Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

සිංහල බෞද්ධයෝ අතිශය උතුම්කොට සලකන පිංකම් අතරිනුත් කටින පිංකමට හිමිවනුයේ මුල් තැනකි.

වප් පුර පසොලොස්වක පොහොයෙන් ඇරඹි ඉල් පුර පොහොයෙන් අවසන් වන මෙම සමය හැඳින්වෙනුයේ කඨින පූජා මාසය හෙවත් චීවර මාසය ලෙසිනි.

ලංකාවේ  සෑම ගමකම විවිධ අයුරින් කඨින පිංකම් සිදු වෙයි. ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ හා තවත් රටවල් කීපයකම කඨින පිංකම් සිදු කෙරෙයි.

කඨින පූජාව යන්න ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල්බැසගෙන ඇතිඋත්තරීතර වචනයකි. වන්නටඑම වදනශ්‍රී ලාංකීය ජනහදවත් තුළ සදානුස්‌මරණීය හේතු ගණනාවක් ඇත. කඨින චීවරයක්‌ මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසකඨිනානිසංස නම් වේ. වර්ෂය පුරාම චීවර පූජාව කිරීමට හැකියාව තිබුණත් කඨිනචීවරයක්‌ පූජා කිරීමට හැකි වන්නේ එක්‌ විහාරස්‌ථානයක වර්ෂයකට එක්‌ වතාවක්‌පමණි. ඒ නිසා මෙහි සුවිශේෂත්වයක්‌ ඇත. කඨිනය යන වචනය පිළිබඳව අර්ථ කීපයක්‌ඇත. ඒ අතර තද බව, ගොරෝසු බව, මුවහත් බව, ස්‌ථිරසාර බව, නොසැලෙන බව, සෘජුබව, කම්පා නොවන බව, තියුණු බව ආදී වශයෙන් දැක්විය හැක. අනෙක්‌ කුසලයන්ට වඩාකඨින චීවර පූජාමය කුසලය ප්‍රබල වේ. බුදුසසුනේ සඳහන් අට මහා පිංකම්වල පළමුපිංකම වන්නේ ද මේ කඨින චීවර පූජාවයි.

පංචානන්තරිය පාප කර්ම හැරවෙනත් සෙසු අකුශල කර්ම ප්‍රබල කුසලකර්ම වලින් වැසිය හැකිය "කුසලෙන පිථියති"යන්නෙන් දැක්‌වෙන්නේ එයයි. කඨින පිංකම වැනි ප්‍රබල කුසලකර්ම සිදුකරගැනීමෙන් තමා කළ සෙසු අකුශල කර්ම පවා වෙනස්‌ විය හැකිය. කඨිනය යන්නට ගොරෝසුයන අර්ථය දක්‌වා ඇත්තේ ඉන්දියාවේ ශීත කාලගුණික තත්ත්වයට වස්‌ත්‍ර සකස්‌කරගත යුතු බැවිනි. ගොරෝසු වස්‌ත්‍ර නොමැති වුවවොත් අධික ශීතල නිසා රෝගී වියහැකිය. "සීතස්‌ත පටිඝාතාය" යන්නෙන් දැක්‌වෙන්නේ සීතලට ඔරොත්තු දීම සඳහාය.

වස්‌කාලය යනු වැසි කාලයයි. එදා ඉන්දියාවේ වැසි කාලයේදී අනෙක්‌ ආගමිකපිරිස්‌ එක්‌ තැනෙකට වී ඔවුන්ගේ ආගමික කටයුතු කළහ. භික්‍ෂූන් වහන්සේලාසුපුරුදු ලෙස චාරිකාවේ යෙදුනහ. එම අවස්‌ථාවේ අනෙක්‌ ආගමිකයන්ගෙන් විවිධචෝදනා එල්ලවිය. පක්‍ෂීන් පවා වැසිකාලයේදී කෑම සොයාගෙන එක්‌ තැනෙකට වීහිඳිති. සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරන්නට උගන්වන ගෞතමයන් වහන්සේගේශිෂ්‍යයන් කුඩා සතුන් පාගමින් අලුත් තණ පාගමින් වැසි කාලයේ සැරිසරණ බව එම චෝදනාව විය.එම කාරණාවන් සහ තවත් කාරණාවන් හේතුකොටගෙන බුදුරජාණන් වහන්සේ විසින්භික්‍ෂූන් වහන්සේලාට වස්‌ කාලයේ එක්‌තැනෙකට වී ආගමික කටයුතු කරන්නැයිඅනුදැන වදාළහ. එනම් "අනුජානාමි භික්‌ඛවේ වස්‌සානේ වස්‌සං උපගත්තුං" 'මහණෙනිවර්ෂා කාලයෙහි වස්‌ වසන්නට නියම කරමි'. යනුවෙන් අවසර දුන්හ. ඒ බුද්ධනියමයන් අනුව අදට වසර 2500කට වැඩි කාලයක්‌ ගත වී තිබියදීත් උන්වහන්සේගේ අනුශාසනාවඒ අයුරින්ම ක්‍රියාත්මක වීම කෙතරම් විස්මයජනකද?

ලෝකයේ වෙහෙරවිහාරස්‌ථාන ඇති බෞද්ධ සැදැහැවතුන් සිටින හැම රටකම බොහෝ විට වස්‌ කාලයේවස්‌ පින්කම් කෙරෙනු ඇත. අවසානයේ කඨින පිංකමද සිදුවේ. දැන් දැන් කඨින පිංකමපිළිබඳව දැඩි උනන්දුවකින් ක්‍රියාකරනු ලක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ කඨිනපිංකම සෑම විහාරස්‌ථානයකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ගිහි-පැවිදි උභයපාර්ශ්වයම සංවිධානය වෙති. එක්‌ විහාරස්‌ථානයක මූලික වී කඨින පිංකමක්‌භාරගැනීමද දුෂ්කර කරුණක්‌ වී ඇත. ඒ එතරම්ම පිරිසක්‌ කඨින පිංකම් භාරගත්ලයිස්‌තුවේ සිටීම නිසාය.

කඨින චීවරයක්‌ අනුදැන වදාරන්නට විශේෂසිදුවීමක්‌ ඇත. එනම් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයේ වැඩවෙසෙනසමයේ පාවා නුවර වැඩවෙසෙන භික්‍ෂූන් වහන්සේලා 30නමක්‌ සැවැත්නුවරට වඩින්නටගමන ආරම්භ කළහ. උන්වහන්සේලාගේ බලාපොරොත්තුව වූයේ බුදුරජාණන් වහන්සේ වැඩවෙසෙන සැවැත්නුවර ජේතවනාරාමයේ වස්‌ කාලය ගතකිරීම සඳහාය. එහෙත් උන්වහන්සේලාටනියමිත දිනට සැවැත් නුවරට ළඟාවීමට නොහැකි විය. ඒ නිසා සාකේත නම් නුවර වස්‌කාලය ගත කළහ. උන්වහන්සේලා එම වස්‌ කාලය ගතකළේ බුදුරජාණන් වහන්සේ දැක ගන්නටනොලැබීමේ කනස්‌සල්ලෙනි. වස්‌ තුන් මාසය අවසන් වූ විට එම ස්‌වාමීන්වහන්සේලා යළිත් වරක්‌ සැවැත්නුවරට වඩින්නට ගමන ආරම්භ කළහ. අතර මඟදී මහ වැසිපතිත වීම නිසා ගොහොරු මඩ සහිත බිමෙහි වැසි ජලයෙන් තෙත්වූ වස්‌ත්‍ර වලින්යුතුව ජේතවනාරාමයට වැඩම කළහ.

එම භික්‍ෂූන් වහන්සේලා බුදුහිමි වැඳපිළිසඳර කතාවෙහි යෙදුනහ. වස්‌ කාලය කරදරයක්‌ නැතිව ගත කළාද? සමගියෙන් විවාදනැතිව සතුටින් ගත කළා දැයි බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලාගෙන්විචාලසේක. එහිදී භික්‍ෂූන් වහන්සේලා සඳහන් කළේ ස්‌වාමීනි අප සමගියෙන් විවාදනැතිව සතුටින් වස්‌කාලය ගතකළ බවයි. එහෙත් අප සැවැත්නුවරට වැඩම කරන විට මහවැසි ඇදහැලීම නිසා අතරමග මඩෙන් හා වැසි ජලයෙන් පීඩාවට පත්වූ බවත් තෙත් වූසිවුරුවලින් යුතුව පැමිණි බවත් දැන්වූහ. එවිට මහාකාරුණික බුදුරජාණන් වහන්සේඒ ගැන සිතා තවත් සිවුරක්‌ තිබුණා නම් මේ ආකාරයේ දුෂ්කරතාවයකට පත් නොවන බවසලකා වස්‌ වැසූ භික්‍ෂූන්ට කඨින චීවරයක්‌ ලබාගන්නට අවසර දුන්හ.

පූජ්‍ය ගෝණදෙනියේ සීවලී හිමි

කඨින චීවර පූජාව තුළින් ලැබෙන පින මහපොළොව මෙන් කම්පා නොවේ. අධික සුළඟින් නොසෙල්වෙන මහා මේරූ පර්වතය මෙන් නොසැලෙයි. වජ්‍ර පර්වතයක් මෙත් බිඳිය නොහැකි වෙයි. ඒ නිසා මේ පින්කමට කඨින පින්කම කියා කියනු ලැබේ. ඒ බව සඳහන් ගාථා පාඨයක් මෙසේය.

පඨවිරිව න ජාතු කම්පතෙ
න චලති මෙරූ රිවාති වායුනා
වජිරමිව න භිජ්ජතෙ ඝනං
තමිදමතො කඨිනත්ති වුච්චති

සාමූහික වූ සංඝයාගේ ද සාමූහික වූ ගිහි පිරිසකගේ ද බලවත් සමගි සම්පන්න අධිෂ්ඨාන ශීලී ව්‍යායාමයක්, මේ පින්කමට අවශ්‍ය මූලික අංග සංවිධානය වීමේ දී තිබිය යුතු වෙයි. වස්වැසූ භික්ෂුව හෝ පිරිස තුන් මාසයක් අඛණ්ඩව වස් වැසීමේ ශික්ෂා පදය රැකගෙන තිබීම, මහාපවාරණයෙන් සඟ මැද පවාරණය, එයින් මසක් ඉක්මවීමට මත්තෙන් සුදුසු දවසක කඨින චීවරපූජාවට හා එය කැප කිරීමට සුදුසු වූ භික්ෂූන් පනස්නමක් වත් කැඳවා ගැනීම, සාමාජිකපක්ෂයෙන් විය යුතු අවශ්‍යතා වේ. විනය ප්‍රතිපත්ති වශයෙන් එක වසරකට සියලු සුදුසුකම්පූර්ණ වූ විට එක විහාරස්ථානයක එක කඨින චීවරයක් පමණක් පූජා කළ හැකි වීම මේ පින්කමේසුවිශේෂතාව වේ. කඨින චීවරය දෙපට සිවුරකින්ද, තනිපට සිවුරකින්ද, අඳන සිවුරකින් දපූජා කළ හැකි වෙයි.

පුරාණ කඨිනානිසංස නම් ග්‍රන්ථයේ එන කඨිනය සමඟ පූජා කරන ලදඅනෙකුත් පූජා ද්‍රව්‍යවල ලැයිස්තුවක් කඨින වංසය නම් පොතේ මෙසේ දැක්වේ.

“ධාතු පෙති පිළිම ධාතු පයි (පසුම්බිය)  ධාතු කරඬු, ලනු, පටි ධාතු, පීඨ දුඹුලු පසු පාන්මාලා, පුද සුවඳ බඩු, ඇඳ පුටු, පැදුරු කළාල්, තෙලිසමි පිඟන්, මහචුලා අතිරු කොට්ට,,,මුඩාපලස්, කම්බිලි, උඩුවිඩන්, වටතිර, ජවනිකා, බුමුතුරුණු, වසුන්, දෝවි දළකඩ, සුලැත්තිපත්, අත්වැට, සිවි වැට, විල් කෙණ්ඩි, තඹ, කේතලා ඇතුලු වූ දෙය හා තුන්සිවුරු, සිවුරු පයි සිවුරු, වසා ඉන්නා කඩ, පත්කඩ, පෙරහන්කඩ, වත බඳනා කස්පිලියන්, අත්පිස්නා, මුව පිස්නා, පාත්‍රා, පාත්‍රා පත්, පාත්‍රා පයි (පසුම්බිය), පාත්‍රා පිස්නා, පාත්‍රා ලනු, පාත්‍රා, වළලු, සැරයටි, කනතැටි, තැටිසැර, බුලත්සැර, දැටි කැති, කරගල්, කරකතුරු, කරපෙට්ටි, නැහැඬු, අඤ්ජනවිත්, අඳුන්කරඬු, කපුරුකරඬු, බෙහෙත් බඩු, කුලුබඩු, දළකඩ, බුලත්පෙට්ටි, දත්කටු, නියකටු, ගිනිකටු, ඉඳිකටු, හිදිකටුකුලා, තලගා, තලපත්, මුලුපත්, පත්කූඩ, වටාපත්, විජිනිපත්, විසිරිපත්, පොත්ගෙඩි, පොත්ලනු, පොත්සකි, පොත්ලෑලි, පොත්පයි, පොත්කැති, පොත් පෙට්ටි, පොත් කම්බිලි, දණ්ඩාසන, බණවසුන්, පිටාටු පෝරු, පරමදාන, දෙබල කටු, පන්සිත්, පන්සිත් කොපු, පාබිසි, පාද පීඨවහන්තෙල් කුප්පි, තෙල් කුලා, පන්දම් කුලා, අත් පන්දම්, ගිනි කබල්, කැති, උදලු, පොරොවැ, නියන් යත්, කියත්, තොරපන, කළ, කොතලා, පිරිත් පැන් තාලි, පිල් මසුන් කොලමසුන් ඉරටාමුසුන්, කෙසි (යතුරු) යනාදිය වේ. මේපූජාවන්ගෙන් පෙනෙන්නේ විහාරස්ථානයකට අවශ්‍ය සියලු ගරු ලඝු භාණ්ඩ පූජා කිරීම කඨිනපින්කමේ දී කළ බවයි.

ඉහත සඳහන් නොවූ කෙසෙල්, පොල්, පුවක්, අමු ඉඟුරු, වටිනා දැවවර්ග පැළකර ගතහැකි බෙහෙත් ගස්වර්ග, පඳුරු වර්ග, ධාන්‍ය වර්ග, කැවිලි පෙවිලි ආදිය දවර්තමානයේ දී විදුලි උපකරණ, මහන මැෂින්, ශීතකරණ, විදුලි පංකා, විවිධ බුමුතුරුණු හාවිසිතුරු රෙදි පිළිවර්ග යනාදිය ද සබන්, ලියුම් කවර, පෙරදිග හා බටහිර බෙහෙත් පෙති හාකරල්, ද්‍රව වර්ග හා කල් තබා ගත හැකි සනීපාරක්ෂක දියර හා බෙහෙත් සුනු වර්ග, බෙහෙත්තෙල් වර්ග හා මී පැණි ආදි දේ ද පොත්පත් ලේඛන උපකරණ, පිඟන් කෝප්ප, මැටි භාජන යනාදීදේ ද කඨින පූජාවට තබන අතර කප්රුකක් යයි සලකමින් ගසක අත්තක් කපාවිත් මේ භාණ්ඩ එයටනූලකින් එල්ලා හෝ සම්බන්ධ කොට තබා පූජා කරති.

මෙසේ බලන විට තම දෑතින් තමන් දත් ශිල්පයෙන් නිපද වූ භාණ්ඩ වර්ග හා ධන ධාන්‍යාදි දේදකෙත්වතු පෙති පිළිම, ධර්ම පුස්තක, පෑන්, පැන්සල්, ගෘහභාණ්ඩ, අටපිරිකර යනාදී දේද, ඒහැර අද මිල මුදල් පවා කඨින පිංකමේ දී පුදන බව පෙනේ. මේවා පිදීම රටේ කර්මාන්ත, දියුණුවට ද අනියම් බලපෑමක් සිදු කළ බව පැහැදිලි වේ. පලතුරු, ඖෂධ හා පොල් ආදී පැළවර්ග පූජා කරන්නේ පන්සල් භූමිය ආරාමයක සිරි ගන්වනු පිණිසය. ආරාමය ඔසු උයනක්, පුෂ්පඵලරාමයක් බවට පත් කිරීම පරිසරය සුබදායී කිරීමකි. ස්වභාවික සෞන්දර්ය නිර්මාණාත්මකවගොඩ නැඟීමකි. එය කෘෂි ජීවිතය විෂයෙහි ආදර්ශමත් බලපෑමකි. මේ නිසා රටේ පරිසරයසංරක්ෂණය වී සෞන්දර්යක් නිර්මාණය වී ආර්ථික ශක්තිය ද වැඩි දියුණු වේ. මෙසේ භෞතික සහශාක පද්ධතිය සනහා ඒ තුළින් මිනිස් මනස සැනසීමට වක් වූ උපකාරයක් කෙරේ.

කලවානේ ආනන්ද හිමි

Page 1 of 3

IMAGE

තාත්තාගේ සංගීතයෙන් හම්බකරන අය කර්තෘභාගයවත් දෙන්නේ නැහැ

IMAGE 2017 Sep 20 16:53
ප්‍රේමසිරි කේමදාස කියන මහා සංගීතවේදියාගේ නම අමතක කරලා ලංකාවේ සංගීතය ගැන කතා බහ කරන්න බැරි...
Views - 439

චූටි මැණිකේ තරම් මම අහිංසක නෑ

IMAGE 2017 Sep 19 11:43
ශලනි ප්‍රනාන්දු කියන්නේ කලා ලෝකයට පායා එන අලුත් තරුවක්. දවෛනි ඉනිමේ චූටි මැණිකේ එහෙම නැත්නම්...
Views - 2699

හුලවාලි මන්ත්‍ර ගුරුකම් යනු සෙප්පඩ විජ්ජාවකි

IMAGE 2017 Sep 19 10:26
හුලවාලි වශී ගුරුකම්, රොඩී දැහැන, නීචකුල බන්ධන ආදී වශයෙන් සැලකෙන ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධ විශාල...
Views - 1306

ජනාධිපති මැදුරේ අපි එක රැයක්වත් ගත කර නෑ

IMAGE 2017 Sep 18 19:35
ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ බිරිය මෙන්ම දරුවන් සාමාන්‍යයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින්නේ...
Views - 4085

මට කිසිම සම්මාන උළෙලකට ආරාධනා ලැබෙන්නෙ නෑ

IMAGE 2017 Sep 18 19:07
“වසූදා” ටෙලි නාට්‍යය තුළින් රංගනයට පිවිසි ඇය “හංස පිහාටු” “මාද ඔබම විය” වැනි ටෙලි...
Views - 2234

විදුලි වැඩවර්ජනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් බිලි ගනී

IMAGE 2017 Sep 18 12:49
මේ කතාව ලියන විටත් දිවයින පුරා ආරම්භ වී තිබූ විදුලි සේවක වර්ජනය නිමා වී නැත. මේ නිසා රටේ විවිධ...
Views - 1181

Please publish modules in offcanvas position.