Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කණේ පාර

මේ සතියම මා වැඩට ආවේ බසයෙනි. කටුබැද්දේ සිට ග්‍රෑන්ඩ්පාස් දක්වා බස් ගමනට පැය දෙකක්වත් ගතවෙයි. ඒ තරම් වේලාවක් නිකම්ම එන්නට බැරි නිසා මම අල්ලපු ආසනයේ මගියා සමග කතා කරන්නට පුරුදු වුණෙමි. මා කතා කළේ හම්බන්තොට උද්ඝෝෂණයේදී ‍පොලිසියේ ASP කෙනකු උද්ඝෝෂකයකුට කණේ පාරක් ගැසීම ගැනය.
 
1 වැනි මගියා:- ඇයි ඔය කණේ පාරක් ගැහුව කියල ඔච්චර කරදර වෙන්නෙ? ඔහේල හරියට ලංකාවෙ මිනිස්සු ‍නෙවෙයි වගේනෙ. මොකෝ ‍පොලිසියෙ බාල්කෙ කකුල් දෙකෙන් එල්ලල ගැහුවද? හංගපු ආයුධ පෙන්නන්න එක්කන් ගිහින් ‍පොලිසියට වෙඩි තිබ්බම රිටර්න් එක දුන්නද? මාංචු පිටින්ම ජීප් එකෙන් ගඟකට පැනල ගිලිල ගියාද? නෑනෙ. ‍පොලිසි බෙහෙත්වල හැටියට ඔය දීල තියෙන්නෙ බේබි ඩෝස් එකක්නෙ. මිනිහෙකුට කණට ගහන්නවත් බැරි නම් මොකටද ඔය යුනිෆෝම් එක? අනික ඔය ASP අහිංසක මනුස්සයෙක් බව හොඳටම තේරෙනවනෙ. නැත්නම් හැමෝටම පින්තූර ගන්න පුළුවන් තැනකදි ඔහොම කණට ගහයිද?

2 වැනි මගියා:- ‍පොලිසියට බැන්න නිසාය ඔය මෑන්ට ASP ගැහුවෙ කියන කතාව අමූලික බොරුවක්. තමන්ට කුණුහරුපයක් කිව්වයි කියල තට්ටෙත් පෑදිච්ච, අත්දැකීම් බහුල ASP කෙනකුට කේන්ති යන්න පුළුවන්ද? හරියට මිනිස්සු ‍පොලිසියට හොඳ කියනව වගේනෙ නරක කතාවක් කිව්වයි කියල කේන්ති ගන්නෙ. ‍පොලිසියට ඇත්තටම මිනිස්සු කියන දේවල් ඇහෙන්න අවස්ථාවක් විනාඩි 5 කට ලැබුණොත් ලංකාවෙ ඉතිරි වෙන්නෙ ‍පොලිස්කාරයො විතරයි.

3 වැනි මගියා:- උද්ඝෝෂකයන්ට ගහන එක නම් වැරදියි. ඒක මගේ පෞද්ගලික අදහසක් ‍නෙවෙයි. කොළඹ රටේ වාහනවලින් යන එන ඕන කෙනෙක් එකඟ වෙන අදහසක්. කොළඹ මිනිස්සු කොච්චර ආසාවෙන්ද බලාගෙන ඉන්නෙ අද දවසෙ උද්ඝෝෂණයක් තියෙයිද කියලා. උද්ඝෝෂණේට හිරවෙලා තමන්ගෙ ගමන යන්න පරක්කු වෙන පැය ගානෙ තරමට ඒ මිනිස්සුන්ගෙ උද්ඝෝෂකයන්ට තියෙන ආදරෙත් වැඩි වෙනවා. කොළඹ ගමන් යන ඕන මිනිහෙක්ගෙන් අහන්න තමන්ගෙ වීරයා කවුද කියලා. බුදුහාමුදුරුවොද, යේසුස් වහන්සේද, මහම්මද්තුමාද, අනේ නෑ. පිකට් බෝඩ් අරගෙන, පාර හරස් කරගෙන ඉන්න උද්ඝෝෂකයො තමයි ඒගොල්ලන්ගෙ වීරයො. ‍පොලිස්කාරයිනි, මේ අහපල්ලා, අපේ වීරයන්ට අත තිබ්බොත් බලාගෙනයි

4 වැනි මගියා:-  ඔය කණේ පාරෙ ගෞරවය සම්පූර්ණයෙන්ම අයිති මෛත්‍රීපාල සිරිසේන මහත්තයටයි, රනිල් වික්‍රමසිංහ මහත්තයටයි. ඒගොල්ලො යහපාලනේ ගෙනාපු නිසානෙ ASP  මහත්තය කණේ පාරක් ගහල නිකම් හිටියෙ. මහින්ද මහත්තය හිටිය නම් ඔය කොලුවට සුදු වෑන් එකකනෙ යන්න වෙන්නෙ. අපේ යහපාලන ආණ්ඩුවට ජයවේවා

5 වැනි මගියා:- මම නම් කියන්නෙ ඕකෙ ගෞරවය මෛත්‍රීටයි, රනිල්ටයි දීම වැරදියි කියලයි. මේ කණේ පාරෙ ගෞරවය සම්පූර්ණයෙන්ම ලැබෙන්න ඕන ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්තයාටයි. උන්නැහේ ‍පොලිසියට භාවනා කරන්න පුරුදු කරපු නිසානෙ ඕක ඔයින් ගියේ. ASP  මහත්තය භාවනා කරල කරල හිත දියුණු කරගෙන හිටපු නිසා කොල්ලට කණේ පාරක් ගහල නිකම් හිටියා. භාවනාවට යොමු වෙලා නොහිටිය නම් අද ඔහොම කොල්ලෙක් නෑ.

6 වැනි මගියා:- උද්ඝෝෂකයකුට කණේ පාරක් ගැහුව කියල ඔච්චර ඝෝෂා කරන්නෙ ඔවුන්ව හෑල්ලු කරන්නයි. උද්ඝෝෂකයො කියන්නෙ සීනි බබාල ‍නෙවෙයිනෙ කණේ පාරක් කන්න බැරි. ඔළුව පැලුවත්, අඬු කැඩුවත් ඒගොල්ලන්ට ගාණක් නෑ. එහෙම නොකර නිකම්ම කණේ පාරක් ගැහීම ‍පොලිසිය කුමන්ත්‍රණකාරීව කරපු වැඩක් උද්ඝෝෂකයන්ව 
බාල්දු කරන්න. මාධ්‍යයත් මේ කුමන්ත්‍රණයට හවුල්. උද්ඝෝෂකයන්ව දෙකයි පනහට දැමීමට විරුද්ධවයි අපි නැගී හිටින්න ඕන.

7 වැනි මගියා:- අ‍පොයි දෙවියනේ මේ ආණ්ඩුව හරිම දරුණුයිනෙ. උද්ඝෝෂකයට කණේ පාරක් ගහපු ASP ව තංගල්ලෙ ඉඳන් මාතරට මාරු කරල යවලා. එක කණේ පාරකට ඔය තරම් දඬුවමක් ලොකු වැඩි නැද්ද? තංගල්ලෙ ඉඳන් මාතරට කොච්චර නම් කියල දුරයිද? කිලෝ මීටර් 38 ක් කිව්වම සෙල්ලම් දුරක්ද? දැන් ඒ මනුස්සයගෙ පවුල් ජීවිතෙත් කඩාකප්පල් වෙයිනෙ. අපි මහින්ද දරුණුයි කියල මේගොල්ලන්ව පත්කර ගත්තට බලාගෙන ගියාම මේගොල්ලො භයානකයිනෙ ඊටත් වැඩියෙ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2326

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1539

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 815

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1827

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5464

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3413

Please publish modules in offcanvas position.

Web Analytics