Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලංකාපටුන විහාරස්ථානය සඳහා ගමන් කිරීමට ලංකාපටුන කලපුව හරහා ඉදිකෙරුණු නව පාලම පෙරේදා (20) පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.
මීටර් 150 ක දිගින් යුත් නව පාලම මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදිකර තිබේ.
 
ඡායාරූප: ජනාධිපති මාධ්‍ය අංශය

තමාගේ වෘත්තිය නිසා ජීවිතය අවදානමේ තබාගන්නා දෙපිරිසක් සිටිති. එක් පිරිසක් සොල්දාදුවෝය. අනෙක් පිරිස මාධ්‍යවේදියෝය. එහෙත් ජේ. ආර්. ජයවර්ධන ජනපතිවරයා කීයේ තමාගේ ආරක්ෂාව තමාම සපයා ගත යුතු බවය. ජේ. ආර්. කියූ කතාව පසක් කරවන මේ කදිම ඡායාරූපය හමුවූයේ සයිටම් විරෝධී සිසු රැලියට එල්ල වූ කැරලි මර්දන ප්‍රහාරයේදීය. එහි පින්තූර ගන්නට ආ ඡායාරූප ශිල්පී සජීව චින්තක කහඳගමගේ ගෑස් මුහුණක් පැළඳගෙන සිටියේ තමාට තමා මිසක් වෙන සරණක් නැති නිසා වෙන්නැති.

අදට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝපහාර දැක්වීම අද (19) උදෑසන 09.00 ට වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සිදු කෙරුණි. මෙම උළෙලට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එහිදී, නාවික හමුදාධිපතිතුමන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වා සිය ආචාරය පුද කරන ලදී. ඉන් අනතුරුව විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පවත්වා අප මාතෘ භූමියේ නිදහස හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරන ලද නාවික රණවිරුවන්ට ආචාරය පුද කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා,  නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ ‍ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ බටහිර නාවික විධානය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මෙන්ම නාවිකයන් විශාල පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ. අද දින මෙම සැමරුම් උළෙල පැවැත්වූයේ 8 වන වරටය.










කොළඹ ප්‍රදේශයට අද (18)දින දහවල් ඇතිවු අධික වැස්ස සමඟ දැඩි සුළං ඇතිවීමේන් ගාලුමුවදොර ඉදිකෙරෙන වරාය නගරය ආවරණය වන පරිදි ඉදිකර තිබූ යකඩවැට විනාශවී ඇති අයුරු.

නිමල්සිරි එදිරිසිංහ

පසුගිය 9 වන දින පිළියන්දල නගරයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට එල්ල කරන ලද සන්නද්ධ ප්‍රහාරය හේතුවෙන් බරපතල ලෙස තුවාල ලද එම ස්ථානයේ රැදී සිටි සිවිල් පුද්ගලයින්ගේ සුවදුක් විමසීම සඳහා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද දින කළුබෝවිල කොළඹ දකුණු රෝහල වෙත ගොස් එහි ප්‍රතිකාර ලබන කුඩා දරුවන් දෙදෙනාගේ සුවදුක් විමසීමට කටයුතු කරන ලදී.

මෙහිදී කුඩා දරුවන් දෙදෙනාට අවශ්‍ය ප්‍රතිකාර හා පහසුකම් සම්බන්ධව ඔහුන්ගේ ඥාතින් මුණ ගැසී කරුණු විමසීමට පොලිස්පතිතුමා ක්‍රියා කල අතර අවශ්‍ය පහසුකම් ශ්‍රි ලංකා පොලීසිය මගින් සැපයීමට කටයුතු කර ඇත.



බෙයිජිං නුවර පැවැත්වෙන  “එකම තීරයක් – එකම මාවතක්” මහා සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, බෙයිජිං නගරයේ දේශපාලනික උපදේශක සම්මේලනයේ ස්ථාවර සභාවේ උප සභාපති ලී ඡෙංයු (Li Changyou), ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන්ලියැං (YI Xianliang) සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුලූ තානාපති කාර්යාලීය නිලධාරීන් විසින් කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පිළිගෙන කැදවා ගෙන ආ අවස්ථාව.


 

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1492

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1771

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3031

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1616

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1941

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3515

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click