Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හාමුදුරුවරු බිසී

නැසීගිය අම්මාත්, තාත්තාත් වෙනුවෙන් අයියාත්, මල්ලීත්, මාත් වාර්ෂිකව පිරිනමන සංඝගත දක්ෂිණාවට දැන් කාලය හරිය. ඒ නිසා ඉකුත් සති අන්තයේ අප තිදෙනා දානයට ඇරයුම් කිරීමට අපේ දෙමව්පියන් ආගිය පන්සලට ගියෙමු.
එහෙත් ඒ වෙලාවේ හාමුදුරුවරුන් කිසිවෙකුත් වැඩ නොසිටින බව ඇබිත්තයා අපට දැනුම් දුන්නේය.
ස්වාමීන් වහන්සේලා ඔක්කොම රෝහින්ග්‍යා සරණාගතයන්ට විරුද්ධව උද්ඝෝෂණයකට වැඩලා ඔහු කියා සිටියේය. ආපහු වඩින්න සති කීපයක් යයි මගෙ හිතේ.
පෙරළා වඩින්නට ඒ තරම් කාලයක් ගතවෙන්නේ මන්දැයි අපි විමසුවෙමු.
ඕවට ගියාම රිමාන්ඩ් කරනවනෙ මහත්තයො, එතකොට ඇප ගන්න සති කීපයක් යයිනෙ ඇබිත්තයා කීවේය. මහත්තයලගෙ දානෙ වගේද උන්වහන්සේලා ජීවිතයද, මරණයද නොතකා සිංහල ජාතිය වෙනුවෙන් කරන සටන.
මෙහිදී අයියලාගේ ගෙවල් ළඟ පන්සලට යන්නට තීරණය කළ අපි එහි යන්නට පිටත් වීමු.
බුදු බණේ තියෙනවද අයියෙ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සිංහල ජාතිය රැකගන්න සටන් කරන්න කියලා මම යමින් ගමන අපේ අයියාගෙන් ඇසුවෙමි.
ඒ තරම් ගැඹුරින් තමා බුද්ධාගම නොදන්නා බව අයියා මෙහිදී කියා සිටියේය.
බුදුහාමුදුරුවොත් සිංහලයෙක් වෙන්නැති නේද? ගණකාධිකරණය ගැන පමණක් උනන්දු අපේ මල්ලි විමසා සිටියේය. ඒක නිසා බණේ කොතනක හරි ඇති නේද සිංහල ජාතිය රැකගන්න භික්ෂූන් වහන්සේලා සටන් කළ යුතුයි කියලා?
අපේ අයියලාගේ ගේ ළඟ පන්ස‍ලේද ස්වාමීන් වහන්සේලා කිසිවකුත් වැඩ සිටියේ නැත. උන්වහන්සේලා ආණ්ඩුවේ නායකයන් සමග නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාවකට සහභාගි වීමට ගොස් ඇති බව අපට කියා සිටින ලදී.
ඒ කතාවට නම් මට කේන්ති ගියේය.
හාමුදුරුවරු විනය නීති ගැන නම් දන්නව ඇති මම සහෝදරයන් දෙදෙනාට කියා සිටියෙමි. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන උන්වහන්සේලා මොනව දන්නවද?
එහෙත් අපේ අයියා ඒ කතාවට එකඟ වූයේ නැත.
බුදුහාමුදුරුවො සර්වඥනෙ. ඒ කියන්නෙ සියල්ල දත්නෙ ඔහු කියා සිටියේය. ඉතින් උන්වහන්සේගෙන් පැවත එන සංඝයා වහන්සේලා සියල්ල නැතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනවත් දන්නව ඇති මගෙ හිතේ.
මීළඟට අප ගියේ අපේ මල්ලීගෙ ගේ ළඟ පන්සලටය. පුදුමයකට මෙන් එහිද එකම ස්වාමීන් වහන්සේ නමක්වත් වැඩ හිඳියේ නැත. උන්වහන්සේලා සියලු දෙනා සයිටම් විරෝධී අඛණ්ඩ උපවාසයකට සහභාගිවීම සඳහා වැඩ ඇති බව අපට දැනගත හැකිවිය.
භික්ෂූන් වහන්සේලාට වෙදකමත් තහනම් එකේ උන්වහන්සේලා මොකද මේ වෛද්‍ය විද්‍යාලයක් ගැන කරදර වෙන්නෙ? මම අපේ අයියාගෙන් ඇසුවෙමි.
අයියා ඒ ප්‍රශ්නය අසා මට රැව්වේය.
ඇයි මිනිහො, සංඝයා වහන්සේලා කියන්නෙ ප්‍රගතිශීලී පිරිසක්නෙ ඔහු මට කියා සිටියේය. මේ කාලෙ ප්‍රගතිශීලියෙක් වෙන්න නම් සයිටම් එකට විරුද්ධ වෙන්න ඕන නේද?
දානයට භික්ෂූන් වහන්සේලා සොයා අප ඊළඟට ගියේ අපේ ගේ ළඟ පන්සලටය.
හාමුදුරුවරු ඔක්කොම පිණ්ඩපාතෙ වැඩලා ඇබිත්තයා අපට කියා සිටියේය.
බොරු කියන්න එපා මම කිව්වෙමි. මේ ඉර ඇරුණු වෙලාවෙ මොන පිණ්ඩපාතයක්ද?
මහත්තයො, අපේ හාමුදුරුවරු පිණ්ඩපාතෙ ගියෙ දානෙ ‍නෙවෙයි ඔහු පිළිතුරු දුන්නේය. සල්ලි, සල්ලි.
මම අපේ අයියා දෙසට හැරුණෙමි.
හාමුදුරුවරුන්ට එහෙම සල්ලි පිණ්ඩපාතෙ යන්න පුළුවන්ද? 
අයියා ඊට පැහැදිලි පිළිතුරක් දුන්නේය.
අවුරුදු 2500 කට කලින් කරපු දේවල්වලම එල්ලිලා ඉන්නෙ නැතුව වෙනසක් කරපු එක හොඳයිනෙ ඔහු කියා සිටියේය. අනික දානෙකට වැඩියම අපි හාමුදුරුවන්ට එනිලොප් එකක දාල සල්ලි දෙන්නෙ පිරිකරට. ඉතින් උන්වහන්සේලම පිණ්ඩපාතෙ ගිහින් සල්ලි ඉල්ලන එක වැරදි වෙන්නෙ කොහොමද?
දානයට සංඝයා වහන්සේලා සොයා ගැනීමේ අවසාන වෑයමත් වැරදී බලා‍පොරොත්තු කඩවූ අපි ගෙවල්වලට යන්නට හැරුණෙමු.
අප වෙන් වෙන්නට සැරසෙද්දී අයියා මට තට්ටුවක් දැම්මේය.
අපිට දානෙට හාමුදුරුවරු පස් නමක් හොයාගන්න බැරි තරමට උන්වහන්සේලා බිසී තමයි ඔහු කනගාටුවෙන් කියා සිටියේය. ඒ වුණාට ඔයා පත්තරේට එහෙම ඔය ගැන මුකුත් නොලියනව නම් හොඳයි.
මල්ලීද වහා ඊට එකඟ විය.
අ‍පොයි ඔව්. ස්වාමීන් වහන්සේලාට මේ රටේ ඕන දෙයක් කරන්න පුළුවන්කම තියෙනවනෙ ඔහු කියා සිටියේය. ඒත් අපි ගිහියො ඒව ගැන කතා කරන්න නරකයි, ඒකෙන් බුද්ධ ශාසනේ පිරිහෙන්න පුළුවන්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 603

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1183

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 596

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1655

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 496

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4177

Please publish modules in offcanvas position.