Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පසුගිය දවසක පුද්ගලයන් තිදෙනෙක් හා කාන්තාවක් කේරළ ගංජා කිලෝ හතරක් සමග ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ  විශේෂ මෙහෙයවීම් ඒකකයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූහ. අත්අඩංගුවට පත් ගංජා තොගය රුපියල් ලක්ෂ දහතුනක් පමණ වටින්නේ යැයි කියති. මේ ගංජා තොගය රටට ගෙනා ජාවාරම්කරුවෝ නීතියේ රැහැනින් බේරීමට ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට රුපියල් ලක්ෂ තුනක පගාවක් දුන්නෝය. ඒත් රාජකාරියේ අභිමානය ලක්ෂ කීපයකට තරම් පාවා නොදුන් එම නිලධාරීහු මුදල්ද සමග තමන් මුදලට ගැනීමට උත්සාහ කළ අයද අත්අඩංගුවට ගත්තෝය. මේ ප්‍රසිද්ධියේ අතුරා ඇත්තේ ජාවාරම්කරුවන්ගේ වැරදුණ කුරුමානමය.

ඡායාරූපය: නිමල්සිරි එදිරිසිංහ

ජාතික දීපවාලි උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙම 18 වනදාට යෙදෙන දීපවාලී උත්සවය උත්සවශ්‍රීයෙන් සැමරීමට ලොව පුරා හින්දු බැතිමත්හු සූදානම් වෙති. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් උත්සවය පැවැත්වුණු අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහ සම්භාවනීය අමුත්තෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කුකු‍ලේ ගඟ පිටාර ගැලීමෙන් බදුරලිය පාලින්ද නුවර ප්‍රදේශයේ ජනතාව ඔරුවලින් සිය ගමන් බිමන් යන අයුරු.                                    

ඡායාරූපය  - සමන් කෙලින්කන්ද (බදුරලිය)

‘සීතාවක රාජසිංහයන්ට සිදුවූ ඵෙතිහාසික අසාධාරණය’ යන මැයෙන් විද්වත් කතිකාවක් ඔක්තෝම්බර් 14වෙනි සෙනසුරාදා පෙරවරු 09.00ට අවිස්සාවේල්ල, ශාන්ත මරියා විද්‍යාලීය ප‍්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී.කුලතුංග, ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ඇතුළු විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම කතිකාවේ මුඛ්‍ය දේශනය පවත්වන ලද්දේ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ විසිනි. ලෝක බෞද්ධ සංසදයේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතා විශේෂ ආරාධිතයා වශයෙන් සහභාගී වූ මෙම කතිකාව ඉදිරිපත් කරන ලද්දේ අවිස්සාවේල්ල මානියම්ගම සීතාවක උරුමය තොරතුරු මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් සීතාවක පුරාවිද්‍යාත්මක හා ඵෙතිහාසික උරුමය සුරකීමේ සංවිධානය විසිනි. 




සටහන සහ ඡායාරූප - සහන් සංකල්ප සිල්වා

මීට වසර කිහිපයකට පෙර පෙළපාළි, උද්ඝෝෂණ, විරෝධතා මේ සියල්ල තිබුණේ ලිප්ටන් වටරවුමේය. ලිප්ටන් වටරවුමේ ඒ අභිමානය අද වන විට කොල්ලුපිටිය වටරවුම උදුරාගෙන හමාරය. සයිටම් විරෝධතා හේතුවෙන් මාස නවයක් තිස්සේ වසා දමා ඇති රජයේ වෛද්‍ය පීඨ සිසුවෝ හැමදාමත් උද්ඝෝෂණ පෙළපාළිි හමාර කළේ අගමැති සිටිනා අරලියගහ මන්දිරය පිහිටි මේකී කොල්ලුපිටියෙනි. මේ නිසාම දැන් ඒ ප්‍රදේශයට සටන්පාඨ, කඳුළු ගෑස්, ජලප්‍රහාර හොඳහැටි හුරු පුරුදුය. ඒ නිසාම දැන් ඒ අවට ජනතාව සිටින්නේ කඳුළු ගෑස්, ජල ප්‍රහාරවලට සූදානමිනි. පසු ගිය 10 වැනිදා ද සයිටම් විරෝධී රැලියක් එහි පැවැත්විනි. කොල්ලුපිටිය හන්දියේම  ඇති ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ආරක්ෂක නිලධාරීන් පෙර සූදානමින් යුතුව කඳුළු ගෑස් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගෑස් මුහුණු පැළඳ සිටියේ මේ අයුරිනි.

ඡායාරූප: මලිත් ගමගේ

ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය විසින් 17 වන වරට සංවිධානය කරන ලද Construct - 2017 ප්‍රදර්ශනය වෙනුවෙන් Wates Edge හි පවත්වන ලද "Construct - 2017" Exhibition" සඳහා සහභාගි වූවන් ඇගයීමේ සම්මාන උළෙ‍ලේදී හොඳම විශේෂ පුවත්පත් අතිරේකය සහ මාධ්‍ය ආවරණය වෙනුවෙන් ප්‍රදානය කරන ලද සම්මානය මෙවරද ලක්බිම දැන්වීම් අංශයට හිමිවිය. 2012 සිට අඛණ්ඩව වසර පහක් හිමිකරගත් මෙම සම්මානය මෙවරද දැන්වීම් කළමනාකරු නිශ්ශංක කුරුකුලසූරිය මහතා ලබාගත් අයුරු.
IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2487

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1633

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 872

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1895

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5535

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3472

Please publish modules in offcanvas position.

Web Analytics