Coss Ear2
lakbima.lk
COSS Ear 1

ප‍්‍රංශයේ ලබුර්ෂේ නගරයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී බුදු දහම පිළිබඳ අවාබෝධයෙන් යුත් ප‍්‍රංශ ජාතික මහතෙකු පසුගියදා පැවිදි බිමට පත්වූයේ පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙනි. ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දායකත්වය දරණ විවිධ ජාතික පින්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම පැවිදි කිරීමේ පිංකමට ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යසථානයේ වැඩවසන පූජ්‍ය බොරැල්ලේ කෝවිද, පූජ්‍ය අළුත්ගම සුමේධ, පූජ්‍ය මාපලගම ජීනානන්ද සහ පූජ්‍ය කැන්දවින්නේ රාහූල යන හිමිවරුද සහභාගී වූහ.

ශ්‍රී ලාංකික ජනතාවගේ ඉතිරි කිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සහ එය නව තාක්ෂණය සමග මුසු කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව නිර්මාණය කරන ලද “NSB i Saver ” සේවාව දියත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ කොළඹ ජාතික ඉතිරි කිරීමේ බැංකු ප්‍රධාන ශාඛා පරිශ්‍රයේදී සිදු විය. එම අවස්ථාවේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින්ද සිල්වා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ අයුරු.

අමාත්‍යවරුන් වන කබිර් හෂීම්,හරීන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන, යන මහත්ම මහත්මීන්  ඇතුළු පිරිසක් මෙම  අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය - සුදත් සිල්වා    {jcomments on}

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඊයේ (15) ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීයේය. ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය එම ස්ථානයෙන් පිටව ගිය අයුරු හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ඊයේ (15) සිය පියා ඇතුළු පිරිස සමග ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි අයුරු. 
ඡායාරූප - තුෂාර අතපත්තු, මලිත් ගමගේ

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් තමාට ඊයේ විශාල සතුටක් ලැබුණ බවත්, A-380ගුවන් යානාව කටුනායක ධාවන පථයට ගොඩබැස්සවීම තුළින් ධාවන පථය පිළිබඳව පැවති දුර්මතයන් බිඳුණු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (14 දා) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ආසන 550 කින් යුත් ලොව විශාලතම ගුවන් යානාවක් වන A-380වර්ගයේ ගුවන් යානාව ගොඩබැස්සවීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළේ පැවති උත්සවයේදීය.

මෙම ගුවන් යානාවෙන් ගුවන් මගීන් 524 දෙනෙකු මෙරටට පැමිණි අතර එය පදවාගෙන පැමිණි ප්‍රධාන ගුවන් නියමුවා උදය තිලකරත්න නම් වු ශ්‍රී ලාංකිකයෙකු වීමද තවත් එක් විශේෂත්වයකි.

මෙම උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා : වසර 30 කට පසු රුපියල් කෝටි 720ක් වියදම් කොට ප්‍රතිසංවර්ධනය කළ කටුනායක ගුවන් යානා ධාවන පථය පිළිබඳව සමහරක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ඉන්න පණ්ඩිතයින් විවිධ මත ප්‍රකාශ කළා. මට කාටුන් ඇන්දා. සමහරුන් කිව්වා “වියදම් කරපු සල්ලි වතුරේ කියලා”. සමහරුන් කිව්වා “නිමල් මැද ඉතුරු කර දෙපස පළල් කළ බව, සමහරුන් කිව්වා “A-380ගුවන් යානා ගොඩබැස්සවීමට බැහැයි කියලා”. නමුත් ඒ සියලු මත බිඳ දාලා ලෝකයේ ඕනෑම සහ විශාලතම ගුවන් යානාවක් ගොඩබැස්සවිය හැකි තත්ත්වයේ ධාවන පථයක් අපට තියෙන බව ඔප්පු වී තියෙනවා. එම තත්ත්වය උදා කරලීමට විෂයභාර අමාත්‍යවරයා ලෙස මාගේ කාල පරිච්ඡේදය තුළ ඉටු කිරීමට හැකිවීම පිළිබඳව සියුම් සතුටක් හා ආඩම්බරයක් මට තියෙනවා. නමුත් කුහකයින් මේ පිළිබඳව විවිධ මත ඉදිරියටත් ප්‍රකාශ කරාවි. නමුත් ඒ පිළිබඳව අපි සැලෙන්න අවශ්‍ය නැහැ. කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු රාශියක් ඉදිරියේදී ඉටු කිරීමට අපි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දෙවන පර්යන්ත ගොඩනැගිල්ල ඉදි කිරීමේ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවීම් මේ වන විට සිදු කර තිබෙනවා.

ලෝකයේ ගුවන් තොටුපළවල් පිළිබඳව කරුණු දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ : ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිඩ්නි ගුවන් තොටුපළේඑක් ධාවන පථයක පළළ මීටර් 45ක් වෙනවා. නමුත් ඒවායෙත් විශාල ගුවන් යානා ගොඩබස්සවනවා. ඒ පිළිබඳව කිසිම පණ්ඩිතයෙක් කථා කරන්නේ නැහැ. මේවායින් පෙන්නුම් කරන්නේ රටක් වශයෙන් අප ඉදිරියට යද්දී එය වළක්වාලීමට කටයුතු කරන අයගේ කුහකත්වයයි. මෙය එදා ඉඳලා අද දක්වාම අප රට තුළ තිබුණ දෙයක්. දේශපාලන කුහකත්වය, මාධ්‍ය කුහකත්වය, පාලන බලය පිළිබඳ කුහකත්වය මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

අද පැමිණි මෙම එමිරේට්ස් ගුවන් යානාව පළමුව මසකට වරක් කොළඹ සහ ඩුබායි අතර ගමන්වාරයක් ක්‍රියාත්මක කිරීමට එමිරේට්ස් පාලන බළධාරීන් කැමැත්ත පළ කර තිබෙනවා. මේ තුළින් විශාල සංචාරකයින් පිරිසක් එක් වරකට මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල පිටිවහලක් වන බව මා විශ්වාස කරනවා. ගුවන් සේවය සහ සංචාරක කර්මාන්තය ඒකාබද්ධ වී කටයුතු කිරීම තුළින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවෙනවා. අපි කටුනායක ගුවන් තොටුපළ මෙන්ම මත්තල ගුවන් තොටුපළද ප්‍රචලිත ගුවන් තොටුපළක් ලෙසපවත්වාගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ඉන්දියානු ආයෝජකයින්ගේ සහය ඇතුව මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා ගෙන්වා ගැනීමට ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පසුගිය කැබිනට් මණ්ඩල සැසි වාරයේදී අනුමැතිය මා ලබා ගත්තා යැයිද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා ඇතුළු ගුවන් තොටුපළ නිළධාරීන් සහ එමිරේට්ස් ගුවන් සමාගමේ ජේෂ්ඨ උප සභාපති අහමඩ් කුරියර්, ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමණාකරු චන්දන ද සිල්වා මහතා ඇතුළු එමිරේට්ස් සමාගමේ නිළධාරීන් රැසක් ද සහභාගි වුහ.





 

සයිටම් විරෝධී වෛද්‍ය ශිෂ්‍ය දෙමව්පියන්ගේ සංගමය  සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස රජයට බලකරමින් දිවයිනේ රොහල් 20ක ඉදිරිපිට ආරම්භ කරන ලද දින පහක සත්‍යක්ග්‍රහය අද (14) දින අවසන් කෙරිණි.

සත්‍යක්ග්‍රහය අවසන් කිරීමේ අවස්ථාවට එක්වී සිටි රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමය පැවසූවේ සයිටම් ප්‍රශ්නටය රජය මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දීමට උත්සායක් දරන්නේ නැති බවත් ඉදිරියේදී අඛණ්ඩ වෛද්‍ය වැඩ වර්ජනයකට යන බවත්ය. සයිටම් නිසා රජය ගෙදර යනවාද සයිටම් අහෝසිකර රජය ආරක්ෂා කරගන්නවාද යන්න තීරණය කළ යුතු බවය. එමෙන්ම වෛද්‍ය වර්ජනය හේතුවෙන් රෝගීන්ට ඇතිවන පීඩාවන් රජය බාරගත යුතු බවය.

ඡායරූප හා සටහන - නිමල්සිරි එදිරිසිංහ

මෝටර් රථ ආඥා පනත උල්ලංඝනය කරමින් නවීකරණය කරන ලද මෝටර් රථ යතුරුපැදි හා ත්‍රීවිලර් රථ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතාවක් ඊයේ (13) උදයේ කොළඹ කොටුවේ  ගෝල්ෆේස් පිටියේදී පැවැත්විණි.
 
ඡායාරූපය - ෆ්‍රෑන්ක් ද  සොයිසා
IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 43

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2970

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6228

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5203

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3116

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3070

Please publish modules in offcanvas position.