Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

කඨින පින්කම් සැනකෙළි කර ගැනීම කෙසේ වත් නොකළ යුත්තක්

වස් තුන් මාසය සහ චීවර මාසය  තුළ සිදුවිය යුත්තේ භික්‍ෂූන් වහන්සේලා සහ දායක පක්‍ෂය අතර බැඳීම යහපත් ලෙස වර්ධනය කරගැනීමයි. එනම් විහාරස්ථානයේ අඩුපාඩු සම්පූර්ණ කිරීම, වෙනත් කාල වලට වඩා දායකයන් ආගමික කටයුතු විෂයෙහි යොමුවීම ආදියයි.

ප්‍රායෝගික වශයෙන් බලන විටද මෙරට බෞද්ධ ජනතාව තමන්ගේ ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන වෙත  වඩාත්ම සමීප වනුයේ මෙම හාරමාසය තුළදීය.

මෙකළ සෑම පන්සලකම පාහේ සවසට මල් පූජා ආදිය පැවැත්වේ. මෙවැනි කටයුතු පැසසුම් සහගතය. 

නමුත් එක් අවස්ථාවක මීට ටික කලකට පෙර අපට වාර්තා වූයේ වස් එළඹි දිනයේ සිට පවාරණය තෙක් පුරා මාස තුනක් සිවුරක් ගෙ පිළිවලින් වඩම්මා සම්මාදම් කළ අයුරුයි. මෙවැනි කටයුතු  විනයේ මූලික සංකල්ප  පවා ඉක්මවා යාමකි.

 චීවර මාසය තුළ මිස වස් තුන් මාසය තුළ මෙසේ කඨින චීවර වැඩැම්මවීමට කිසිදු විනයානුකූල හිමිකමක් බුදුසසුනේ නැත.

වර්තමානයේ දී කඨින පින්කම හා සැබැඳි නව ප්‍රවණතා රාශියක් දක්නට ලැබෙයි. මෙම ප්‍රවණතා පිළිබඳ ඉතා හොඳින් විමසිය යුතුය. එසේ පැවසීමට හේතු වන්නේ සමහර ප්‍රදර්ශනාත්මක නව ප්‍රවණතා හේතුවෙන් බෞද්ධයා දරිද්‍රතාවයට පත්වන ස්වභාවයයි.

පන්සල් විසින් දායකයන් සූරා කනු ලබන බවට ඇතැම් පාර්ශවයන්ගෙන් චෝදනා එල්ලවනුයේ මෙවැනි තත්ත්වයන් යටතේය.

විශේෂයෙන්ම වෙහෙර විහාර අලංකාරණයේ දී, චීවර වැඩමවීමේ පෙරහර සංවිධානයේ දී මෙම ගැටලු සහගත බව දක්නට ලැබේ. නිදසුනක් ලෙස වත්පොහොසත් කම් අයෙකු කඨින පින්කම බාරගෙන විශාල මුදලක් වියදම් කොට විදුලි බුබුලු දමා විහාරය අලංකාර කොට අලි ඇතුන් සහිතව පෙරහර පවත්වා කඨින චීවර පූජාව සිදුකරයි. නමුත් දුප්පත් අයෙකුට එසේ කළ නොහැක. ඔහුට හැකි අයුරින් සිදුකරන විට බොහෝදෙනෙකු පොසතාගේ සහ දුප්පතාගේ පින්කම සන්සන්දනය කර විවේචනය කරයි.

 නමුත් සැබෑ ලෙස පින්කමක් වීමට විදුලි බුබුලු හෝ අලි ඇතුන් සහිත පෙරහර අවශ්‍ය නොවේ. පිරිසිදු සිතින් විනයානුකූලව සිදු කරනු ලබන පින්කම සාර්ථකය. නව ප්‍රවනතාවලට අප විරුද්ධ නැත. පැහැදිලිව සඳහන් කළයුත්තේ කඨින පිංකම ප්‍රදර්ශනයට සැණකෙළියක් බවට පත් කරගන්නවාට වඩා මූලික ධර්ම විනය සංකල්ප නොනසා ඉදිරියට පවත්වාගෙන යා යුතු බවය.  

සමහර අවස්ථාවල දී ජනතාව ධර්මය ඇදහීමට වඩා සමාජය ඇදහීමේ තත්ත්වයක් නිර්මාණය වී පවතියි. එනම් අසවල් ප්‍රදේශයේ මෙලෙස කළා ලෙස පවසමින් එම ප්‍රවණතාවට ළඟාවීමට උත්සාහ දැරීමයි. තම ප්‍රදේශයට සුදුසු පරිදි ගැළපෙන ලෙස පින්කම සිදුකරනවාට වඩා අනුකරණයට පෙළඹීමෙන් ගැටලු ඇතිකරගනී. මෙම වසර තුළදී හෝ අනුකරණවාදයෙන් බැහැර විනයානු කූල කඨින පින්කමක් සිදු කිරීමට පෙළඹිය යුතුය.

මෙහිදී විහාරාධිපති ස්වාමින් වහන්සේලාට ද විශේෂයෙන් මතක් කළ යුත්තක් තිබේ. එනම් මහා පරිමාණයෙන් දායකකාරකාදීන්ගෙන් මුදල් එකතු කොට එවැනි සැනකෙළි ස්වරූපයේ පින්කම් පැවැත්වීමේ දී ඔබ වහන්සේලා ද නොදැනුවත්ව ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් වන්චනිකයන් අතට පත්වීම සහ නිකරුනේ නාස්ති වීමේ පැහැදිළි ඉඩ කඩක් පවතින බවය.

හෑගොඩ විපස්සි හිමි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තාත්තාගේ සංගීතයෙන් හම්බකරන අය කර්තෘභාගයවත් දෙන්නේ නැහැ

IMAGE 2017 Sep 20 16:53
ප්‍රේමසිරි කේමදාස කියන මහා සංගීතවේදියාගේ නම අමතක කරලා ලංකාවේ සංගීතය ගැන කතා බහ කරන්න බැරි...
Views - 429

චූටි මැණිකේ තරම් මම අහිංසක නෑ

IMAGE 2017 Sep 19 11:43
ශලනි ප්‍රනාන්දු කියන්නේ කලා ලෝකයට පායා එන අලුත් තරුවක්. දවෛනි ඉනිමේ චූටි මැණිකේ එහෙම නැත්නම්...
Views - 2691

හුලවාලි මන්ත්‍ර ගුරුකම් යනු සෙප්පඩ විජ්ජාවකි

IMAGE 2017 Sep 19 10:26
හුලවාලි වශී ගුරුකම්, රොඩී දැහැන, නීචකුල බන්ධන ආදී වශයෙන් සැලකෙන ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධ විශාල...
Views - 1304

ජනාධිපති මැදුරේ අපි එක රැයක්වත් ගත කර නෑ

IMAGE 2017 Sep 18 19:35
ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ බිරිය මෙන්ම දරුවන් සාමාන්‍යයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින්නේ...
Views - 4081

මට කිසිම සම්මාන උළෙලකට ආරාධනා ලැබෙන්නෙ නෑ

IMAGE 2017 Sep 18 19:07
“වසූදා” ටෙලි නාට්‍යය තුළින් රංගනයට පිවිසි ඇය “හංස පිහාටු” “මාද ඔබම විය” වැනි ටෙලි...
Views - 2231

විදුලි වැඩවර්ජනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් බිලි ගනී

IMAGE 2017 Sep 18 12:49
මේ කතාව ලියන විටත් දිවයින පුරා ආරම්භ වී තිබූ විදුලි සේවක වර්ජනය නිමා වී නැත. මේ නිසා රටේ විවිධ...
Views - 1179

Please publish modules in offcanvas position.