Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පසුගිය 9 වන දින පිළියන්දල නගරයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට එල්ල කරන ලද සන්නද්ධ ප්‍රහාරය හේතුවෙන් බරපතල ලෙස තුවාල ලද එම ස්ථානයේ රැදී සිටි සිවිල් පුද්ගලයින්ගේ සුවදුක් විමසීම සඳහා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද දින කළුබෝවිල කොළඹ දකුණු රෝහල වෙත ගොස් එහි ප්‍රතිකාර ලබන කුඩා දරුවන් දෙදෙනාගේ සුවදුක් විමසීමට කටයුතු කරන ලදී.

මෙහිදී කුඩා දරුවන් දෙදෙනාට අවශ්‍ය ප්‍රතිකාර හා පහසුකම් සම්බන්ධව ඔහුන්ගේ ඥාතින් මුණ ගැසී කරුණු විමසීමට පොලිස්පතිතුමා ක්‍රියා කල අතර අවශ්‍ය පහසුකම් ශ්‍රි ලංකා පොලීසිය මගින් සැපයීමට කටයුතු කර ඇත.



බෙයිජිං නුවර පැවැත්වෙන  “එකම තීරයක් – එකම මාවතක්” මහා සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, බෙයිජිං නගරයේ දේශපාලනික උපදේශක සම්මේලනයේ ස්ථාවර සභාවේ උප සභාපති ලී ඡෙංයු (Li Changyou), ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන්ලියැං (YI Xianliang) සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුලූ තානාපති කාර්යාලීය නිලධාරීන් විසින් කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පිළිගෙන කැදවා ගෙන ආ අවස්ථාව.


 

සම්බුද්ධාලෝක වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ ආරාධනාවකට අනූව චීන ජින්ස (Jingci) විහාරස්ථානයේ සිට මෙරටට පැමිණි භික්ෂූන් වහන්සේලා ඇති දූත පිරිසක් පසුගියදා රුක්මල්ගම ශ්‍රී විජයාලෝක පුරාණ විහාරයේදී එහි විහාරාධිපති කෝට්ටේ ශ්‍රී සාමග්‍රී මහා සංඝසභාවේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණෝ බැහැ දැක ආශීර්වාද ලබාගත්හ. 
පසුව ඔවුන් ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින බෞද්ධ ඉතිහාසය පිළිබඳව සුහද කතාබහක නිරතවූ අතර සේයාරුවෙන් දැක්වෙන්නේ අවසානයේදී ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් ඇතුළු ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.
ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති සුමති ධර්මවර්ධන, උපසභාපති අජිත් ධර්මවර්ධන, ‍ලේකම් කර්නල් සුදත් මඩුගල්‍ලේ, භාණ්ඩාගාරික ප්‍රබෝධනී මාරසිංහ, නියෝජ්‍ය භාණ්ඩාගාරික මේජර් චන්ද්‍රසිරි විජේරත්න, කාරකසභිකයින් වන සුසන්ත බාලපට බැදි, දයානන්ද කුක‍ලේවිතාන, නාලක සේනානයක, මේජර් හිරාන් විමලරත්න, අරුණද සිල්වා යන මහත්ම මහත්මින්ද මීට සහභාගි වූහ.




 
සටහන හා ඡායාරූප - තුෂාර අතපත්තු

ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමීව දෙමටගොඩ කෙන්ට්පාරේ තරුණ වැඩිහිටි එකමුතුව මෙවර අපූර්ව බත් දන්සලක් නිර්මාණය කොට තිබේ.

පැරණි දුම්රිය ඇන්ජිමක ආකෘතියක් ලෙස සකසා එය තුළ බැතිමතුන්ට ආහාර ගැනීමට පහුසුකම් සලාසා ඇත.

මෙම දුම්රිය දන්සලේ විශේෂත්වය වන්නේ ගමන් ගන්නා ලෙස රෝද කැරකීම, නියාමකවරයකු සිටීම හා දුම්රිය ස්ථානයක නවතා ඇති ආකාරයට නිර්මාණය කර තිබීමය.

11,12 සහ13 වන දින යන්හී රාත්‍රී 7.00 සිට පසුදින පහන්වන තුරු බැතිමතුන්ට බත් දන්සල විවෘත බව සංවිධාන කමිටුව පැවසීය.






සටහන හා ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ

ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියානු ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට (11) වෙනිදා පස්වරුවේ පැමිණියේය.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිගත්තේය.

අනතුරුව නරේන්ද්‍ර මෝදි මහතා ගුවන් තොටුපලේ ඇති විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් තැබීමට අමතක නොකළේය.

මේ අවස්ථාවට මැති ඇමතිවරුන් පිරිසක් සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ද පැමිණි සිටියේය.





 

සටහන හා ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ

 

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් අවතැන්වු ස්ථිර නිවාස ලාභීන්ට රජය විසින් මහල් නිවාස ලබාදුන්නේය.ඒ අතර කුලී පදනම මත එහි වාසය කල ජනතාව කොලොන්නාව වී ගබඩාවේ තාවකාලිකව පදිංචි කෙරුණි. එම පවුල් වෙනුවෙන් සහන ලබාදීම සඳහා රජය විසින් එක් පවුලක් වෙනුවෙන් කුලි නිවසක් ලබාගැනීම වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ පනස්දාහක් ලබාදුන්නේය.මේ වන විට වී ගබඩාවෙන් එම පවුල් පිටත්වයාමට පටන්ගෙන ඇත.

ඡායාරූප හා සටහන - නිමල්සිරි එදිරිසිංහ

 

 

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1852

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3276

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9045

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4690

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4854

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6583

Please publish modules in offcanvas position.