Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජේ. රාජපක්ෂ විසින් පසුගිය 11 වනදා ඉරිදා ලක්බිම සංග්‍රහයට සපයා තිබූ ලිපියකින් වෙනත් කිසිම මාධ්‍යයකින් මතෛක් නොකළ ආකාරයේ අයථා ක්‍රියා රාශියක් සිදුකළ වැඩ සටහනක් ලෙස මා ද සහභාගි වූ 2017 අප්‍රේල් 27 දින රාත්‍රී විකාශනය වූ යථාරූප වැඩසටහන දක්වා තිබුණි.
එම වැඩසටහන විකාශනය වීමට සති 2කට පමණ පෙර පූර්ව රූප පටයක් සඳහා මමත් එම මන්ත්‍රකරුත් නිවේදක මහතත් සහභාගි වූයෙමු. එහිදී මන්ත්‍රකරු සිදුකර පෙන්වීමට යෙදුනු කාර්යන් දෙකත් මා ගොළු කිරීමත් අභියෝග වශයෙන් භාර ගත්තේ ඔහුය. මන්ත්‍රකරුට ඒ සඳහා අවශ්‍ය සියලු දේ සහ ඔහුගේ කොන්දේසිත් මගේ අවශ්‍යතා සහ මගේ කොන්දේසිත් වැඩසටහනේ නිෂ්පාදක සුමින්ද තිලකසේන විමසා සිටියේ තිදෙනා ඉදිරියේය. එහිදී ඇති වූ එකඟතාවට පටහැනි යමක් එදා වැඩසටහන සජීවීව විකාශනය වීමේදී සිදුවූවා නම් එයට විරුද්ධ වීම හෝ විරුද්ධව අදහස් දැක්වීමට පූර්ණ ඉඩකඩ හිමිව තිබුණේ එම මන්ත්‍රකරුටත් මටත් විනා වෛද්‍ය රාජපක්ෂට නොවේ. එනිසා ඒ ගැන නිවේදකයාට හෝ නිෂ්පාදකයාට දොස් පැවැරීමට වෙනත් අයකුට සාධාරණ අයිතියක් ඇත්ද..?
හෙලි දෙකක් ළං කිරීම මීට ඉහත යථාරූප  වැඩසටහනකදී මෙන්ම දැනට වසරකට පමණ පෙර වෙනත් රූපවාහිනී වැඩසටහනකදී තරුණ මන්ත්‍රකරුවකුගේ අභියෝගයකට පිළිතුරු වශයෙන්ද මම සිදු කර ඇත්තෙමි.
කෙසෙල් පතුරු ළංකිරීම් රූපවාහිනී වැඩසටහනකදී සිදු කර නැතත් මන්ත්‍රකරුවන්ගේ විජ්ජාවල යථාර්ථය පෙන්වීමට විවිධ කණ්ඩායම් ඉදිරියේ මම එය සිදුකර ඇත්තෙමි.
ජලය වාශ්ප වීම නිසා කෙසෙල් නාරටි ළංවීම සිදුවන්නේ යැයි විද්වත් මණ්ඩලය පැවැසූ බවත් එය ටිකක් සත්‍ය බවත් වෛද්‍ය රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම මා සහ මගේ මිතුරා බලයක් යොදා එය ළං වීම නතර කළ නිසා කෙසෙල් පතුරු ළං නොවූ බව පසුව පැවැසූ නිසා මුලින් ඉදිරිපත් කළ තර්කය බිඳ වැටෙන බවද වැඩි දුරටත් වෛද්‍ය රාජපක්ෂ පවසා සිටී. එහෙත් වැඩසටහන හොඳින් නැරඹුවහොත් මා එම කෙහෙල් නාරටි ළං වීමටත් ඒ සඳහා ගතවන කාලයේ වෙනස් වීම්වලටත් බලපාන අනික් සාධක දෙකද පැහැදිලි කළෙමි.
ඉන් පළමුවැනි සාධකය එම කෙසෙල් පතුරු දෙක අල්ලාගෙන සිටින ඉරියව්වයි. අත්දෙක ඉණ දෙපැත්තෙන් පසු පසට කරගෙන සිටීමේදී එයට අදාළ පේශීවල සංකෝචනයක් සිදුවී ඒවා ටික වේලාවකින් විඩාවට පත්වීම ඇරඹේ. එවිට පේශීවල සිදුවන ඉහිල් වීමත් සමග මදින් මද අත්දෙක ඉදිරියට තල්ලු වේ. එය නිරීක්ෂණය කළ නොහැකි තරමට යාන්තමින් සිදුවන විටදීම ජලය වාශ්ප වීම තුළ ළංවෙමින්  පවතින කෙහෙල් නාරටි දෙක තව තවත් ළංවීම හොඳින් සිදුවේ. ඒ අත්දෙක ඉදිරියට තල්ලුවීමේදී අල්ලාගෙන සිටින කෙහෙල් නාරටි දෙකට ලැබෙන බලය නිසාය. තවද මන්ත්‍රකරුට අභියෝගයක් ලෙස මාත් මගේ මිතුරාත් කෙහෙල් පතුරු දෙක අල්ලාගෙන සිට කාලය තුළ සුළු වශයෙන් හෝ ඒවා ළං නොවීය. ඒ අප දෙදෙනා කල්පනාකාරීව ඒවා නැවීමට නොදී පිටුපසට ඇදගෙන සිටි නිසාය. එහෙත් බොහෝ වේලාවක් එසේ කෙසෙල් පතුරු ළං නොවී තබා ගැනීමට අපටද නොහැකි වනු ඇත. ඒ අප දෙදෙනාගේ පේශීද යම් කාලයකට පසු විඩාවට පත් වී දෙඅත් ඉදිරියට තල්ලු වීම ඇරඹෙන බැවිනි.
මන්ත්‍රවල බලයත් ඇත්නම් කළ යුතු වන්නේ අප එසේ බලය යොදා ගෙන කෙහෙල් නාරටි මන්ත්‍ර බලයෙන් අපගේ බලය පරදවා ළං කර පෙන්වීමයි.
තෙවන සාධකය මානසික ඒකාග්‍රතාවයයි. මන්ත්‍රවල බලයක් ඇතැයි යන විශ්වාසය ඇත්තෙකුට මෙබඳු ක්‍රියාවන්ට සහභාගි වීමේදී ලැබෙන මානසික බලපෑම තුළ ඒවා ළංවීම වඩාත් ඉක්මනින් සිදුවේ. එහෙත් එබඳු මිත්‍යාවන් කිසිසේත් විශ්වාස නොකරන මට හෝ මගේ මිතුරාට එය අදාළ නොවේ.
මා දෙදෙනකු යොදාගෙන කෙහෙල් පතුරු දෙක මන්ත්‍ර බලයෙන් තොරව ළං කළ අවස්ථාවේ ගත් ඡායාරූපයක් වෛද්‍ය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇත. එහි එක්  තරුණයෙකු එක් කෙහෙල් පතුරක් ඇඟිල්ලක් මගින් තල්ලු කරන බවක් පෙනේ යැයිද ඔහු පවසයි. එසේ ඇඟිල්ලෙන් බලයක් යෙදීම තහවුරු කිරීම වෛද්‍ය රාජපක්ෂ සනාථ කිරීමට උත්සාහ දරන්නේ ඡායාරූපයේ තරුණයා හිස පැත්තකට නවාගෙන සිටීමත් එය බලයක් යෙදීමේදී හිස හැරවීම ඉබේ සිදුවන්නක් බවත් පවසමිනි.
කොහොමත් නැමෙන ලපටි කෙහෙල් නාරටියක් ඇඟිල්ලකින් ඉතා සුළු බලයක් යොදවා නැම්මට ශක්තිමත් තරුණයකුට එසේ හිසනමාගෙන විරිය ගත යුතුද? මෙය පාඨක ඔබටද සිදුකර සත්‍ය වටහා ගත හැක.
අභියෝග කරන අයට මේවා කරන්න බෑ කියමින් මන්ත්‍රකරු ඉවත් වන විට හෙලි දෙක ඉදිරි පසින් නොව පසුපසින් ළං වී ඇති බව නිවේදකයා නිරීක්ෂණය කරනවා නම් නිවැරදි ක්‍රමවේදය වන්නේ එම සියලු අවස්ථාවල දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් මඳ වේගයෙන් චලනය කර නිරීක්ෂණය කිරීමය. එසේ නොකර තැනින් තැන රැගත් ඡායාරූප පළ කිරීම නොවේ.
මන්ත්‍රකරු තරුණියක් යොදා ගෙන හෙලි දෙක ළං කර පෙන්වූ කාල සීමාව හෝ ඊට ආසන්න කාල සීමාවකදී මා එම හෙළි දෙක අල්ලාගත් විටද ළං කර පෙන්වන ලෙස මා අභියෝග කළේ එය එසේ ළං වීමේ සිද්ධාන්තය පවතින්නේද මාංශ පේශීවල ශක්තිය හා ඒවා විඩාවට පත්වීමට ගතවන කාලය මත විනා මන්ත්‍ර බලය යන මිත්‍යාව තුළ නොවේ.
හෙලි දෙක ඉදිරි පසින් ළං වී ඇති බව නිවේදකයා මෝඩකමට පැවැසූ බවත් ඉන් මා ශක්තිය යොදා හෙලි දෙක ඈත් කර ගෙන සිටි බව පැහැදිලි වූ බවත් වෛද්‍ය රාජපක්ෂ පවසයි. මන්ත්‍රයට කිසිම ශක්තියක් නැති අතර මෙතන ඇත්තේ ශරීර ශක්තිය බව අවස්ථාවෝචිතව පැහැදිලි කිරීමට නිවේදක මහතා යොදා ගත් සාර්ථකම දේ එයයි. මක් නිසාද යත් මන්ත්‍රකරු පැවැසූ හෙලි දෙක ඉදිරියෙන් ළං වීටම මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ දේ සිදුවීම තුළ මැතිරීම තුළ කිසිම දෙයක් නොසිදුවීම ප්‍රත්‍යක්ෂවන බැවිනි.
මෙම යථාරූප වැඩසටහන ඔබට අන්තර්ජාලයෙන් නැරඹිය හැක. ඉන් නොනැවතී මෙබඳු දේ ගැන උනන්දුවක් දක්වන අය සමග එකතු වී මේවායේ සත්‍ය අසත්‍යතාව ඔබටම ප්‍රායෝගිකව සිදු කර බැලිය හැක. කීපවතාවක් මෙම ක්‍රියාකාරකම් සිදු කිරිමෙන් ඔබට මේ පිළිබඳ මනා ප්‍රවීණතාවයක් ලබාගෙන ඉතා දක්ෂ ලෙස කිසිම මන්ත්‍ර බලයකින් හෝ කිසිම ගුප්ත බලයකින් තොරව මේවා සිදු කළ හැකි බව ඔබටද වැටහෙනු ඇත.
 
වෛද්‍ය සෙනරත් වේරගම

Page 1 of 4

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 2358

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 2333

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1307

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2754

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4221

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10462

Please publish modules in offcanvas position.