ළමයව ඇද ගනියි. සේවිකාව කියයි මං හදපු ළමයගෙ අතපය ගලවන්න මට බෑ කියල. නඩුකාරය ළමයව සේවිකාවට දෙයි.
උසාවි වාර්තාකරු නුහුගුණකාරයෙකු දෙස බලන බැල්මක් මට හෙලා නික්ම ගියේය. මම පත්තරය කියවන්නට පටන් ගතිමි.
පැය කීපයකට පසු වාර්තාකරු හති දමාගෙන දුවගෙන ආවේය.
වැඩේ කියන්නෙ බොස් කිව්ව තීන්දුව තමයිනෙ නඩුකාරය දුන්නෙ ඔහු හති දමමින් කීවේය. ඒත් වදපු කෙනාට ළමයව ඇදගන්න බැරිවුණා, මොකද හදපු කෙනාත් දත විකාගෙන ළමයව ඇද්ද නිසා.
අම්මට සිරි කතාවෙ නැහැනෙ එහෙම මම පුදුමය ප්‍රකාශ කළෙමි. ඒ සැරේ මොකද වුණේ?
බොස්, ඒ කුමාරයෙක් ‍නෙවෙයි 8 වෙනි මහින්ද කියල රජ පැටියෙක් අපේ මිනිහා කීවේය. වදපු අම්මගෙ නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ. හදපු අම්මගෙ නම ඒකාබද්දෙ. දෙන්නම කියනව මහින්ද බබා තමන්ගෙ කියලා.
නඩුකාරය කිව්වෙ නැද්ද ඔය විදියට දෙගොල්ලො දෙපැත්තට ඇද්දම මහින්ද බබා මැරිල යන්නත් බැරි නෑ කියලා මම ඇසුවෙමි.
කිව්ව, කිව්වා වාර්තාකරු කීවේය. එතකොට වදපු අම්ම කිව්වනෙ මේ වෙලාවෙවත් මේකව මරාගන්න තමයි අපි මේ බලන්නෙ, මූ ඉන්නකම් අපිට ගොඩ ඒමක් නෑ කියල.
හදපු අම්ම මොකද කිව්වෙ?
හදපු අම්ම කිව්ව මහින්ද බබාව නම් මරාගන්න දෙන්න බෑ, මහින්ද බබා මළොත් ඉතින් අපිත් මළා තමයි කියලා.
 
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 64

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 218

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6931

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4548

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6035

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6724

Please publish modules in offcanvas position.

X

Right Click

No right click