Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී සිදු විය.

පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටි කාලයේදී රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් මෙන්ම එතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාදුන් පොරොන්දුවක් ඉටු කරමින් සමස්ත රටවාසීන්ගේම ගෞරවය හා ආදරය දිනාගත් අමරදේවයන් විසින් කළ සේවාව අනාගත පරපුර වෙත දායාද කිරීමේ අරමුණින් මෙම සංගීත අසපුව ඉදිකෙරේ.

ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා විසින් විශාරද නන්දා මාලනී මහත්මිය වෙත ද ඇරයුම් කිරීම සුවිශේෂි සිදුවීමක් විය.අමරදේව සංගීත අසපුව ඉදිකිරිමට අදාළ සිහිවටන ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ආසියාවේ නොඛෙල් ත්‍යාගය ලෙසින් සැලකෙන රමෝන් මැග්සසේ සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර එම සුවිශේෂී සම්මානය විමලා අමරදේවයන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය.ජනාධිපතිවරයා විසින් එම සම්මානය සහ සහතික පත් අදාළ සංරක්ෂණ කටයුතු සදහා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඉදිරියේදී කෞතුකාගාර අධ්‍යක්ෂ සනූජා කස්තුරිආරච්චි මහත්මිය වෙත භාරදෙනු ලැබීය.

අමාත්‍යවරුන් වනමංගල සමරවීර, එස්.බී. නාවින්න, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, ගාමිණි ජයවික්‍රම පෙරේරා, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලිගයන්න, කරුණාරත්න පරණවිතාන, රන්ජන් රාමනායක, යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු නිලධාරින් ද, කලාකරුවන්, විද්වතුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සහ විමලා අමරදේව මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය ධුරයන්ගෙන් ඉවත් කළ ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පෙරහර ආරම්භවීමට පෙර ආගමික වතාවත්වල නිරත විය. එහිදී බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියන් පිරිත් නූල් බැඳ දෙදෙනාටම ආශිර්වාද කළ අයුරු.

දෙසතියක් පුරා එජාපයට තිබූ ලොකුම හිසරදය වූයේ විජයදාස රාජපක්ෂය. ඔහු ඇමැති ධුරයෙන් නෙරපූ පසුව හිස් වූ බුද්ධ ශාසන ඇමැති ධුරයට පත් ගාමිණී ජයවික්‍රම පෙරේරා දිවුරුම් දුන් මොහොතේ ඔහු මෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහ ගෞරව භක්ති පූර්වකව ජනපතිවරයාට ආචාර කළේ මෙසේය.

ඡායාරූපය-  සුදත් සිල්වා

වසර 16 කට පසු දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය කාලසටහන් අත් පොතක් (Sri Lanka Railways Time Table)අද (25) දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථාන සාමාන්‍යාධිකාරී කාර්යාලයේ දී එළිදැක්විණි.

ඒ අද (25) විශ්‍රාමයන දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතාගේ සංකල්පයක් මත දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන්ය.

දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා,

“වසර 32 ක සේවා කාලය හා සාමාන්‍යාධිකාරි ලෙස වසර 5 ක සේවා කාලයේ දී දෙපාර්තමේන්තුවට හා මගීන් වෙනුවෙන් උපරිම සේවයක් කිරීමට හැකිවුණා. විවිධ හැල හැප්පීම් එක්ක සේවක මහතුන්ගේ ඉල්ලීම් ලබාදීමටද මට හැකිවුණා.

විශ්‍රාම යන අද(25) වසර 16 කට පසු දුම්රිය කාලසටහන් අත්පොතක් එළිදැක්වීමට හැකිවීම ලොකු සතුටක්.”

 වසර 4 කට ආසන්න කාලයක් සටන් කර පළවන පන්තියට නියාමකවරුන් 100 යකට උසස්වීම් ලබාදීම, දුම්රිය ස්ථාන 100 කට මහජන බැංකුවේ  මුදල් ලබාගැනීමේ ස්වයංක්‍රීය කාඩ්පත් යන්ත්‍ර (ATM) සවිකිරීමට හැකිවීම; යන ක්‍රියාවන් වලින් තමාට ලැබුණු තෘප්තිය විශ්‍රාමගියත් මතක සටහන් බවට පත්වෙන බව ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසීය.


 තමන්ට සහයෝගය ලබාදුන් දෙපාර්තමේන්තුවේ සියළුම දෙනාට ස්තුතිවන්ත වන බව  ඒ මහතා සිපිහත් කළේය.



නිමල්සිරි එදිරිසිංහ

 

අංගමැඩිල්ල රක්ෂිතයේ සැරිසැරූ සද්දන්තයෙකු දින ගණනාවක් තිස්සේ තුවාල ලබා රෝගාතුරව සිටින බවට ලද තොරතුරකට අනුව ඊයේ (23) ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරින් විසින් පරාක්‍රම සමුද්‍ර වැව් තාවුල්ලේදී එම හස්තියාට ප්‍රතිකාර කිරීම ආරම්භකර ඇත.
වනජීවී නිලධාරින් පැවසුවේ මෙම අලියා දළ ඇතෙකු සමග ඇති කරගත් ගැ‍ටුමකින් හොඩවැලට හා පාදයකට එල්ලවූ දළ පහර නිසා දැඩි ලෙස තුවාල ලබාගිලන් ව සිට ඇති බවයි.
කෙසේ වෙතත් මේ වනවිට ප්‍රතිකාර ලබා දීමආරම්භ කර ඇති බැවින් අලියා සුව අතට හැරෙමින් ඇතැයි ද තත්වය බරපතල නොවනු ඇතැයි දවනජීවී නිලධාරීහු කියති.
ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය සමීර කලිගුආරච්චි මහතා ඇතුළු නිලධාරින් එක්ව ප්‍රතිකාර ලබාදෙයි. ඡායරූප දැක්වෙන්නේ පරාක්‍රම සමුද්‍ර වැව් තාවුල්ලේ දී අලියාට ප්‍රතිකාර ඇරඹූ අන්දමයි.







ප්‍රියන්ත බණ්ඩාර - පොලොන්නරුව

වසරේ හොඳම ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියා රුක්මාල් ගමගේ  සංස්කෘතික  හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කළ රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී පැවැත්විණි. එහිදී වසරේ හොඳම ක්‍රීඩා හා ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූ ‍ලේක්හවුස් ආයතනයේ ඡායාරූප ශිල්පීි රුක්මාල් ගමගේ මහාචාර්ය සමන්ත හේරත් අතින් සම්මානය ගත් අයුරු. සංස්කෘතික කටයුතු ඇමැති එස්.බි. නාවින්න මහතාද ඡායාරූපවේ.

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3961

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3705

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6775

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4184

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2609

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3416

Please publish modules in offcanvas position.

Web Analytics