Coss Ear2
lakbima.lk
COSS Ear 1

රිෂාඩ් බදුර්දීන් හා ඉස්බුල්ලා යන අමාත්‍යවරුන් සහ පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් කොළඹ නගරසභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාත් සාලි යන අයවළුන් අන්තවාදය ජාතිවාදය ආගම් වාදය හා ත්‍රස්තවාදය  ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බැවින් එම ප්‍රකාශය 2007 අංක 50 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (I.C.C.V.R) පණතේ අංක 03 වගන්තිය මෙම ප්‍රකාශ අනුව උල්ලංඝණය වන බැවින් මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරණ ලෙස ඉල්ලා බොදුබලසේනා සංවිධානය ඇතුළු ජාතික සංවිධාන එකමුතුව (23) පස්වරුවේ පොලිස්පති කාර්යාලයට භික්ෂූන්වහන්සේලා හා ගිහිපිරිස් පැමිණිළි රැසක් ඉදිරිපත් කෙරිණි.

රට ජාතිය අගාම හා දූෂණයට එරෙහිව හඬක් නගන බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පමණක් මෙම වගන්ති අනුව අත්අඩංගුවට ගැනීමට වෑයමක් ඇති බව පවසමින් මුකවාඩම් පැලඳි භික්ෂූන්වහන්සේලා හා තරුණ පිරිසක් පොලිස්පති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝදතාවයක යෙදුණි.





සටහන හා ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ{jcomments on}

ලංකාපටුන විහාරස්ථානය සඳහා ගමන් කිරීමට ලංකාපටුන කලපුව හරහා ඉදිකෙරුණු නව පාලම පෙරේදා (20) පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.
මීටර් 150 ක දිගින් යුත් නව පාලම මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදිකර තිබේ.
 
ඡායාරූප: ජනාධිපති මාධ්‍ය අංශය

තමාගේ වෘත්තිය නිසා ජීවිතය අවදානමේ තබාගන්නා දෙපිරිසක් සිටිති. එක් පිරිසක් සොල්දාදුවෝය. අනෙක් පිරිස මාධ්‍යවේදියෝය. එහෙත් ජේ. ආර්. ජයවර්ධන ජනපතිවරයා කීයේ තමාගේ ආරක්ෂාව තමාම සපයා ගත යුතු බවය. ජේ. ආර්. කියූ කතාව පසක් කරවන මේ කදිම ඡායාරූපය හමුවූයේ සයිටම් විරෝධී සිසු රැලියට එල්ල වූ කැරලි මර්දන ප්‍රහාරයේදීය. එහි පින්තූර ගන්නට ආ ඡායාරූප ශිල්පී සජීව චින්තක කහඳගමගේ ගෑස් මුහුණක් පැළඳගෙන සිටියේ තමාට තමා මිසක් වෙන සරණක් නැති නිසා වෙන්නැති.

අදට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝපහාර දැක්වීම අද (19) උදෑසන 09.00 ට වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සිදු කෙරුණි. මෙම උළෙලට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එහිදී, නාවික හමුදාධිපතිතුමන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වා සිය ආචාරය පුද කරන ලදී. ඉන් අනතුරුව විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පවත්වා අප මාතෘ භූමියේ නිදහස හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරන ලද නාවික රණවිරුවන්ට ආචාරය පුද කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා,  නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ ‍ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ බටහිර නාවික විධානය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මෙන්ම නාවිකයන් විශාල පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ. අද දින මෙම සැමරුම් උළෙල පැවැත්වූයේ 8 වන වරටය.










කොළඹ ප්‍රදේශයට අද (18)දින දහවල් ඇතිවු අධික වැස්ස සමඟ දැඩි සුළං ඇතිවීමේන් ගාලුමුවදොර ඉදිකෙරෙන වරාය නගරය ආවරණය වන පරිදි ඉදිකර තිබූ යකඩවැට විනාශවී ඇති අයුරු.

නිමල්සිරි එදිරිසිංහ

පසුගිය 9 වන දින පිළියන්දල නගරයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට එල්ල කරන ලද සන්නද්ධ ප්‍රහාරය හේතුවෙන් බරපතල ලෙස තුවාල ලද එම ස්ථානයේ රැදී සිටි සිවිල් පුද්ගලයින්ගේ සුවදුක් විමසීම සඳහා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද දින කළුබෝවිල කොළඹ දකුණු රෝහල වෙත ගොස් එහි ප්‍රතිකාර ලබන කුඩා දරුවන් දෙදෙනාගේ සුවදුක් විමසීමට කටයුතු කරන ලදී.

මෙහිදී කුඩා දරුවන් දෙදෙනාට අවශ්‍ය ප්‍රතිකාර හා පහසුකම් සම්බන්ධව ඔහුන්ගේ ඥාතින් මුණ ගැසී කරුණු විමසීමට පොලිස්පතිතුමා ක්‍රියා කල අතර අවශ්‍ය පහසුකම් ශ්‍රි ලංකා පොලීසිය මගින් සැපයීමට කටයුතු කර ඇත.



 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4094

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2707

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3775

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2281

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7523

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4636

Please publish modules in offcanvas position.