lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

බුදුරදුන් ගෙවූ කර්ම

බුදු සමිඳාණෝ අවින්තෙය්‍ය (සිතා නිමකළ නොහැකි) ධර්මතා 4ක් දේශනා කළ සේක. ඒවා මෙසේය.
1. සත්ව විෂය
2. ලෝක විෂය
3.  බුද්ධ විෂය
4. කර්ම විෂය යනුයි
මෙකී කරුණු 4 සිතීමෙන් ප්‍රමාණාත්මක සැනසීමකට එළඹිය හැකි වනුයේ, ලෝතුරු බුදු කෙනෙකු හට පමණි. පුහුදුන් හා සතර මඟ සතර ඵල ලාභියෙකුට එකී තත්ත්ව  පිළිබඳව පූර්ණත්වයට පැමිණිය නොහැකිය. එකී තත්ත්ව පිළිබඳව කිසිඳු ආගමක්  තුළින් දැන ගැනීමට අවකාශය නොමැත.  එම කරුණු සම්බන්ධ සාකච්ඡා  කරනුයේ, බුද්ධ දේශනාව තුළ පමණ බව මෙහිදී  අවබෝධ කරගත යුතුය. උක්ත මාතෘකාවට අදාළ කරුණු පෙළ ගැස්වීමේදී අවධානය යොමු කරනුයේ “අචින්තෙය්‍ය” විෂය
සතරින්  කර්ම විෂය පිළිබඳවය. “කර්ම විපාකයට පුද්ගල විභේදනයක් නොමැත.” යන්න එකී විෂය යටතේ  බුදු හිමියන්  හට කර්ම  විපාකයෝ ලබාදුන් අවස්ථා පැහැදිලි  කරදීම මෙම ලිපියේ පරමාර්ථය වේ.” අභිණ්හ පච්චවෙක්ඛණ” සූත්‍රයෙහි  පැහැදිලි කරනුයේ කර්මය පිළිබඳව  යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කළ යුතු බවය. සැපදුක් වේදනා  විඳවමින් සෙවණැල්ලක්  සේ තමා අනුවම  පසුපස ගමන් කරනු එකම දෙය වනුයේ කුසලා අකුසල  කර්මයෝය. තුන්ලොව දිනූ බුදු සමිඳාණන්ට  මිදීමට නොහැකි වූ කර්ම ශක්තීන් 12ක් පිළිබඳව අවධාරණයක් “පුබ්බ කම්ම පිලෝතික අපදානය” තුළ සිදු කර ඇත. එම අපදානයට අනුව බුදුරජාණන් වහන්සේට විපාක දුන් කර්ම දොළොස මෙසේය.
1. සුන්දරී පරිබ්බාජිකාව නිතර විහාර ස්ථානයට  පැමිණීම හේතුවෙන් බුදුරදුන්ට විශාල අපවාදයක් එල්ල විය. ඊට හේතුව පෙර මූනලීධූර්තකව සිටියදී සරභ නම් පසේ බුදුරජුන්ට කළ දෝෂාරෝපණය  නිසාවෙනි.
2. පෙර ලොව පහළ වූ සබ්බාභිභූ නම් බුදුරදුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමභෝගිය කියා දොස් නැගීම හේතුවෙන්  සසර බොහෝ දුකට පත්වීමට බෝසතුන්ට සිදුවිය. මේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකටත් පෙර කළ කර්මයට බුදු බව ලැබූ පසුද ගැබිනි වෙස්ගත් චිංචිමානවිකාව හේතුවෙන් අපවාදයක් විඳීමට සිදුවිය.
3. සුන්දරී පරිබ්බාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදු රජුන් ඇය දූෂණය කොට මරා සඟවන  ලද්දේ යැයි විශාල දෝෂාරෝපණයක් දින හතක් පුරා පැවතුණි. දින හතකින් පසු සත්‍ය එළිවුණි. කෙසේ නමුත් මේ නින්දාවට හේතුව  පෙර හිම නම් සෘෂීන් වහන්සේට බැණ වැඳීම හේතුවෙනි.
4. මහ බෝසතාණන් වහන්සේ  පෙර වස්තු ලෝභය නිසා තම සොයුරා කන්දකින් පහළට තල්ලු කර ගලක්ද, පෙරළා මරා දැමුවේය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ආත්මයේදී දෙව්දත් තෙර ගලක් පෙරළුවේය.
5. බෝසතුන් කුඩා ළමයෙකුව සිටියදී  පසේ බුදු කෙනෙක්  දැක ගලකින් ගැසුවේය. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ තම ජීවිතය නැති කිරීමට  දෙව්දතුන් දුනුවායන් යෙද වීය.
6. පෙර බෝසතුන් ඇත්ගොව්වෙක් වී සිටියදී පසේ බුදු කෙනෙක් වඩිනා බව දැක දූෂිත  සිතින් උන්වහන්සේ මැරීමට ඇතා කුලප්පු කළේය. ඒ හේතුවෙන්  මේ ජීවිතයේද තමන් වහන්සේ මැරීමට මත් වූ නාලාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළ සේක.
7. දෙව්දත් තෙරු තථාගතයන් වහන්සේ කෙරෙහි  ගැටුණු  සිතින් ගිජු  කුළු පව්වේදී මහ ගලක් සක්මන් කරන බුදු හිමිගේ හිසට පෙරලූහ. ගල් පතුරක් ගැලවී විත් ශ්‍රී පතු‍ලේ ගැටී මාපටඟිල්ල තැලී ‍ලේ කැටි ගැසුණා. මෙසේ ශ්‍රී පතුල තුවාල වූයේ පෙර පෘතවීශ්වර රජව සිටියදී මිනිසෙකු මැරවීමේ පාපය හේතුවෙනි.
8. තථාගතයන් වහන්සේගේ හොඳ නොවන හිසේ අමාරුවට හේතුව පෙර කෙවුල් පවුලක ඉපදී සිටියදීම තම ඥාතීන් බොහෝ මාළුන්  ගොඩ දා තිබෙනු දැක සතුටු සිනා පහළ කළ පාපය නිසාවෙන් එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීහු මේ ජීවිතයේදී ඥාතීන්  වී ඉපදුනහ. ඒ සැමට ප්‍රාණඝාත කර්මය විපාක දීම් ලෙස විඩුඪහ කුමරු අතින් මිය යන්නට සිදුවිය.
9. තථාගතයන් වහන්සේට දොළොස්වන වස්කාලයේ එක් බත් ඇටයකුදු නොලැබිය. අශ්වයන්ට දෙන යවහාල් වළඳා ජීවත් වන්න  සිදුවිය. මෙසේ වීමට හේතුව පෙර ඵුස්ස බුදුරජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල් හාල් වළඳනවාට වඩා හොඳයි  යවහාල් වැළඳුවා නම්” කියා දොස් නැඟූ පාපය  හේතු කොට ගෙනය.
10. සුගතයන් වහන්සේට හොඳ නොවන පිට කොන්දේ ආබාධයක් විය. ධර්ම දේශනා කරන අවස්ථාවල එය හැදුණූවිට සැරියුත් හිමිට දම් දෙසුම පවරා විවේක ගැනීමට වඩින බවද ධර්මයේ සඳහන් වෙයි. මෙයට හේතුව  පෙර මල්ලව ‍පොර අල්ලන යෝධයකුව සිටියදී විරුද්ධවාදී මල්ලව ‍පොරකරුවකුගේ කොන්ද කැඩූ පව නිසාය.
11. බුදුරජුන්ට වැළඳුන් ලෝහිත පක්ඛන්දිකා (‍ලේ අතීසාරය) රෝගයට හේතුව පෙර වෛද්‍යවරයෙකුව සිටියදී  සිටුවරයෙකුට බෙහෙත් කොට  ඔහු නියමිත මුදල නොගෙව්වීම නිසා කුපිත වී විරේක බෙහෙත් ලබාදීම හේතුවෙන්  එයින්  ඔහුට ‍ලේත් සමග විරේක විය. සිටුවරයා බිය වී නියමිත මුදල් ගෙවූ කල නැවත සනීප කළේය. නමුදු ඒ කර්මය විපාක දුන් බව දත යුතු.
12. මහ බෝසතාණන් වහන්සේට බුදුවීම පිණිස සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවුණේ  පෙර ජෝතිපාල මානවකයාව  සිටියදී ඝටීකාර බමුණා  සමග කාශ්‍යප බුදු රජාණන් වහන්සේට දොස් තැබූ පාපය නිසාවෙනි.
එබැවින් සත් පුරුෂ මිනිසුන් ලෙස අප කල්පනා කළ යුතු වනුයේ, තුන්ලොවම  දිනූ උත්තමයාණන්ට කර්ම ශක්තියෙන් මිදීමට නොහැකි වූ බවය. අප වැනි මිනිසුන්ට කර්මය විපාක දීම පිළිබඳව  සිතිය යුතු යමක් නොමැත. කිසිඳු කෙනෙකුට පීඩාවක්,  කරදරයක් නොවන අයුරින්  තම දුලබ මිනිසත්  දිවිය ගොඩනගා  ගැනීමට  වෙහෙසවීම අදිටන් කර ගැනීම  යෝග්‍ය වේ.  මලක් වුවද පැහැය පමණක්  තිබිම ප්‍රමාණාත්මක නොවෙ. දසත පැතිරෙන  සුවඳ ද එහි තිබිය යුතුය. එම නිසා අප සැවොම ද දැකුම්කළු  සුවඳවත් මලක් මෙන් ගුණයෙන්  නුවණින් හෙබි මිනිසකු විය යුතුමය. මේ ලෝකයේ ගස් කොළන් ඇත.  හඳුන් ගස් දැකීමට ඇත්තේ ඉතා ස්වල්ප ප්‍රමාණයකි. එසේම නොයෙක් පාෂාණ ඇතත් මැණික් ගල් එහි සමතැනම නැත.  ඇතුන් සිටියද ගජමුතු  ඇති ඇතුන් දකිනුයේ  හමුවනුයේ ඉතා අඩු ප්‍රමාණයකි.   ඒ අයුරින් කල්පනා කරන විට පැහැදිලි  වනුයේ මිනිසුන්   සිටියද  කළගුණ  දන්න අධම වැඩ නොකරන අනුන්ට දුක් පීඩා නොදෙන හැදුණු  සිත් ඇති මිනිසුන්  සඳුන් ගස්, කස්තුරි තිබෙන මුවන්, ගජමුතු ඇති ඇතුන් ආදිය මෙන් ඉතා දුලභ බවය.  එමනිසා සාදු ජනයාගේ  ගෞරවයට ලක්වන මානව හිතවාදී දයානුකම්පිත  මිනිසකු ලෙසින් දුලභ මිනිසත් බව ‍පෝෂණය කර ගැනීමට උක්ත කරුණු කියවීමෙන් හා ප්‍රායෝගිකව යෙදීමෙන් හා යෙදවීමෙන් යුක්ත වීම  නිවන් සාධනයට මං සලකුණු විවර වනු ඇත.

ශ්‍රී මේධංකර ධර්ම විද්‍යාලයේ නියෝජ්‍ය පරිවේණාධිපති ත්‍රිපිටක විශාරද කරඹෑවේ සීවලි හිමි

සකස් කළේ - රංජිත් කුමාර චන්ද්‍රසේකර

 
IMAGE

ජීවිතයේ මුල්වරට කෝච්චියේ අධිවේගයේ ගිය කෙවිලියාමඩුවේ...

IMAGE 2017 Jun 25 11:18
කෙවිලියාමඩුව ගමේ දරුවෝ හරියට “හෝ ගාන ‍පොකුණ” චිත්‍රපටයේ හුන් දරුවන් මෙන් යැයි මට සිතුණේ...
Views - 60

මළවුන්ට පණ දීමට තරම් බලගතු කතරගම තුන්නූරු

IMAGE 2017 Jun 23 10:33
කතරගම වාර්ෂික ඇසල මංගල්‍යය පසුගිය ජූනි 10 වෙනිදා කප්සිටුවීමෙන් ආරම්භ කෙරිණ. මෙම ජූලි 23 වෙනිදා...
Views - 1097

සමහරු මට මඩ ගහන්න වචනයක් වරදිනතුරු බලා ඉන්නවා

IMAGE 2017 Jun 22 09:57
“දෙරණ” නාලිකාවෙන් රටම හඳුනාගත් සහන් අබේසේකර දැන් අප හමුවට එන්නේ “සියත” රූපවාහිනී...
Views - 2629

මීළඟ ස්වභාවික අපදාවකදී ළඟ තිබිය යුතු ආපදා කට්ටල

IMAGE 2017 Jun 21 10:19
හෙට අනිද්දා හා ඉන්අනිද්දා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අධික වර්ෂා තත්වයක් ඇතිවන බව කාලගුණ...
Views - 1823

ක්ෂේත්‍රයේ ඉන්න කුහකයෝ පිරිසක් මගේ ගමනට බාධා කරනවා

IMAGE 2017 Jun 20 20:48
ග්‍රේෂන් ආනන්ද කියන්නේ ලංකාවේ ගීත කලාව තුළ කැපී පෙනෙන භූමිකාවකට පණ පෙවූ සංගීතඥයෙක්....
Views - 2773

උකස්කරන්නවත් තව කිසි දෙයක් ඉතිරිවෙලා නැහැ

IMAGE 2017 Jun 20 20:36
90 දශකයේදී සංගීත ක්ෂේත්‍රයට පිවිස ගීතලෝලීන්ගේ සිහින කුමාරයකු බවට පත් වු ප්‍රින්ස් උදය...
Views - 3804

Please publish modules in offcanvas position.