lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

ස්වභාවික ආපදා අතරින් වන්දනාවේ යන්නේ කොහොමද?

ස්වභාවික ආපදාවක දී මෙරට ජන ජීවිතය මහත් සේ කම්පනය වන බව අපි හොඳින් ඇසා දැක ඇත්තෙමු. අප රටේ ජනතාව තුළ ප‍රෝපකාරය කෙරෙහි කෙතරම් උනන්දුවක් තිබේ දැයි ඉතා පැහැදිළි ලෙස මෙවන් ආපදා සමයන් තුළ දී නිරීක්ෂණය කළ හැක. ‍එහෙත් එහි නරක පක්ෂයක් ද තිබේ. එනම් එවන් ස්වභාවික ආපදාවක් නිමවූ පසු එම කම්පනය සිත්වලින් පහවයාම නිසා නැවත එවන් ආපදාවක් එළඹීමේ දී ගත යුතු පියවර පිළිබඳව නිසි පාඩම් ඉගෙන නොගැනීමය. එ‍මෙන්ම ජනතාවගේ හඟීම් ආවේග කුළුගැන්වෙන වැඩසටහන් වලදී තමන්ගේ ජීවිත අවදානම ගැන නොතකා කටයුතු කිරීම අප රටේ ජනතාව කෙරෙන්ද දැකිය හැකි පොදු දුර්වල කමකි.

ලොව පුරා ඇතැම් ආගමික සිද්ධස්ථාන වලට යන බැතිමතුන් පෑගීමෙන්, තෙරපීමෙන්, අධික විඩාවෙන් මිය යන අවස්ථා ලොව මාධ්‍ය මගින් නිතරම පාරේ අසන්නට දකින්නට ලැබේ. එය නොදියුණු සමාජ ලක්ෂණයකි. එමෙන්ම තමන් විසින් අදහනු ලබන ආගම දහමටත් සිදුකරනු ලබන අපේ රටේ ද ඉතා සුළු ප්‍රමාණයකින් හෝ මෙම තත්ත්වය දැකිය හැක.

රට මුහුණ පෑ ස්වභාවික ආපදාව මැද්දේ ළඟ එන පොසොන් පෝය වෙනුවෙන් එක් එක් ආයතන සහ කණ්ඩායම් දියත් කරන්නට සැරසෙන ආමිස පූජාවන්වල සද්ද එහෙන් මෙහෙන් ඇසේ. ආලෝක පූජාවන්, පෙරහැර, චෛත්‍ය, ස්තූප ආදිය ඉදිකිරීම් වල මුල්ගල් තැබීම, ලක්ෂ ගණනේ පහන් පූජා, දන්සැල්, තොරණ රාජයන් ආදී රුපියල් ලක්ෂ හෝ මිලියන ගණනින් ඇස්තමේන්තු වන ආමිස පූජා වල ශබ්ද ජනමාධ්‍ය වලින් ඇසේ. සමහරු මේ වන විටත් මුදල් රැස්කිරීම ආරම්භ කර ඇත.

පොසොන් උද්දාමය මධ්‍යයේ බොහෝ බැතිමතුන් හට සිදුවිය හැකි ආපදා කෙරේ දැක්විය යුතු අවධානය මෙවන් කාලගෝට්ටි අතරේ  මැකීයා හැකි නිසා මේ මතක් කිරීම කරමි. අප රටේ පොසොන් පොහෝ දින ආශ්‍රිතව සිදුවන ආපදා අතරින් වාහන අනතුරු සහ ජලය ආශ්‍රිත ආපදා සැලකියයුතු තරම්ය.

මෝසම් වැසි ආරම්භ වී ඇති නිසා ජලය ආශ්‍රිත ආපදා සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙන බව අප අවබෝධ කරගත යුතුය. ගංගා, අතුගංගා මෙන්ම ජලාශ බොහොමයක් පිරී ති‍බිය හැකි බැවින් පොසොන් වන්දනාවන් වලට සහභාගීවන බැතිමතුන් ජලාශ පරිහරණයේදී සැළකිලිමත් විය යුතුය.

මුහුදු රළ සහ සුළං වේගය අතර සෘජු සම්බන්ධයක් පවතී. මේ  හේතුවෙන් දිවයින සහ ඒ අවට සුළං ප්‍රවාහයන් ප්‍රචණ්ඩවන අතර නිරිතදිග මෝසම් සමයේ දිවයින වටා මුහුදු පෘෂ්ඨය රළුවීම සාමාන්‍ය දෙයකි. වෙරළ සහ ඒ අවට සයුරේ පහස ලබන අය මේ ගැන විමසිලිමත්වීම සිදුවිය හැකි ආපදා අවම කරගැනීමට උපකාරවනු ඇත.

නිරිතදිග මෝසම් සමයේ අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ වලට ලැබෙන වර්ෂාව බොහෝවිට අකුණු සහ ගිඟුරුම් සහිතව ඇදහැලෙයි. එබැවින් අකුණු ආපදා අවම කරගැනීම සඳහා ද නිසි ආරක්ෂක පියවර ගැනීමට විශේෂයෙන් වන්දනාවන්ට සහභාගී වන සැවොම පියවරගත යුතුය.

වර්ෂාවේ අතුරු ප්‍රතිපලයක් ලෙස මහාමාර්ග සුමටවීම මෙන්ම ප්‍රදේශ ගණනාවකම විශේෂයෙන් සන්ධ්‍යා රාත්‍රි සහ අළුයම් හෝරාවල වායුගෝලීය පහළ ස්තර මීදුම් සහිත වීම සිදුවිය හැකිය. මෙම සාධක දෙක පිළිබඳව රියැදුරු මහතුන් අවධානය යොමු කළ යුතුමය. මාර්ග සුමට නම් වාහන වේගය පාලනය කරගත යුතුමය. මීදුමේ බලපෑම රියැදුරන්ගේ දෘශ්‍ය (‍පෙනෙන) දුර සීමා කරන බව පැහැදිලිය. එවන් අවස්ථාවක සෑම ආරක්ෂක පියවරක්ම ගත යුතු බවත් පැහැදිලිය.

එසේ නොකළ හොත් මේ පොසොන් සමයේ අනුරාධපුරය ඇතුළු වෙනත් සිද්ධස්ථාන වලට යන වන්දනා ගමන් මරණයෙන්, නිත්‍ය ආබාධයකින් හෝ බරපතල රෝගී තත්ත්වයකින් නිමා විය හැක. මෙය තමන්ට මෙන්ම පවුලේ ඥාතීන්ටත් සෙසු ඥාති මිත්‍රාදීන්ටත් සුවිසල් මානසික කම්පනයක් ඇති කිරීමට හේතුවක් විය හැක. එමෙන්ම වන්දනාවේ ගොස් අකල් මරණයකට ලක් වීම ‘වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා’ යන පිරුළ අපේ යටි සිත් වලින් හෝ නැවත ඉස්මතු කෙරෙන්නකි. එනිසා තමන්ගේ ආරක්ෂාව ආගමින් සැලසෙන බව නොසිතා තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතු බව තරයේ සිත් තුළ සනිටුහන් කර ගනිමින් මෙම වන්දනා ගමන් වල යෙදීම කොයි කාගේත් ‘ඇඟට ගුණය.’

 

කාලගුණ විද්‍යාඥ - කේ.ආර්. අභයසිංහ (හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ)

 

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 
IMAGE

ජීවිතයේ මුල්වරට කෝච්චියේ අධිවේගයේ ගිය කෙවිලියාමඩුවේ...

IMAGE 2017 Jun 25 11:18
කෙවිලියාමඩුව ගමේ දරුවෝ හරියට “හෝ ගාන ‍පොකුණ” චිත්‍රපටයේ හුන් දරුවන් මෙන් යැයි මට සිතුණේ...
Views - 60

මළවුන්ට පණ දීමට තරම් බලගතු කතරගම තුන්නූරු

IMAGE 2017 Jun 23 10:33
කතරගම වාර්ෂික ඇසල මංගල්‍යය පසුගිය ජූනි 10 වෙනිදා කප්සිටුවීමෙන් ආරම්භ කෙරිණ. මෙම ජූලි 23 වෙනිදා...
Views - 1097

සමහරු මට මඩ ගහන්න වචනයක් වරදිනතුරු බලා ඉන්නවා

IMAGE 2017 Jun 22 09:57
“දෙරණ” නාලිකාවෙන් රටම හඳුනාගත් සහන් අබේසේකර දැන් අප හමුවට එන්නේ “සියත” රූපවාහිනී...
Views - 2629

මීළඟ ස්වභාවික අපදාවකදී ළඟ තිබිය යුතු ආපදා කට්ටල

IMAGE 2017 Jun 21 10:19
හෙට අනිද්දා හා ඉන්අනිද්දා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අධික වර්ෂා තත්වයක් ඇතිවන බව කාලගුණ...
Views - 1823

ක්ෂේත්‍රයේ ඉන්න කුහකයෝ පිරිසක් මගේ ගමනට බාධා කරනවා

IMAGE 2017 Jun 20 20:48
ග්‍රේෂන් ආනන්ද කියන්නේ ලංකාවේ ගීත කලාව තුළ කැපී පෙනෙන භූමිකාවකට පණ පෙවූ සංගීතඥයෙක්....
Views - 2773

උකස්කරන්නවත් තව කිසි දෙයක් ඉතිරිවෙලා නැහැ

IMAGE 2017 Jun 20 20:36
90 දශකයේදී සංගීත ක්ෂේත්‍රයට පිවිස ගීතලෝලීන්ගේ සිහින කුමාරයකු බවට පත් වු ප්‍රින්ස් උදය...
Views - 3804

Please publish modules in offcanvas position.