Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇත් දළ සොරුන් විසින් කෘර ලෙස ඝාතනය කරන ලද දළ පුට්ටුවා නමින් හැඳින්වෙන ඇතා සිහිපත් කරමින් සිදු කෙරෙන මතක බණක් සාංඝික දානයක් සහ දේව කන්නලව්වක් මෙම දෙසැම්බර් 8-9 යන දෙදින තුළ ගල්ගමුව උස්ගල සියඹලන්ගමුව වැව් පරිශ්‍රයේදී පැවැත්වේ.

අට වන සිකුරාදා රාත්‍රී 7ට දම් දෙසුම පැවැත්වෙන අතර පසුදා පෙරවරු 9ට වැව් ඉස්මත්තේදී සත්ව ඝාතන ඇතුළු වන අපරාධ වලට එරෙහි දේව කන්නලව්වක් ද ඉන් පසුව සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වෙනු ඇත.

මීට කලකට ඉහත ප්‍රවාහනය කරමින් සිටියදී අකල් මරණයකට ලක් වූ සියඹලන්ගමුව ඇතාගේ සිරුර මිහිදන් කොට ඇත්තේ ද මෙම වැව් පරිශ්‍රයේමය.

මෙම පිංකම සංවිධානය කරනුයේ අවට ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව උස්ගල සියඹලන්ගමුව ගම්වාසීන් විසිනි.

මෙහි ඡායාරූප වලින් දැක්වෙනුයේ ගල්ගමුවේ ඇතු ඡායාරූප ශිල්පින්ගේ කැමරා ඇසට හසුවූ අවස්ථා කිහිපයකි.





වසර සිය ගණනක් කොළඹ පාරවල් ශෝභාමත් කරමින් විරාජමානව වැජඹුණු මහ වනස්පතීහු ඉකුත් තිස්වැනිදා ‍පොළොවට පතිත වූවෝය. ඒ මුළු රටම කණපිට පෙරළා හමාගිය මහ සුළඟ සමග කළ සටනින් පැරදීය. ඡායාරූපයේ දැක්වෙන්නේ කොළඹ වෛද්‍ය පීඨය අසල මාර්ගය හරහා වැටී ඇති රූස්ස ගසක් කපා ඉවත් කරන අයුරුය.

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෝල්නුවර බ්ලූ හවුස් ජනාධිපති නිල නිවසේදී හමුදා උත්තමාචාර මැද පිළිගත් අයුරු.
 
ඡායාරූපය - සුදත් සිල්වා

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා අතර නිල හමුව හෙට දිනයේ සිදුවීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිබඳ සිය පැහැදීම පළ කරමින් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට ඊයේ දකුණු කොරියානු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි. 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තෙදින දකුණු කොරියානු රාජ්‍ය සංචාරයේ පළමු කටයුත්ත සනිටුහන් කරමින් සෝල් නුවර පෞරාණික බෞද්ධ විහාරස්ථානයක් වන ජොග්යේසා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ඊයේ (28) පස්වරුවේ එක් වූ අතර, සියලු දෙනා පුදුමයට පත් කරමින් කොරියානු ජනාධිපතිවරයා එහි පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන පෙර මග බලා සිටියේය. 
එහිදී  ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් කොරියානු ජනාධිපතිවරයා සිය නිල හමුව හෙට දිනට යෙදී තිබුණු ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මිත්‍රශීලී පිළිගැනීමක් දීමට තමා මෙහි පැමිණි බව කියා සිටියේය. 
මෙම නිහතමානී විශිෂ්ට පිළිගැනීම වෙනුවෙන් කොරියානු ජනාධිපතිවරයා වෙත සිය ස්තුතිය සහ ගෞරවය පිරිනැමූ ජනාධිපතිවරයා මෙම හෘදයාංගම මිත්‍රශීලිත්වය තම ජීවිතයේ සුවිශේෂී මතක සටහනක් බව ද සඳහන් කළේය. 
එමෙන්ම මෙය දකුණු කොරියානු ජනාධිපතිවරයා තුළ ශ්‍රී ලංකාවත් ඵහි ජනතාවත් පිළිබඳ ඇති ගෞරවය සහ පැහැදීම මනාව තහවුරු කරන්නක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 
තමන් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ගමෙන් පැමිණ නායකයන් ලෙස ජනාධිපතිධුරය දක්වා පැමිණියේ ඉතා දුෂ්කර ගමනක් බව සිහිපත් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා තමන් දෙදෙනාම අද ජනතාව වෙනුවෙන් ජනතාවාදී සේවයක් ඉටු කිරීමට කැපව සිටින බව සඳහන් කළේය. 
එමෙන්ම දෙරටට ‍පොදු තත්ත්වයන් රැසක් පවතින බව සඳහන් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා රටවල් දෙකම අධිරාජ්‍යවාදයට යටත්ව සිටි අතර, යුද අත්දැකීම්වලටද මුහුණ දී අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ රටවල් බව කියා සිටියේය. යුද ජයග්‍රහණයෙන් පසු ශීීඝ්‍ර සංවර්ධනයක් කරා පිය මනිමින් වංචාව හා දූෂණයට එරෙහිව සටන් කිරීමට ද රටවල් දෙකම කටයුතු කරමින් සිටින බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. 
මෙම තත්ත්වයන් තුළ රටවල් දෙක අතර සුවිශේෂී සබඳතා රැසක් ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවට දකුණු කොරියානු ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. 
දෙරටේ නායකයන් වෙත මෙහිදී සිය ආශිර්වාදය පළ කළ ජොග්යේසා විහාරස්ථානයේ ප්‍රධානී පූජ්‍ය ඉජධත බ්ඥධදඨ   හිමියන් නිහතමානි නායකයන් දෙදෙනකු ලෙස ජනාධිපතිවරු දෙදෙනාම තම රටවල් නිසැකයෙන්ම අභිවෘද්ධිය කරා ගෙන යනු ඇති බව සඳහන් කළේය. 
1913 අනගාරික ධර්මපාලතුමා විසින් ජොග්යේසා විහාරස්ථානයේ තැන්පත් කරන ලද සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාවක් ලැබිම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය සතුට පළ කළේය. 
අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රන්ජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරළ, හා මලික් සමරවික්‍රම යන මහත්ම මහත්මීහුද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිති. 

ඡායාරූපය - සුදත් සිල්වා 


ආණ්ඩුවේ ලොක්කන් ගහන පදයට නැටීම ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ සිරිතය. ඇමැතිවරුන් ගහන පදයට නැටීම ඔවුන් යටතේ සිටින ආයතන ප්‍රධානීන්ගේ වගකීමය. පදේට අනුව නටන්නේ නැතිව ‍පොළව ඇදයි කීවොත් කාට කාටත් වැඩ වරදින්නේය. නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා මේ ගහන්නේ එවැනි පදයක් නොවේ. පසුගිය 26 දා කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැති  “ The බෙර Fest”   තාල වාද්‍ය සැණකෙළියේ සමාරම්භක උත්සවයට එක්වුණු ඒ මහතා ඩ්‍රම්ස් වාදනයක නිරත වු අයුරුයි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් ඊයේ (26) එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ ඡන්ම දිනය සහ මහවිරු සතිය සමරා තිබේ.
ප්‍රභාකරන්ගේ හැට තුන්වැනි ජන්ම දිනය ඊයේට යෙදී තිබුණි.
 
ශානිකා මාධවී පීරිස්

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 747

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 357

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3463

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1961

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3955

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5045

Please publish modules in offcanvas position.