Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තාත්තේ සිංහල නවකතාව හෙළුවෙන්

අපේ පවු‍ලේ උදවියගේ බලවත් පෙරැත්තය නිසා මටද නවකතාවක් ලියන්නට සිදුවූ බව මගේ පාඨකයන්ට දැනුම් දෙනු කැමැත්තෙමි. ඒ සෑම සියලු දෙනාම නවකතා ලියන රටේ මා නවකතාවක් නොලිවීම පවුලට අගෞරවයක් බව ඔවුන්ගේ අදහස වූ නිසාය. පාඨකයන්ට වඩා ‍ලේඛකයන් වැඩි මේ කාලයේ මගේ ගෞරවය රැකගත හැක්කේ නවකතාවක් නොලියා සිටීමෙන් බව ඔවුන්ට ඒත්තු ගන්වන්නට මා කළ උත්සාහය අසාර්ථක විය.
නවකතාව කියවූ බිරිඳ, පුතා සහ ‍ලේලි මට එහි ගුණ දොස් කියා සිටින්නට වූහ.
මම මේක එක හුස්මට කියවගෙන ගියා බිරිඳ කියා සිටියාය. ‍පොඩ්ඩකටවත් නතර කරන්න හිතුණෙ නෑ.
ඒ අසා මා සතුටින් පිම්බුණද පුතාත්, ‍ලේලිත් මුහුණ නරක් කරගත්හ.
ඒ කියන්නෙ ‍පොතේ කිසි බරක් නෑ කියලනෙ පුතා කියා සිටියේය. එහෙම වන් ෂොට් කියවන්න පුළුවන් නවකතාවක් ගැන ප්‍රබුද්ධ විචාරකයො උනන්දු වෙයිද?
අනේ මන්දා තාත්තා විශ්වවිද්‍යාලෙදි ඉතිහාසෙත් ඉගෙන ගත්තු එකේ නවකතාව අනුරාධපුර යුගයේ භාෂාවෙන්වත් ලියන්න තිබුණනෙ ‍ලේලි කියා සිටියාය. එතකොට මෙලෝ යකෙකුට කියවගන්න බැරි නිසා ‍පොතට ලොකු අවධානයක් ලැබෙයිනෙ.
මගේ සිත පුතාගේ සහ ‍ලේලිගේ විවේචනවලින් අවුල් වුණේය.
මම නම් කියන්නෙ නවකතාවක් තේරුම් ගන්න බැරි නම් වැඩක් නෑ මම ඔවුන්ට කියා සිටියෙමි. කමක් නෑ. වෙන මොනවද ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න?
තාත්තගෙ කොණ්ඩෙ, රැවුල සුදු වුණාට රට ලෝකෙ ගැන දැනුම ‍පොඩි ළමයෙක්ගෙ වගේ මෙහිදී පුතා කියා සිටියේය. නැත්නම් අදවගේ කාලෙක සෙක්ස් නැති නවකතාවක් ලියයිද?
මට ඒ කතාව ඇල්ලුවේ නැත.
මොකද මේකෙ සෙක්ස් නැත්තෙ? මම පුතාගෙන් ප්‍රශ්න කළෙමි. මට නම් පේන්නෙ ඔයා හරියට ‍පොත කියවල නෑ වගේ.
ඒ අසා පුතාට හිනා ගියේය.
අනේ තාත්තෙ කොල්ලෙක් කෙල්ලෙක්ව ඉඹිනවට සෙක්ස් කිව්වෙ 70 දශකෙ ඔහු කියා සිටියේය. ඩී. එච්. ලෝරන්ස්ට වුණත් ලැජ්ජ හිතෙන ඒවයි දැන් සිංහල නවකතාවල සෙක්ස් කියන්නෙ.
මේ වනවිට ‍ලේලි ලොකු කල්පනාවකට වැටී සිටියාය.
මට නම් තියෙන ලොකුම ප්‍රශ්නෙ මේක තනිකර සිංහල, බෞද්ධ නවකතාවක් කියන එකයි ‍ලේලි කියා සිටියාය. අපේ වගේ බහුජාතික, බහුආගමික රටක ලියවෙන හොඳ ‍පොතක් එහෙම වෙන්න බෑනෙ.
ඒ මොකක්ද ඒ කතාවෙ තේරුම?
ඇත්තටම මේකෙ ප්‍රධාන චරිතයක් දෙමළ හරි ක්‍රිස්තියානි හරි වුණා නම් තමයි වැඩියෙම හොඳ ඕ කියා සිටියාය. එහෙම බැරි නම් අඩු ගාණෙ කොල්ලයි, කෙල්ලයි බම්බලපිටියෙ කෝවිලට හරි කොච්චිකඩේ පල්ලියට හරි යන අවස්ථාවක්වත් දාන්න තිබුණනෙ.
මේ වනවිට මමද මගේ නවකතාව ගැන කලකිරී සිටියෙමි.
ඕගොල්ලො කියන්නෙ මට මේක විසිකරල දාන්න කියල නේද? මම පුතාගෙන් හා ‍ලේලිගෙන් ඇසුවෙමි.
අ‍පොයි නෑ තාත්තෙ අපිට එකතු වෙලා මේක ගොඩ දාගන්න පුළුවන් පුතා කියා සිටියේය. මුලින්ම මේකෙ භාෂාව හදාගෙන ඉමු. තාත්තගෙ අර නඩුකාර යාළුවා සමන් වික්‍රමාරච්චිට දුන්න නම් මේක කාටවත් තේරෙන්නෙ නැති රචනාවක් බවට හරවල දෙයි පැයකින්.
‍ලේලිද ඊට හිස වැනුවාය.
‍පොත සුළුජන, සුළු ආගමික හිතැති බව පේන්න කවරෙට ක්‍රිස්තියානි, මුස්ලිම් පල්ලි දෙකකයි, හින්දු කෝවිලකයි චිත්‍රයක් දාමු ‍ලේලි කියා සිටියාය. එතකොට සෙක්ස් ප්‍රශ්නෙ විතරයි ගැටලුවකට තියෙන්නෙ.
පුතා සිනාසුණේය.
ඒක අපි ‍පොතේ නමෙන් ෂේප් කර ගමු ඔහු කියා සිටියේය. කාමේසු මිච්ඡාචාරා වේරමණී වගේ නමක් දාලා.
මට ඔවුන් කියන දේවල් තේරුණේම නැත.
දැන් ‍පොතේ භාෂාව ව්‍යාකූල කරනව, කවරෙටයි, නමටයි නොගැලපෙන දෙකක් දානව, එතකොට මේක මහ විකාරයක් වෙනවනෙ මම කියා සිටියෙමි. කාටවත් මේක නවකතාවක්ද, මොකක්ද කියලවත් තේරෙන්නෙ නැතුව යනවනෙ.
පුතා අත්පුඩියක් ගසා සිනාසුණේය.
හරියට හරි තාත්තෙ අපි කරන්න ඕන විචාරකයන්වයි, සාහිත්‍ය විනිශ්චය මණ්ඩල සාමාජිකයන්වයි බය කිරීමනෙ ඔහු කියා සිටියේය. මේක මොකක්ද නොතේරුණාම ඒ කට්ටිය බයවෙනව මේක හොඳ නෑ කියන්න, එතකොට ඒගොල්ලො ප්‍රබුද්ධ නෑ කියල හෙළිවෙයි කියලා.
‍ලේලි මෙහිදී පරණ කතාවක්ද මතක් කළාය.
ඇයි තාත්තෙ අර ඉස්සර ඇඳුම් මහන්නො දෙන්නෙක් බුද්ධිමතුන්ට විතරක් පේන ඇඳුමක් මැහුවෙ රජ කෙනෙකුට ඈ කියා සිටියාය. අන්තිමේ ඒක ‍පොඩි එකෙක් දකිනකම් කවුරුත් කිව්වෙ නෑනෙ එතන ඇඳුමක් නෑ කියල. විචාරකයො, විනිශ්චය මණ්ඩල සාමාජිකයො අතරෙ බාලයො නැති නිසා අපිට එහෙම ප්‍රශ්නෙකුත් නෑනෙ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1835

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2163

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4970

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2963

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1721

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2599

Please publish modules in offcanvas position.

Web Analytics