Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රනිල් (ස්වේච්ඡා) වික්‍රමසිංහ

(අරලියගහ මන්දිරයේ CCTV කැමරාවලින් ලබාගත් රහස්‍ය වාර්තාවකි.)
දිනය - නොවැම්බර් 19 ඉරිදා.
වේලාව - රාත්‍රී.
ස්ථානය - රනිල් - මෛත්‍රී නිදන කාමරය.
රනිල් ඇඳේ එහා මෙහා පෙරළෙමින් නිදාගන්නට උත්සාහ කරයි. බැරිම තැන නැගිටින ඔහු, නිදා සිටින මෛත්‍රීට කූද්දයි.
හෙට බැඳුම්කර කොමිසමේ ස්වේච්ඡාවෙන්ම සාක්කි දෙන වැඩේ මතක් වුණාම මට නින්ද යන්නෑ ඔහු නිදි ගැට කඩන මෛත්‍රීට කියයි. මම එළියට ඇවිල්ල නීල් ආම්ස්ටේ‍රා්ං හඳට බැහැපු වෙලාවෙ කරා වගේ ඓතිහාසික ප්‍රකාශයක් කරයි කියලයි හැමෝම හිතන් ඉන්නෙ.
මෛත්‍රී නිදිමතේම කතා කළාය.
ආම්ස්ටේ‍රා්ං කිව්වෙ මේක එක මිනිහෙකුට කුඩා පියවරක්ය, ඒත් මනුෂ්‍ය වර්ගයාට දැවැන්ත පියවරක් කියලනෙ ඕ කීවාය. ඔයා කියන්න ලංකාවෙ ළිං මැඩියන්ට මේක මහ ලොකු හොරකමක් වුණාට, ලෝකෙට විවෘත මිනිස්සු දන්නවය මීට වැඩියෙ හොරකම් ලෝකෙ කොච්චරවත් වෙනවයි කියල.
ඊට සතුටින් කැමැත්ත දුන් රනිල් නිදාගන්නට ගියේය. එහෙත් ටික වේලාවකින් නැවත නැගිට මෛත්‍රීටද කීද්දුවේය.
හෙට රෑට අපේ කට්ටිය කොළඹ පුරාම ‍පෝස්ටරයක් ගහන්න ඉන්නෙ මම ස්වේච්ඡාවෙන්ම කොමිසමේ සාක්කි දුන්නට ප්‍රශංසා කරල ඔහු කියා සිටියේය. ඒකටත් හොඳ යෙදුමක් කියන්නකො.
මෛත්‍රී නිදි කිරමින්ම කතා කළාය.
බය නැති අගමැති කියල දැම්ම නම් හොඳයි.
රනිල් ඊට එකඟ නොවීය.
ඔයා ඉංග්‍රීසි මහාචාර්යවරියක් නිසා ඕක තේරෙන්නෑ. මේකට ඕන බය නැති වගේ එකක් නෙවේ. සෙන්ටිමෙන්ටල් සිංහල යෙදුමක් රනිල් කීය. අපේ අම්ම ඉස්සර මට කියන්නෙ මූ මහ ලැජ්ජ බය නැති එකෙක් කියලනෙ. ඉතින් ඒක හොඳයිනෙ බය නැති කියනවට වැඩිය. ලැජ්ජ බය නැති අගමැති.
රනිල්ට කොට්ටයකින් දමා ගැසූ මෛත්‍රී ඇඳේ පෙරළි පෙරළී හිනාවෙන්නට ගත්තාය.
බලාගෙන ගියාම ඔයාට ඡන්ද දිනන්න විතරක් නෙවිනෙ බැරි රනිල් ඕ සිනාවෙන්ම කීවාය. සිංහලත් බෑනෙ.
තමන්ට වැරදුණේ කුමක්දැයි නොතේරුණු රනිල් නැවත නිදාගන්නට හැදුවේය. එහෙත් ඔහුට නින්ද ගියේ නැත.
අගමැති ස්වේච්ඡාවෙන්ම කොමිසමක සාක්කි දෙන්න යෑම වාර්තාවක් නිසා මං හිතන්නෙ අපේ කට්ටිය ඒ වෙනුවෙන් මගේ ප්‍රතිමාවකුත් හදයි රනිල් මෛත්‍රීට කූද්දා කීවේය. කොහේද හොඳ මගේ ප්‍රතිමාව හදන්න?
මෛත්‍රී මොහොතක් කල්පනා කළාය.
ඔයා කොල්ලුපිටියෙ මෑන් නිසා කොල්ලුපිටිය හන්දියත් හොඳයි. රෝයල් මෑන් නිසා රෝයල් එක ළඟත් හොඳයි මෛත්‍රී කල්පනා කරමින්ම කීවාය. ඒත් හොඳම තැන මහ බැංකුව ඉස්සරහ නේද?
සතුටින් එකඟ වූ රනිල් නිදන්නට ගියද නින්ද ගියේ නැත.
අනේ මෛත්‍රී හොඳ ළමය වගේ මට කතාවක් කියන්නකො නින්ද යනකම්.
මෛත්‍රී ඈනුමක් ඇර කතාවක් කියන්නට ගත්තාය.
ඔන්න එකමත් එක රටක ජීවිතාරක්ෂක කණ්ඩායමක් පුහුණුව අවසන් කරල විසිර යෑමේ උත්සවය වරායෙ ජැටියක පැවැත්තුවලු. කණ්ඩායමේ පුහුණුකරු උත්සවේට ආපු අමුත්තන්ට කිව්වලු තමුන්නාන්සේලා කවුරු හරි ස්වේච්ඡාවෙන් වතුරට පැන්නොත් අපේ කණ්ඩායම එයාව බේරගෙන පෙන්නයි කියල. කවුරුත් පැන්නෙ නෑලු. හිටපු ගමන් ටයි කෝට් දාපු මහත්තයෙක් වතුරට පැන්නලු. ජීවිතාරක්ෂක භටයො පැනල එයාව බේරගෙන ගොඩට ගෙනාවලු. එතකොට පුහුණුකරු එයාට ස්තුති කරල කිව්වලු එයා ස්වේච්ඡාවෙන් වතුරට පැනීම ගැන වචනයක්, දෙකක් කියන්න කියල. ටයි කෝට් දාපු මහත්තය ඒ වෙනුවට හොඳවයින් කුණුහරුප ටිකක් කිව්වලු. බලනකොට මිනිහව කවුද වතුරට තල්ලු කරල. 
මෙහිදී රනිල් මෛත්‍රීට කොට්ටයකින් දමා ගැසුවේය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1852

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3277

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9045

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4690

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4854

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6583

Please publish modules in offcanvas position.