lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

ආණ්ඩුවට විනය පාලකයෙක් ඕනෑ

මැයි 14 වැනිදා,
කොළඹදී.
ප්‍රිය ෆීල්ඩ් මාර්ෂල්,
 
මම ඔබට ප්‍රිය කියල ලියල තියෙනව දැකල මගේ බිරිඳ චකිතයෙන් ඇහුවා එහෙම කිව්වට කමක් නැද්ද, ඔබට ප්‍රිය කිව්වාම යුද්දෙට විරුද්ධ හැමෝම මාව ජාතිවාදී, අන්තවාදී ද්‍රෝහියෙක්ගෙ ගාණට දායි නේද කියලා. එතකොට මම බිරිඳට කිව්වා එහෙම වෙන්නෙ නෑ 2010 ජනාධිපතිවරණෙදි යුද්දෙට විරුද්ධ හැමෝම හිටියෙ යුද්දෙ ඉවර කරන්න හමුදාවට නායකත්වය දීපු ඔබේ පැත්තෙනෙ කියලා. එතකොට බිරිඳත් කිව්වා ඒක නම් ඇත්ත, කන්න ඕන වුණාම කබරගොයාත් තලගොයා වෙනව නේද කියලා. මම එතකොට බිරිඳට මතක් කරා ඔබට කබරගොයා කීම නම් නුවණට හුරු වැඩක් ‍නෙවෙයි, මොකද ඔබ ඊට වැඩියෙ කැත සත්තුන්ගෙ නම් හිටන් දන්න කෙනෙක් කියලා.
මේ ලියුම ලියන්න ගත්තෙ රාජිතව ආණ්ඩුවෙ මාධ්‍ය ප්‍රකාශක කමෙන් අයින් කරන්න කියල ශ්‍රීලනිප ඇමැතිවරු ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරපු බව දැකලයි. එතකොට ජනාධිපති කියල තියෙනව රාජිතව අයින් නොකර ශ්‍රීලනිපයෙනුත් මාධ්‍ය ප්‍රකාශකයෙක් දාන්නම් කියලා. ශ්‍රීලනිප ඇමැතිවරු ඒකට එකඟ වෙලා. ඒ වුණාට ඒ අයට කරන්න තිබුණෙ ඔබව කඩාකප්පල්කාරී කටයුතු ම¾ඩින්න කාර්යසාධක බළකායක් පිහිටුවල ඒකෙ ප්‍රධානත්වයට පත්කරනව කිව්වෙ විහිළුවටය කියන්න කියල ජනාධිපතිගෙන් ඉල්ලන එකනෙ. ඇයි මේ ප්‍රශ්නෙ මතුවුණෙ ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමෙදි කරේ විහිළුවක්ද නැත්නම් සීරියස් කතාවක්ද කියල තීන්දු කරගන්න බැරි නිසානෙ. රාජිත කියනව සීරියස් කතාවක් කියල. එස්. බි. කියනව විහිළුවක් කියලා. ජෝන් කියන්නෙත් ඒක සීරියස් කතාවක් ‍නෙවෙයි කියල ජනාධිපති එයාට කිව්වයි කියලා. ඊටපස්සෙ රාජිත අනික් කට්ටියට බණිනවා, අනික් කට්ටිය රාජිතට බණිනවා. ඔය කතාවෙන් වුණේ අන්තිමේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය විහිළුවට ලක්වෙච්ච එක විතරයි කියලයි මං නම් හිතන්නෙ.
මොකද අපි ඉස්කෝලෙ යන කාලෙ උසස් පෙළ පන්තියෙදිමයි ඉගෙන ගත්තෙ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ගැන. හැබැයි රටේ ඇමැතිවරුන් වෙච්ච මේ කට්ටිය අපි වගේ සාමාන්‍ය මිනිස්සු ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත්ත දේවල්වත් දන්නෙ නෑන. අනේ... එහෙම කියන කොටයි මට මතක් වුණේ අපිට පේරාදෙණියෙදි දේශපාලන විද්‍යාව උගන්නපු මහාචාර්ය සොයිසා ළඟදි කියපු කතාවක්. පාර්ලිමේන්තුවෙ 95 දෙනෙක්ම සාමාන්‍ය පෙළවත් පාස් නෑ කියලා. අනේ... සමාවෙන්න සාමාන්‍ය පෙළ පාස් නැති කට්ටිය කොහොමද අපි උසස් පෙළට ඉගන ගත්ත දේවල් දන්නෙ නේද ෆීල්ඩ් මාර්ෂල්?
ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී කරේ විහිළුවක් කියන්නෙ කැබිනට් රැස්වීම කියන්නෙ සීරියස් රැස්වීමක් ‍නෙවෙයිද කියල අපේ පුතා මගෙන් ඇහුවා. එයා තව අහනව ඒක විහිළු තහළු කරන තැනක්ද කියලා. එතකොට බිරිඳ පුතාගෙන් අහනව රටේ නායකයො එකතු වුණොත් ඇත්නම් කරන්නෙ විහිළුනෙ කියලා ඔයා මෙච්චර කාලයක් දැනගෙන හිටියෙ නැද්ද කියලා. මෙතනදි අපේ ‍ලේලි අහනව ඕක විහිළුවක් කියන්නෙ ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලයම එකතු වෙලා යුද්දෙ දිනවල දීපු සරත් ෆොන්සේකව විහිළුවට ගත්ත නේද කියලා. මේ ආණ්ඩුවෙ ඉන්න සමහර අයට යුද්දෙ විහිළුවක් වෙලා තිබිච්ච හැටි නම් අපිටත් තාම මතකයිනෙ. ඒක නිසා යුද්ධ හමුදාපති විහිළුවක් වීම මොකක්ද නේද ෆීල්ඩ් මාර්ෂල්?
අපේ කන්තෝරුවෙ ‍ලේකම්වරියක් මේ ළඟදි මගෙන් අහනව අපි කන්තෝරුවෙ රැස්වීමක වුණත් වාර්තාවක් තියාගන්නවනෙ, ඔය කැබිනට් රැස්වීම්වල වාර්තාවක්වත් තියාගන්නෙ නැත්තෙ ඇයි කියලා. ඇත්ත නේන්නම් වාර්තාවක් තිබුණ නම් බලාගන්න තිබුණනෙ ජනාධිපතිවරයා කරේ විහිළුවක්ද, නැද්ද කියලා.
මම,
මානි.
 
ප:ලි: රටේ විනයක් නැතිකමට විසඳුමක් ගැන කතා කරන්න ගිහින් මේකෙන් පෙනුණෙ ආණ්ඩුවෙවත්, කැබිනට් මණ්ඩලයේවත් විනයක් නැතිකම නේද කියල අපේ පුතා වැඩිදුරටත් මගෙන් ඇහුවා. ඉතින් ඔක්කොටම කලින් ආණ්ඩුවෙයි, කැබිනට් මණ්ඩලෙයි විනය පවත්වාගෙන යන්න කෙනෙක්ව පත්කරා නම් හොඳ නැද්ද කියල එයා අහනවා. එතකොට අපේ ‍ලේලි අහනව කාවද ඒකට පත් කරන්නෙ ෆීල්ඩ් මාර්ෂල්වමද කියලා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 1945

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 1592

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 2331

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1574

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 6123

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 3926

Please publish modules in offcanvas position.