Coss Ear2
lakbima.lk
COSS Ear 1

සර්වජන ඡන්දය අහෝසි කරමු

පෙබරවාරි 
18 වැනිදා,
කොළඹදී.
 
ප්‍රිය ඡන්දදායකය,
 
මම ඔබට ප්‍රිය කියල ආමන්ත්‍රණය කරාට මේ වෙලාවෙ රටේ වැඩි දෙනකුට ඔබ ප්‍රිය නෑ. ඔවුන්ට ඔබේ හැසිරීම තේරුම් ගන්න බැරිවීම සාධාරණයිනෙ. 2015 දී මහින්ද රාජපක්ෂව ගෙදර යවපු ඔබ ඊට අවුරුදු තුනකට පස්සෙ ආපහු උන්නැහේව තොරන් බැඳල පිළිගැනීම ඔවුන් අදහා ගන්නේ කොහොමද? මේක තේරුම් ගන්න නම් මළගෙදරකදී පවු‍ලේ උදවිය මැරුණු කෙනා මැරුණෙ නෑ වගේ හිතාගෙන කතා කරන හැටි මතක් කරගන්න ඕන. ඒ වගේ තමයි රටේ හුඟ දෙනෙක් ආණ්ඩුව ඡන්දෙන් පැරදුණේ නෑ, මහින්ද දිනුවෙ නෑ කියල ගණන් හද හද ඉන්නෙ. පව් හත් දොහේ දානෙ දෙනකොට ඔය නුහුගුණ ගතිය මගඇරෙයි කියලයි මට හිතෙන්නෙ. ආණ්ඩුව මළා අප්පච්චිට පණ ආවා
ආණ්ඩුවට වැරදිච්ච තැන් ගැන නොයෙකුත් විග්‍රහයන් මේ දවස්වල අහන්න ලැබෙනවා. මම නම් කියන්නෙ රාජපක්ෂ භීතිකාවෙන් විතරක් දුවන්න ගිහිල්ලයි මේගොල්ලන්ට වැරදුනේ කියල. රාජපක්ෂ යක්ෂයාව පෙන්නල විතරක් බය කරගන්න පුළුවන් කට්ටියක් රටේ ඉන්නව තමයි. මේ කට්ටිය ආණ්ඩුව මොන මගුල කරත් අඩු ගානෙ දැන් යකා නෑනෙ කියල හිත හදාගෙන හිටියා. හැබැයි ආණ්ඩුව දැනගෙන හිටියෙ නෑ රටේ බාගයක් විතර කට්ටියට රාජපක්ෂව පේන්නෙ යකෙක් විදියට ‍නෙවෙයි, ටෙඩී බෙයාර් කෙනෙක් විදියට කියල. ටෙඩී බෙයාර් හරි හුරතල්නෙ. ආණ්ඩුව ඔන්න යකා කියල ඒ කට්ටියවත් බය කරන්න හදනකොට ඒගොල්ලො ටෙඩීව බදාගෙන උම්මා දෙනවා. වැඩේ කියන්නෙ තාමත් ආණ්ඩුවට තේරෙන්නෙ නෑ ඇයි මේ මිනිස්සු යකාට උම්මා දුන්නෙ කියල.
ඔබට කියන්න කතාවක් තියෙනවා. අපේ පුතා ගෙවල් ළඟ කඩේ මුදලාලිගෙන් ඇහුවලු අපේ පැත්තට පත්වෙච්ච මන්ත්‍රීගෙ නම මොකක්ද කියල. මුදලාලි කිව්වලු මහින්ද කියල. පුතා ඇහුවලු වාසගම මොකක්ද කියල. මෑන් කිව්වලු රාජපක්ෂ කියල. පුතාට හොඳ හිනාවක් ගිහින් කිව්වලු එහෙනම් ලොක්කගෙ නමම තියෙන ගෝලයෙක්නෙ අපේ මන්ත්‍රී වෙලා තියෙන්නෙ කියල. එතකොට මුදලාලි කිව්වලු රටේ ඡන්ද කොට්ඨාස ඔක්කොටම පත්වුණේ ඒ නමෙන් තමයිනෙ කියල. පුතා එතකොට කිව්වලු එකම නමෙන් නමෛයි එකම පක්ෂෙන් පත්වුණේ කියල. මුදලාලි හිනාවෙලා කිව්වලු මහින්ද රාජපක්ෂ තමයි ඒ පක්ෂෙ නම කියල. ඇත්ත නේද කතාව? රනිලුයි, මෛත්‍රීයි කොච්චර දක්ෂයො දෙන්නෙක්ද කියනව නම් අන්තිමේ මහින්ද රාජපක්ෂව ඉතා ඉහළ අලෙවියක් ඇති බ්‍රෑන්ඩ් එකක් කරලයිනෙ නැවතුණේ. දැන් ඊරිසියාව, ක්‍රෝධය, අතහැරල පිටරට තානාපතිවරුන්ගෙ උදව්වෙන් හරි කරන්න බලන්න ඕන මීට වැඩියෙ හොඳ බ්‍රෑන්ඩ් එකක් ගේන්නයි.
ඔබට පස්පඩංගුවේ බනින පිරිස් මේ දවස්වල රටපුරාම ඉන්න බව දන්නව නේද? සුපුරුදු විදියට ඔබ හැඳින්වීමට යොදන බුද්ධිමත් කියන විශේෂණය ගැලපෙන්නෙ නෑ කියල ඒගොල්ලො කියනව. එච්චරද? ඡන්දදායකයො කියන්නෙ මෝඩ හැත්තකට කියල ඔවුන් වැඩිදුරටත් කියනව. ඇත්ත නේන්නම් ඔවුන් වගේ කුශාග්‍ර බුද්ධිමතුන් හිතපු ආකාරයට ඡන්දෙ නොදීපු ඔබට ගොන් කියල කීමේ ඇති වැරැද්දක් නෑනෙ. ඔබ ඡන්දෙදි බුද්ධිමත්ව කටයුතු කරා නම් ඒ වටිනා මිනිසුන් ඔබට මෙහෙම බැණ වදින්නෙ නෑ කියල විතරක් තේරුම් ගන්න. මට හිතෙනව දැන් කොයි වෙලාවක හරි කවුරු හරි උගතෙක් යෝජනා කරයි කියල සර්වජන ඡන්දය අහෝසි කරන්න. එහෙම යෝජනාවක් ආවොත් අපි සංවිධානය වෙලා ඒක දිනවන්න කටයුතු කරන්න ඕන. හැම එකාටම ඡන්දෙ තිබුණු නිසානෙ මේ කරදරේ. වැදගත් ටික දෙනෙකුට විතරක් ඡන්දෙ තිබුණ නම් මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑනෙ.
 
මම,
මානි.
 
ප:ලි: සර්වජන ඡන්දෙ අහෝසි කරන්න අමාරු නම් තව ක්‍රමයක් තියෙනව. බුද්ධිමත් ඡන්දදායකයො පිටරටින් ගෙන්නන්න. ඒ දවස්වල ඉන්දියාවෙන් වතු කම්කරුවො ගෙනාව වගේ. සිංහල, බෞද්ධ ඡන්දදායකයො වෙන කොහෙන්වත් හම්බුවෙන්නෙ නැති නිසා ඒක කරොත් නම් ගොඩේ ගොඩ.

තත්පර තිහෙන් ජාතික වීරයෙක්

ප්‍රශ්නයක් ගැන අපේ රටේ මිනිසුන් හිතන හැටි තේරුම් ගැනීම පහසු නැත. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳ කතාබහේදී වැදගත්ම දේ වූයේ රට හිතන හැටි ටිකින් ටික ප්‍රදර්ශනය වූ හැටිය. සතිය පටන් ගනිද්දී බාධක, ගල්පර මැද හෙමින් හෙමින් ගැලූ සිහින් දිය පහර සතිය අවසන් වන විට වනදුර්ග, ගිරිදුර්ග පීරා යන මහා ජල ධාරාවක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදයට ජය ලබාදෙමිනි. රැඩිකල් මත භංග වේවා

4 වැනිදා
ගොන් යකෙක් මුළු රටටම නිග්‍රහ කරා. රණවිරුවො, රණවිරුවො කිව්වට මුන් යුද්දෙ කාලෙ වැඩ කරපු හැටි අපිට දැන් හිතාගත්තෑකිනෙ. ඉතින් ජාත්‍යන්තරෙන් යුද අපරාධ කරා කියල චෝදනා කිරීම සාධාරණයි නේද? මේකගෙ මුග්ධකමට කරේ දෙමළ ඩයස්‍පෝරුවේ වුවමනාවල් ඉෂ්ට කරල දීමනෙ. විලිලැජ්ජාවෙ බෑ. මේ ගොන් ආණ්ඩුව අඩු ගාණෙ ඕකගෙ පටි ගලවල ලංකාවට ගෙනෙල්ල යුද්ධාධිකරණයට ඉදිරිපත් කරන්නවත් ඕනනෙ. නොදකින්, මූ මොන ඉස්කෝලෙද දන්නෑ ඉගෙන ගත්තෙ?

5 වැනිදා
යුද්ධ කරනව ඇර වෙනත් දෙයක් කරේ නැති ආමිකාරයොන්ගෙ මානසිකේ අපිට තේරෙන්නෙ නෑ තමයි. ඒත් මේකට තිබුණනෙ අර සිංහ කොඩිය පෙන්නල විතරක් නිකම් ඉන්න. එහෙනම් ෆුල් ලකුණුනෙ. කොහෙද මේකගෙ යුද මානසිකේ මතුවුණායින් වැඩේ කෙළවුණානෙ.
ඒත් ඔච්චර තදියමට මිනිහට දඬුවම් කරේ ඩයස්‍පෝරාවයි, ජාත්‍යන්තරයයි පිනවන්න බව නම් ෂුවර්. බ්‍රිගේඩියර් කරපු වැඩේ හරි නෑ තමයි, ඒත් දේශද්‍රෝහී ආණ්ඩුව ගන්නෙ යුද්දෙ දිනවල දීපු උන්ගෙ පැත්ත ‍නෙවෙයි, තාමත් ඊළම වෙනුවෙන් සටන් කරන එවුන්ගෙ පැත්තනෙ. කොහොමද ඒක?

6 වැනිදා
මෑන් ෂුවර් එකටම රගර් ගහල ඇති. නවසීලන්තෙ බ්ලැක් කැට් කියන්නෙ ලෝකෙ හොඳම රගර් ටීම් එකක්නෙ. මැච්චෙකක් පටන් ගන්න කලින් උන්ගෙ මුළු ටීම් එකම එකතු වෙලා අනිත් ටීම් එකේ එවුන්ට ඔය විදියටම බෙල්ල කපනව කියල සංඥා කරනව. ඒක මුළු රගර් ලෝකයම ඉතා ආස්වාදයෙන් පිළිගන්න සංඥාවක්නෙ. මේ හාදය කරාම විතරක් ඒක ම්‍ලේච්ඡ වැඩක් වෙන්නෙ කොහොමද? ඒක අපේ ජාතික දීනකම මිසක් වෙන මොකක්ද? මං මේ කියන්නෙ බ්‍රිගේඩියර් කරපු වැඩේ හරි කියල ‍නෙවෙයි. මං කියන්නෙ අපේ දීනකම.

7 වැනිදා
මෑන්ට දඬුවම් කරන්න ගත්ත තීරණේ වෙනස් කිරිල්ල නම් ලොකු දෙයක්. ලංකාවෙ නිදහස් උත්සවේ ප්‍රධාන අමුත්තා හැටියට එංගලන්තෙ රැජිනගේ පුතා ඇවිල්ල ඉඳැද්දිනෙ මුන් ප්‍රභාකරන් අපේ වීරයා, ඊළම අපේ රට ආදී දේවල් කිය කියා උද්ඝෝෂණේ කරේ. බ්‍රිතාන්‍ය ආණ්ඩුව හරි නම් මේ මෑන්ට ස්තුතිවන්ත වෙන්න ඕන කරපු වැඩේට. කොටින්ට විරුද්ධව සටන් කරපු එකෙක්ගෙන් බලා‍පොරොත්තු වෙන්න පුළුවන්ද කොටින්ට පක්ෂ එවුන්ව හුරතල් කරන්න. නිකමට හිතල බලන්න, යුද්දෙට නායකත්වය දීපු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඔතන හිටිය නම් මොකද වෙන්නෙ කියල. එහෙනම් බෙල්ල කපනව කියල පෙන්නල විතරක් ඉඳියිද? නෑ මං කියන්නෙ...

8 වැනිදා
ජනාධිපතිත් රණවිරුවො ආරක්ෂා කරනව කිව්වට බ්‍රිගේඩියර්ගෙ දඬුවම අයින් කිරිල්ල විතරනෙ කරේ. හරි නම් රාජිත සේනාරත්න වගේ කෙනෙකුට බාරදෙන්න තිබුණනෙ ප්‍රියංකගෙ වැඩේ ගොඩ දාන්න. රාජිතට ඕක දුන්න නම් මිනිහ කියයි එයා පෞද්ගලිකවම දන්නවා ප්‍රියංක ප්‍රනාන්දුට තයිරොයිඩ් ග්‍රන්ථියේ ආසාදනයක් නිසා වරින් වර බෙල්ලෙ වේදනාවක් මතුවෙන බව. ඒක නිසා එයා සැරින් සැරේට බෙල්ල අතගානවා. එයාව පෞද්ගලිකව දන්න කවුරුත් දන්නව එයාගෙ ඔය බෙල්ල අතගෑමේ පුරුද්ද. ඇත්තටම ඊළාම් යුද්ධයේදී දෙමළ ගමක්ම ප්‍රභාකරන්ගෙන් බේරගන්න කරපු මානුෂික මෙහෙයුමකදී තමයි මුලින්ම ඔය රෝග ලක්ෂණය මතුවුණේ. උතුරේ දෙමළ මිනිස්සු හොඳටම දන්නව ඔය ලෙඩේ ගැන.
ඕව නොදන්න මිනිස්සු කියන මෝඩ කතාවලට අපි රැවටෙන්න ඕන නෑ. ඔය වගේ කොච්චර ආඩම්බර කතාවක් කියයිද රාජිතට වැඩේ බාරදුන්න නම්. එහෙම ගත්තම කොල්ලට ආණ්ඩුව සලකන්නෙ එපා වාහෙට හොදි බෙදනව වගේ තමයි.

9 වැනිදා
ඔය රැඩිකල් ‍පොරවල් කියන විදියට මුන් යුද්ධ කරා නම් තාමත් කොළඹ බෝම්බ පුපුරනවනෙ. අපේ එවුන් කියන්නෙ කොටියට කොටිය වගේ ඉන්න පුළුවන්, හැබැයි අපි මහත්වරු වගේ ඉන්න ඕන කියලනෙ. ඕව කියන එවුන් හැමෝම එන්.ජී.ඕ.වලින් යැපෙන එවුන්. ඇත්තටම මේකා කරපු දේ ‍නෙවෙයි නම් අපි වඳයිනේ. කොල්ලා කොහොම හරි උන්ට පෙන්නුව ආයෙ ආවොත් ආයෙත් බඩු තමයි කියල. ඒ වගේ දෙයක් කටින් කියනවට වැඩියෙ ලස්සන හස්ත මුද්‍රාවෙන් කිව්වමනෙ. අපේ කොල්ල ඒව නියමෙට ඉගෙන ගෙන තියෙනව. ඩී. එස්. එකට ගියපු කොල්ලෙක්නෙ. ඩී. එස්. තමයි ඉස්කෝලෙ

ලන්ඩන් නුවරදී මුලු ලොවම හෙල්ලූ කවුද මේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු

තනි තරුවේ, තරු දෙකේ ජෙනරාල්ලා රටුන් අතර ප්‍රසිද්ධියට පත්වූයේ තිස් වසරක් පුරා පැවැති ඊළාම් සටනේදීය. එකල ඔවුන්ගේ සුරුවිරුකම්වලින් පත්තර පිටු පිරී තිබුණේය. එනමුත් තනි තරුවේ ජෙනරාල්වරයකු වූ ප්‍රියංක ප්‍රනාන්දු එක රැයකින් මුළු ලෝකයේම ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වූයේ යුද්ධය අවසන් වී නව වසරකුත් ගත වූ මොහොතකය. ඒ රණ බිමේදී නොවේ. ලංකාවට කිලෝමීටර් දහස් ගණනක් දුරින් පිහිටි ලන්ඩන් නුවරදීය.
යුද හමුදා බසින් තනි තරුවේ ජෙනරාල්වරයකු යනුවෙන් හැඳින්වෙන්නේ බ්‍රිගේඩියර්වරයෙකි. ප්‍රියංක ප්‍රනාන්දු ද යුද හමුදාවේ රාජකාරි කරන දුසිම් ගණනක් බ්‍රිගේඩියර්වරුන් අතරින් එක් අයෙකු පමණි. එහෙත් යුද හමුදාවේ සෑම බ්‍රිගේඩියර්වරයෙකුට නොලැබෙන අවස්ථාවක් ඔහුට ලැබුණි. ඒ රාජ්‍ය තාන්ත්‍රික සේවයය. ඔහුට ලැබුණේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ධුරයය. මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා, මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න වැනි යුද හමුදා නිලධාරීහුද මින් පෙර එම ධුරය දැරූහ.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ධුරයට පත්වන්නේ දෙදහස් දාහත අවුරුද්දේය. එහෙත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ලන්ඩන් නුවර සිටින බව මෙපමණ කලක් රටුන් දැන ගෙන හුන්නේ නැත. එවැනි අයෙකු ලන්ඩන් නුවර සිටියද ඒ ගැන රට්ටුන්ට ප්‍රශ්නයක් නැත. බ්‍රිගේඩියර් ප්‍රනාන්දු ලන්ඩන් නුවර සිටීම අදාළ වූයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානයට පමණි. ඒ ඔහු ලන්ඩන් නුවර ගියේ පැවැරුමකට බැවිනි. ඔහු පමණක් නොව ලොව පුරා පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති හා මහ කොමසාරිස් කාර්යාලවලට අනුයුක්තව ත්‍රිවිධ හමුදා නිලධාරීහු පත්ව සිටිති. ඔවුන්ගේ පැවැරුම වන්නේ තානාපති හෝ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතුය. එසේ නැතිනම් ශ්‍රී ලංකාවට එරෙහිව එම රටවල්වල සිට ක්‍රියාත්මක වන කටයුතු සොයා බැලීමය. එවැනි සිද්ධීන් යුද හමුදා මූලස්ථානය මගින් බුද්ධි තොරතුරු විශ්‍ලේෂණය කෙරෙන්නේය. 
යුද්ධය පැවැති සමයේ එතෙරදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ගේ අවි ආයුධ ජාවාරම මැඩලීම වැනි ජාතික ආරක්ෂක කටයුතුවලදී තානාපති හා මහ කොමසාරිස් කාර්යාලවල හුන් ආරක්ෂක
 උපදේශකයෝ ප්‍රශංසනීය මෙහෙවරක් ඉටුකළෝය. 
කෙසේ නමුදු පිටරටවල තානාපති හා මහ කොමසාරිස් කාර්යාලවල ආරක්ෂක උපදේශකයන් ගැන ඉකුත් හතරවැනිදා තෙක් ලංකාවේදී හා හූවක් නොවීය. එවැනි තනතුරක් තිබෙනවාදැයි බොහෝ දෙනෙක් දැන සිටියේද නැත. එහෙත් ඒ සියල්ල වෙනස් වූයේ ලන්ඩන් නුවරදී ඉකුත් හතර වැනිදා එළියට ආ වීඩියෝවක් සමගය. ඒ කතාව ඇරඹෙන්නේ ශ්‍රී ලංකාවේ හැත්තෑවැනි නිදහස් සැමරුම සමගය. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු නිදහස් උළෙල සමරමින් සිටියදී කාර්යාලය ඉදිරිපිට විරෝධතාවන් පැවැත්වෙමින් තිබුණි. එය සංවිධානය කර තිබුණේ සංක්‍රාන්ති දෙමළ ඊළමට සහය දෙන පිරිසකි. එල්.ටී.ටී.ඊ. ධජ රැගෙන පැමිණි ඔවුහු අපට ඕනෑ යුක්තිය, අපේ වීරයා ප්‍රභාකරන්, අපේ දේශය ඊළාම් යනුවෙන් කෑ ගැසූහ. මෙවැනි විරෝධතා ලන්ඩන් නුවරට සාමාන්‍ය සිද්ධියකි. 
මේ අතරේ විරෝධතාකරුවන් අසලට ආවේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුය. එතැන් සිට වූයේ මුළු ලොවම දුටුවේ සමාජ ජාල ඔස්සේ අතින් අතට ගිය වීඩියෝවකිනි. එම වීඩියෝව පිළිබඳ මුලින්ම දුන් අර්ථකථනය වූයේ තම නිල ඇඳුමේ ඇති සිංහ කොඩිය එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට පෙන්වා ඔවුන්ගේ ගෙල සිඳින ආකාරය බ්‍රිගේඩියර්වරයා අභිනයෙන් පෙන්වූ බවය. මේ සිද්ධියට මුලින්ම විරෝධය දැක්වූයේ බ්‍රිතාන්‍ය ‍ලේබර් පක්ෂය නියෝජනය කරන ජොආන් රයන් හා සියොහායාන්් මැක්ඩෙනාය. ඔවුන් බ්‍රිතාන්‍ය විදේශ ‍ලේකම් බොරිසෝ ජොන්සන් වෙත ලිපියක් යවමින් කීවේ. බ්‍රිතාන්‍ය රාජ්‍යය තුළ නිල මට්ටමේ අමුත්තෙකු වන ඔහුගේ හැසිරීම නුසුදුසු හා තර්ජනාත්මක බවය. එබැවින් ඔහු බ්‍රිතාන්‍යයෙන් නෙරපා හරින ලෙස ඔවුන් ඉල්ලා තිබුණි. 
කෙසේ නමුදු බ්‍රිතාන්‍යයට පෙර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගැන පියවරක් ගත්තේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයය. බ්‍රිගේඩියර්වරයාගේ එම ක්‍රියාව යුද හමුදාව පරීක්ෂණයක් කරනු ඇති බවත්, එතෙක් ඔහු රාජකාරි කටයුතුවලින් ඉවත් කරන ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වෙත දන්වා ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඥාතිවරියක වන අමරි විජයවර්ධනය.
කෙසේනමුදු විදේශ කටයුතු අමාත්‍යංශය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව යුද ප්‍රකාශ කළද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මතය වූයේ සමාජ ජාලා වබේ අඩවිවල විකාශය වූ වීඩියෝවකට අනුව නිලධාරියෙකුට එරෙහිව චෝදනා ගොනු කළ නොහැකි බවය. මේ අතරේ මෙම සිද්ධියට පක්ෂ හා විපක්ෂව අදහස් පළ වෙද්දී තවත් කතාවක් කරළියට ආවේය. ඒ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අභිනයෙන් පෙන්වූයේ විරෝධතාකරුවන්ගේ ගෙල සිඳින ආකාරය නොවන බවය. දෙමළ ඊළමක් වෙනුවෙන් සටන් කළ ප්‍රභාකරන් මරණයට පත්වූ බව ඔහු නිරූපණය කළැයි පැවැසුණි. අවසානයේදී මේ සිද්ධිය මහා බ්‍රිතාන්‍ය පමණක් නොව ලංකාවේ දේශපාලනයද රත් කළේය. බැඳුම්කර වංචා, උදයංග වීරතුංග අල්ලා ගැනීමේ කතා යටට ගොස් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු කරළියට ආවේය. ඊට ආසන්නම හේතුව පළාත් පාලන ඡන්දයය.
අවසානයේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගැන අවසන් තීන්දුව ගත්තේ සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට නැවත පෙර රාජකාරි පවරන ලෙස ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයට නියෝග කළේය. 
ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ඔහු නැවත වරක් බ්‍රිතාන්‍යයේ ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබිය. ඒ පිළිබඳ යුද හමුදා මූලස්ථානය නිවේදනය කළේ යුද හමුදාව කිසිවිටකත් ඔහුගේ සේවය අත්හිටුවීමක් හෝ ඔහු ලංකාවට කැඳවීමට ක්‍රියා නොකළ බවය. අවසානයේදී යුද හමුදා මූලස්ථානය ප්‍රකාශ කළේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව යුද හමුදා පරීක්ෂණයක් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවය. ඒ බව යුද හමුදා මූලස්ථානය ජනපතිවරයාටද දැනුම් දී තිබුණි. ඒ අනුව පැහැදිලි වන්නේ මේ සිද්ධියේදී මුලින්ම වැට පැන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය බවය.
එක දවසකින් මුළු රටම හෙල්ලූ මේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු කවුද. ඔහු ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් නිලධාරියකි. එක්දහස් නවසිය හැට හයේ දෙසැම්බර් නවවැනිදා උපන් ඔහු ඉගෙන ගත්තේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලෙනි. නිලධාරී බඳවා ගැනීමේ පාඨමාලා අංක විසිහය යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ප්‍රියංක ප්‍රනාන්දු යුද හමුදාවට එක් වන්නේ එක්දහස් නවසිය අසූහයේ ඔක්තෝබර් විසිහත් වෙනිදාය. එවිට ඔහුගේ වයස අවුරුදු විස්සකි. ඔහු දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරිය ලැබුවේ එක්දහස් නවසිය අසූ හතේ ජූලි විසිතුන් වැනිදාය. මේ වන විට ඔහුගේ සේවා කාලය වසර තිස්දෙකකි.
ඔහු ගැන මින් පෙර කතාබහට ලක්වූයේ සිව්වැනි ඊළාම් සමයේදීය. එකල ඔහු නිලයෙන් ලුතිනන් කර්නල්වරයෙකි. එකළොස් වැනි ගැමුණු හේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියාය. සිව්වැනි ඊළාම් යටතේ දුෂ්කරම සටන් පෙරමුණෙන් වූයේ 59 වැනි සේනාංකය මුලතිව් බලා ගිය ගමනය. ප්‍රභාකරන් කලක් සැඟව හුන් වන් ෆෝ බේස් කඳවුරු සංකීර්ණය විනාශ කෙරුණේ එම සේනාංකය විසිනි. 59 වැනි සේනාංකයේ පළමු බල සේනාව වූ 591 බලසේනාවට එකල අණ දුන්නේ කර්නල් (දැන් බ්‍රිගේඩියර්) අරුණ ආරියසිංහය. මුලතිව් බලා ගමන් කළ එම බලසේනාව යටතේ ලුතිනන් කර්නල් ප්‍රියංක ප්‍රනාන්දු අණ දුන් 11 වැනි ගැමුණු හේවා බලඇණියද තිබුණි.
දෙදහස් අටේ ජනවාරි අට වැනිදා 59 වැනි සේනාංකය මුලතිව් අල්ලා ගැනීමට වැලිඔයෙන් ගමන් ඇරඹීය. ඒ අවස්ථාවේදී කොටි පාලන ප්‍රදේශයට මුලින්ම පහර දුන්නේ ජනකපුරයෙන් ගමන් ඇරඹූ යුද පෙරමුණය. උතුරේ අන්තිම සිංහල ගම්මානය වූ ජනකපුරයෙන් ගමන් ඇරඹූ එම යුද පෙරමුණේ ක්ෂේත්‍ර අණදෙන නිලධාරියා වූයේ ලුතිනන් කර්නල් ප්‍රියංක ප්‍රනාන්දුය. එකල ඔහු අණදුන් 11 වැනි ගැමුණු හේවා බලඇණිය මුලතිව් කැලෑව පීරා එල්.ටී.ටී.ඊ.යේ භූගත කඳවුරු රැසක් අල්ලාගනු ලැබිය. ඉන්දීය සාම සාධක හමුදාවට පවා අල්ලා ගැනීමට නොහැකි වූ මුලතිව් කොටි කඳවුරු සංකීර්ණයේ කඳවුරු ද ඒ අතර තිබුණි.
කෙසේ නමුදු මුලතිව් යුද පෙරමුණේ ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් ලුතිනන් කර්නල් ප්‍රියංක ප්‍රනාන්දුට ක්ෂේත්‍ර උසස්වීමක් ලැබුණි. ඒ අණදෙන නිලධාරී ධුරයේ සිට බලසේනාධිපතිවරයකු හැටියටය. ඒ අනුව ඔහු කර්නල් අතුල ගලගමගේ අණ දුන් 5 වැනි කාර්ය සාධක බළකාය යටතේ 651 වැනි බල සේනාධිපති ලෙස පත්වීම් ලැබිය. පසුකලක ඔහු යළිඳු වරක් මුලතිව් 591 බලසේනාධිපති ලෙස පත්වීම් ලැබිය. එකල ඔහු මුලතිව් ජනතාව අතර ජනප්‍රිය චරිතයකි. මුලතිව් වැසියන්ට හොඳින් සංග්‍රහ කළ හමුදා නිලධාරියෙකි.
කෙසේ නමුදු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ලන්ඩන් නුවරදී එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට දැක්වූ ප්‍රතිචාරය ගැන විවිධ පාර්ශ්වවලට විවිධ ආර්ථකථන තිබිය හැකිය. සමහරුන්ට ඔහු වීරයකු වන විට තවත් පිරිසකට ද්‍රෝහියාය. ඒ පිළිබඳ අවසන් නිගමනයක් දීමට මේ තීරුව නොතැනය. එහෙත් ආණ්ඩුවෙන් අසන්නට ප්‍රශ්නයක් ඇත්තේය. 
ඒ මේ සිද්ධියේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ හැසිරීමය. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව විදේශ කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණ ඇරඹුවේ සමාජ ජාලාවල විකාශනය වූ වීඩියෝවේ ඇත්ත නැත්ත නොසොයාය. හැරත් විදේශ කටයුතු ඇමැතිවරයා එ.ජා.ප. ආණ්ඩු සමයක රජයේ ප්‍රධාන නීති උපදේශකයා වන නීතිපති ධුරය දැරූ ජනපති නීතිඥවරයෙකි. අගමැතිවරයාගේ සමීප කවයේ ඇමැතිවරයෙකි. ඔහුගේ අමාත්‍යාංශය සමාජ ජාලා බලා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දඬු කඳේ ගසන්නට තිබූ හදිසිය ‍පොලිස් මූලස්ථානයේදී ‍පොලිස්පති පූජිත ජයසුන්දර විසින් සෝපාන සේවකයාට පහරදීමට තැත් කළ බව කියන සමාජ ජාලා වීඩියෝව සම්බන්ධයෙන් නීතිය හා සාමය භාර ඇමැතිවරයාට නොතිබුණේ ආණ්ඩුව තමන්ට කැමැති විදිහට නීතිය නවන නිසා දැයි ප්‍රශ්නාර්ථයකි.
 
 මිහිරි ෆොන්සේකා

රටම දන්න බෙල්ලන්විල නාහිමියන් ගැන අලුත්ම කතාවක්

මම ගිහි කාලයේ හරිම දඟයි. ඉස්කෝ‍ලේ යන කාලයේ පාඩම් වැඩවලට දක්ෂ වගේම දඟ වැඩවලිනුත් මම කැපී පෙනුණා. සෙල්ලම වැඩි නිසා මම ගුරුවරුන්ගෙන් අවවාද ලැබූ අවස්ථා අනන්තයි. අපි පන්තියේ  ඉන්න කොට එකපාරටම පන්තියෙන් පැනලා ගිහින් සෙල්ලම් කරනවා  මගේ මේ දඟ වැඩ නිසා මහණ වුණාම මම සිවුරේ ඉන්න එකක් නැහැ කියලා තමයි ගොඩක් අය කිව්වේ. මගේ අම්මා, නැදෑයෝ පවා කිව්වේ ටික දවසක ඉඳලා සිවුර දාලා ගෙදර එයි කියලයි. ඒ තරමටම මම සෙල්ලමට බරයි.
අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් මීට මාස කිහිපයකට පෙර අප සමග එසේ කීවේ සිය අතීතය පිළිබඳව මතකය අවදි කරවමිනි. 
බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ගිහි නම  ගිල්බට් පෙරේරාය. ඉපදුණේ 1942 අප්‍රේල් 14 වෙනිදායි. උන්වහන්සේ වැඩ සිටියානම් මේ අප්‍රේල් මාසයට අවුරුදු 78කි. 
විමලරතන හිමියන්ට සහෝදරියෝ නැත. ඇත්තේ සහෝදරයන් පමණි. ගිල්බට් පෙරේරා හෙවත් අනුනාහිමියන් පවු‍ලේ සිවු වැනියාය.
මුන්වහන්සේගේ පියා ‍පෝල් පෙරේරා 1953දී මිය යෑමත් සමගම පවු‍ලේ බර කරට වැටුණේ මෑණියන්ටය. ඇය බුත්සිලිනාද සිල්වාය. පියා නැති දරුවන් හදා වඩාගන්නට පවු‍ලේ ඥාතීන් ඇයට ශක්තිය දුන්නේය. 
පවු‍ලේ දරුවන්ගෙන් වඩාත්ම දඟකාරයා වූයේ ගිල්බට්ය. අනෙක් දරුවන්ට වඩා මේ දඟයා ගැන මව අවධානයෙන් සිටියාය. දිනක් මේ දඟයා අනතුරකටද පත්විය. එවිට ඔහුගේ වයස අවුරුදු 10කි.
ඒ අනතුර ගැන අනුනාහිමියන්ගේ වදන්වලින්ම මෙසේය.
එතකොට මට අවුරුදු 10ක් විතර වගේ. මම අහල පහළ යාළුවෝ එක්ක වත්තේ කොස්ගහක් යටට වෙලා සෙල්ලම් කරමින් හිටියා. ඔහොම සෙල්ලම් කරමින් ඉන්න කොට මගේ ඔළුවට කොස් ගෙඩියක් කඩාගෙන වැටුණා. මට එතනම සිහිය නැතිවුණා. පස්සේ මගේ යහළුවෝ මහ හයියෙන් කෑගහලා තියෙනවා. ඒ සද්දෙට අම්මයි මගේ මාමයි දුවගෙන ඇවිත් ඇරැව්වල යහම්පත් රාළහාමි කියන වෙද මහත්තයා ළඟට මාව උස්සගෙන ගිහින් තිබුණා. ඒ වෙද මහත්තයත් අපේ නෑදෑයෙක්. එදා මට මතක කොස් ගෙඩිය වැටෙනවා විතරයි. කොහොම හරි එදා කොස් ගෙඩිය වැටිලා මගේ ඔළුවේ ඇතිවුණ කැලල තවමත් තිබෙනවා
බෙල්ලන්විල විමලරතන නාහිමියන් පාසල් දෙකක අධ්‍යාපනය ලබා ඇත. ඒ පස්වැනි පන්තිය දක්වා නිකපේ ශ්‍රී විජයරාජ විද්‍යාලයෙන් අටවැනි පන්තිය දක්වා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන්ය.
පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ ගිල්බට් සිසුවාගේ ප්‍රියතම ක්‍රීඩාව වූයේ ක්‍රිකට්ය. හෙතෙම පාස‍ලේ ක්‍රිකට් කණ්ඩායමේද සාමාජිකත්වය දැරීය. පාස‍ලේ මලල ක්‍රීඩා තරගවලදීද ඔහු කැපීපෙනෙන තරගකරුවකු විය.
ඒ කාලයේ ඉස්කෝ‍ලේ මලල ක්‍රීඩා තරගවල තිබුණා තුන් කකුලෙන් දිවීමේ තරගයක්. තරගකරුවන් දෙදෙනකුගේ කකුල් දෙකක් එකට ගැට ගහනවා. එතකොට දෙන්නාට දුවන්න වෙන්නේ කකුල් තුනෙන් මේ තරගෙට මම හැම අවුරුද්දෙම ඉදිරිපත් වුණා. අවුරුදු තුනක් පිට පිට මම මේ තරගෙත් පළමු වැනියා වුණා. තුන් කකුලෙන් දිව්ව මගේ අනෙක් තරගකරුවා පාලිත කන්නන්ගර. ඔහු අද සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂ 
සිය පාසල් අවධිය පිළිබඳව වරක් බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ එලෙසයි අප සමග මතකය අවදි කළේ මහත් සතුටකිනි.
බෙල්ලන්විල අනුනාහිමියන් කීර්තිධර සාහිත්‍යධරයෙකි. සාහිත්‍ය විෂය කෙරෙහි උන්වහන්සේගේ සිත ඇදුණේ නිකපේ විදුහ‍ලේ ඉගෙනුම ලබන අවධියේය. නිකපේ විදුහ‍ලේ සිටි විල්බට් පෙරේරා ගුරුතුමා සාහිත්‍ය විෂය උගන්වන විට ගිල්බට් විශේෂ අවධානයකින් අසා සිටියේය. ගුරුතුමා ඉතා මිහිරි ලෙස කියන කවි ආදියට ගිල්බට්ගේ සිත ගියේය. ඒ නිසාවෙන්ම ගිල්බට්ගේ සිත සාහිත්‍යයට ඇදී ගියේ නිතැතින්මය.
නිවසේ මෙන්ම පාස‍ලේද දඟයා වූ ගිල්බට්ට  පැවිදිවීමේ ආසාවක් නොවීය. බෙල්ලන්විල රජමහා විහාරාධිපතිව වැඩ සිටි බෙල්ලන්විල සෝමරතන නාහිමියෝ, නෑදෑකමින් විමලරතන හිමියන්ගේ මහප්පාය. පියාගේ වැඩිමහල් සහෝදරයාය
මේ ඥාතී සබඳකම නිසා ‍පෝල් පෙරේරාගේ දරුවෝ නිතරම පන්සලට ගියෝය. ඒ අතරේ ‍පෝල් පෙරේරා 1953දී මියගිය පසු පවු‍ලේ වැඩිමල් දරුවා කාගේත් කැමැත්තෙන් පැවිදි කරවීය. ඒ පැවිදි වූ හිමියන් වර්තමාන බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ය. උන්වහන්සේ වැඩිපුර වැඩවසන්නේ සිංගප්පූරුවේය. සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පදවිය හොබවන්නේද උන්වහන්සේය.
දවසක් අපේ අම්මා පන්සලට ගිය වෙලාවක බෙල්ලන්විල සෝමරතන නාහිමියන් අම්මගෙන් අහලා තියෙනවා මාවත් පන්සලට දෙන්න පුළුවන්ද කියලා. එදා අම්මා පුතාගෙන් අහලා කියන්නම් කියලා ඇවිත් තිබුණා'
සෝමරතන නායක හාමුදුරුවන්ට මහ පෞරුෂයක් තිබුණා. උන්වහන්සේ දුටුවාම ඕනෑම කෙනෙකුට ගෞරවයක් ඇතිවෙනවා. දවසක් මම පන්සලට ගිය වෙලාවක නායක හාමුදුරුවෝ මගෙන් ඇහැව්වා කොල්ලො පන්ස‍ලේ නවතින්න කැමතිද කියලා. මම කිසිම උත්තරයක් දෙන්නේ නැතිව බිම බලාගෙනම හිටියා
තමන් වහන්සේ පැවිදි බිමට පත්වීමට හේතුවූ කාරණය විමලරතන නාහිමියෝ දිනක් අප හා එසේ විස්තර කළහ.
සවස්වරුවේ පාඩම් වැඩ කිරීමට පන්සලට ගිය ගිල්බට්ට අවසානයේ නායක හාමුදුරුවන්ගේ නියමයෙන් පන්ස‍ලේ නවතින්න සිදුවිය. සති දෙකක් තුනක් පන්ස‍ලේ සිටි ගිල්බට් වයස අවුරුදු 13දී එනම්, 1956 පෙබරවාරි 28දා සෝමරතන නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි බිමට ඇතුළු විය.
සිය මහප්පා ළඟ පැවිදි වූ පවු‍ලේ දඟයා යළි කොයි මොහොතේ හෝ සිවුර හැර දමා ගෙදර එතැයි පවු‍ලේ අයද අපේක්ෂාවෙන් සිටියත් එවැන්නක් සිදුවූයේ නැත. සිය ගුරු හිමි යටතේ ඉගෙනුම ලබමින් මහා ශික්ෂණයක් උන්වහන්සේ ලැබිය.
විමලරතන හිමියන්ට පැවිද්දේදී මුලින්ම දමා ඇත්තේ බෝකුන්දර බුද්ධරතන හිමි යන නමය. එහෙත් පැවිදිවූ වැඩිමල් සොයුරා ධම්මරතන නමින් හැඳින්වෙන විට බාල සොයුරා බුද්ධරතන නමින් හැඳින්වීමට නුසුදුසු නිසා උපසම්පදාවේදී බුද්ධරතන යන්න විමලරතන හිමි යනුවෙන් වෙනස් කර ඇත.
පැවිදි බිමේ ලබාදෙන නම උපසම්පදාවේදී අවශ්‍ය නම් වෙනස් කර ගැනීමට හැකියාව ඇත. එසේ වෙනස් කළ නම ඉන්පසු උපසම්පදා ‍ලේඛනය සමග බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කෙරේ.
බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ ශාස්ත්‍රීය කටයුතුවලට වැඩි නැඹුරුවක් දැක්වූහ. ඒ නිසාවෙන්ම බොහෝ දිනවල උන්වහන්සේ රාත්‍රී 12 පසුවෙනතුරු ‍පොත්පත් ලිවීම ආදියෙහි යෙදුණි. ‍පොතපතේ කටයුතු නිසාම තරුණ අවදියේදී උන්වහන්සේ අපූරු සිද්ධියකටද මුහුණදුනි.
මම ඉගෙනීමට දක්ෂ නිසා දායක දායිකාවෝ ඒ කා‍ලේ මට ගොඩක් ‍පොත්පත් ගෙනත් දුන්නා. ඉතින් මේ ‍පොත් තියාගන්න තැනක් නැති නිසා මමයි පන්ස‍ලේ හිටපු තවත් පස් නමකුයි ආවාසයේ උඩුමහලට වෙලා ‍පොත් රාක්කයක් හදන්න පටන් ගත්තා. නායක හාමුදුරුවෝ වැඩ සිටියේ පහළ මාලයේ. දැන් රාක්කේ හදන සද්දේ ඇහිලා නායක හාමුදුරුවෝ උඩුමහලට වැඩියා. නායක හාමුදුරුවෝ උඩට වඩින බව දැනගත්ත මගේ මිත්‍ර හාමුදුරුවරු ටික එහෙට මෙහෙට පැනලා ගියා. මමත් බයවෙලා හිටියේ. 'මොකද මේ  කරන්නේ' කියලා නායක හාමුදුරුවෝ ඇහැව්වාම මම ඇත්තම කිව්වා. මේවා භික්ෂුන්ට ඔබින වැඩ නොවෙයි කියලා සැරවැර කරලා පන්ස‍ලේ හිටපු කෙනකුට කියලා අපි හද හදා හිටපු රාක්කේ එළියට විසි කළා. ඔහොම සතියක් විතර ගියා. පස්සේ නායක හාමුදුරුවෝ වඩු බාස් කෙනෙක් ගෙන්වලා තේක්ක ලීයෙන් ‍පොත් රාක්ක දෙකක්ම හදලා දුන්නා. අදත් මගේ ‍පොත් තැන්පත් කරන්නේ මේ ‍පොත් රාක්ක දෙකේ තමයි  යැයි විමලරතන අනුනාහිමියෝ තමන් වහන්සේ මුහුණපෑ ඒ අපූරු සිද්ධිය අප හා විස්තර කළේ මෙසේය.
විමලරතන අනුනාහිමියන් සතා සිව්පාවුන්ටද දැක්වූයේ මහත් කරුණාවකි. පන්ස‍ලේ සිටින අලි ඇතුන් පවා උන්වහන්සේට ආදරය කළහ. සෑම දිනකම අලි ඇතුන් ආවාසයට පැමිණෙන්නේ නාහිමියන් අතින් පලතුරු කන්නටය.
බෙල්ලන්විල රජමහා විහාරයේ සිටි චන්දු ඇතා කලක් පන්ස‍ලේ හුරතලා විය. 
මේ චන්දු ඇතා ගැන විමලරතන අනුනාහිමියන් මඳක් සංවේගයකින් යුතුව වරක් අප සමග කතා කළේය. 
චන්දුට මහ පුදුම ගති තිබුණේ. හැමදාම උදේට ඇවිත් අපේ නායක හාමුදුරුවන් අතින් පලතුරු කනවා. දළදා පෙරහර ඇතුළු රටේ විවිධ පෙරහරවල්වලට මේ ඇතා ගියා. මේ ඇතාට තිබුණේ පුදුම කීකරුකමක්. අපි දැක්ක තැන ගරු කළා. හරිම හික්මීමක් තිබුණේ. චන්දු මියගිය දවසේ මට මහ කනස්සල්ලක් දුකක් ඇති වුණා. 
අවුරුදු 40ක් පමණ මෙරට ජාතික, ආගමික, සමාජයීය සටන්වලදී පෙරමුණ ගත් භික්ෂු ත්‍රිත්වයක් වූහ. ඒ තුන්නම හැඳින්වූයේ ත්‍රිමූර්තිය යනුවෙනි. ඒ ත්‍රිමූර්තිය වූයේ ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමි, මාදුළුවාවේ සෝභිත හිමි හා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ය. සිංහල වීර විද්‍යාත බෞද්ධ මණ්ඩලය, ජාතික සංඝ සභාව වැනි සංවිධාන බිහි කිරීමට පෙරමුණ ගත්තේ මේ ත්‍රිමූර්තියය. ජාතික සංඝ සභාව හරහා පක්ෂ දේශපාලනය කර ඡන්දයට ඉදිරිපත් වීමට භික්ෂූන් පිරිසක් සූදානම් වූ විට ඊට එරෙහිව මුලින්ම එරෙහි වූයේ බෙල්ලන්විල විමලරතන නාහිමිය. පක්ෂ දේශපාලනය භික්ෂුන්ට අකැප බව උන්වහන්සේ දැඩි මතයක සිටියහ.
තනතුරු බදු ගන්නා යුගයක තමන්ට ලැබුණු තනතුර පවා අත්හැරි මෑත යුගයේ අපට අසන්නට ලැබුණු උදාර භික්ෂු චරිතයද බෙල්ලන්විල අනුනාහිමියන් පමණි. ඒ තම අනුනායක පදවියද අත්හැරීමෙනි.
 
ධර්ම ශ්‍රී තිලකවර්ධන

තත්පර තිහෙන් ජාතික වීරයෙක්

ප්‍රශ්නයක් ගැන අපේ රටේ මිනිසුන් හිතන හැටි තේරුම් ගැනීම පහසු නැත. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳ කතාබහේදී වැදගත්ම දේ වූයේ රට හිතන හැටි ටිකින් ටික ප්‍රදර්ශනය වූ හැටිය. සතිය පටන් ගනිද්දී බාධක, ගල්පර මැද හෙමින් හෙමින් ගැලූ සිහින් දිය පහර සතිය අවසන් වන විට වනදුර්ග, ගිරිදුර්ග පීරා යන මහා ජල ධාරාවක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදයට ජය ලබාදෙමිනි. රැඩිකල් මත භංග වේවා
 
4 වැනිදා
ගොන් යකෙක් මුළු රටටම නිග්‍රහ කරා. රණවිරුවො, රණවිරුවො කිව්වට මුන් යුද්දෙ කාලෙ වැඩ කරපු හැටි අපිට දැන් හිතාගත්තෑකිනෙ. ඉතින් ජාත්‍යන්තරෙන් යුද අපරාධ කරා කියල චෝදනා කිරීම සාධාරණයි නේද? මේකගෙ මුග්ධකමට කරේ දෙමළ ඩයස්‍පෝරුවේ වුවමනාවල් ඉෂ්ට කරල දීමනෙ. විලිලැජ්ජාවෙ බෑ. මේ ගොන් ආණ්ඩුව අඩු ගාණෙ ඕකගෙ පටි ගලවල ලංකාවට ගෙනෙල්ල යුද්ධාධිකරණයට ඉදිරිපත් කරන්නවත් ඕනනෙ. නොදකින්, මූ මොන ඉස්කෝලෙද දන්නෑ ඉගෙන ගත්තෙ?
 
5 වැනිදා
යුද්ධ කරනව ඇර වෙනත් දෙයක් කරේ නැති ආමිකාරයොන්ගෙ මානසිකේ අපිට තේරෙන්නෙ නෑ තමයි. ඒත් මේකට තිබුණනෙ අර සිංහ කොඩිය පෙන්නල විතරක් නිකම් ඉන්න. එහෙනම් ෆුල් ලකුණුනෙ. කොහෙද මේකගෙ යුද මානසිකේ මතුවුණායින් වැඩේ කෙළවුණානෙ.
ඒත් ඔච්චර තදියමට මිනිහට දඬුවම් කරේ ඩයස්‍පෝරාවයි, ජාත්‍යන්තරයයි පිනවන්න බව නම් ෂුවර්. බ්‍රිගේඩියර් කරපු වැඩේ හරි නෑ තමයි, ඒත් දේශද්‍රෝහී ආණ්ඩුව ගන්නෙ යුද්දෙ දිනවල දීපු උන්ගෙ පැත්ත ‍නෙවෙයි, තාමත් ඊළම වෙනුවෙන් සටන් කරන එවුන්ගෙ පැත්තනෙ. කොහොමද ඒක?
 
6 වැනිදා
මෑන් ෂුවර් එකටම රගර් ගහල ඇති. නවසීලන්තෙ බ්ලැක් කැට් කියන්නෙ ලෝකෙ හොඳම රගර් ටීම් එකක්නෙ. මැච්චෙකක් පටන් ගන්න කලින් උන්ගෙ මුළු ටීම් එකම එකතු වෙලා අනිත් ටීම් එකේ එවුන්ට ඔය විදියටම බෙල්ල කපනව කියල සංඥා කරනව. ඒක මුළු රගර් ලෝකයම ඉතා ආස්වාදයෙන් පිළිගන්න සංඥාවක්නෙ. මේ හාදය කරාම විතරක් ඒක ම්‍ලේච්ඡ වැඩක් වෙන්නෙ කොහොමද? ඒක අපේ ජාතික දීනකම මිසක් වෙන මොකක්ද? මං මේ කියන්නෙ බ්‍රිගේඩියර් කරපු වැඩේ හරි කියල ‍නෙවෙයි. මං කියන්නෙ අපේ දීනකම.
 
7 වැනිදා
මෑන්ට දඬුවම් කරන්න ගත්ත තීරණේ වෙනස් කිරිල්ල නම් ලොකු දෙයක්. ලංකාවෙ නිදහස් උත්සවේ ප්‍රධාන අමුත්තා හැටියට එංගලන්තෙ රැජිනගේ පුතා ඇවිල්ල ඉඳැද්දිනෙ මුන් ප්‍රභාකරන් අපේ වීරයා, ඊළම අපේ රට ආදී දේවල් කිය කියා උද්ඝෝෂණේ කරේ. බ්‍රිතාන්‍ය ආණ්ඩුව හරි නම් මේ මෑන්ට ස්තුතිවන්ත වෙන්න ඕන කරපු වැඩේට. කොටින්ට විරුද්ධව සටන් කරපු එකෙක්ගෙන් බලා‍පොරොත්තු වෙන්න පුළුවන්ද කොටින්ට පක්ෂ එවුන්ව හුරතල් කරන්න. නිකමට හිතල බලන්න, යුද්දෙට නායකත්වය දීපු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඔතන හිටිය නම් මොකද වෙන්නෙ කියල. එහෙනම් බෙල්ල කපනව කියල පෙන්නල විතරක් ඉඳියිද? නෑ මං කියන්නෙ...
 
8 වැනිදා
ජනාධිපතිත් රණවිරුවො ආරක්ෂා කරනව කිව්වට බ්‍රිගේඩියර්ගෙ දඬුවම අයින් කිරිල්ල විතරනෙ කරේ. හරි නම් රාජිත සේනාරත්න වගේ කෙනෙකුට බාරදෙන්න තිබුණනෙ ප්‍රියංකගෙ වැඩේ ගොඩ දාන්න. රාජිතට ඕක දුන්න නම් මිනිහ කියයි එයා පෞද්ගලිකවම දන්නවා ප්‍රියංක ප්‍රනාන්දුට තයිරොයිඩ් ග්‍රන්ථියේ ආසාදනයක් නිසා වරින් වර බෙල්ලෙ වේදනාවක් මතුවෙන බව. ඒක නිසා එයා සැරින් සැරේට බෙල්ල අතගානවා. එයාව පෞද්ගලිකව දන්න කවුරුත් දන්නව එයාගෙ ඔය බෙල්ල අතගෑමේ පුරුද්ද. ඇත්තටම ඊළාම් යුද්ධයේදී දෙමළ ගමක්ම ප්‍රභාකරන්ගෙන් බේරගන්න කරපු මානුෂික මෙහෙයුමකදී තමයි මුලින්ම ඔය රෝග ලක්ෂණය මතුවුණේ. උතුරේ දෙමළ මිනිස්සු හොඳටම දන්නව ඔය ලෙඩේ ගැන.
ඕව නොදන්න මිනිස්සු කියන මෝඩ කතාවලට අපි රැවටෙන්න ඕන නෑ. ඔය වගේ කොච්චර ආඩම්බර කතාවක් කියයිද රාජිතට වැඩේ බාරදුන්න නම්. එහෙම ගත්තම කොල්ලට ආණ්ඩුව සලකන්නෙ එපා වාහෙට හොදි බෙදනව වගේ තමයි.
 
9 වැනිදා 
ඔය රැඩිකල් ‍පොරවල් කියන විදියට මුන් යුද්ධ කරා නම් තාමත් කොළඹ බෝම්බ පුපුරනවනෙ. අපේ එවුන් කියන්නෙ කොටියට කොටිය වගේ ඉන්න පුළුවන්, හැබැයි අපි මහත්වරු වගේ ඉන්න ඕන කියලනෙ. ඕව කියන එවුන් හැමෝම එන්.ජී.ඕ.වලින් යැපෙන එවුන්. ඇත්තටම මේකා කරපු දේ ‍නෙවෙයි නම් අපි වඳයිනේ. කොල්ලා කොහොම හරි උන්ට පෙන්නුව ආයෙ ආවොත් ආයෙත් බඩු තමයි කියල. ඒ වගේ දෙයක් කටින් කියනවට වැඩියෙ ලස්සන හස්ත මුද්‍රාවෙන් කිව්වමනෙ. අපේ කොල්ල ඒව නියමෙට ඉගෙන ගෙන තියෙනව. ඩී. එස්. එකට ගියපු කොල්ලෙක්නෙ. ඩී. එස්. තමයි ඉස්කෝලෙ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 512

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 232

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3182

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1791

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3773

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4862

Please publish modules in offcanvas position.