Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “ජනමාධ්‍ය විශිෂ්ටතා 2016 සම්මාන උළෙල 18 වැනි වරටත් පෙරේදා  (25) ගල්කිස්ස මහ හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙරට මුද්‍රිත මාධ්‍යයෙහි වෘත්තීයභාවයට පිළිගැනීමක් ලබාදීම සඳහා වාර්ෂික අංශ 14ක් ඔස්සේ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.
එහිදී වසරේ හොඳම පුවත්පත් කලාවේදියාට පිදෙන මර්වින්ද සිල්වා සම්මානය රාවය පුවත්පතේ කේ. සංජීව හිමිකරගත්තේය. 
වසරේ හොඳම තරුණ වාර්තාකරු ලෙස ඩෙන්සිල් පීරිස් සම්මානය රාවය පුවත්පතේ තරිඳු උඩුවන්ගෙදර විසින් දිනා ගන්නා ලදී. හොඳම තරුණ වාර්තාකරු වෙනුවෙන් ඩෙන්සිල් පීරිස් සම්මානය දිනාගත් තරිඳු උඩුවන්ගෙදරට විදෙස් ශිෂ්‍යත්වයක්ද පිරි නැමිණි.
මෙහිදී ලක්බිම පුවත්පතටද විශිෂ්ටතා සම්මාන 3ක් හිමි විය. සමාජ ප්‍රශ්න පිළිබඳ හොඳම වාර්තාකරණය සුබ්‍රමනියම් චෙට්ටියාර් සම්මානය සිංහල මාධ්‍යයෙන් ඉරිදා  ලක්බිම පුවත්පතේ ධර්මා මොහොට්ටාල මහත්මිය දිනාගත් අතර වසරේ හොඳම විශේෂාංග ‍ලේඛකයා ලෙස උපාලි විජේවර්ධන සම්මානය සිංහල අංශයෙන් ලක්බිම පුවත්පතේ පීටර් කැනියුට් පෙරේරා දිනා ගත්තේය. හොඳම පාරිසරික වාර්තාකරණයට හිමි සම්මානය ලක්බිම පුවත්පතේ අරුණ ලක්ෂ්මන් විසින් දිනාගත්තේය.
වසරේ හොඳම ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියා ලෙස සිළුමිණ පුවත්පතේ තාරක වික්‍රමසේකර විසින් දිනාගැනීමට සමත් විය. දෙමළ අංශයෙන් හොඳම විශේෂාංග ‍ලේඛකයාට හිමි සම්මානය වීරකේසරී පුවත්පතේ දොරේසාමි නඩරාජා හිමිකර ගත්තේය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ස්‍රතී ඩැනියල් සහ ඉසුරි කවිරත්න විසින් දිනාගැනීමට සමත් විය.
වසරේ හොඳම තීරු ලිපි රචකයාට හිමි බි.ඒ. සිරිවර්ධන සම්මානය සිංහල මාධ්‍යයෙන් රාවය පුවත්පතේ එස්.ජී. පුංචිහේවා දිනාගත් අතර දෙමළ මාධ්‍යයෙන් වීරකේසරී පුවත්පතේ රාම් කුමාර් හිමිකර ගත්තේය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඩොන් මනු විසින් දිනාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සඳහා කැපවීම වෙනුවෙන් පිරිනැමෙන සේපාල ගුණසේන සම්මානය දී අයිලන්ඩ් පුවත්පතේ කර්තෘ ප්‍රභාත් සහ බන්දු විසින් දිනා ගන්නා ලදී.
සිය සගයන්ගේ ඇගයීමට ලක්වන පුවත්පත් කලාවේදියාට හිමි ඩී.ආර්. විජයවර්ධන සම්මානය සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නාමනී විජයදාස විසින් දිනා ගැනීමට සමත් විය.
ව්‍යාපාර හා මුදල් පිළිබඳ හොඳම වාර්තාකරණය දෙමළ මාධ්‍යයෙන් වීරකේසරී පුවත්පතේ රොබට් ඇන්ටනී, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඩේලි මිරර් පුවත්පතේ චන්දීප වෙත්තසිංහ කුසලතා සම්මානය දිනාගැනීමට සමත් වූහ.
මීට අමතරව මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 45කට අධික කාලයක් සේවයේ නිරත වූ ඩබ්ලිව්.ජී. ගුණරත්න, ලක්ෂ්මන් ජයවර්ධන, ගැස්ටන් ද රොසයිරෝ, පන්හීර් සෙල්වම් හා එස්.ඒ.සී.එස්. කුවල්ඩීන් මහත්වරු ජීවිතයට එක් වරක් පමණක් පිදෙන දීර්ඝ සේවා7 රන් සම්මානයෙන් පිදුම් ලැබූහ.
පැතුම් වික්‍රමරත්න

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය ‍හේතුවෙන් අඩාල වී ඇති තෙල් බෙදාහැරීමට සහාය දක්වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඊයේ (25) රාත්‍රී සිට යුද හමුදාවේ භටපිරිස් ඒ සඳහා යෙදවීමට කටයුතු කර තිබුණි.

ඛනිජ තෙල් බෙදාහැරීමේ සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට රජය ඊයේ (25) රාත්‍රී ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණය සහ කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙහි තෙල් බෙදාහැරීමේ කාර්යයයේ නියුතු ඒ වන විටත් සේවයේ යෙදී සිටි කාර්ය මණ්ඩලයට අවැසි සහය ලබාදීමට සහ අදාල සංකීර්ණයන්හි ආරක්ෂාව තහවුරු කිරීමට යුද හමුදා භටපිරිස් යොදවා තිබුණි.

අද (26) පස්වරු 01.00 වන විට කොලොන්නාව තෙල් පිරිපහදු මධ්‍යස්ථානයෙන් ඉන්ධන රැගත් බවුසර් 15 ක් යුද හමුදා ආරක්ෂාවත් සමඟ බෙදාහැරීමේ කටයුතු සඳහා පිටත්ව ගිය අතර පස්වරු 03.00 ට ගුවන් යානා ටර්බයින් ඉන්ධන රැගත් ඉන්ධන ප්‍රවාහන දුම්රියක් කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් පිටත්විය.










ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට සුබ පතමින් කේක් ගෙඩියක් කපා ඔහු සුබ පැතුම් එක් කර ඇත. 
කැබිනට්  මණ්්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී අද (25) පෙරවරුවේදී පැවැති අතර එහිදී කවුරුත් පුදුමයට පත් කරමින් ජනාධිපතිවරයා කේක් ගෙඩියක්ද රැගෙන ඇමැති මණ්ඩල රැස්වීමට පැමිණ තිබේ. 
එහිදී අගමැතිවරයාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සැපිරීම සම්බන්ධයෙන් සුබ පතා ඇති ජනාධිපතිවරයා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයා බවට අගමැතිවරයා පත්වීම සම්බන්ධයෙන්  සිය හෘදයාංගම සතුට පළ කර ඇත. 
ඉන් අනතුරුව අගමැතිවරයාට කේක් ගෙඩිය කපන්න ආරාධනා කර ඇති ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා ඉන් පසු කේක් කැබැල්ලක් ගෙන අගමැතිවරයාට කවා ඇත්තේ සියල්ලන්ගේම අත්‍පොලසන් හඬ මධ්‍යයේය. 
පසුව සියලුම ඇමැතිවරු අගමැතිවරයා අසලට පැමිණ ඔහුට  සුබ පතා තිබේ.
 
ලසන්ත වීරකුලසූරිය 

පිළිකා රෝගය නිසා කෙස් කළඹ අහිමි වූවන්ට ස්වාභාවික හිසකෙස්වලින් සැකසූ කෙස් කළඹක් (විග්) ලබා දීමේ ව්‍යාපාතියක් “පිළිකා සරණ භාරය” සහ රමණී ප්‍රනාන්දු සැලොන්ස් එක්ව ඊයේ (20) ආරම්භ කෙරුණු අතර ඒ සඳහා තම හිසකෙස් පරිත්‍යාග කිරීම සඳහා කාන්තාවන් ඉදිරිපත් වූ අයුරු. මෙම අවස්ථාවට “පිළිකා සරණ භාරය” වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය සමේදී රාජපක්ෂ මහතා සහ රමණී ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටි අයුරු.






ඡායාරූපය- ප්‍රියන්ත ගමගේ

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් (JMSDF) ඉසුමෝ සහ සසනමි නෞකාවන් දෙක සුහද සංචාරයක් සඳහා අද (ජුලි 20) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවිකහමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.

නෞකාවන් අතරින්, ඉසුමෝ (Izumo) නෞකාව ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක හමුදාවේ ධජ නෞකාව මෙන්ම ඔවුන් සතු විශාලතම යුද නෞකාව වශයෙන් හැදින්විය හැක. මෙම නෞකාව දිගින් මීටර් 248 ක් සහ පළලින් මීටර්  38 කින් යුත්ත වන අතර එහි 970 කින් සමන්විත නැව් මුළුවක් ද ‍වේ. නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් කපිතාන් යොෂිහිරෝ කයි මහතා කටයුතු කරනු ලබයි.

තවද, සසනමි නෞකාව දිගින් මීටර් 151 ක් සහ පළලින් මීටර් 17.4 කින් යුත්ත වන අතර එහි නැව් මුළුව 175 කින් සමන්විත ‍වේ. නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් හිරොටකා ඔකුමුරා මහතා කටයුතු කරනු ලබයි.

තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් ශ්‍රී ලංකාවේ රැදී සිටින කාල සීමාව තුළදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් රාශියකට මෙන්ම සුහද පාපන්දු ක්‍රීඩා තරඟ සහ සංස්කෘතික සංදර්ශන සඳහා නෞකාවන්ගේ නැව් මුළුවන් සහභාගී වීමට නියමිතව ඇත. තවද, දෙරටේ නාවික හමුදා පුද්ගලයින් එක්ව මානුෂීය සහන සහ ආපදා ප්‍රතිචාර පිළිබඳ ඒකාබද්ධ අභ්‍යාසයක් ද සිදු කිරීමට නියමිතය. එම නෞකාවන් මෙම මස 23වන දිනදිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.






ලක්බිමට පැමිණ සිටින සිටින එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද (20) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

අරලිය ගහ මන්දිරයේදි පැවති මේ හමුවට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත උනා මැකෝලි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.



 

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2319

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1535

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 813

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1825

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5461

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3411

Please publish modules in offcanvas position.

Web Analytics