lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

අපි සුසීට, සුසී එයාට

ජූනි 11 වැනිදා,
කොළඹදී.
ප්‍රිය සුසන්තිකා,
 
ඔබට මම ප්‍රිය කියල ආමන්ත්‍රණය කරපු බව දැනගත්තම බිරිඳගෙන් නම් මට විසිල්ලක් වෙන්නෙ නෑ. මොකද ළඟකදි ඉඳන් ඈට ඔබව අප්‍රිය නිසා. ඒත් මට නම් අපි 2000 ඔලිම්පික් උළෙ‍ලේ මීටර් 200 තරගෙ ටෙලිවිෂනයෙන් බලද්දි තරගෙ අවසාන හරියෙ ඔබ තුන්වෙනිය වෙන බව පෙනුණම ඇතිවෙච්ච සන්තෝෂෙ තාමත් අමතක කරන්න බෑ. දැන් දාහත් අවුරුද්දක් තිස්සෙ මම ඒක වෙනුවෙන් ඔබ කරන, කියන අනිත් හැම දෙයක්ම අමතක කරලයි තියෙන්නෙ. අනේ සුසී, ඒත් අපේ පවුලෙ අනිත් කට්ටිය මම වගේ ‍නෙවෙයි, ඒගොල්ලො ඔබ වගෙයි. ඒගොල්ලන්ට පරණ දේවල් මතක නෑ. එහෙමත් නැත්නම් ගාණක් නෑ. ඔබට ආණ්ඩුවෙන් දීපු ගෙවල්, වාහන, සල්ලි, රස්සා දැන් ගාණක් නෑනෙ. ඒ වගේ අපේ කට්ටියටත් ඔබ ගත්තු ලෝකඩ පදක්කම ගැන ගාණක් නැති වෙලා.  (ඒක ලෝකඩ නමෛයි රිදී පදක්කමක් කියල අපේ පුතා මාව නිවැරදි කරමින් කිව්වම අපේ ‍ලේලි කියා හිටියා ලෝකඩේ, රිදී වුණේ රන් පදක්කම ගත්ත මේරියන් ජෝන්ස්ගෙ ක්‍රියා කලාපෙ නිසානෙ කියලා.)
ඒත් මට නම් තාමත් හිතෙන්නෙ ඔබ හදවතින්ම ශ්‍රී ලාංකික, ජාතියෙ දියණිය කියලයි. ඒක කිව්වම මගේ බිරිඳ කඩාපැන්න ඒ කොහොමද කියලා. දැන් බලන්න ඔබේ අ¼ෙදා්නාවම. අපේ රටේ හැම යුග පුරුෂයා හා ස්ත්‍රියම වගේ කරන්නෙ රට තමන්ට මුකුත් කරේ නෑ කියල ඤරු ඤුරු ගගා අරක මේක ඉල්ලන එකනෙ. අනික බලන්න ඔබට ඩෙංගු හැදිච්ච වෙලාවෙ දියතලාවට හෙලිකොප්ටරයක් යවල කොළඹ ගෙන්නපු ක්‍රීඩා ඇමැතිට දැන් ඔබ කතා කරන විලාසය. ඒ විදියට කෙළෙහි ගුණ තියෙන්නෙ අපේම, අපේම කෙනකුට විතරයිනෙ. එච්චරද දකුණු ආසියාවෙ කාටවත් ගන්න බැරිවෙච්ච කෙටි දුර පදක්කමක් අරගෙන පළමුවැනියා වෙච්ච ඔබට අන්තිමේ ඡන්දෙ ඉල්ලලා 225 ටවත් එන්න බැරි වුණානෙ. අපේ රටේ සැබෑ දරුවො හැම කෙනෙක්ම කොච්චර ඉහළට නැග්ගත් අන්තිමේ ගිහින් ඡන්දෙ ඉල්ලනවා. මහාචාර්ය කෙනෙක් වෙලා උප කුලපති වුණාට පස්සෙත් කරන්නෙ ඒකයි. ලෝකෙ හොඳම හමුදාපති වුණාට පස්සෙත් කරන්නෙ ඒකමයි. ඒ අතිනුත් ඔබ අපේම  ‍පොළොවෙ ඉපදිච්ච දරුවෙක් කියල ඔප්පු කරා. එච්චරද? එදා මහින්දගෙ පස්සෙන් ගිය ඔබ දැන් තමන්ගෙ බඩගෝස්තරේ වෙනුවෙන් මෛත්‍රීගෙ පස්සෙන් යෑමෙන් පෙන්නුම් කරන්නෙ අපේ ජාතික අනන්‍යතාවයම නේද?
අපේ පුතා නම් ඔබට පදක්කම විකුණගන්න නොලැබිම ගැන හරිම කනගාටුවෙන් ඉන්නෙ. මිනිහා කියනව 2000 ඉඳන් මේ වෙනතුරු හිටපු හැම ක්‍රීඩා ඇමැති කෙනෙක්ම ඔබ ඔලිම්පික් පදක්කම විකුණද්දි නිශ්ශබ්දව හිටියනෙ, ඇයි මේ ක්‍රීඩා ඇමැති විතරක් කලබල වෙලා තියෙන්නෙ කියලා. ඒ අස්සෙ අපේ ‍ලේලි අහනව ඇයි ඩන්කන් වයිට් ඔලිම්පික් පදක්කමක් ගත්තයි කියන්නෙ බොරුවක් කියල මාධ්‍යවලින් හෙළි කරන්නෙ නැත්තෙ කියලා. ඒක බොරුවක් ‍නෙවෙයිනෙ ඇත්තක්නෙ කියල මම කිව්වම ‍ලේලි කියනව එහෙනම් ඩන්කන් වයිට් දිනන්න ඇත්තෙ පැරා ඔලිම්පික් වෙන්න ඇති, ඔලිම්පික් දින්න නම් ඔබ වගේ ඒ වෙනුවෙන් රට එයාට ණයවෙන්න ඕන කියල කිව්වෙ නැත්තෙ ඇයි කියලා.
 
මම, 
මානි.
 
ප.ලි:- ඔබ ලෝකඩ (රිදී) පදක්කමක් අරගත්තට අපි මෙච්චර ණය නම් රන් පදක්කමක් එහෙම ගත්ත නම් ඊළඟ පරම්පරාවටත් ඒ ණය ගෙවල ඉවර කරන්න බැරි වෙයි කියල අපේ කන්තෝරුවෙත් මිත්‍රයෙක් කිව්වා. ඒක අහගෙන හිටපු තව කෙනෙක් කිව්ව ඒක නේන්නම් හරි අපරාදෙනෙ වුණේ, කකුල් දෙකෙන් වෙනුවට කටෙන් කරන්න පුළුවන් තරගයක් තිබුණ නම් ඔබ රන් පදක්කම දිනනව විතරක් නෙවි කඩන්න බැරි ඔලිම්පික් වාර්තාවකුත් පිහිටුවනව කියලා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මඩු වන්දනාවේ ගොස් එන ගමන් බල්ලෙක් ‘උස්සලා‘

IMAGE 2017 Aug 21 14:29
වන්දනාව සියළුම ආගමිකයන්ට පොදු වූවකි. වන්දනා ගමනකින් සිදුවනුයේ සැහැල්ලු, සරළ, චාම් සහනශීලි...
Views - 150

විභාග සමත් කරවන බුද්ධික පතිරණගේ මන්තර ගුරුකම්

IMAGE 2017 Aug 21 12:02
පහුගිය සති අන්තයේ පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපූරු දැන්වීමක් ප්‍රචාරය විය. ඒ...
Views - 415

තාත්තා බන්ධනයකට අහුවෙලා - වික්ටර්ගේ පුත්තු කියති

IMAGE 2017 Aug 20 12:59
ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන් ගැන මෑත කාලයේ විශාල කතාබහක් ඇති වුණේ ඔහුගේ දෙවැනි...
Views - 3584

දරුවන්ගේ පුනරුත්පත්ති කතාවල ඇත්ත නැත්ත දැන ගන්නා හැටි

IMAGE 2017 Aug 20 11:11
දැනට දශක කිහිපයක සිට පුවත් පත් මගින් අතිශය ජනකාන්ත බවට පත් පුනරුප්පත්ති කතා මේදින වල සමාජ ජාල...
Views - 875

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 3508

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 2244

Please publish modules in offcanvas position.