Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මහින්දයි, මෛත්‍රීයි එකතු වුණොත්...

දේශපාලනය ගැන උනන්දු කවුරුත් මේ දවස්වල විමසිලිමත් වන්නේ මහින්දයි, මෛත්‍රීයි එකතු වේද කියාය. අනේ අනේ අනේ කිසිම දෙයක් ඉස්තිර නැති මේ ලෝකයේ මේ දෙන්නත් එකතු වුණොත් ඊළඟට වෙනවා ඇත්තේ මොනවාද?
 
මානි හිතන කතාව
අදින් හරියටම අවුරුද්දකට පසු (2018 දෙසැම්බර් 3 වැනිදා) ලන්ඩනයේ පාසලක්.
ගුරුවරිය පන්තියට ඇතුල් වෙයි.
අද මම ඔය ළමයින්ට උගන්වන්න යන්නේ ලෝකයේ ජනගහනය අඩුම රට ගැන. ඉන්දියන් සාගරයේ පිහිටා තියෙන මේ රට 1815 ඉඳන් 1948 දක්වා අපේ රටට යටත් වෙලයි තිබුණේ. අපි ඒකට කිව්වෙ සිලෝන් කියලා.
මෙහිදී ළමයෙක් තම කොම්පියුටරයෙන් ඔළුව උස්සා බලයි.
ටීචර්, විකිපීඩියාවල තියෙන්නෙ ගිය අවුරුද්දෙ ඒ රටේ කෝටි දෙකකට වැඩි ජනගහනයක් තිබුණ  කියලනෙ.
ඔව්, ඒ සමූහ හෘදයාබාධ හා සමූහ දිවිනසා ගැනීම් ඇතිවෙන්න කලින්.
ඒ මොකක්ද ටීචර් ඒ කතාව?
මෙහිදී ගුරුවරිය 2017 දෙසැම්බරයේ සිලෝන්වල දේශපාලන පසුබිම ගැන ළමයින්ට විස්තරයක් කරයි.
ඔන්න ඉතින් මහින්දයි, මෛත්‍රීයි එකතු වෙන්න යනව කිව්වම සිලෝන්වල ලොකු කැළඹීමක් ඇතිවුණා ගුරුවරිය කියා සිටියාය. බලවත් කම්පනය නිසා රටපුරා මිනිස්සු තොග වශයෙන් හාට් ඇටෑක් හැදිල මැරෙන්න ගත්තා. ඒ වගේම මිනිස්සු හෝල් සේල් දිවි නසාගන්න පටන් ගත්තා.
කම්පනේට හාට් ඇටෑක් හැදීම තේරුම් ගතෑකිනෙ ටීචර්, ඒත් දිවිනසා ගත්තෙ මොකටද?
සිලෝන්වල මිනිස්සු අපි වගේ ‍නෙවෙයි ළමයිනේ ලැජ්ජ බයට හැදිච්ච ජාතියක් ගුරුවරිය කියා සිටියාය. මහින්දයි, මෛත්‍රීයි එකතු වෙනවයි කිව්වහම ඒ මිනිස්සුන්ට මාර විදියට ලැජ්ජ හිතුණා. මෙහෙම නවනින්දාවක් වුණාට පස්සෙ කොහොමද ලෝකෙට මූණ දෙන්නෙ කියල හිතල තමයි තොග වශයෙන් දිවි නසා ගත්තෙ.
ඉස්සෙල්ලම ඕක පටන් ගත්තෙ කොහොමද ටීචර්?
මහින්ද දවසක් කියල තිබුණනෙ ඕන නම් යූඑන්පියට යන්න කියන්න, අපේ ජනාධිපතිව අපි බලාගන්නම් කියල ගුරුවරිය කියා සිටියාය. මහින්ද මෛත්‍රීට අපේ ජනාධිපති කිව්වම තමයි මිනිස්සුන්ට ඉස්සෙල්ලම කම්පනය හැදුණෙයි, ලැජ්ජ හිතුණෙයි. කොයි වෙලාවක හරි මෛත්‍රීත් යූඑන්පිය ගිය දෙන් අපේ මහින්ද මාව බලගනියි කියයිද කියල මිනිස්සුන්ට බය හිතුණා.
ඊට පස්සෙ?
දෙගොල්ලො එකතු වෙන්න සාකච්ඡා කරනව කියපු ගමන් මහින්ද එක්ක නැගිටින්න හිටපු අයටත් ඒක දරාගන්න බැරිවුණා, මහින්දව පරද්දන්න එකතු වෙච්ච අයටත් ඉවස ගන්න බැරිවුණා ගුරුවරිය කීවාය. දවසකට මිලියන ගාණකට හාට් ඇටෑක් හැදෙන්නයි, මිලියන ගාණක් සුයිසයිඩ් කරගන්නයි පටන් ගත්තා.
මයි ගෝඩ් ටීචර් අන්තිමේ මොකක්ද කෝටි දෙකක් මිනී වලට කරේ? වැළලුවද? පිච්චුවද? කුණුවෙන්න ඇරියද?
ඉන්දියාවෙයි, චීනෙයි දෙකේම අවමංගල්‍ය අධ්‍යක්ෂවරු ‍පොර කෑවා මිනී පුච්චන කොන්ත්‍රාත්තුව ගන්න ගුරුවරිය කීවාය. පස්සෙ බොහොම අමාරුවෙන් එකඟතාවකට ආවා. මහින්දගෙ කට්ටිය චීනෙට දුන්නා. මහින්දට විරුද්ධ කට්ටියගෙ මිනී ඉන්දියාවට දුන්නා.
එතකොට ටීචර්, කවුද ඒ තීරණේ ගන්න ඉතුරු වෙලා හිටියෙ? 
ළමයි එක හඩින් ඇසූහ. ඇයි රටේ ඔක්කොම මළේ නැද්ද?
නෑ, නෑ, රට ජනශුන්‍ය වුණේ නෑනෙ, ටික දෙනෙක් ඉතුරු වුණානෙ ගුරුවරිය කියා සිටියාය. අර දෙන්න එකතු වෙනව කිව්වට සමහරුන්ට කම්පනයක් ඇතිවුණෙත් නෑ, ලැජ්ජ හිතුණෙත් නෑ, ඉතින් ඒ කට්ටිය ඉතිරි වුණා.
ඔක්කොම කී දෙනෙක් ඉතිරි වුණාද ටීචර්?
225 ක්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1727

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1746

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1021

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2563

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4021

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10175

Please publish modules in offcanvas position.