Coss Ear2
lakbima.lk
COSS Ear 1

අපේ නායකයින්ට මාර පිළිගැනීමක් තියෙනවනෙ

Maniඅපේ අයියාගේ රස්සාවේ ස්වභාවය අනුව ඔහුට නිතර දෙවේ‍ලේ විවිධ රටවලට යන්නට සිදුවෙයි. ගිය සතියේද එසේ නොරට සවාරියක යෙදී පෙරළා පැමිණි ඔහු දකින්නට මම ගෙදර ගියෙමි.
ආ ගිය කතාවලින් පසු අයියා බරපතළ මුහුණක් හදා ගත්තේය.
මම මල්ලිව හම්බුවෙන්න කියලමයි හිටියෙ ඔහු ආඩම්බර සිනාවකින් කියා සිටියේය. රට රටවල්වල ගියාමනෙ තේරෙන්නෙ අපේ ජනාධිපතිතුමාට ලෝකෙ පුරා මාර පිළිගැනීමක් තියෙනව කියල. හැමෝම එයාගෙ වැඩවලට කැමතියි වගේනෙ.
මෙහෙත් හැමෝම කැමතියිනෙ මම කියා සිටියෙමි. එයාගෙ කතාවලට.
මේ ළඟදි දකුණු කොරියාවට ගිය වෙලාවෙ එහේ ජනාධිපති නිල හමුවට කලින් දවසක හොරෙන්ම ආවලුනෙ අපේ ජනාධිපතිතුමාව බලන්න අයියා කියා සිටියේය. බැලුවහම අපේ මෑන්ට නළුවෙකුට වගේනෙ සැලකිල්ල.
මම තොල පෙරලුවෙමි.
ජනාධිපතිට විතරක් ‍නෙවෙයි අයියෙ අගමැතිටත් ඔය වගේම පිළිගැනීමක් තියෙනව ලෝකෙ පුරාම. ඒත් එයා ඒව ප්‍රසිද්ධ කරන්නෙ නෑ මම කීවෙමි. රනිල්ට මාධ්‍ය අල්ලන්නෙ නෑනෙ. ඒක නිසා මිනිහ කැමති නෑ තමන්ගෙ හොඳක්වත් මාධ්‍යවල යනවට.
අම්මට සිරි ලෝක නායකයින්ගෙන් තමන්ට ලැබෙන පිළිගැනීම ප්‍රසිද්ධ වෙනවට අකමැති මිනිස්සුත් අපේ රටේ ඉන්නව කිව්වම පුදුමයිනෙ.
එවැනි නිහතමානී මිනිසුන් ගණනාවක් මේ ආණ්ඩුවේ නායකයින් අතර සිටින බව මම කියා සිටියෙමි. ඒ අසා අයියාගේ මුහුණ සතුටින් පිම්බි ගියේය.
කවුද කියල කියනවකො හලෝ අපිටත් ‍පොඩ්ඩක් දැනගන්න ඔහු විමසුවේය.
දැන් බලන්න රාජිතට ලෝකෙ පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයෙ කොච්චර ඉහළ
පිළිගැනීමක් තියෙනවද? මම කියා සිටියෙමි. ඒකනෙ මෑන්ට අසනීපයක් වෙච්ච ගමන් සිංගප්පූරුවෙ මවුන්ට් එලිසබෙත් රෝහලෙන් මෙහෙ දුවගෙන ඇවිත් ප්‍ලේන් එහෙක දාගෙන එහේ අරගෙන යන්නෙ.
අයියාගේ ඇස්වලට කඳුළු පිරුණේය.
එහෙම වෙද්දි තමයි මේ රටේ පාහර මිනිස්සු කතා හදන්නෙ සෞඛ්‍ය ඇමැතිට එයාගෙම ඉස්පිරිතාල විශ්වාස නැති නිසා බෙහෙත් ගන්න රට යනව කියල. වෙන කවුද එහෙම රෙස්පෙක්ට් ලැබෙන මිනිස්සු ඉන්නෙ අපිට?
ඉන්න අය ගැන මොන කතාද? හිටපු අයටත් තියෙනවනෙ මාර පිළිගැනීමක් මම අයියාට කියා සිටියෙමි. රවී, ඒ කියන්නෙ අපේ හිටපු මුදල් ඇමති තාමත් ලෝකෙ ඕනෑම රටකට ගියොත් මෑන් එහෙන් ආපහු එනතුරු ඒ රටේ මහ බැංකුවට නිවාඩු දෙනවලුනෙ.
අයියාගේ ඇස්වලින් ගලා ආ සතුටු කඳුළු කම්මුල් දිගේ ගලා ගියේය.
අපේ සමහර නායකයො ඉන්නව ඒ මිනිස්සුන්ට පිටරටවල මිනිස්සු විතරක් ‍නෙවෙයි ඒ රටවල සත්තුත් බුහුමන් කරනව මම ඔහුට කියා සිටියෙමි. බදුර්දීන් ඇමති පිටරටකට ගියාම එයාට ගෞරවේට ඒ රටවල අභය භූමිවල ඉන්න සත්තු හිටං මිනිස්සුන්ට පේන්න එළිපහළියට එන්නෙ නෑලු.
බදුර්දීන් වගේ දවෛනි පෙළේ නායකයින්ටත් එහෙම පිළිගැනීමක් තියෙනව නම් අනිත් අය ගැන මොන කතාද? අයියා කඳුළු පෙරමින් හා ගොත ගසමින් කියා ගත්තේය.
කොයි මොහොතක හෝ අයියා ඉකිගසා හඬනු ඇතැයි බියවූ මම තවත් ගමනක් යන්නට ඇතැයි කියා එන්නට පිටත් වූයෙමි.
එහෙත් අයියා මගේ පස්සෙන් ගෙදර ගේට්ටුව ළඟටම පැමිණ තවත් ප්‍රශ්නයක් ඇසුවේය.
දැන් ඕගොල්ලන්ට ලැබෙන ආරංචිවල හැටියට අපේ කට්ටියට වැඩිම පිළිගැනීම තියෙන්නෙ මොන මොන රටවලින්ද?
ඕක අහන්නත් දෙයක්ද? ඉන්දියාවෙනුයි, චීනෙනුයිනෙ.
අයියා ඉන් පුදුමයට පත්විය.
ඒ මොකද ඒ?
අපේ කට්ටිය ජාත්‍යන්තර පිළිගැනීම තව තවත් වැඩිවෙන දේවල් හොය හොය ඉන්නෙ. රට විකුණලම දැම්මොත් වැඩේ ගොඩ කියන ඔපීනියන් එක කොයි වෙලාවෙ හරි ලැබුණොත්... මම කියා සිටියෙමි. එතකොට දෙන්න වෙන්නෙ ඉන්දියාවට හරි චීනෙට හරිනෙ. ඉතින් ඒක නිසා ඒගොල්ල අපිට වැඩිපුර රෙස්පෙක්ට් නොකර බෑනෙ.

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 264

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 498

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 450

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 391

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5018

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3298

Please publish modules in offcanvas position.