Coss Ear2
lakbima.lk
COSS Ear 1

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් තමාට ඊයේ විශාල සතුටක් ලැබුණ බවත්, A-380ගුවන් යානාව කටුනායක ධාවන පථයට ගොඩබැස්සවීම තුළින් ධාවන පථය පිළිබඳව පැවති දුර්මතයන් බිඳුණු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (14 දා) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ආසන 550 කින් යුත් ලොව විශාලතම ගුවන් යානාවක් වන A-380වර්ගයේ ගුවන් යානාව ගොඩබැස්සවීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළේ පැවති උත්සවයේදීය.

මෙම ගුවන් යානාවෙන් ගුවන් මගීන් 524 දෙනෙකු මෙරටට පැමිණි අතර එය පදවාගෙන පැමිණි ප්‍රධාන ගුවන් නියමුවා උදය තිලකරත්න නම් වු ශ්‍රී ලාංකිකයෙකු වීමද තවත් එක් විශේෂත්වයකි.

මෙම උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා : වසර 30 කට පසු රුපියල් කෝටි 720ක් වියදම් කොට ප්‍රතිසංවර්ධනය කළ කටුනායක ගුවන් යානා ධාවන පථය පිළිබඳව සමහරක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ඉන්න පණ්ඩිතයින් විවිධ මත ප්‍රකාශ කළා. මට කාටුන් ඇන්දා. සමහරුන් කිව්වා “වියදම් කරපු සල්ලි වතුරේ කියලා”. සමහරුන් කිව්වා “නිමල් මැද ඉතුරු කර දෙපස පළල් කළ බව, සමහරුන් කිව්වා “A-380ගුවන් යානා ගොඩබැස්සවීමට බැහැයි කියලා”. නමුත් ඒ සියලු මත බිඳ දාලා ලෝකයේ ඕනෑම සහ විශාලතම ගුවන් යානාවක් ගොඩබැස්සවිය හැකි තත්ත්වයේ ධාවන පථයක් අපට තියෙන බව ඔප්පු වී තියෙනවා. එම තත්ත්වය උදා කරලීමට විෂයභාර අමාත්‍යවරයා ලෙස මාගේ කාල පරිච්ඡේදය තුළ ඉටු කිරීමට හැකිවීම පිළිබඳව සියුම් සතුටක් හා ආඩම්බරයක් මට තියෙනවා. නමුත් කුහකයින් මේ පිළිබඳව විවිධ මත ඉදිරියටත් ප්‍රකාශ කරාවි. නමුත් ඒ පිළිබඳව අපි සැලෙන්න අවශ්‍ය නැහැ. කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු රාශියක් ඉදිරියේදී ඉටු කිරීමට අපි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දෙවන පර්යන්ත ගොඩනැගිල්ල ඉදි කිරීමේ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවීම් මේ වන විට සිදු කර තිබෙනවා.

ලෝකයේ ගුවන් තොටුපළවල් පිළිබඳව කරුණු දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ : ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිඩ්නි ගුවන් තොටුපළේඑක් ධාවන පථයක පළළ මීටර් 45ක් වෙනවා. නමුත් ඒවායෙත් විශාල ගුවන් යානා ගොඩබස්සවනවා. ඒ පිළිබඳව කිසිම පණ්ඩිතයෙක් කථා කරන්නේ නැහැ. මේවායින් පෙන්නුම් කරන්නේ රටක් වශයෙන් අප ඉදිරියට යද්දී එය වළක්වාලීමට කටයුතු කරන අයගේ කුහකත්වයයි. මෙය එදා ඉඳලා අද දක්වාම අප රට තුළ තිබුණ දෙයක්. දේශපාලන කුහකත්වය, මාධ්‍ය කුහකත්වය, පාලන බලය පිළිබඳ කුහකත්වය මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

අද පැමිණි මෙම එමිරේට්ස් ගුවන් යානාව පළමුව මසකට වරක් කොළඹ සහ ඩුබායි අතර ගමන්වාරයක් ක්‍රියාත්මක කිරීමට එමිරේට්ස් පාලන බළධාරීන් කැමැත්ත පළ කර තිබෙනවා. මේ තුළින් විශාල සංචාරකයින් පිරිසක් එක් වරකට මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල පිටිවහලක් වන බව මා විශ්වාස කරනවා. ගුවන් සේවය සහ සංචාරක කර්මාන්තය ඒකාබද්ධ වී කටයුතු කිරීම තුළින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවෙනවා. අපි කටුනායක ගුවන් තොටුපළ මෙන්ම මත්තල ගුවන් තොටුපළද ප්‍රචලිත ගුවන් තොටුපළක් ලෙසපවත්වාගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ඉන්දියානු ආයෝජකයින්ගේ සහය ඇතුව මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා ගෙන්වා ගැනීමට ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පසුගිය කැබිනට් මණ්ඩල සැසි වාරයේදී අනුමැතිය මා ලබා ගත්තා යැයිද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා ඇතුළු ගුවන් තොටුපළ නිළධාරීන් සහ එමිරේට්ස් ගුවන් සමාගමේ ජේෂ්ඨ උප සභාපති අහමඩ් කුරියර්, ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමණාකරු චන්දන ද සිල්වා මහතා ඇතුළු එමිරේට්ස් සමාගමේ නිළධාරීන් රැසක් ද සහභාගි වුහ.





 

සයිටම් විරෝධී වෛද්‍ය ශිෂ්‍ය දෙමව්පියන්ගේ සංගමය  සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස රජයට බලකරමින් දිවයිනේ රොහල් 20ක ඉදිරිපිට ආරම්භ කරන ලද දින පහක සත්‍යක්ග්‍රහය අද (14) දින අවසන් කෙරිණි.

සත්‍යක්ග්‍රහය අවසන් කිරීමේ අවස්ථාවට එක්වී සිටි රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමය පැවසූවේ සයිටම් ප්‍රශ්නටය රජය මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දීමට උත්සායක් දරන්නේ නැති බවත් ඉදිරියේදී අඛණ්ඩ වෛද්‍ය වැඩ වර්ජනයකට යන බවත්ය. සයිටම් නිසා රජය ගෙදර යනවාද සයිටම් අහෝසිකර රජය ආරක්ෂා කරගන්නවාද යන්න තීරණය කළ යුතු බවය. එමෙන්ම වෛද්‍ය වර්ජනය හේතුවෙන් රෝගීන්ට ඇතිවන පීඩාවන් රජය බාරගත යුතු බවය.

ඡායරූප හා සටහන - නිමල්සිරි එදිරිසිංහ

මෝටර් රථ ආඥා පනත උල්ලංඝනය කරමින් නවීකරණය කරන ලද මෝටර් රථ යතුරුපැදි හා ත්‍රීවිලර් රථ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතාවක් ඊයේ (13) උදයේ කොළඹ කොටුවේ  ගෝල්ෆේස් පිටියේදී පැවැත්විණි.
 
ඡායාරූපය - ෆ්‍රෑන්ක් ද  සොයිසා

රවි ඉල්ලා අස්වෙයි විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (10) සිය තනතුරෙන් ඉල්ලා අස්විය. ඒකාබද්ධ විපක්ෂය කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට ඔහුට ජනාධිපතිවරයාගෙන්ද ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන්ද බලපෑම් එල්ල වී තිබිණ.

මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වන පර්පචුවෙල් ටෙසරීස් සමාගමේ අර්ජුන් ඇලෝෂියස් මහතාගේ මුදලින් කරුණානායක මහතාගේ පවුල නිවසක් කුලියට ගැනීම හා ඔහුට එම නිවස මිලට ගැනීම සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසමේදී අනාවරණය වූ තොරතුරු  පදනම් කොට ගෙන ඒකාබද්ධ විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කොට තිබුණේය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසම කරුණානායක මහතාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් විය.

මෙරට දේශපාලනයේ නව දේශපාලන සංස්කෘතියක් උදෙසා සිය තනතුර කැප කරන බවට පාර්ලිමේන්තුවේදී ඊයේ (10) විශේෂ ප්‍රකාශයකත් කරමින්  අනතුරුව සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ රවි කරුණානායක මහතා සිය අසුනෙන් ඉවත්  වී පසු පෙළ ආසනයක අසුන් ගත්තේය.

මෙම තීන්දුව ගත්තේ කිසිදු දුකකින් නොව ආඩම්බරයකින් බව සිය ප්‍රකාශයේදී අවධාරණය කළ අමාත්‍යවරයා බැඳුම්කර කොමිසම තමාගෙන් ප්‍රශ්න කිරීමෙන්ම යහපාලන රජයේ ප්‍රජාතන්ත්‍රවාදයත්්, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත වී ඇති ප්‍රමාණයත් පැහැදිලි වන්නේ යැයිද කීය.

සිය ලිපිගොනු රැගෙන පසු පෙළ ආසනය වෙත රවි කරුණානායක මහතා යද්දී ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් අත්‍පොළසන් දෙමින් ප්‍රසාදය පළකළ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කරන්නට වූහ.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න{jcomments on}
 

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන්, ගිහිකළ මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර නමින් හැඳින්වුණු  බුද්ධංගල ආනන්දහිමියන් සහයාපනය ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු කිහිප දෙනෙකුඅතර හමුවක් ඊයේ (08) සිදුවිය.

පසුගිය දා වෙඩි ප්‍රහාරයකින් මිය ගිය මහාධිකරණ විනිසුරු ආරක්ෂක උපපොලිස් පරීක්ෂකසරත් ප්‍රේමචන්ද්‍රගේ පවුලේ සාමාජිකයන්ට උපකාර කෙරෙන වැඩපිළිවෙලකටමුලපිරීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා ඇත.

මෙම හමුවේදී මහාධිකරණ විනිසුරුවරයා බුද්ධංගල ආනන්ද හිමියන් වැද ආශීර්වාද ලබා ගත්තේය.




{jcomments on}

 

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පූජනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහර මෙවරද උත්කර්ෂවත් ලෙස පවත්වා එය සාර්ථකව නිම කිරීම පිළිබඳ සැලකිරීමේ සංදේශය සාම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් ඊයේ (8) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදුන් අවස්ථාව.        


                              
ඡායාරූපය : සුදත් සිල්වා
IMAGE

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 1579

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 2368

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 5442

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 5169

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 5871

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 10035

Please publish modules in offcanvas position.