Coss Ear2
lakbima.lk
COSS Ear 1

‍පොලියානා වගේ හිතන්න

තාත්තලාගේ අඩි පාරේ යෑමේ අයිතිය බණ්ඩාරනායක හා රාජපක්ෂ දරුවන්ට පමණක් නොව තමන්ටද තිබිය යුතු යැයි මේ ළඟදී අපේ පුතා කියා සිටියේ මගේ ඇසට කඳුළක් නංවමිනි. මගෙන් පසු මානිගෙ තීරුව ලිවීම තමන්ගේ එකම බලා‍පොරොත්තුව යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය. පුතාව ඒ සඳහා පුහුණු කිරීමට මේ සතියේ මානිගෙ තීරුව ලෙස ඔහුගේ දින‍පොතෙන් උපුටා ගත් කොටස් කීපයක් පළකරන බව කරුණාවෙන් සලකන්න.
 
සඳුදා
මම ලෝකය දිහා බලන්නෙ අසුබවාදීව කියල තාත්තා මට ‍පොලියානා කියන ‍පොත ගෙනත් දුන්නා කියවන්න. ‍පොලියානා හැම නරකකම හොඳක් දකින කෙනෙක්. මමත් මීටපස්සෙ ‍පොලියානාව අනුගමනය කරන්න තීරණය කරා.
 
අඟහරුවාදා
උදේ පාන්දරම අම්මා ආණ්ඩුවට බනිනවා බඩු මිල වැඩියි කියල. මට සුබවාදී වෙන්න කියපු තාත්තත් ඒකට අගුල්පත් තියනවා. මම ‍පොලියානා වගේ කල්පනා කරල අම්මට කිව්ව ජීවන වියදම වැඩිවීමෙත් හොඳ පැත්තක් තියෙනව කියල. ඒක අහල අම්ම හොඳටම අඬන්න ගත්තා. ඈ කියනවා වඳින්නම් ඕක ගෙදරින් පිට ගිහින් නම් කියන්න එපා, එහෙම කළොත් අපිට පුතෙක් නැතිවෙනව විතරක් ‍නෙවෙයි, වළලන්න මිනියක්වත් ඉතුරු වෙන එකක් නෑ කියල. ඒත් මං අරහෙම කිව්වෙ ඇත්තටම. බලන්න ජීවන වියදම වැඩියි කියල නියෝජ්‍ය ඇමැතිවරයෙක් තනතුරෙන් අස්වුණා. ඉතින් ඔය ඇමැතිවරු එක්කෙනෙක් හරි ඉල්ලා අස්වීම හොඳ දෙයක් ‍නෙවෙයිද? ඒක වුණේ ජීවන වියදම වැඩි නිසා ‍නෙවෙයිද? අනික උන්නැහේ අස්වුණේ ජීවන වියදම වැඩි නිසාම නම් ආණ්ඩුවෙ අනිත් කට්ටියත් අද හෙටම ඉල්ලා අස්වෙයි නේද? ඒක අහල අපේ තාත්තත් කියනව ‍පොල් ගෙඩිය රුපියල් 200 ට ගියත් මොකද ඔය සැට් එක ගෙදර යනව නම් කියල. එයා කියනව එතකොට අපිට පුළුවන්නෙ උත්සවශ්‍රීයෙන් වෙන හොරු ටිකක් පත්කරගන්න කියල.
 
බදාදා
අම්මයි, තාත්තයි මේ දවස්වල ටීවී බල බල පක්ෂ මාරු කරන එවුන්ට අම්මෝ මෝ නැතුව බනිනවා. ඒත් මම ‍පොලියානා වගේ හිතල පටන් ගත්තා ධනාත්මක වැඩක්. ඒක තමයි විජයානන්ද දහනායකට සාධාරණය ඉෂ්ට කිරීමේ ව්‍යාපාරය. දහනායකගෙ ප්‍රතිමාවක් හදන්න සල්ලි එකතු කිරීමටයි මේක පටන් ගත්තෙ. 
පක්ෂ මාරු කිරීම කොච්චර ශ්‍රේෂ්ඨ වැඩක් වුණත් ඒ ශ්‍රේෂ්ඨ කර්තව්‍යයේ පුරෝගාමියා වුණු ගාල්ලෙ දහනායකව දැන් හැමෝටම අමතක වෙලා ගිහින්නෙ.
ඒක ඇහුවම තාත්ත කිව්වා එයාගෙ ගාල්ලෙ යාළුවන්ගෙන් සල්ලි එකතු කරල දෙන්නම් කියල. එතකොට මම කිව්ව එහෙම හැමෝගෙන්ම සල්ලි ගන්නෑ, සල්ලි ගන්නෙ පක්ෂ මාරු කරපු වීරෝදාර චරිතවලින් විතරයි කියල.
එතකොට අම්ම කිව්ව අපේ රටේ පක්ෂෙන් පැනපු හැමෝගෙන්ම සල්ලි එකතු කරොත් එක ප්‍රතිමාවක් නෙවි රටේ හැම හන්දියකම දහනායකගෙ ප්‍රතිමාව ගානෙ හදන්න සල්ලි එකතු වෙයිනෙ කියල. එතකොට අපේ තාත්තගෙ ‍ලේලි කියනව සල්ලි එකතු කරන්න මොකට කරදර වෙනවද, පක්ෂෙන් පැනපු එකෙන් හොඳටම හරිගිය කෙනාට කිව්ව නම් තමන්ට ඇදිච්ච ස්වීප් එක මතක් වෙන්න රත්තරනින් වුණත් ප්‍රතිමාවක් හදල දෙයිනෙ කියල. ඒත් පක්ෂෙන් පැනල හොඳටම හරිගිය කෙනා කවුද කියල උන්දැ කිව්වෙ නෑ. මාත් ඒ ගැන හිතන්න ගියේ නෑ. මං දැන් ‍පොලියානා වගේ හොඳ විතරනෙ හිතන්නෙ.
 
බෘහස්පතින්දා
මට ධනාත්මක වෙන්න කිව්වට අපේ තාත්තා මාර නෙගටිව්. එයා කියනව ආපු දවසෙ ඉඳන් යහපාලන ආණ්ඩුවට කුරුමිණියන්ගෙන් අපලයිලු. අම්මයි, එයාගෙ ‍ලේලියි, මායි කට ඇරගෙන හිටියම තාත්ත කියපි ඇයි මතක නැද්ද රනිල්ගෙ කුරුමිණි කාර් පැක්ටරිය කියල. කුරුමිණි කාර්? අම්ම ඇහුවා. ඔව්, ඔව්, වොක්ස්වොගන් කිව්වට ඒ කාර්වල සම්පූර්ණ නම වොක්ස්වොගන් බිට්ල්නෙ. බිට්ල් කියන්නෙ කුරුමිණියටනෙ කියල තාත්ත කියපි. බැඳුම්කරේ ආපු නිසා අමතක වුණාට කුරුමිණි කාර්නෙ මේ ආණ්ඩුවෙ මුල්ම මතකය කියල තාත්ත කියනව. කුරුමිණි කාර් ගැන එහෙම නෙගටිව් හිතන්න එපා තාත්තෙ, ‍පොලියානා වගේ හිතන්න කියල මං කිව්ව. රනිල් දුරදිග නොබලා කුරුමිණි කාර් දාස් ගණන් හදල රට ඒවයින් පුරවල දැම්ම නම් මොකද වෙන්නෙ? එහෙනම් අර්ජුණගෙ තෙල් වර්ජනේ තාමත් ඉවර නෑනෙ අනික ඔය රුසියාවට ගිය කුරුමිණියා අපේ තේ බිස්නස් නැති කරා තමයි, ඒත් ඒ වගේද ඒකා ඇස්බැස්ටස්වල පිළිකා කාරක නෑ කියල හොයාගත්තු එක. තාත්ත කියනව ලෙනින්ගෙ එකතු කළ කෘතිවලින්ලු මෛත්‍රීයි, රාජිතයි දැනගෙන තියෙන්නෙ සිගරට්වල පිළිකා කාරක තියෙනව ඇස්බැස්ටස්වල නෑ කියල.
 
සිකුරාදා
බේත් මිල වැඩිවෙලා කියල  අම්මයි, තාත්තයි කෙඳිරි ගානවා. අනේ අම්මේ, තාත්තේ, ප්‍රශ්නයක් දිහා ‍පොලියානා වගේ බලන්න පුරුදු වෙන්න. බේත් මිල වැඩිවීම දුකක් තමයි. ඒත් බේත් මිල වැඩිවෙලා, වැඩිවෙලා වැඩිවෙලා ගිහින් බේත් ගන්න බැරිම තැනට ආවම මොකද වෙන්නෙ? දුක සදහටම ඉවර වෙනව නේද?

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 266

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 501

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 451

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 392

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5022

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3299

Please publish modules in offcanvas position.