Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 වන හමුදාපතිවරයා ලෙස පත් වූ ලුතිනන් ජෙනරාල් එන්.යූ.එම්.එම්. ඩබ්ලිවු. සේනානායක ඊයේ (5) පෙරවරුවේ සුබ මොහොතින් යුද හමුදා මූලස්ථානයේදී සිය රාජකාරී කටයුතු ඇරඹීය.

පළමුව යුද හමුදා මූලස්ථානයට පැමිණි නව හමුදාපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේදී කඳවුරු මුරයක් සහ සම්මාන මුරයක් පිරි නැමුණි.

2017 ජුනි 27 වනදා ජනාධිපතිවරයා විසින් ඔහු ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කරනු ලැබිමෙන් අනතුරුව, හමුදාපති තනතුරට පත් කෙරුණි. නව හමුදාපතිවරයා කොළඹ ආනන්ද විදුහ‍ලේ ආදි ශිෂ්‍යයෙකි. ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් පුහුණු පාඨමාලා අංක 16 යටතේ 1981 ඔක්තෝබර් 10 වන දින හෙතෙම යුද හමුදාවට එක්විය. පුහුණුව අවසානයේදී දක්ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මාන අසිපත හිමිකර ගත් ඔහු 1983 ජූනි මසදී දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් කාරක ඉංජිනේරු රෙජිමේන්තුවට එක්විය.

නව හමුදාපතිවරයා සිය සේවා කාලය තුළ විවිධාකාරයේ තනතුරු රැසක් හොබවා ඇත. ශ්‍රී ලංකා යුද හමුදා කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ බලගතු නායක තනතුර, දියතලාව හමුදා පුහුණු පාස‍ලේ උපදේශක නිලධාරී තනතුර ඉන් කිහිපයකි.
වර්ෂ 1989 දී විශේෂ බළකා රෙජිමේන්තුවට එක් වූ ඔහු උතුරු හා නැගෙනහිර සිදු කරන ලද සියලු ක්‍රියාන්විතවලට සක්‍රියව සිය දායකත්වය ලබාදී ඇත.

පළවන විශේෂ බළකා රෙජිමේන්තුවේ බලගන නායක තනතුරුද පසුව තුන්වන විශේෂ බළකායේ අණදෙන නිලධාරී තනතුරුද ඒ මහතා විසින් දරනු ලැබිය.
නව යුද හමුදාපතිවරයා පූර්වයෙන් දැරූ තනතුරු අතර විශේෂ බළකා අණදෙන නිලධාරී, වවුනියාව 211 බල සේනාවේ අණදෙනා නිලධාරී, විශේෂ බළකා බල සේනාංකයේ අණදෙන නිලධාරී, යාපනය 52 වන බලසේනාවේ අණදෙන නිලධාරී යන තනතුරු වෙයි.
ඊළාම් යුද්ධය දරුණුවටම පැවැති අවධියේ ඔහු යාපනය 52 වන සේනාංකයේ ආරක්ෂක හමුදා මූලස්ථානයේ සිය සේවය ඉටු කළේය.

පසුව සපුගස්කන්ද හමුදා පාස‍ලේ අධ්‍යක්ෂ ධුරයද හෙබවීය.
2006 වසරේ මානුෂීය මෙහෙයුමේදී සේනානායක මහතා අධ්‍යක්ෂ (සැලසුම්) ධුරය හෙබ වූ අතර 2015 දී යුද හමුදා මූලස්ථානය් හමුදා ‍ලේකම් ධුරයට පත්විය. වර්ෂ 2016 දී යාපනය අණ දෙන නිලධාරී ධුරයට පත් වූ ඔහු අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ කටයුතුවලට මහඟු දායකත්වයක් ලබාදුනි. සංහිඳියාව ඇති කිරීම සඳහා ඔහු ඉටු කළ කර්තව්‍යයන් ජනතාව සහ රජය විසින් ඉහළින්ම අගය කරනු ලැබිය. 2017 මාර්තුමසදී හෙතෙම යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්විය.

ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇමෙරිකාවේ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර ඉන්දියාවේ ජවහල්ලාල් නේරු සරසවියෙන්් සිවිල් ඉංජිනේරු උපාධියක්ද ලබා ඇත.
යුද සමයේදී ඔහු සිදුකළ නිර්භීත හා අමිල සේවාව අගයනු වස් රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම කිහිපවරක්ම නමා ඇති අතර නොකැළැල් හමුදා සේවය වෙනුවෙන් පිදෙනා උත්තම සේවා පදක්කම්ද හිමිකරගෙන ඇත. නව හමුදාපතිවරයා තිදරු පියෙකි.




ඡායාරූප - යුදහමුදා මාධ්‍ය ඒකකය

ෆ්‍රෑන්ක් ද සොයිසා{jcomments on}

මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කිරීමට වරදකරු වූ ජෙන්ට් බාස් නොහොත් ඒ.ජෝර්ජ් හට කොළඹ මහාධිකරණය ඊයේ (5) මරණීය දණ්ඩනය නියම කළේය. නඩු තීන්දුවෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු.
 
ඡායාරූපය - නිමල්සිරි එදිරිසිංහ

දේශය රැකදුන් රණවිරුවන්ට ආශිර්වාද පතා කොළඹ කොටුව  ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය  අගනුවර බෞද්ධ සංගම් හා සුබසාධක සංගම් ඒකරාශී කරගනිමින්  සඟරුවන සියනමකගේ සහභාගීත්වයෙන් ඊයේ (05) පිණ්ඩපාත චාරිකාවක් පවත් වන ලදී.  එහිදී කොළඹ වටා  පිණ්ඩපාතයේ වැඩි සඟරුවනට මහ බැංකුව අසලදී මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දන් පිළිගැන්වූ අයුරු.



 
ඡායාරූපය - ප්‍රියන්ත ගමගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති ව්‍යාපාරය මේ රටේ ආර්ථීක, සමාජ සහසංස්කෘතික ක්ෂේත්‍රවල විශාල පරිවර්තනයක් සිදුකිරීමට දායක වූ බවත්ඉතිහාසයේසිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එහි වෘත්තීය සමිති ව්‍යාපාරයත් එකම ගමන්මගකපැමිණි මානවවාදී ව්‍යපාරයක් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ, ශ්‍රී ලංකානිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ නව කාර්යාලය ඊයේ (04) පස්වරුවේ විවෘත කරමිනි.

එම කාර්යාලය කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර නව කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

ශ්‍රීලංකා නිදහස් රජයේ වෘත්තීය සම්ති සම්මේලනයේ නියෝජ්‍ය සභාපති, ශ්‍රී ලංකානිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාවිසින් විශේෂ යෝජනාවලියක් මෙහිදී ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙකු වෙත සමරුතිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ශ්‍රී ලංකා නිදහස්රාජ්‍ය හා පළාත් කළමණාකරණ සහකාර සේවයේ උපාධිධාරි සංගමයේ ජාතික සංවිධායකආචාර්ය එරික් ජයලත්, ශ්‍රී ලංකා නිදහස් කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමයේහිටපු  ප්‍රධාන ලේකම් ටියුඩර් රණසිංහ සහ ශ්‍රී ලංකා දුම්රිය කම්කරු සේවකසංගමයේ ප්‍රධාන ලේකම් රූපසිංහ යන මහත්වරුන් එහිදී ජනාධිපතිතුමා අතින් සමරුතිළිණ ලැබූහ.

එක්සත්ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යලක්ෂ්මන් යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න,  ශ්‍රී ලංකානිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, ශ්‍රී ලංකා නිදහස්රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්. රෝයි ද මැල් යනමහත්වරුන් සහ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයින්මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය

ආරක්ෂක ‍ලේකම් ධුරය ඇතුළු රජයේ ප්‍රධාන තනතුරු 3ක් සඳහා අලුතින් තිදෙනකු පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත. 
ඡායාරූපවල දැක්වෙන්නේ නව පත්වීම් ලැබූ ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, නව යුද හමුදාපති ලෙස පත් කළ ප්‍රධාන අණදෙන නිලධාරී හා උතුරේ හිටපු ආඥාපති මහේෂ් සේනානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ නව ‍ලේකම් ධුරයට පත්කළ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි භාරගත් අයුරුය. හිටපු ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජනාධිපති ‍ලේකම් කාර්යාලයට කැඳවා ඇති බවද ජනපති කාර්යාලීය ආරංචිමාර්ග සඳහන් කරයි.

බාලදක්ෂ සේවා හා සම්බන්ධතා සතියේ ( වැඩ සතිය) සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (03) පෙරවරුවෙහි කථානායක නිල නිවසට පැමිණි බාලදක්ෂ කණ්ඩායම් එහි සේවා කටයුතු (පිරිසිදු කිරීම්)  ඉටු කළහ.

මෙහිදී කථානායකතුමන්  බාලදක්ෂයින් වෙත සාම්ප්‍රදායිකව සිදු කරනු ලබන දිරිගැන්වීම් දීමනාවක් ද පිරිනමන ලදී. මෙවර බාලදක්ෂ වැඩ සතිය ඩෙංගු මර්දනය මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන අතර එම සතිය පුරා දිවයිනම ආවරණය කරමින් 75000 කට අධික බාලදක්ෂයින් වැඩ සතියෙහි ක්‍රියාකාරකම්වල නියැලෙනු ඇත.    

කථානායක නිල නිවසේ පැවැති වැඩ සතියේ සමාරම්භක අවස්ථාවට බාලදක්ෂ  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනක්ප්‍රිත් ප්‍රනාන්දු මහතා ඇතුළු බාලදක්ෂ නිලධාරිහු සහ පසුගිය වසරෙහි වැඩ සතියෙහිදී දිවයිනෙහි වැඩිම ආදායමක් බාලදක්ෂ සංගමය වෙනුවෙන් ඉපැයූ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ද එක් වූහ. ​

{jcomments on}

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4590

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3299

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4785

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5393

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6219

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3797

Please publish modules in offcanvas position.

X

Right Click

No right click