Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක ශ්‍රීමතාණන්ගේ 58 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පැවැත්විණි. 
ඒ හා සමගාමීව ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ  සහ දිවංගත අනුර බණ්ඩාරනායක මහතා ද ගුණ සිහි කෙරිණි. 
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීන් විසින් ප්‍රථමයෙන් සමාධියට පුෂ්‍පෝපහාර දැක්වූ අතර අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමාධියට මල් කළඹක්  තැන්පත් කර පුෂ්‍පෝපහාර දක්වනු ලැබිය. 
හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ද සමාධියට පුෂ්‍පෝපහාර දැක්වූහ. සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ  අද පෙරවරුවේ  උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ විසින් පිරිස පංචශීලයේ පිහිටු වූහ. 
අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක කොටුගොඩ ධම්මාවාස හිමියෝ විසින් පුණ්‍යානුමෝදනාව සිදු කළහ. 
පළාතේ මහා සංඝරත්නය ද, මැති ඇමැතිවරු ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ජනාධිපති මාධ්‍ය අංශය 

සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ඊයේ (21) රට පුරා පැවැති වෛද්‍ය වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහ‍ලේ බාහිර රෝගී අංශයේ  කොටසක් රෝගීන් නොමැතිව හිස්ව පැවැති මොහොතින් ප්‍රයෝජන ගනිමින් රෝහල් සේවිකාවක රෝගීන්ට වාඩිවීමට ඇති බැංකු සෝදා පිරිසිදු කළ අයුරු.

ඡායාරූප : මලිත් ගමගේ

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගි වී සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපති බිරිඳ ජයන්ති සිරිසේන මහත්මිය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  මහතා සහ මෙලානිය ට්‍රම්ප් මහත්මිය සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) අළුයම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72වන සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කළ අයුරු.


එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ශ්‍රී ලංකා වේලාවෙන් අද (18) උදෑසන නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි (John F Kennedy) ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් එරටට ළගා විය.
 
නිව්යෝර්ක් නුවර ජනපතිවරයා නවාතැන් ගන්නා හෝටලයේ දී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් විසින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.



IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3967

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3710

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6782

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4190

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2613

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3419

Please publish modules in offcanvas position.

Web Analytics