Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඡන්දෙ හෙට ‍නෙවෙයි අනිද්දා


කාලය:- ඔබට කැමති අවුරුද්දක්.
ස්ථානය:- මැතිවරණ කොමිසමේ කාර්යාලය.
චරිත:-

1. මැතිවරණ කොමිසමේ යාවජීව සභාපති.
2. ජනමාධ්‍යවේදීන්.
කාරණය:- පුවත්පත් සාකච්ඡාවක්.
මැතිවරණ කොමිසමේ මහලු සභාපතිට පුටුවක වාඩිවී සිටීමට තරම්වත් සනීපයක් නැත. ඔහු ගිලන් ඇඳක හාන්සිවී සිටී. ඇඳේ එල්ලා ඇති සේලයින් බෝතලයකින් බිංදුව බැගින් ඔහුගේ සිරුරට ඇතුල් වේ.
1 වැනි ජනමාධ්‍යවේදියා:- සභාපතිතුමා, කවද්ද ඡන්දෙ තියෙන්නෙ?
සභාපති:- (කහිමින්) අද ‍නෙවෙයි හෙට.
2 වැනි ජනමාධ්‍යවේදියා:- හරියට අවුරුද්දක් කියන්න බෑද?
3 වැනි ජනමාධ්‍යවේදියා: අවුරුද්දක් බැරි නම් මොන දශකයේදිද කියලවත් කියන්න පුළුවන්ද?
සභාපති:- (කෙඳිරි ගාමින්) ලබන මාසෙ වුණත් පුළුවන් බං. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ සෙනසුරාදාවක් නැතිකමයි. ඡන්දෙ තියන්න ඕනෙ සෙනසුරාදාවකනෙ. ඒත් හැම සෙනසුරාදාවක්ම බි.එම්.අයි.සී.එච්. හෝල් එක වගේ බුක් වෙලා.
4 වැනි ජනමාධ්‍යවේදියා:- ඒකට ඉතින් මොකද කරන්නෙ?
සභාපති:- (නහය සුද්ද කරමින්) මං ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කරල තියෙනව අවුරුද්දකට තියෙන සෙනසුරාදා ගාන වැඩි කරන්න.
5 වැනි ජනමාධ්‍යවේදියා:- ඒක පිස්සු කතාවක්නෙ. අවුරුද්දකට තියෙන සෙනසුරාදා ගාන වැඩි කරන්නෙ කොහොමද?
සභාපති:- (පපුව අතගාමින්) පුළුවන්, පුළුවන්. පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දෙකුයි, ජනමත විචාරණේකුයි තිබ්බොත් පුළුවන්නෙ.
6 වැනි ජනමාධ්‍යවේදියා:- ඉතින් ජනමත විචාරණයක් කියන්නෙත් ඡන්දයක්නෙ සභාපතිතුමා?
සභාපති:- (අඬමින්) හ‍පොයි. ඒක මට මතක නැතිවුණානෙ යකෝ. දැන් එහෙනම් මොකද කරන්නෙ?
7 වැනි ජනමාධ්‍යවේදියා:- ඔබතුමා 2015 ජනාධිපතිවරණෙ වෙලාවෙ ඊළඟ ජනාධිපතිවරණෙට ඉල්ලන්න වුණත් පුළුවන් තරම් වීරයෙක් වුණානෙ. ඒත් අවුරුදු තුනක් යන්නත් කලින් නිකම් ඇමැතිවරයෙක්ගෙ තත්ත්වෙට ඇදගෙන වැටුණනෙ. ඒක වුණේ මේ ආණ්ඩුව ජනතාවගේ වීරයන් විනාශ කිරීමේ ව්‍යාපාරයක් ගෙනියන නිසා. ඔහෙත් ඒකෙ ගොදුරක් වුණා කියල පිළිගන්නවද?
සභාපති:- (බඩ අතගාමින්) මම අම්බලන්ගොඩ කොල්ලෙක් ඕයි. මං තමුසෙලගෙ ඔය ගැටවලට අහුවෙලා මේ ජොබ් එක නැතිකර ගන්නෙ නෑ.
8 වැනි ජනමාධ්‍යවේදියා:- ඊයෙ පෙරේදා ඔබතුමාට හොඳටම අසාධ්‍ය වුණාලුනෙ. ඒ වෙලාවෙ ඔබතුමා අවසාන ඉල්ලීමක් කළා කියල ආරංචියි. මොකක්ද ඒ ඉල්ලීම කියල කියන්න පුළුවන්ද?
සභාපති:- (ඉකි ගසමින්) ඔව්, මං ඉල්ලීමක් කරා මම මැරෙන්න කලින් ඡන්දයක් තියල මැරෙන්න දෙන්න කියලා.
9 වැනි ජනමාධ්‍යවේදියා:- මොකක්ද ඒකට ලැබිච්ච ප්‍රතිචාරය.
සභාපති:- (පිළිතුරු නොදී හඬයි.)
10 වැනි ජනමාධ්‍යවේදියා:- ඔබතුමා එහෙම හිතුවට මේගොල්ලො හිතන්නෙ ඒගොල්ලන්ගෙ ජීවිත කාලෙදි ඡන්දයක් නොදැකම මැරෙන්න නේද?
11 වැනි ජනමාධ්‍යවේදියා:- සභාපතිතුමා කිව්ව කතාවක් 2015 ඡන්දෙදි හොඳටම නැගල ගියානෙ. ඡන්දෙ හොර කරොත් කකුල් දෙකට නෙවි ඔළුවටම වෙඩි තියන්න කියලා. මේ අන්තිම කාලෙදිත් එහෙම දෙයක් කිව්වොත් ආයෙ නැගලම යයිනෙ.
සභාපති:- (හති දමමින්) ඒ මොකක්ද බං ඒ?
12 වැනි ජනමාධ්‍යවේදියා:- ඡන්ද නොතියන අයටත් කරන්න ඕන ඒකම කියල කියන්න බැරිද?

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2010

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1100

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5114

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2943

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5026

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6254

Please publish modules in offcanvas position.