Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජනාධිපති නොවෙන තාත්තා

අපේ පුතා මගේ ජීවිත කතාව ලියන්නට බලා‍පොරොත්තු වන බව අද හැඟුම්බරව මට කියා සිටියේය. ඒ ඇසූ මගේද ඇස් සතුටු කඳුළින් පිරී ගියේය.
මෙහෙම වැඩක් කරන්න හිතෙන්න ඇත්තෙ ඔයා මගේ විශේෂත්වයක් දැකපු නිසානෙ මම පුතාට කීවෙමි. මං හිතන්නෙ ඔයා මගේ චරිතෙ තවත් ඔප් නංවලා ගනියි කියල.
පුතා ඔළුව කැසුවේය.
තාත්තා ගැන මගේ පරණම මතකයෙන් තමයි ‍පොත පටන් ගන්න හිතාගෙන ඉන්නෙ ඔහු කීවේය. ‍පොඩි වැරැද්දක් කරාමත් තාත්ත මාව වත්ත පහළට එක්කන් ගිහින් ගහක බැඳල ඇඟට දිමිගොටුයි කහඹිලිය කොලයි දාල කෝටුවකින් ගහන තැනින්.
මගේ උගුර කට වේලී ගොස් එකවර කතා කරගැනීමටද නොහැකි විය.
ඇයි චරිත කතාවෙ බොරු ලියන්නෙ, අපි කවදාවත් ඔයාට ගහල නෑනෙ මම බිඳුණු හඩින් අසා සිටියෙමි. අනික ඔයා ‍පොඩි කාලෙ අපිට වත්තක්වත්, ගහක්වත් තිබුණෙ නෑනෙ, අපි හිටියෙ ෆ්ලැට් එකකනෙ.
පුතා සන්සුන්ව මට උත්තර දුන්නේය.
ඕක මෙහෙමයිනෙ, තාත්ත වගේ රටට මානව හිතවාදියෙක් හැටියට පෙනී හිටින මනුස්සයෙක් ගෙදර ගෑනිටයි, ළමයටයි කෲර විදියට සැලකුවා කිව්වමනෙ ‍පොත නැගල යන්නෙ ඔහු කියා සිටියේය. ඒ වගේ කතා ටිකක් දැම්ම නම් 2018 ‍පොත් ප්‍රදර්ශනේදී මගේ ‍පොත ගන්න බෞද්ධාලෝක මාවතට එනකම් ‍පෝලිම තියෙයි.
‍පොත විකුණා ගැනීම සඳහා මගේ චරිතය විකෘති කිරීමට ඉඩ දීමට බැරි බව මම දිගටම කියා සිටියෙමි.
හරි හරි එහෙනම් තාත්ත මානිගෙ තීරුව ලියන හැටි ගැන ලියල මම ‍පොත පටන් ගන්නම් පුතා එකඟ වෙමින් කියා සිටියේය. තාත්තා ලාච්චුවක දාල ලොක් කරල තියෙන ඉංග්‍රීසි ‍පොතක් හොරාට අරන් ඒක බලාගෙන මානිගෙ තීරුව ලියන හැටි.
ඒ කතාවට මට හොඳටම කේන්ති ගියේය.
මම කවද්ද අයිසෙ කාගෙවත් මුකුත් බලාගෙන මානිගෙ තීරුව ලිව්වෙ? මම තදින් ඇසුවෙමි. මගේ ජීවිත කතාව ලියනව කියල මොකද ඔහොම මාව අවමානයට පත් කරන්න හදන්නෙ?
පුතා එවර නොසන්සුන් විය.
තාත්තෙ, ඔයාට නම් මාකටින් ගැන මෙලෝ අල බෝලයක් තේරෙන්නෙ නෑ ඔහු වචනවලින් මට දමා ගැසුවේය. චරිත කතා ලියපු ඕන කෙනෙක්ගෙන් ගිහින් අහන්නකො ඒවයේ ඇත්තද ලියල තියෙන්නෙ කියල.
කාගේ චරිත කතාවේ බොරු තිබුණත් මගේ චරිත කතාව බොරුවෙන් තොර විය යුතු බව මම පුතාට කීවෙමි.
හොඳයි හොඳයි ඔය කියන්නෙ තාත්ත ගැන නෙගටිව් දේවල් ලියන්න එපා කියලනෙ, හරි මං ‍පොසිටිව් ලියන්නම්කො ඔහු කියා සිටියේය. තාත්ත ආගමක්, ධර්මයක් නෑ වගේ පෙනී හිටියට ගැඹුරු ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරපු කෙනෙක් කියල මං ලියන්නම්. මේ ‍පොතෙන් පළමුවැනි වතාවට හෙළිදරව් කරනවය තාත්තා සෝවාන් වෙච්ච කෙනෙක් කියලා.
ඒ මොන කුණුහරුපයක්ද? මගේ කටින් ඉබේටම පිටවිය.
එහෙම තමයි තාත්තෙ චරිත කතා ලියන්නෙ, ඕන කෙනෙක්ව සෝවාන් කරල තමයි චරිතෙ ගොඩ නගන්න ඕන පුතා කියා සිටියේය. තාත්තා යකා වෙන්න කැමතිත් නෑ, සෝවාන් වෙන්න කැමතිත් නෑ, ඉතින් කොහොමද මේක කරන්නෙ?
මට පුතා ගැන දුක සිතුණි.
එහෙම ‍නෙවෙයි ඔයාට ඇත්තම කියල ඕක ලියන්න බැරිද?
ඕක මෙහෙම හිතන්නකො, තාත්තා අහම්බෙන් වගේ පත්තර කර්තෘ කෙනෙක් වුණාය කියල කාටද ඕන ඔයාගෙ ජීවිත කතාව කියවන්න?
එවර මට මා ගැන දුක සිතුණි.
එහෙම නමෛයිනෙ පුතේ, මෛත්‍රීපාල සිරිසේන මහත්තය ගැනත් එයාගෙ දුව ජීවිත කතාවක් ලිව්වනෙ. ඇයි ඉතින් ඔයාට බැරි මං ගැනත් ජීවිත කතාවක් ලියන්න?

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3873

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3621

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6701

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4124

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2564

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3366

Please publish modules in offcanvas position.

Web Analytics