Coss Ear2
lakbima.lk
COSS Ear 1

හැමෝටම තෙල් නැතුව ගියේ නෑ

මේ සතිය පුරාම වැසි වැස්සේය.වර්ෂාවෙන් වැඩියෙන්ම පීඩා විඳින්නේ මෝටර් සයිකල්වලින් යන්නන්ය. වාහනයක් තිබියදීත් ඔවුන්ට එය නතර කරගෙන වැස්ස පායන තුරු බලා හිඳින්නට සිද්ද වෙන නිසාය. මෙසේ සිටින්නන් දකින විට මට පහුගිය ඡන්දය දවස්වල වැස්සට අගුපිලකට ගොඩවී සිටි තරුණ ජෝඩුව මතක් විය.
යූඑන්පී ආණ්ඩුවක් ආවම අපිටත් කාර් එකක් ගන්න පුළුවන් වෙයි එහිදී කොල්ලා කෙල්ලට කියයි.
ඔවුන් ගත් කාරය බැලීමට මම ඒ ජෝඩුව සොයාගෙන ගියෙමි.
මා යන විට කොල්ලා ගෙදර කැබිනට්ටුව උඩ තිබූ රනිල්ගේ පින්තූරයට කොල පාට මල් මාලයක් පළඳවමින් සිටියේය.
අම්මට සිරි එහෙනම් ළඟදියි කාරෙකක් අරන් තියෙන්නෙ මට ඉබේටම කියවුණේය. යූඑන්පී ආණ්ඩුව ආපු ගමන් ගන්නනෙ හිටියෙ.
මගේ කතාවෙන් කොල්ලාගේ මුහුණ හැකිළී ගියේය.
රනිල් සර්ගෙ වොක්ස්වොගන් ෆැක්ටරියෙ මුල්ම කාර්රෙක අපිට දෙන්න නමත් රෙජිස්ටර් කරලයි තිබුණෙ. ඒත් කාරෙක ගන්න බැරි වුණා ඔහු කියා සිටියේය. සර් දුරදිග හිතා බලල කාර් නැති හැමෝටම කාර් අරන් දෙන වැඩේ නැවැත්තුවනෙ.
ඇයි ඒ?
ඇයි කියන්නෙ තෙල් ස්ට්‍රයික්කෙක නැගල ගිය හැටියට රටේ හැමෝටම කාර් දීල තිබුණ නම් මේ දවස් ටිකේදි ආණ්ඩුව කඩාගෙන වැටෙනවනෙ කොල්ලා කියා සිටියේය. කවද හරි මෙහෙම ප්‍රශ්නයක් වෙන බව සර් දුරදක්නා නුවණින් දැකපු නිසා යන්තම් ආණ්ඩුව බේරුණා.
කොටි තෙල් ටැංකිවලට ගහලවත් මෙහෙම ප්‍රශ්නයක් වුණේ නෑනෙ මමද කියා සිටියෙමි. අන්තිමේ ප්‍රභාකරන්ටත් කරන්න බැරිවෙච්ච වැඩක් අර්ජුණ කරානේ.
කොල්ලාද මගේ කතාවට එකඟ විය.
ඕක අහම්බෙන් වෙච්ච දෙයක් නමෛයි මං හිතන්නෙ. ලංකාව ප්‍රසිද්ධ වෙලා තිබුණෙ ක්‍රිකටුයි, කොටියි නිසානෙ ඔහු කියා සිටියේය. ඒක නිසා අර්ජුණ අයියට ඕනකම තියෙන්න ඇති කොටි සෙකන්ඩ් වෙන වැඩක් කරන්න.
ඒ කතාවෙන් පුදුම වූ මම කට ඇරගෙන කොල්ලාගේ කට දෙස බලාගෙන සිටියෙමි.
අර්ජුණ අයියගෙ ටැලන්ට්ටෙක මේ රටේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. දැන් බලන්න 1996 එක දවසක මුළු රටම එක තැන නැවතිල බලාගෙන හිටියනෙ මෑන් අපිට වර්ල්ඩ් කප්පෙක ගේනව ඔහු කියා සිටියේය. මේ වෙනකොට වයසට ගිහින් නිසා හරි නම් මිනිහගෙ ෆෝම් එක නැතිවෙලා තියෙන්න ඕනනෙ. ඒත් බලන්නකො අවුරුදු 21 කට පස්සෙ මෑන් දවසක් ‍නෙවෙයි සුමානයක්ම රට එක තැන නවත්තලා තිව්ව ලස්සන.
මම සිනාසුනෙමි.
මාර වැඩේ තමයි අර්ජුණ කරේ නේද? මම කොල්ලාගෙන් ඇසුවෙමි. පාර්ලිමේන්තුවෙ කථානායකගෙ වාහනේට හිටන් තෙල් නැතුව ගියාලුනෙ.
ඒත් හැමෝටම තෙල් නැතුව ගියෙ නෑ බොස් කොල්ලා මට කියා සිටියේය. අර්ජුණ අයිය මහින්ද මහත්තයටයි, ඒකාබද්ධෙ අයටයි සුමානයක්ම දුවන්න ෆුල් ටෑන්ක් තෙල් ගහල දුන්නනෙ.
IMAGE

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 1787

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 1670

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 1958

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 7450

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5838

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3511

Please publish modules in offcanvas position.