Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභාවාරය ඊයේ (03) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සාර්ක් කලාපීය රටවල කථානායකවරුන්, නියෝජ්‍ය කථානායකවරුන් සහ විදේශ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ. එම පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
 
ඡායාරූපය - ප්‍රියන්ත ගමගේ

ඩී. එස්. සේනානායක විදුහලට අවුරුදු 50 ක් පිරීම නිමිත්තෙන් පැවැති කලා උළෙ‍ලේදී ශ්‍රී ලංකාවේ සිංහල මාධ්‍ය පුවත්පත් අතරින් හොඳම සාහිත්‍ය අතිරේකයට හිමි සම්මානය ලක්බිම ඉරිදා සංග්‍රහය ට හිමිවිය. විදුහල්පති ආර්. එම්. එම්. රත්නායක මහතා අතින් ලක්බිම මංජුසාව අතිරේකයේ සංස්කාරිකා කත්‍යානා අමරසිංහ මහත්මිය එම සම්මානය ලබාගත් අයුරු.  
 
ඡායාරූපය : ෆ්‍රෑන්ක් ද සොයිසා

දකුණු ආසියානු කලාපයේ වැඩිම ඉල්ලුමක් ඇති දත්ත සම්ප්‍රේෂණ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවට හිමි ස්ථානය තවදුරටත් ඉහළ නංවමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී ආයතනය විසින් මාතර ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද SEA-ME-WE 5 මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ විවෘත කෙරිණි.

ශ්‍රීලංකාව වෙත 48 Tbps ක වේගයෙන් යුතු ගෝලීය බෑන්ඩ්විත් පරාසයක් හිමිකර දෙමින් අග්නිදිග ආසියානු, මැදපෙරදිග හා බටහිර යුරෝපීය කලාපයේ රටවල් 17 ක විදුලි සංදේශ සමාගම් රැසක සහභාගිත්වයෙන් ආරම්භකර තිඛෙන මෙම නවීන මුහුදු සංදාම පද්ධතිය ශ්‍රී ලංකා ආර්ථීකය ඩිජිටල් කරණ යුගයක් කරා පියවර තබමින් සිටින අවස්ථාවක ජාත්‍යන්තර සේවා සැපයූම් වඩා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක  සුවිශේෂී ව්‍යාපෘතියකි.

මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය මෙහිදී ගාල්ලේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර අනතුරුව ගාල්ලේ ස්ථාපිත රැහැන් ඩිපෝව සඳහා මුල්ගල් තැබීම ද ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් සිදුවිය.

අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය තාරානත් බස්නායක, දකුණු පළාත් අමාත්‍ය චන්දිම රාසපුත්‍ර යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් ද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





 

 

ජර්මනියේ ඩ්‍රස්ල්ඩ්‍රොෆ්ට් ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන ලද ශීල භාවනා වැඩසටහනක් සහ ධර්ම දේශනා මාලාවක් පසුගිය ඉරිදා පැවැත් විණි.

තල්පාවිල කුසලඥාණ සහ බොරැල්ලේ කෝවිද යන හිමිවරු මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.





 

අතීතයේ රැකියාවන්ට යන උදවිය මෙන්ම ගමන් බිමන් ගිය අයද බත්මුල් බැඳගත්තේ කෙසෙල් කොළයේය.පසුකාලීනව භාවිතයට පැමිණි බත් ඔතන කොළ නොහොත් ලන්ච් ෂීට් හමුවේ සමාජයට කෙසෙල් කොළය මුළුමණින්ම අමතක වූවේය. එහෙත් ලන්ච් ෂීට්වල ආයුෂ ලබන ජනේරුවේ ස්ථිර ලෙසට නිමවන්නේය. ඒ රජය පනවා ඇති ‍පොලිතින් තහනම නිසාය. කලක් අමතක කර දැමූ කෙසෙල් කොළය පදික වේදිකාවේ අලෙවි වන  තරමට ඉල්ලුමක් මතුව ඇත්තේ එකී තහනම නිසාය.


පළාත් පාලන සහ පළාත් සභා සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබුවේ වැරදි ක්‍රමයකට බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත්. එන් සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවැරීම සඳහා පැමිණි අයුරු

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4641

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4251

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7377

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4646

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2975

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3783

Please publish modules in offcanvas position.

Web Analytics