Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දන්න යකා සහ නොදන්න යකා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ ළඟදී යාපනේ රැස්වීමක කතා කරමින් මාව දුර්වල කළොත් බලවත් වෙන්නේ යක්ෂයායි කියා සිටියේය.
අපේ ජනාධිපතිව පන්නා යක්ෂයා බලයට ඒමට ඉඩ ඇතැයි සිතීමෙන් මම හොඳටම අවුල් වුණෙමි. මේ ගැන අරයාගෙන්, මෙයාගෙන් අහන්නේ නැතිව අදාළ පුද්ගලයාගෙන්ම විමසීමට සිතූ මම යක්ෂයා හමුවීමට ගියෙමි. මා මුලින්ම කළේ ජනාධිපති කී කතාව යක්ෂයාට කියා සිටීමයි.
මගේ කතාව අසා සිටි යක්ෂයා යක්ෂාසනයෙන් නැගිට්ටේය. අනතුරුව යක්ෂ කුටියේම පැත්තක තිබූ කණ්නාඩියක් ළඟට ගියේය. ඒ දෙස ඉතා ඕනෑකමින් බලා සිටි ඔහු අනතුරුව කබඩයකින් රතු පාට සාටකයක් ගෙන එය බෙල්ලට දමා තවදුරටත් කණ්නාඩිය දෙස එබිකම් කළේය.
ඉන්පසු හිස දෙපැත්තට වනමින් ඔහු මා ළඟට පැමිණියේය.
ඒක වෙන්න බෑ හලෝ ඔහු මට කියා සිටියේය. මම කොහොමටවත් මහින්ද රාජපක්ෂ වගේ ‍නෙවෙයිනෙ.
යක්ෂයාගේ කතාවට මට හිනා ගියේය.
පිස්සු යකෙක්නෙ මේ. ජනාධිපතිතුමා මහින්දට යක්ෂයා කියල කියයිද? මම ඔහුගෙන් ඇසුවෙමි. අවුරුදු තිහක යුද්දෙ ඉවර කරල රටට සාමය ලබාදීපු මනුස්සයට යක්ෂයා කියන්නෙ කවුද?
ඒ ඇසූ යක්ෂයා මා දෙස පුදුමයෙන් බලා සිටියේය.
අම්මට සිරි මුන්නැහේට පුදුම මතකයක්නෙ තියෙන්නෙ ඔහු කියා සිටියේය. මෙච්චර අවුරුදු ගානකට පස්සෙත් තාම මතකයිනෙ මහින්දගෙ කාලෙදියි යුද්දෙ ඉවර කරේ කියලා.
මම යක්ෂයාගේ ප්‍රශංසාව ලැජ්ජාවෙන් බාරගෙන මෙසේ කියා සිටියෙමි.
මම නම් හිතන්නෙ ජනාධිපතිතුමා කිව්වෙ එයාව දුර්වල කරොත් රනිල් ඔළුව උස්සයි කියලයි කියලා.
ඒ අසා යක්ෂයාට හිනා ගියේය.
ජනාධිපතිට දැන් රනිල්ව පේනව ඇත්තෙ යකෙක් වගේද දන්නෑ. ඒ වුණාට මේක කිව්වෙ රනිල්ට වෙන්න බෑ ඔහු කියා සිටියේය. මේක කිව්වෙ උතුරෙදිනෙ. එහෙ මිනිස්සුන්ට රනිල් සුරදූතයෙක් මිසක් යක්ෂයෙක් ‍නෙවෙයිනෙ. එහේට යක්ෂයා මහින්දනෙ.
අපේ දේශපාලනය පිළිබඳ යක්ෂයාට ඇති දැනුම ගැන පුදුම වූ මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි.
ජනාධිපතිතුමාව යකෙක් කරගන්න එපා කිව්ව වෙන්න බැරිද?
ඒ අසා යකා මොහොතක් කල්පනා කළේය.
ඒක නම් කියන්න බෑ තමයි. ඔහේලගෙ ජනාධිපතිවරු කවුරුත් යක්කු වුණේ ටිකක් කල් ගියාට පස්සෙනෙ යක්ෂයා කියා සිටියේය. ඔහොම ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ යක්ෂයාගෙ නම කියලම කිව්ව නම්.
මෙහිදී මම ජනාධිපතිගේ පැත්ත ගතිමි.
අපේ ජනාධිපතිතුමා කුතුහලයට කැමැති කෙනෙක්නෙ. ඒක මං හිතන්නෙ ඩීමන් ආනන්දගෙ ‍පොත් කියවල ලබපු බලපෑමක් නිසා වෙන්න ඇති මම කියා සිටියෙමි. දැන් බලන්න පළාත් පාලන ඡන්දෙ කවද්ද තියන්නෙ, බැඳුම්කර කොමිසමෙන් වැරදිකාරයො කරන උන්ට දඬුවම් දෙනවද, සයිටම් වහනවද, 2020 ඡන්දෙ ඉල්ලනවද, ඒකාබද්ධෙ එක්ක එකතු වෙනවද, ඔය හැම දෙයක්ම මිනිස්සුන්ට හිතාගන්න අරිනව මිසක් කිසිදෙයක් හරියට කියන්නෙ නෑනෙ.
ඒ අසා යක්ෂයා හිනාවුණේය.
ඒත් හැම දේකදීම කුතුහලය රඳවගන්න බැරි වුණා නේද? ඔහු මගෙන් ඇසුවේය. යක්ෂයා බලවත් වුණේ නැතුව වුණත් මේක යකාගෙ ආණ්ඩුවක්ය කියල සැකයක් නැතුව කවුරුත් දන්නව නේද?

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3981

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3723

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6793

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4198

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2620

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3426

Please publish modules in offcanvas position.

Web Analytics