Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මෙරට ප්‍රථම රූපවාහිනී නාලිකාව වන ස්වාධීන රූපවාහිනී සේවයේ 38 වන සංවත්සරයට සමගාමීව එහි ඉදිකෙරුණු නව පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.
අනතුරුව ජනාධිපතිවරයා එහි විකාශන මැදිරි නිරීක්ෂණයක යෙදුනි. මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩබලන සභාපති සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් එක්ව සිටියහ. {jcomments on}

රුසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘නඩේස්ඩා’ සුහද සංචාරයක් සඳහා අද (14) කොළඹ වරායට සේන්දු විය.

තවද නෞකාවේ කාර්යය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ඡායාරූප ශිල්පය පිළිබඳ ප්‍රදර්ශණයක් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා රුසියානු තානාපති අතිගරු ඇලෙක්සැන්ඩර් කර්චාවා මහතා විසින් විවෘත කිරීමට නියමිත වේ. ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල , රුසියානු ආරක්ෂක උපදේශක කර්නල් දිමිත්‍රි ඒ මිකායිලොවිස්කි හා තවත් නිලධාරින් මේ සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

මෙම නෞකාව මෙරට රැඳී සිටින අතරතුර මෙම මස 15,16 හා 17 වන තෙදින පුරා පාසැල් ළමුන් සඳහා විවෘත කිරීමට සූදානම් කර ඇත. තවද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සහ ක්‍රීඩා ඉසව් සඳහා මෙම නෞකා කාර්ය මණ්ඩලය සහභාගී වීමට නියමිතය.

මෙයට වසර 200කට පමණ පෙර රුසියානු නාවිකයන් වන ඉවාන් කෲසෙන්ෂ්ටර්න් සහ යූරි ලිසියෑන්ස්කි ගේ නායකත්වය යටතේ ලොව වටා සංචාරය කළ ‘නඩේස්ඩා’ නෞකාව සිහිවීම පිණිස එම නමින්ම කුඹ ගස් තුනකින් සමන්විත  මෙම නෞකාව නම් කර ඇත.




තන්තිරිම‍ලේ ප්‍රදේශයේ පිරිවෙන්වල ඉගෙනුම ලබන සාමණේර හිමිවරුන් 31 නමකට රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් ‍පොත් කට්ටල ප්‍රදානය කිරීමේ උත්සවයක් ‍පොසොන් ‍පෝදා පැවැත්විණ.

තන්තිරිමලය රජමහ විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක තන්තිරිම‍ලේ චන්දරතන නාහිමියන්ගේ මඟපෙන්වීම මත ස්වාධීන රූපවාහිනි සේවයේ මාධ්‍ය අනුග්‍රහයෙන් මෙය සංවිධානය කර තිබිණ.

ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම ‍පොත් කට්ටල පරිත්‍යාග කෙරිණ.

මෙහිදී කෙටි අනුශාසනාවක් කළ මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ භික්ෂුන් වහන්සේලා නොමැතිව ඇතැම් ප්‍රදේශවල විහාරස්ථාන වැසීයන මේ යුගයේදී ශාසනයට ඇතුළුවී සිටින පුංචි හාමුදුරුවරු ටික රැකගන්න වැඩපිළිවෙළක් යෙදිය යුතුයි.

පුංචි හාමුදුරුවන්ට ඉගෙනගෙන ඉදිරියට ඒමට හැකි සෑම උපකාරයක්ම කළ යුතුයි. උන්වහන්සේලා අතේ තමයි මේ ශාසනයේ අනාගතය රැඳී තිබෙන්නේ. මේ පුංචි හාමුදුරුවන් ඒ බව අවබෝධ කරගෙන කටයුතු කළ යුතුයි. නොඑසේනම් මේ රටේ වෙහෙර විහාර අනාගතයේදී නටඹුන් බවට පත්වේවි.

{jcomments on}

තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ සංචාරක හෝටල් පිහිටුවීම වහාම නවත්වන ලෙස තැපැල් දෙපාර්තමේන්තුවේ දේපල වලට අත නොතබන ලෙස රජයට බල කරමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමාජිකයින් දිවයින පුරා තැපැල් කාර්යාලවල අද (13) වැඩවර්ජනයක් ඇරඹූහ.

තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් මහතා ද වැඩ වර්ජනයට එක්ව සිටි සේවකයින් හමු වූ අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.








ඡායාරූප - තුෂාර අතපත්තු{jcomments on}

‍පොළොන්නරුව “පුලතිසි ‍පොසොන් උදානය” වැඩසටහනට සමගාමීව ‍පොළොන්නරුව මහ රෝහ‍ලේ පැවැති භක්ති ගීත ප්‍රසංගයකට ‍පොහොයදා රාත්‍රියේ සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භක්ති ගීත ගායනයටද එක්ව සිටි අයුරු.

නුගේගොඩ, තලපත්පිටිය රන් පියුම් පෙර පාසල් සිඟිති පොසොන් බැති ගී ප්‍රසංගය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් තලපත්පිටිය ශ්‍රී බෝධි රුක්ඛාරාම විහාරාධිපති ශාඨත්‍රපති උඩහමුල්ලේ ධම්මාලෝක හිමියන්ගේ පුර්ණ අනුශාසකත්වයෙන් එම විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි.

රන් පියුම් පෙර පාසලේ ප්‍රධාන ආචාරිනි නෙලුම් ඩයස් උයන්හේවා මහත්මියගේ මුලිකත්වයෙන් මෙය සංවිධානය කළ අතර සේයාරූවලින් දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.






ඡායාරූප - තුෂාර අතපත්තු

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5221

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3633

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5117

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5740

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6555

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4052

Please publish modules in offcanvas position.

X

Right Click

No right click