lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

සතර සංග්‍රහ වස්තු පිළිපැදීමේ ආනිශංස

සතර සංග්‍රහවස්තු නම් සංකල්පය මනුෂ්‍ය සමාජයේ යහපැවැත්මට ඉතා අවශ්‍ය ධර්ම කරුණකි.
i. දානය
ii. ප්‍රිය වචනය
iii. අර්ථ චර්යාව
iv. සමානාත්මතාව
මෙම සතර සංග්‍රහ වස්තු ‍පොදුජන සමාජයේ පැවැත්මට අතිශයින් යෝග්‍ය වෙයි.  
සතර සංග්‍රහ වස්තු ඇසුරු කිරීම නිසා බුදුරජාණන් වහන්සේට ලැබූ ප්‍රතිඵලද විවිධ සූත්‍රවලදී පෙන්වා දී ඇත. ඒ අතර දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රය විශේෂයි. සතර සංග්‍රහ වස්තු පිළිපැදීම නිසා බුදුරජාණන් වහන්සේ ලැබූ ආනිශංස මෙසේ පෙන්වා දිය හැක.
i . සම්බුදු පදවිය ලැබිම
ii. ජනප්‍රසාදය ඇතිවීම
iii. පිරිස් සම්පත්තිය ඇතිවීම
iv. මන බඳනා ශරීරයක් ලැබිම
v. මොළොක් වූ අත්පා යටි පතුල් සහිත වීම
vi. දැල් කවුළුවකට බඳු අත් පා උරුම වීම
vii. චක්‍රවර්ති සැප ලැබිම
මෙම ආනිශංස බුදුරජාණන් වහන්සේ ලැබුවේ සසරදී සතර සංග්‍රහ වස්තු අනුගමනය කිරීමෙනි. සතර සංග්‍රහ වස්තු පුද්ගල ජීවිතයක දියුණුව සඳහා උපකාරි වන අයුරු විමසා බැලීම සුදුසුය.
1. දානය
දානය පුද්ගලයෙකුට විවිධ ආකාරයෙන් දීමට හැකියාව ඇත. එහිදී සුවිශේෂී වනුයේ තමන් සතු දානය අනුන් සමග බෙදා හදා ගනිමින් ජීවත් විමයි. මෙය දානය සම්බන්ධ එක ක්‍රමවේදයක් පමණයි. දානය දීම ආගමික වශයෙන්ද සාමාජික වශයෙන්ද පෞද්ගලික වශයෙන්ද පරාර්ථකාමී හැඟීම් දියුණු කිරීමටද මෙමගින් අවකාශ උදාවේ. දානය පිළිබඳව අවබෝධයෙන් ක්‍රියා කරන මිනිසුන් නිසා පහත පිරිස් තම ජීවිතය සකස් කර ගැනීමට සමත් වේ.
i . පැවිදි පාර්ශ්වය
ii. වැඩිහිටි නිවාස
iii. අනාථ ළමා නිවාස
iv. කිසිදු හව්හරණක් නොමැති විවිධ කොටස් යනුවෙනි.
දන් දෙන පුද්ගලයා ලබන ආනිශංස පිළිබඳව සුප්පවාස කුමාරිකාවට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.
i . දිව්‍යමය ආයුෂ සම්පත්තිය
ii. මනුෂ්‍යමය ආයුෂ සම්පත්තිය
iii. දිව්‍යමය රූප සම්පත්තිය ලැබිම
‘ගමන් කරන රථයක කඩ ඇණ මෙනි’ කඩ ඇණය යනු කුඩා වස්තුවකි. එසේ වුවද එම කුඩා කරත්තයේ පැවැත්මට වස්තුවෙන් ලැබෙන දායකත්වය ඉතා විශාලය. එසේම සමාජය යහ පැවැත්මට සතර සංග්‍රහ වස්තු නම් ධර්ම කොට්ඨාසයෙන් ලැබෙන පිටු බලය ඉතා විශාලය.
සතර සංග්‍රහ වස්තු ධර්ම පිළිපැදීමෙන් පුද්ගලයෙකුගේ ස්ථර  කිහිපයක් සංවර්ධනය වෙයි.
i. පෞද්ගලික ජීවිත සංවර්ධනය
ii. පවුල් ජීවිතය සංවර්ධනය
iii. ආයතන දියුණුව
iv. සමාජ දියුණුව
v. රටක සංවර්ධනය
 වශයෙනි. බුදුරජාණන් වහන්සේ සතර සංග්‍රහ වස්තු තම දිවියට අදාළ කරගත් අයුරු ත්‍රිපිටකයේ නිදසුන් සහිතව පෙන්වා දී ඇත.
i . සක්විති රාජ්‍ය ප්‍රතිපත්තිය
කළමනාකරණයට පහසුවීම
ii. දස පාරමිතා ධර්මයක් ලෙස උපයෝගී වීම.
iii. මනුෂ්‍යමය රූප සම්පත්තිය ලැබිම
iv. දිව්‍යමය සැප සම්පත් ලැබිම
v. මනුෂ්‍යමය සැප සම්පත් ලැබිම
vi. දිව්‍යමය බල සම්පත් ලැබිම
vii. මනුෂ්‍යමය බල සම්පත්තිය ලැබිම
ලෙස දන් දෙන අයට ලැබෙන ආනිශංස දැක්විය හැක.
2 ප්‍රිය වචනය
දෙහදක් අතරේ නිසසල පිරිසිදු සුහද බව ඇති කරනුයේ ප්‍රිය වචනය බව එහි අර්ථය වේ. ප්‍රිය වචනයට  තිරිසන් සතුන් පවා ප්‍රියතාවක් දක්වන බව නන්දිවිශාල කතා පුවතෙන් පැහැදිලි වෙයි. මිනිසුන් ප්‍රිය වචන කතා  කරයි නම් ඕනෑම කටයුත්තක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. රටක ප්‍රධානියා, පවුලක ප්‍රධානියා ආයතනයක ප්‍රධානියා, සමාජයක ප්‍රධානිය,  ප්‍රිය උපදවන අයුරින් තම පිරිසට කතා කරයි නම් හැසිරේ නම් බොහෝ පිරිසක් ඔවුන්ට දිනාගත හැක.
3. අර්ථ චර්යාව
 අර්ථ චර්යාව මෙහිදී හඳුනාගත යුතුව පවතිනුයේ පුද්ගල ජීවිතය සංවර්ධනය කිරීමේ ස්වරූපයයි. ලෞකික දිවිය සංවර්ධනයට අර්ථ චර්යාව යොදාගත යුත්තේ කෙසේද? ආලෞකික දියුණුව උදෙසා අර්ථ චර්යාව භාවිත කළ යුත්තේ කෙසේද? යන්න විමසීම මෙහිදී වැදගත් වේ. අලෞකික අර්ථ චර්යාව සාධනය වනුයේ පහත අංග සම්පූර්ණ වීමෙනි.
i . සද්ධා
ii. ශීල
iii. ත්‍යාග
iv. ප්‍රඥා
මෙමගින් පුද්ගලයෙකුට ආධ්‍යාත්මික අර්ථ චර්යාව පූරණය කිරීමට අවකාශය නිර්මාණය වේ. එනිසා ලෞකික හා අලෞකික සංවර්ධනයට අර්ථ චර්යාව උපකාරි වන බව පැහැදිලි වෙයි.
4 සමානාත්මතාව
දුක සැප සමව බෙදාගෙන ජීවත්වීම සමානාත්මතාවයි. එසේම සැම දෙනාටම එකසේ සැලකීමද  මෙනමින් හැඳින්වෙයි. රටක ප්‍රධානියා පවුලක ප්‍රධානියා, ප්‍රදේශයක ප්‍රධානියා, පළාතක ප්‍රධානියා තම අනුගාමික පිරිස කෙරෙහි සමානාත්මතාවෙන් කටයුතු කළ යුතුය. යමක් දෙන්නේ නම් එය සියලු දෙනටම ලැබෙන පරිදි  බෙදා දිය යුතුය.

ත්‍රිපිටක විශාරද කරඹෑවේ සීවලී හිමි

සකස් කළේ - රංජිත් කුමාර චන්ද්‍රසේකර

 

 
IMAGE

ජීවිතයේ මුල්වරට කෝච්චියේ අධිවේගයේ ගිය කෙවිලියාමඩුවේ...

IMAGE 2017 Jun 25 11:18
කෙවිලියාමඩුව ගමේ දරුවෝ හරියට “හෝ ගාන ‍පොකුණ” චිත්‍රපටයේ හුන් දරුවන් මෙන් යැයි මට සිතුණේ...
Views - 60

මළවුන්ට පණ දීමට තරම් බලගතු කතරගම තුන්නූරු

IMAGE 2017 Jun 23 10:33
කතරගම වාර්ෂික ඇසල මංගල්‍යය පසුගිය ජූනි 10 වෙනිදා කප්සිටුවීමෙන් ආරම්භ කෙරිණ. මෙම ජූලි 23 වෙනිදා...
Views - 1097

සමහරු මට මඩ ගහන්න වචනයක් වරදිනතුරු බලා ඉන්නවා

IMAGE 2017 Jun 22 09:57
“දෙරණ” නාලිකාවෙන් රටම හඳුනාගත් සහන් අබේසේකර දැන් අප හමුවට එන්නේ “සියත” රූපවාහිනී...
Views - 2629

මීළඟ ස්වභාවික අපදාවකදී ළඟ තිබිය යුතු ආපදා කට්ටල

IMAGE 2017 Jun 21 10:19
හෙට අනිද්දා හා ඉන්අනිද්දා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අධික වර්ෂා තත්වයක් ඇතිවන බව කාලගුණ...
Views - 1823

ක්ෂේත්‍රයේ ඉන්න කුහකයෝ පිරිසක් මගේ ගමනට බාධා කරනවා

IMAGE 2017 Jun 20 20:48
ග්‍රේෂන් ආනන්ද කියන්නේ ලංකාවේ ගීත කලාව තුළ කැපී පෙනෙන භූමිකාවකට පණ පෙවූ සංගීතඥයෙක්....
Views - 2773

උකස්කරන්නවත් තව කිසි දෙයක් ඉතිරිවෙලා නැහැ

IMAGE 2017 Jun 20 20:36
90 දශකයේදී සංගීත ක්ෂේත්‍රයට පිවිස ගීතලෝලීන්ගේ සිහින කුමාරයකු බවට පත් වු ප්‍රින්ස් උදය...
Views - 3804

Please publish modules in offcanvas position.