Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බාලදක්ෂ සේවා හා සම්බන්ධතා සතියේ ( වැඩ සතිය) සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (03) පෙරවරුවෙහි කථානායක නිල නිවසට පැමිණි බාලදක්ෂ කණ්ඩායම් එහි සේවා කටයුතු (පිරිසිදු කිරීම්)  ඉටු කළහ.

මෙහිදී කථානායකතුමන්  බාලදක්ෂයින් වෙත සාම්ප්‍රදායිකව සිදු කරනු ලබන දිරිගැන්වීම් දීමනාවක් ද පිරිනමන ලදී. මෙවර බාලදක්ෂ වැඩ සතිය ඩෙංගු මර්දනය මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන අතර එම සතිය පුරා දිවයිනම ආවරණය කරමින් 75000 කට අධික බාලදක්ෂයින් වැඩ සතියෙහි ක්‍රියාකාරකම්වල නියැලෙනු ඇත.    

කථානායක නිල නිවසේ පැවැති වැඩ සතියේ සමාරම්භක අවස්ථාවට බාලදක්ෂ  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනක්ප්‍රිත් ප්‍රනාන්දු මහතා ඇතුළු බාලදක්ෂ නිලධාරිහු සහ පසුගිය වසරෙහි වැඩ සතියෙහිදී දිවයිනෙහි වැඩිම ආදායමක් බාලදක්ෂ සංගමය වෙනුවෙන් ඉපැයූ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ද එක් වූහ. ​

{jcomments on}

දැන් කොටුව ස්ටේෂම යනුවෙන් කී විට මතක් වන්නේ කෝච්චි හෝ මගීන් නොව විරෝධතා හා උද්ඝෝෂණය. ඒ කොටුව ස්ටේෂම ඉදිරිපිට උද්ඝෝෂණ නැති දවසක් දැන් නැති නිසාය. ඒ උද්ඝෝෂණවලින් වැඩියෙන්ම දුක්විඳින්නේ මගී ජනතාවය. ඡායාරූපයේ දැක්වෙන්නේ සයිටම් උද්ඝෝෂකයන්ට එරෙහිව උසාවිය නිකුත් කළ නියෝගය ඔවුන් භාර නොගත් නිසා එය ප්‍රදර්ශනය කිරීමට ලයිට් කණුවක සවි කරන ‍පොලිස් නිලධාරීන්ය.

ඡායාරූප:- මලිත් ගමගේ{jcomments on}

දිවයින පුරා ශීඝ්‍ර ලෙස පැතිරී යන ඩෙංගු මදුරු උවදුර මර්දනය කිරීම සඳහා පසුගිය 1 දා සිට ශ්‍රී ලංකා යුද හමුදාවද එක්විය. යුද හමුදා සාමාජිකයන් 200 කින් සමන්විත කණ්ඩායමක් කොළඹ නගරයේ හා අවට ඩෙංගු උවදුර තදින්ම පැතිරී ඇති ප්‍රදේශවල මදුරු මර්දනයට හා බෝවන ස්ථාන විනාශ කිරීමට එක්විය.

මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවාසවල මෙන්ම අවට මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හමුදා සෙබළුන් සහය ලබාදෙන අයුරුයි මේ.

ඡායාරූපය: යුද හමුදා මාධ්‍ය ඒකකය{jcomments on}

මහනුවර පල්ල්කැ‍ලේ ඉදි කෙරුණු විශාලතම ඖෂධ නිෂ්පාදනාගාරය වන සීමා සහිත ඛිඥතධඨඥද ඹ්චදඬච ආයතනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි. එහි නිෂ්පාදනය කෙරෙන ඝන සහ මෘදු ජෙලටීන ටැබ්ලට් එම ආයතනයේ සභාපති වී. නඩරාජා මහතා ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කළ අයුරු. සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඡායාරූපයෙන් වෙති.
 

ශී‍්‍ර ලංකාවේ චීන තානාපති කාර්යාලයේ අනුග‍්‍රහයෙන් ශ‍්‍රී ලංකා චීන බෞද්ධ මිත‍්‍රත්ව සංගමය විසින් සංවිධානය කරනු ලබන ගංවතුරෙන් විපතට පත් විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාට සිවුරු පූජා කිරීමේ වැඩසටහනේ දෙවන අදියර ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ ප‍්‍රධානත්වයෙන් නාගොඩ, යක්කලමුල්ල, නියාගම, තවලම, නෙළුව යන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් දුෂ්කර විහාරස්ථාන සඳහා මෙදින සිවුරු පූජා කළ අතර මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති සුමති ධර්මවර්ධන, ප‍්‍රධාන ලේකම් කර්නල් සුදත් මඩුගල්ලේ, උපලේකම් අරුණ ද සිල්වා යන මහත්වරුද එක්ව සිටියහ.





සටහන හා ඡායාරූප තුෂාර අතපත්තු

දඹුල්ල ගම් උදාව ක්‍රීඩා පිටිය අසලින් ඊයේ (25) ආරම්භ කෙරුණු කිරි ගොවීන්ගේ විරෝධතාවයක් මහ වැසි නොතකා දඹුල්ල නගර මාධ්‍යට පැමිණ පැයක් පමණ කාලයක් උද්ඝෝෂණයක නිරත වූහ.
කිරි ගවයකු බැඳි කරත්තයක්, කිරි ගොවි ඇඳුමින් සැරසුණු ගොවීන් දහසක් පමණ පිරිසක් සටන් පාඨ පුවරු ඔසවා ගෙන විරෝධතාවයේ නිරත වූහ.
කුරුණෑගල, ‍පොළොන්නරුව, අම්පාර, කැකිරාව, දඹුල්ල, මාත‍ලේ, නාඋල ආදී ප්‍රදේශ නියෝජනය කරමින් කිරි ගොවීන් හා ගෙවිලියන්ද එක්ව සිටියහ.
මෙහිදී අදහස් පැළකළ් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මිල්කෝ සමාගම විසින් ගොවියාගෙන් මිලදී ගන්නා එළකිරි ලීටර් ලක්ෂ හතකට වැඩි ප්‍රමාණයක් මේ වන විට විනාශ කර දමා ඇති බවය.
මෙම තත්ත්වය 2012 වසරේ සිට තිබූ ගැටලුවක් බවත් එබැවින් දැනට වැඩ නිමවා ඇති අඹ්වෛල කිරි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන වහාම ආරම්භ කරන ලෙසත්, කිරි හරකුන්ට ලබාදෙන ආහාර, බෙහෙත්වලට අය කරන බදු ඉවත් කරන ලෙසත්, ආනයනික කිරිපිටි සීමාකරන ලෙසත්, කිරි ආශ්‍රිත නිෂ්පාදනකරුවන් ආරක්ෂා කරන ලෙසත්, නවසීලන්තයෙන් ගෙන්වන ලද දැනට වසන්ත ලක්ෂ්මන් පෙරේරා ඇතුළු දේශපාලනඥයන්ට ව්‍යාපාරිකයින් 19 දෙනෙකුට ලබාදී ඇති කිරි ගවයින් සහනදායි කොන්දේසි මත කිරි ගොවියන්ට ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය.
කිරි ගොවීන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට ලබන 29 වෙනි දින ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් තම සම්මේලනයට හා කිරි ගොවි නියෝජිතයන්ට කැඳවා ඇතැයිද එම සාකච්ඡාවලදී සහනදායී පිළිතුරු නොලදහොත් ගොම පුරවා ගත් වාහනවලින් හා කිරි ගොවියන් දහස් ගණනින් පැමිණ තම ගැටලුවලට විසඳුම් ලබාදෙනතුරු අරගල කරන බවද කියා සිටියේය.
 
දඹුල්ල - අශෝක එරමිනිගම්මන{jcomments on}
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5248

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3643

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5128

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5744

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6563

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4058

Please publish modules in offcanvas position.

X

Right Click

No right click