Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස එල්.ටී.බී දෙහිදෙණිය මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
 
අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ද මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඡායාරූප :සුදත් සිල්වා

මෙවර තෛ‍පොංගල් දිනය වතුකරයේ ජනතාව හින්දු ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් උත්සවශ්‍රීයෙන් ඊයේ (14) පෙරවරුවේ සමරනු ලැබූහ. මස්කෙළිය හා කොටගල ප්‍රදේශයේ ජනතාව ශ්‍රීමුත්තුමාරි අම්මන් හින්දු කෝවි‍ලේදී තෛයි‍පොංගල් දිනය සමරනු ලැබූ අයුරු.
 
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය

ඉස්සර නම් වැල්වල වැනුවේ රෙදිය. ඒත් දැන් දැන් රෙදි වැල්වල රෙදි වෙනුවට ලන්ච් ෂීට්ද වනති. ඒ මීට දවස් පහළොවකට පෙරදී මෙන් නොව දැන් ලන්ච් ෂීට් ගණන් නිසාය. ලන්ච් ෂීට් ගණන් ගියේ පසුගිය පළමුවැනිදා සිට නොදිරන ‍පොලීතින් භාවිතය නීතියෙන්ම තහනම් කළ නිසාය. කොළඹ සේදවත්ත පැත්තේ මේ යුවතිය තමන් වරක් පාවිච්චි කළ කෑම කොළය ඉස්සර මෙන් ඉවත නොදා සෝදා වැ‍ලේ වනන්නේ යළිත් හෙට දවසේත් ප්‍රයෝජනයට ගැනීම සඳහාය.

ඡායා: ප්‍රියන්ත ගමගේ

රටේ බලයත්, ගමේ බලයත් නිදහසට තේමා කරගනිමින් ක්‍රියාත්මක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානය හෙවත් නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) පස්වරුවේ පුංචි බොරැල්‍ලේදී විවෘත කෙරුණි.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ පුංචි බොරැල්‍ලේ පිහිටි දේශපාලන කාර්යාල පරිශ්‍රය තුළ මෙම මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපිත කර තිබේ.
මෙමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ කටයුතුවල මාධ්‍ය වැඩසටහන් සංවිධානය කෙරෙන අතර ජනමාධ්‍යවේදීන්ට නොමි‍ලේ වයිෆයි පහසුකම්ද මෙම මාධ්‍ය කේන්ද්‍රය තුළ ලබාදී තිබිම විශේෂත්වයකි.


පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමතන ප්‍රධාන ජනරැලි 54 ක්, ප්‍රධාන ආසන රැස්වීම් 480 ක්, ග්‍රාමසේවා වසම් රැස්වීම් 14021 ක් සහ අපේක්ෂක රැස්වීම් 46870 ක් සමගින් සමස්ත රැස්වීම් 61425 ක් ඉදිරි දිනවල දීප ව්‍යාප්තව පැවැත්වෙන බව මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය කමිටු ‍ලේකම් තිලංග සුමතිපාල මහතා පැවැසීය.

මනාප ක්‍රමයට තිත තබමින් කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලබාදුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව මෙහිදී පැවැසූ තිලංග සුමතිපාල මහතා රට තුළ ශීලාචාර දේශපාලන සදාචාරයක්, විනයගරුක සමාජයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා ලබාදෙන මගපෙන්වීම තුළ පළාත් පාලන මැතිවරණයේ සියලු කටයුතු ක්‍රියාත්මක කරන බවද තිලංග සුමතිපාල මහතා පැවැසීය.

මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරමින් නිදහස් යුගයක් නම් වූ වබේ අඩවිය අන්තර්ජාලයට මුදා හැරීමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදුවිය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ‍ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්. බි. දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු ප්‍රධාන නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


පානුක රාජපක්ෂ
ඡායාරූපය: මලිත් ගමගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 119 වැනි ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උළෙලක් අද (08) පෙරවරුවේ ගාලූමුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියස දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පළමුව බණ්ඩාරනායක පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ඇතුඑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇතුඑ පවුලේ ඥාතීන් ද  මේ අවස්ථාවට එක්ව සිටියහ.



මෙය 2009 මැයි 18 වැනිදා යුද්ධය අවසන් කරන්නට පෙර ගත් ඡායාරූපයක් නොවේ. ‘ලක්බිම’ ඡායාරූප ශිල්පියා විසින් පසුගිය සිකුරාදා දහව‍ලේ කොළඹදී ගත් එකකි. යුද්ධය අවසන් කළ රටක මනෝ ගනේෂන් ඇමැතිවරයාට මෙසේ විශේෂ කාර්ය බළකායේ  ප්‍රභූ ආරක්ෂක රැකවල් මැද එළියට බහින්න  සිද්ධ වී ඇත්තේ  දේශපාලනඥයකුගේ බලයෙන් වැජඹෙන කොළඹ පාතාලයට බියේය. මෙයින් අපට නම් තේරෙන්නේ යුද්ධය අවසන් කළ රටකට පාතාලය මර්දනය කිරීමට නොහැකි වී ඇත්තේ දේශපාලනය නිසා බවය. 
 
ඡායා: නිමල්සිරි එදිරිසිංහ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1952

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1056

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5012

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2882

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4965

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6184

Please publish modules in offcanvas position.