Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නව නාවික හමුදාපතිවරයා ලෙස වැඩ බාරගත් වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයිය මහතා ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. මෙහිදී ජනාධිපතිවරයා නව නාවික හමුදාපතිවරයා සමග සුහද කතාබහක නිරත වූ අතර සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. 
 
ඡායාරූපය - සුදත් සිල්වා

ශිඝ්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගයට පිළියමක් වශයෙන්  ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය ‘සුව දිවියට පැන් දෝතක්’ වැඩසටහන යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල තිරියාය හංදියේ ගෝමරන්කඩවල විහාරස්ථානය හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹැව වහමල්ගොල්ලෑවේ ශ්‍රී බෝධි රුක්ඛාරාම විහාරස්ථානය මුල්කර ගනිමින් රුපියල් ලක්ෂ 50ක පමණ වියදමින් ඉදිකළ ජල පවිත්‍රාගාර දෙකක් ජනතා අයිතියට පත් කිරීම අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ හා චීන මහජන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ ප්‍රධානී ලියූ ඩොන් මහාතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (19) සිදු කොරිණි. සේයාරුවෙන් දැක්වෙන්නේ අමාත්‍යවරයා සුභ මොහොතින් ජල පවිත්‍රාගාර ජනතා අයිතියට පැවරූ අයුරුයි.

චීනයේ ජින්ස විහාරස්ථානයේ ජේ කියුන් ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති සුමති ධර්මවර්ධන, උප සභාපතිවරුන් වන අජිත් ධර්මවර්ධන, සුසන්ත බාලපටබැඳි, ප්‍රධාන ‍ලේකම් කර්නල් සුගත් මඩුගල්ලේ, නියෝජ්‍ය භාණ්ඩාගාරික මේජර් චන්ද්‍රසිරි විජේරත්න, කාරක සභිකයින් වන නාලක සේනානායක, මේජර් හිරාන් විමලරත්න, දයානන්ද කුකු‍ලේවිතාන, ශිරාන් නන්දසේන යන මහත්ම මහත්මීහු මීට සහභාගි වූහ.






සටහන හා ජායාරූප - තුෂාර අතපත්තු

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඊයේ 20 දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014කදී පැවැතුණි. ඒ සඳහා අයැදුම්කරුවන් 356728 පෙනී සිටි අතර විභාගය නිමවී කොළඹ අශෝක විද්‍යාලයේ විභාග ශාලාවෙන් පිටතට පැමිණි සිසුන් පිරිසක් සිය දෙමාපියන් සමග විභාගය නිම කළ සතුට සැමරූ අයුරු.
 
ඡායාරූපය - ෆ්‍රෑන්ක් ද සොයිසා

බිත්තියේ එල්ලා ඇති සේයාරුවේ ඉන්නේ තරුණ මෛත්‍රී වික්‍රමසිංහ හා රනිල් වික්‍රමසිංහ යුවළය. මේ ඡායාරූපයේ වාඩිවී සිටින්නේ මැදිවිය පසු කරමින් සිටින මෛත්‍රී වික්‍රමසිංහය. ඇය ඉදිරිපිට වාඩිවී සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන ආපසු හැරී බිත්තියේ සිටින වික්‍රමසිංහ යුවළගේ සේයාරුව බලමින් කල්පනා කරන්නේ කාලය මැව් වෙනසක අරුමයද?

ප‍්‍රංශයේ ලබුර්ෂේ නගරයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී බුදු දහම පිළිබඳ අවාබෝධයෙන් යුත් ප‍්‍රංශ ජාතික මහතෙකු පසුගියදා පැවිදි බිමට පත්වූයේ පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙනි. ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දායකත්වය දරණ විවිධ ජාතික පින්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම පැවිදි කිරීමේ පිංකමට ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යසථානයේ වැඩවසන පූජ්‍ය බොරැල්ලේ කෝවිද, පූජ්‍ය අළුත්ගම සුමේධ, පූජ්‍ය මාපලගම ජීනානන්ද සහ පූජ්‍ය කැන්දවින්නේ රාහූල යන හිමිවරුද සහභාගී වූහ.

ශ්‍රී ලාංකික ජනතාවගේ ඉතිරි කිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සහ එය නව තාක්ෂණය සමග මුසු කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව නිර්මාණය කරන ලද “NSB i Saver ” සේවාව දියත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ කොළඹ ජාතික ඉතිරි කිරීමේ බැංකු ප්‍රධාන ශාඛා පරිශ්‍රයේදී සිදු විය. එම අවස්ථාවේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින්ද සිල්වා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ අයුරු.

අමාත්‍යවරුන් වන කබිර් හෂීම්,හරීන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන, යන මහත්ම මහත්මීන්  ඇතුළු පිරිසක් මෙම  අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය - සුදත් සිල්වා   

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3124

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2969

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6017

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3594

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2184

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3001

Please publish modules in offcanvas position.

Web Analytics