Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඊශ්‍රාලය ලොව සුවිශෙෂී රටක් වන්නේ ඒබ්‍රාම් තුන් දරුවන් වන යුදෙව් දහම, ඉස්ලාම් දහම හා කිතුණු දහම ලොවට දායාද කළ නිජබිම ලෙස පවතින ඓතිහාසික පිළිගැණිම නිසයි. මෙහි අගනුවර වන ටෙල්අවි නගරයේ ප්‍රධාන ජන ගහනය යුදෙව් ජාතිකයන්ය.ජෙරුසලම ප්‍රධාන ශුද්ධ නගරයේ එක් කොටසක ප්‍රධාන යුදෙව් ආගමික දේවස්ථානය ද, තවත් කොටසක ප්‍රධාන ඉස්ලාම් ආගමික දේවස්ථානය  ද, තවත් කොටසක කතෝලික දේවස්ථානය ද පිහිටා ඇත. ලොව පුරා දහස් ගණනක් ඒ ඒ බැතිමතුන් දිනපතා මෙම ස්ථානවලට අපමණ භක්තියෙන් යුතුව සිය ජීවන බලාපොරොත්තු අරමුණු කර ගනිමින් යාඥා කිරීම  සඳහා පැමිණෙති.

මෙහි ශ්‍රීලාංකික ජනගහනය 15000 කට අධිකය. ඔවුහු බොහෝ දෙනා සාත්තු සේවාවන් සඳහා නීත්‍යානූකූලව පැමිණි අය වෙති.මේ බොහෝ දෙනා තාවකාලිකව රැකියා වලට පැමිණි අය වුවද තම සංස්කෘතිය ආගම හා ශ්‍රීලාංකික අනන්‍යතාව රැක ගැණීමට බලවත් ලෙසම කැමැත්තක් දක්වති.කාලයක් තිස්සේ බෞද්ධ විහාරයක් ගොඩනංවා ගැණීමට උත්සාහ ගත්තද විවිධ භෞතික බධාවන් නිසා එය අඩපණව තිබූණි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා බෞද්ධ විහාරයේ අචාර්ය තවලම ධම්මික නාහිමි මග පෙන්වීමෙන්,  ඊශ්‍රාලයේ වසන, චන්ද්‍රා වැළිමළුව, රෝහනපත්මසිරි, රෝහිත, නලින්, සම්පත්, රන්ජන් කුමාර, ශ්‍රියානි,වසන්ති ,කුමාරි,නාලිකා රේණුකා, ප්‍රසාද්, ලාල්,පහන්,සමාධි,වරුනි, අකිල,සංගීතා,රේකා,ශිරාණි ශිර්කා  ප්‍රදීප් ,ප්‍රෙමා මහත්ම මහත්මීන්  ප්‍රධාන සංවිධායක මඩුල්ලකගේ බලවත් උනන්දුවෙන් මෙවර වෙසක් පොහොය දා ටෙල්අවි අගනුවර ප්‍රධාන ශාලාවක  දාන සීල භාවනා විශේෂවැඩ සටහනක් ඉතාම සාර්ථකව සිදු කෙරිණ. මෙම වැඩසටහනින් පසුව පැවැති සාක්ච්ඡාවෙදී ගණු ලැබූ සාමුහික තීරණය වූයේ වහ වහාම අළුත් මුහුණුවරකින් විහාරස්ථානය ආරම්භකිරීමට කටයුතු සම්පාදනය කළ යුතු බවයි .

මෙම උත්සවය සඳහා එංගලන්තයේ සිට වැඩම කළ අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමි ශිෂ්‍යවරයෙකුවූ පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මංගල හිමියන්ට මෙම නව විහාරස්ථානයේ ආගමික කටයුතු කරගෙන යාම සඳහා උන්වහන්සේගේ ද කැමැත්ත පරිදි ගෞරවයෙන් ආරාධනා කරණ බවයි.

පැමිණි සිටි සියළු දෙනාගේ බලවත් ප්‍රසාදය ට එය භාජනය වූ අතර, මෙවර පොසොන් උත්සවයජුනි 10-11 දිනවල ජෙරුසලම නගරයේ දී , පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට තීරණය කෙරුණු අතර මෙම කාලය තුළ විහාරස්ථානයට ගැලපෙන නිවසක් සොයා ගැණිමට ද සියළු දෙනාම උත්සාහ දරණ බවට එකඟතාවය පළවිණ. ඒ අනුව යථාකාලයෙදී ටෙල් අවි අගනුවර ශ්‍රීලංකාවට ගෞවරයක් ලබා දෙමින්     ‘ඊශ්‍රාල් බෞද්ධ විහාරය’ මෙම ශුද්ධ භූමියෙහි දී ආරම්භ කිරීමට කට යුතු කෙරෙණු ඇත. මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඊශ්‍රාල් ජාතික බෞද්ධ පිරිස ද බොහෝය.

මෙවර එහි වැඩම කළ භික්ෂූන්වහන්සේලාට ආවාස පහසුකම් සැලසුවේ ද ඊශ්‍රාල් ජාතික බෞද්ධ මහතෙකුවන මෝඩි මහතාගේ නිවසෙහිය.

ඉතා උත්කර්ෂවත්ව සකසන ලද ශාලාවක දී දවස පුරාම පැවති මෙම වෙසක් උළෙල දා  විශාල පිරිසක් සිල් සමාදන් වූ අතර ශ්‍රීලංකාව වෙනුවෙන්, ඊශ්‍රාල් ශ්‍රි ලංකා තානාපති සෙල්වරාජ් මහතා ප්‍රධාන නිලධාරී පිරිසක් ද සහභාගීවුණු අතර, තානාපති තුමන් විසින් චාරිත්‍රානූකූලව පොල් තෙල් පහන දල්වා උත්සවය ආරම්භ කෙරුණි. මෙම නව වැඩ පිළිවෙළ සඳහා තානාපති කාර්යාලය වෙනුවෙන්, ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් ලබා දිය හැකි හැම සහයක්ම උපරිමව ලබා දීමට එතුමන්ගේ කැමැත්ත පළ කෙරිණ.

උත්සවයේ නිවේදන කටයුතු සම්පත් බණ්ඩාර මහතා සිදු කළේය.මෙම අවස්ථාවට ඊශ්‍රාල් ජාතික පඤ්ඤානන්ද හිමියන් ද සහභාගීව දේශනයක් ද සිදු කළහ.

වත්මන් රජයේ නව නියෝජ්‍ය ඇමති සහ රාජ්‍ය ඇමති පදවි සඳහා මතු දැක්වෙන අයුරින් ප්‍රදානය කර ඇති බව රජය සඳහන් කරයි.

හර්ෂ ද සිල්වා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති

එරාන් වික්‍රමරත්න - මුදල් රාජ්‍ය ඇමති

පාලිත රංගේ බණ්ඩාර -  වාරිමාර්ග රාජ්‍ය ඇමති

වසන්ත සේනානායක - විදේශ කටයුතු රාජ්‍ය ඇමති

ලක්ෂ්මන් යාපා අබේවර්ධන - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති

කරු පරණවිතාන -  නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමති

රන්ජන් රාමනායක  - සමාජ සවිබලගැන්වීම් හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය ඇමති

ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය

අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැළසීම සඳහා සහනාධාර රැගත් පාකිස්තානු නාවික හමුදාවට අයත් සුල්ෆිකර් නෞකාව ඊයේ (30) සවස කොළඹ වරාය‍ට සේන්දු විය.

නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් ෆයිසාල් ජාවිඩ් මහතා කටයුතු කරනු ලබන අතර, එහි නැව් මුළුව නිලධාරීන් 46 දෙනෙකුගෙන් සහ නාවිකයන් 241 දෙනෙකුගෙන් සමන්විත වේ. ආපදා සහන සැළසීම සඳහා වෛද්‍ය කණ්ඩායම් 3 ක්ද නෞකාව සමග පැමිණ ඇත. වියලි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල් සහ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් නෞකාව මගින් දිවයිනට රැගෙන එන ලදී.

මෙම නෞකාව පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, ශ්‍රී ලංකාවේ පාකිස්තානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහ්මඩ් ඛාන් සිප්රා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

සහනධාර රැගත් මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ දෙරටේ නාවික හමුදාවන් අතර පවතින අන්තර් සහයෝගීත්වය මනාව පිළිබිඹු කිරීමක් වශයෙන් හැදින්විය හැක.






ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින් වාර්ෂිකව සිදු කරණ සංස්කෘතික  අංග ඇතුලත්  උත්සවය මෙවරත්  පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි  පැරිස් නගරයේ බුවාද වැන්සන්හි පිහිටි විහාරස්ථානයේදී දී පැවැත්වුණි.

10නමකට ආසන්න භික්ෂූ මහා සංඝයා වෙනුවෙන් පිණ්ඩපාතය පූජා කිරීම උදේ කාලයේ පවැත්වූ අතර සවස 2ට සධාතුක කරඩුව පෙරටු කරගත් පෙරහැර පැවැත්වුණි. බෞද්ධ කොඩිය එසවීමෙන් පසු ආරම්භවූ උත්සවයට ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා සහභාගී වූහ. තෙසැත්තෑ ඤණ පූජාව උත්සවයෙන් පසු පැවැත්වුණු අතර පූජ්‍ය ඇල්ලෙවැවේ ආනන්ද හිමියන් එම පූජාව මෙහෙයවන ලදි.

මෙම උත්සවයට ප‍්‍රංශයේ ජේතවනවිහාරාධිපති ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය මුරුංගගස්යායේ ඤණිස්සර නාහිමි, පූජ්‍ය මාපලගම ජිනානන්ද හිමි, පූජ්‍ය කැන්දවින්නේ රාහුල හිමි, පූජ්‍ය යටිහන විමලබුද්ධි හිමි, පූජ්‍ය හපුගොඩ සුබෝධ හිමි,  පූජ්‍ය කෙම්පනේ අනුරුද්ධ හිමි සහ  පූජ්‍ය කෙටපොල සුමේධ හිමියන්ද සහභාගී වූහ. භක්ත ගී වැඩ සටහන මෙහෙයවන ලද්දේ කපිල මහමුහන්ද්රම් මහතා විසිනි.







{jcomments on}

නාවික හමුදාව මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, පිටබැද්දර පාලමේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් වල නිරත විය. 

මාතර  දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ සියඹලාගොඩ රොටුඹ, පස්ගොඩ  යා කරන පිටබැද්දර පාලමේ යට කොටස, පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල වශයෙන් අපද්‍රව්‍ය සහ දැව කඳන්සිරවී ජලය බැස යාමට නොහැකි තත්ත්වයට පත් වී ඇත.

එම  හේතුව නිසා ඊයේ (28) රාත්‍රී වන විට නිල්වලා ග‍ඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් අකුරැස්ස අවට ප්‍රදේශයට‍ තව දුරටත් ජල ගැලීමේ අවධානමක් පැවතිණි.

මෙම අවධානම් තත්ත්වය සැළවූ විගස ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට සහ මැරීන් බලකායට අනුයුක්ත නාවික පුද්ගලයින් 71දෙනෙකු ද කිමිදුම් අංශයේ නාවිකයින් 6 දෙනෙකු ද එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. 





නාවික හමුදා මාධ්‍ය ඒකකය

ගංවතුර අධික වර්ෂාව නිසා අැතිවූ ගංවතුර හා නාය යාම් තත්වය ඉහල අහසට දිස්වූ අයුරු සහ ගුවන් හමුදා සහන කණ්ඩායම් අාපදාවට ලක්වූවන් බේරාගත් අයුරු

 

ඡායාරූප - ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ඈදුණු පුවත්

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි

එකොලොස්වන පුවත - මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

දොලොස්වන පුවත - බුලත්සිංහල නායගිය ස්ථානයෙන් මළ සිරුරු 9ක්

දහතුන්වන පුවත -  බෙල්ලන මරණ එකොළහක් - කොළඹට ගංවතුර අවදානමක්

දහහතරවන පුවත - කළුතර - රත්නපුර 67 ක් මියයයි

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2462

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2403

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3912

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4448

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5279

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click