Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මහනුවර පල්ල්කැ‍ලේ ඉදි කෙරුණු විශාලතම ඖෂධ නිෂ්පාදනාගාරය වන සීමා සහිත ඛිඥතධඨඥද ඹ්චදඬච ආයතනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි. එහි නිෂ්පාදනය කෙරෙන ඝන සහ මෘදු ජෙලටීන ටැබ්ලට් එම ආයතනයේ සභාපති වී. නඩරාජා මහතා ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කළ අයුරු. සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඡායාරූපයෙන් වෙති.
 

ශී‍්‍ර ලංකාවේ චීන තානාපති කාර්යාලයේ අනුග‍්‍රහයෙන් ශ‍්‍රී ලංකා චීන බෞද්ධ මිත‍්‍රත්ව සංගමය විසින් සංවිධානය කරනු ලබන ගංවතුරෙන් විපතට පත් විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාට සිවුරු පූජා කිරීමේ වැඩසටහනේ දෙවන අදියර ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ ප‍්‍රධානත්වයෙන් නාගොඩ, යක්කලමුල්ල, නියාගම, තවලම, නෙළුව යන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් දුෂ්කර විහාරස්ථාන සඳහා මෙදින සිවුරු පූජා කළ අතර මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති සුමති ධර්මවර්ධන, ප‍්‍රධාන ලේකම් කර්නල් සුදත් මඩුගල්ලේ, උපලේකම් අරුණ ද සිල්වා යන මහත්වරුද එක්ව සිටියහ.





සටහන හා ඡායාරූප තුෂාර අතපත්තු

දඹුල්ල ගම් උදාව ක්‍රීඩා පිටිය අසලින් ඊයේ (25) ආරම්භ කෙරුණු කිරි ගොවීන්ගේ විරෝධතාවයක් මහ වැසි නොතකා දඹුල්ල නගර මාධ්‍යට පැමිණ පැයක් පමණ කාලයක් උද්ඝෝෂණයක නිරත වූහ.
කිරි ගවයකු බැඳි කරත්තයක්, කිරි ගොවි ඇඳුමින් සැරසුණු ගොවීන් දහසක් පමණ පිරිසක් සටන් පාඨ පුවරු ඔසවා ගෙන විරෝධතාවයේ නිරත වූහ.
කුරුණෑගල, ‍පොළොන්නරුව, අම්පාර, කැකිරාව, දඹුල්ල, මාත‍ලේ, නාඋල ආදී ප්‍රදේශ නියෝජනය කරමින් කිරි ගොවීන් හා ගෙවිලියන්ද එක්ව සිටියහ.
මෙහිදී අදහස් පැළකළ් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මිල්කෝ සමාගම විසින් ගොවියාගෙන් මිලදී ගන්නා එළකිරි ලීටර් ලක්ෂ හතකට වැඩි ප්‍රමාණයක් මේ වන විට විනාශ කර දමා ඇති බවය.
මෙම තත්ත්වය 2012 වසරේ සිට තිබූ ගැටලුවක් බවත් එබැවින් දැනට වැඩ නිමවා ඇති අඹ්වෛල කිරි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන වහාම ආරම්භ කරන ලෙසත්, කිරි හරකුන්ට ලබාදෙන ආහාර, බෙහෙත්වලට අය කරන බදු ඉවත් කරන ලෙසත්, ආනයනික කිරිපිටි සීමාකරන ලෙසත්, කිරි ආශ්‍රිත නිෂ්පාදනකරුවන් ආරක්ෂා කරන ලෙසත්, නවසීලන්තයෙන් ගෙන්වන ලද දැනට වසන්ත ලක්ෂ්මන් පෙරේරා ඇතුළු දේශපාලනඥයන්ට ව්‍යාපාරිකයින් 19 දෙනෙකුට ලබාදී ඇති කිරි ගවයින් සහනදායි කොන්දේසි මත කිරි ගොවියන්ට ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය.
කිරි ගොවීන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට ලබන 29 වෙනි දින ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් තම සම්මේලනයට හා කිරි ගොවි නියෝජිතයන්ට කැඳවා ඇතැයිද එම සාකච්ඡාවලදී සහනදායී පිළිතුරු නොලදහොත් ගොම පුරවා ගත් වාහනවලින් හා කිරි ගොවියන් දහස් ගණනින් පැමිණ තම ගැටලුවලට විසඳුම් ලබාදෙනතුරු අරගල කරන බවද කියා සිටියේය.
 
දඹුල්ල - අශෝක එරමිනිගම්මන

 

දරුවන්ට කැලිකසල කළමනාකරණය  වැනි ඉතාම සුලු දේ පවා අද වනවිට දරුවන්ට කියා දීමට සිදුවී ඇති බවත් විභාග සමත්වීමත් ජීවිතය සමත් කිරීමත් දෙකම පාසලෙන් ලබා දීමට සිදුව ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා (21)පොලොන්නරුවේ පැවති ජන හමු කිහිපයකදීම වධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ඇළහැර අත්තනකඩවල මහා විදුහලේ සහ නාමල්වැව ප්‍රාථමික විද්‍යාලයේත් ගිරිතලේගම මහා විදුහලේත් පැවති විවෘත කිරීම් ගණනාවකට සහභාගී වී ඉන් අනතුරුව පැවති ජන හමුවලදීය.

එහි දී වැඩි දුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.
 
"මම දන්නවා මේ ප්‍රදේශවල දෙමවුපියන් මේදිනවල සතුටින් නෙමෙයි ඉන්නේ.මෙ කන්නයේ කුඹුරු වැඩ කිරීමට අවශ්‍ය ජලය නොලැබීම නිසා වගා කිරීමට ඇති වූ අපහසුව නිසා ආර්ථික වශයෙන් ඇතිවන අර්බුදය තමයි දෙමවුපියන්ගේ සිත්වල තිබෙන්නේ.කාලගුණ වශයෙන් අසීරු අවස්ථාවක දෙමවුපියන්ගේ සිත්වල කෑකෑරෙන තිබුණත් දෙමවුපියන්ගේ සැමවිටම අභිප්‍රාය අරමුණ වෙන්නේ සෑමවිටම තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සියලු කැපකිරීම් කරන්නටයි.විශේෂයෙන් ම ඇළහැර ව්‍යාපාර්ය වගේම පොලොන්නරුව දිස්ත්‍රික්කය ,රජරට,අනුරාධපුර නැගෙනහිර තිරිකුණාමලය,කුරුණැගල දිස්ත්‍රික්කවල ජනතාවගේ ජල හිගයට මේ වනවිට අපි ස්ථිරසාර විසදුම දීලා තිබෙනවා.වසර හැටක කාලයක් රජරට ජනතාවගේ දුක් කදුලු කතාවක් විදිහට තිබුණු ඒ ජලය ඉල්ලා හැඩූ කදුලු කතාව අවසන් කරන්න තමයි ලංකාවේ විශාලතම වාරි ව්‍යාපෘතිය මොරගහකන්ද කලුගග යෝජනා ක්‍රමය.අද ඔබට ඉතාමත් යාබදව ඉදි කරලා අපි විවෘත කරනු ලැබුවේ.පරාක්‍රම සමුද්‍රය වාගේ හයගුණය විශාල ජලාශයක්.පහුගිය දිනවල මේ ප්‍රදේශව්ල ගොවි නායකයින් මාව මුණ ගැහිලා ජල ප්‍රශ්නය සාකච්ඡා කරපු දේ තමයි මොරගහ කන්දේ ජලය නිකුත් කරලා දෙන්න කියලා.

මම ඒ අවස්ථාවේ ඒ අයට කීවේ අවුරුදු පනහක් හැටක් දුක් වින්දා වගේ මේ අවුරුද්ද්ඩේ මේ කන්නයත් ඉවසමු කියලා.මේ අවුරුද්ද මේ විදිහටම අපට ගත කරන්න සිද්ධවෙයි කියලා.ඒකට හේතුව තමයි මොරගහකන්ද ජලාශයේ විශේෂයෙන් ම එහි වේල්ලේ කටයුතු අවසන් වෙලා පළවෙනි වතාවට තමයි මේ ජලය පිරෙව්වේ.තාක්ෂණික වශයෙන් මේ වේල්ලේ ප්‍රමිතිය බලන්න,ගුණාත්මක තත්ත්වය පිළිබදව,එහි තත්ත්වය පිළිබදව බලන්න  ඉන්ජිනේරුවරුන්ට අවශ්‍යයි ඒකට ජලාශයට ජලය පුරවන්න ඕන.මේ වේල්ලේ තත්ත්වය ප්ළිබදව,ප්‍රමිතිය පිළිබදව ඉන්ජිනේරුවරු සැහීමකට පත්වෙන්නේ ජලාශය සම්පූර්ණයෙන් ම පිරිලා මාස ගණනක් ගියාම තමයි ඒ පිළිබදව නිසි ඇගයීමක් කරන්න පුළුවන් වෙන්නේ.ඒ නිසා මා විශ්වාස කරනවා ලබන ඔක්තෝබර් නොවැම්බර් වනවිටිඅ මහ වැසි ලැබිලා ඒත් සමග මොරගහකන්ද කලුගග ජලාශය සම්පූර්ණයෙන් ම පිරුණු ඉහලම ජල ධාරිතාවක් තිබෙන ලංකාවේ ජලාශය බවට පත් වේවි.ඉන්පසු හැට වසරකට වඩා ගෙවූ කදුළු කතාව අවසන් වේවි.මෙම ජලාශයත් සමග පොලොන්නරුව අනුරාධපුරය,කුරුණෑගල  පමණක් කුඩා වැව් 600කට වැඩියෙන් ප්‍රතිසංස්ක්‍රණය වෙනවා.ඒ සදහා අපට ආසියානු සංවර්ධන බැංකුව,ලෝකයේ වෙනත් මිත්‍ර රටවල් අපට මුදල් දීලා තිබෙනවා.කළුගග ජලාශයේ උමගේ දිග කිලෝමීටර් 21ක් ඔබ දන්නවා.මේකත් අපි ආරම්භ කරලා තියෙන්නේ.කුවේට් රජයෙන් දැනට මාස දෙකකට කලින් තමයි මුදල් ලැබුනේ.ඒක නිසා අනාගතයේ සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීම සිදු වේවි.අපේ ගොවි ජනතාවට ත්මන්ගේ ආර්ථිකය ගොඩනගාගැනීම සදහා ප්‍රධාන වශයෙන් ම තිබුණු ප්‍රශ්නය වුණේ ජලය පිළිබද ප්‍රශ්නයයි.මේ ඇලහැල ව්‍යාපාරය පමනක් නෙමෙයි රජරට ජලය පිළිබද ප්‍රශ්නය අද ඊයේ ප්‍රශ්නයක් නෙමෙයි.මේ ජලාශයේ ජලය පිරුණාම ගොඩ ඉඩම්වලට අතිරේක බෝග සදහා මඩ ඉඩම්වලට වී සදහාත් ජලය ලබා ගන්න පුලුවන්.ගොඩ ඉඩම් සදහා උස්බිම් වාරි යෝජනා ක්‍රම අපේ සැලසුම් වල තිබෙනවා ඒ සැලසුම් අද ඊයේ නෙමෙයි හැදුවේ.මේ ප්‍රදේශවල ට හොද ආර්ථිකයක් ලබා දීමටත් මේ පිංවන්ත දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දීමටත් අපේ වගකීම් ඉ‍ටුකරන බව ප්‍රකාශ කරන්න ඕන.අපට බොහෝ ප්‍රමාදවූ වැඩ කොටස් තමයි අද කරන්න වෙලා තියෙන්නේ.පසුගිය රජයන් ගණනාවක් තුළ පොලොන්නරුව දිස්ත්‍රික්කයට ඉ‍ටු නොවූ සැවාවන් අත්‍යවශ්‍ය දේවල් අධ්‍යාපන,සෞඛ්‍ය ,යටිතල පහසුකම් පානීය ජලය ,විදුලිය,මාර්ග වැනි,ඒ සියල්ල අපි කරගෙන යනවා.මේ ගිරිතලේ ඇලහැර මාර්ගයේත් වැඩ නැවතිලා තිබුණේ දැන් වැඩ අපි පටන් අරගෙන තියෙනවා.රජයක් විදිහට බොහෝ විවේචන තිබෙනවා.නමුත් අපි විවේචනයට ඉඩ දීලා තිබෙන්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නයි.ඉස්සර ආණ්ඩුකාලේ ඔහොම කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ.ඔහොම පෙළපාලි යන්න වුනේත් නෑ.මේ විදියට මාධය ආයතනවලට හැසිරෙන්න දුන්නේත් නෑ.ඒ කාලේතිබුණු තත්ත්වය සැම කෙනෙක් ම දන්නවා.නමුත් අද තියෙන නිදහස ඇතැම් විට සීමාව ඉක්මවා ඇතැම් අය පාවිච්චි කරනවා.එහි යහපත හෝ අයහපත ඒ අයටමයි.කෙසේ වෙතත් රජයක් හැටියට ඒ සියලු අභියෝග තුල අපි බලාපොරොත්තුවන රටේ අනාගත සමෘද්ධිය ඇති කිරීම සිදු කරනවා.විභාගය පාස්වනවා වගේම ජීවිතය පාස් වෙන්නට ඕන.මේ දවස්වල ඔබ දන්නවා කොළඹ තිබෙන කැළිකසල ප්‍රශ්නය ,ඩෙංගු උවදුර පිළිබදව පළාත් වශයෙන් ගත්තාම අපි සතු‍ටු වෙනවා උතුරු මැද පලාත ඩෙංගු උවදුර සම්බන්ධයෙන් ඉතාම අවම තත්ත්වයක ඉන්නේ.හොද තත්ත්වයක තිබෙන්නේ ලංකාවේ ගත්තාම බස්නාහිර පළාත තමයි ඩෙංගු උවදුර සම්බන්ධයෙන් උග්‍ර වෙලා තියෙන්නේ.කාලගුණික හා දේශගුණික විපර්යාස සමග ගෝලීය උෂ්ණත්වයත් සමග ඇතිවන තත්ත්වයක් මේක.මේක අපේ රටේ පමණක් ප්‍රශනයක් නෙමෙයි.කලාපය වශයෙන් ගත්තාම ඉන්දියාව පකිස්තානය,ඉන්දුනීසියා,මැලෙසියා,සිංගප්පූරුව මේ සෑම රටකම ඩෙංගු උවදුර තිබෙනවා.ඉන්දියාවේ ඩෙංගුවලින් කීයක් දවසකට මැරෙනවා දකියලා ගනන් කරන්නත් බෑ.එතනින් එහාට ගියාම මෙක්සිකෝව දක්වා ඩෙංගු උවදුර තිබෙනවා.ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ලෝකයේ ඉහළම හැකියාව තිබෙන්නේ කියුබාවට.නමුත් කුයුබාවටවත් සියයට සියයක් ඩෙංගු මර්දනය කරන්න බැරිවෙලා තියෙනවා.ඒ සදහා සැමකෙනෙකුගේම කැපවීම තියෙන්නට ඕන.රාජ්‍ය නිලධාරින් ගේ කැපවීමත් සමග සැම කෙනෙකුගේම කැපවීම අවශ්්‍යයි.මම කීවේ අදබොහෝ දේ උගන්වන්නට සිද්ධ වෙලා තියනවා කියලා මූලික වශයෙන් ම පාසලෙන් අධ්‍යාපනය දෙනවා වගේම බාහිර සමාජයේ ජීවත් වෙන්න ශක්තිය ලබා දෙන්න ඕන. ඉතාම සුලු දෙයක් වන කැළිකසල කළමනාකරණය කරගන්න හැටි පවා අද කියලා දෙන්න වෙලා තියෙනවා. කොහොමද කැළිකසල වර්ගීකරණය කරන්නේ කියලා.පහුගිය මාස කිහිපය තුළ රජය ගත් තීන්දු තීරණ අනුව කැළි කසල වර්ගීකරණය කරන්න අපි  හදුන්වලා දුන්නා.ප්ලාස්ටික් වීදුරු ,කඩදාසි ,පොලිතීන් වෙන වෙනම දාලා ගෙදර දොරේ එකතුවන කැලි කසල ටික ගෙනියන්නට එන අයට දෙන්න.නමුත් අද කොළඹ ප්‍රදේශවල කැලි කසල මහ පාරේ ගොඩගැහිලා තියෙනවා.වර්ගීකරණය කරන්නේ නැති කැලි කසල අද ඒ ආයතන ගෙනියන්නේ නෑ.ඇතැම් අය ඉතාම සාර්ථකව මේක කරද්දී තවත් පිරිසක් මල්ලකට ඔක්කොම දාලා ගෙනත් පාරේ දාලා යනවා.මේක වෙනස් කරන්න අද පාසල්වලින් කියා දෙන්න වෙලා තියෙනවා.අද වනවිට සෙල්‍ෆි උන්මාදය නිසා පසුගිය සති කිහිපයේ ජීවිත කීයක් විනාශ වුනාද?ඉන්දියාවේ ඊයේ පෙරේදා පණතක් සම්මත කලා අවදානම් ස්ථානවල සිට සෙල්‍ෆි ගන්න අයට දැඩි දඩුවම් දෙන්න ඕන කියලා.මොකද හේතුව විනාශවන ජීවිත .තම්න්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නෑ.පහුගිය සතියේ දුම්රියට බිලිවුණු අයියයි මල්ලියි ඔබ දැක්කා.නුවර දක්ෂ උගත් රූමත් තරුණ වෛද්‍ය වරියක් දුම්රියට බෙල්ල තිබ්බා.අද සියදිවි නසාගැනීම් ගැන ලෝකයේ ඉහලම වාර්තාවක් අපි තියලා තියෙනවා.මම ඒ ගැන රාජ්‍ය නායකයා විදිහට  අතිශය කණගා‍ටු වෙනවා.අපි අවශ්‍ය දේවල්වලින් වැදගත් දේවල්වලින් ඉහලට යන්න බැරි වුනාට අනවශ්‍ය දේවල්වලින් සියදිවි නසා ගැනීම්වලින් අපි උඩට ඇවිත් තිබෙනවා දැන් අවුරුදු 15ක් විස්සක්.මේ තරගකාරීත්වය ,අපට සුදුසු දේ තොරා ගැනීම,නුසුදුසු දේ බැහැර කිරීම ,අයහපත් සමාජ ක්‍රියාකාරිත්වය ,අපවිසින් ඉ‍ටු කළයුතු දේ නිසි ලෙස තේරුම් නොගැනීම මේ කියන කරුණු හරිහැටි තේරුම් නොගැනීම තමයි මේ වැනි විනාශයක් වෙන්න හේතු වෙන්නේ.  අපේ දරුවන්ගේ විභාග ප්‍රතිපල ඉතාමත් විශිශ්ඨයි.නමුත් ජීවිතය පාස් වීම අතින් අපි ගොඩක් පසු පසින් ඉන්නේ.අද පාසල්වල 10,11,12,13 පංතිවල ඉගෙන ගන්න දරුවන් මත් කුඩු මත් ද්‍රව්‍යවලට වේගයෙන් ගොදුරු වෙමින් තිබෙනවා.මම පසුගිය දවස්වල මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච දරුවන් පුනරුථාපනය කරන මධ්‍යස්ථානවලට ගියා ගියාම මම ඒ මූණු දැක්කාම මට හිතුනා ඇත්තටම මේ දරුවන් මේකට යොමු වුනේ කොහොමද කියලා.අද පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් මත්කුඩු මත් ද්‍රව්‍ය බෝ වෙලා තියෙනවා.ඒවා බරපතල ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා.පසුගිය දිනක පොලොන්නරුවේ පාසලක දරුවෙක් මත් කුඩු බැදාහරින ජාවාරම්කාරයෙකුගේ ඉත්තෙක් වෙලා ඉදලා අහු වුණා.ඒ නිසා දරුවාගේ ආරක්ෂාව සුරක්ෂිතබව පිළිබදව දෙමවුපියන් දැනට වඩා සොයා බැලීම අවශ්‍යයි.දරුවා පිළිබද සැලකිල්ල වැඩි වියයුතුයි. පාසල්වල දරුවන් ආරක්ෂිතයි.ඉන් පිටත දී තමයි දෙමවුපියන් භාරයේ ඉන්න කාලය තුළ ළමයින් අනාරක්ෂිත වෙලා.අද අපේ සමාජයේ මිනිස්සු අනුන්ගේ ජීවිත රකිනවා තියා තමන්ගේ ජීවිතයට ආදරේ නෑ.තමන්ගේ ජීවිතයට ආදරේ නම් කසල කළමනාකරණය කරගන්නවා.ඩෙංගු උවදුර තේරුම් ගන්නවා.තමාගේ ජීවිතයට තමන් ආදරෙයි නම් තමන් විසින් ම ඒ දේ කළ යුතු වෙනවා.ඒ නිසා අපට තිබෙන සමාජ අභියෝග තේරුම් අරගෙන රට ජයග්‍රහණය කරන්න ලෝකය ජයග්‍රහණය කරන්න ශක්තිය දෛර්යය ලැබෙන්න කියලා පතනවා.

මේ අතර ජනපතිතුමා අත්තනකඩවල මහාවිද්‍යාලයේ සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය හා ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට එක්විය.

අත්තනකඩවල මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබූහ.

සමරුඵලකය නිරාවරණය කර නව සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය සහ ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසු දරුවන්ගේ තොරතුරු විමසීය.

විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට ජනාධිපතිතුමා තිළිණ ද ප්‍රදානය කළේය.

 

මෙහි දී උතුරු මැද පළාත් මහ ඇමති පේශල ජයරත්න බණ්ඩාර මහතා ද කතා කළේ ය.එම විද්‍යාලවල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මෙන් ම මෙම අවස්ථාවට තවත් රාජ්‍ය නිලධාරින් දෙමවුපියන් ‍රැසක් ම එක්ව සිටිය හ.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.



ප්‍රියන්ත බණ්ඩාර පොලොන්නරුව

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය සහන සේවා කණ්ඩායම විසින්, පසුගිය දා ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවතැන් වූ අයගම ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය කඳවුරු දෙකක් පසුගිය 2017 ජූනි මස 20 වන දින අයගම ප‍්‍රදේශයේ ස්ථාන දෙකකදී සිදු කරන ලදී. මඩගල්තුර ශෛලෝත්තරාරාම විහාරස්ථානයේ සහ අයගම තේ ජනපදයේ පිහිටි ශ්‍රී මහින්දාරාම විහාරස්ථායේදී මෙම සායන පවත්වන ලදී.

ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මගින් මෙම වෛද්‍ය කඳවුරු දෙකෙහි සමස්ථ සම්බන්ධිකරණ කටයුතු සිදු කරන ලදී.
මෙම වෛද්‍ය කඳවුරු මගින් බාහිර රෝගී ප‍්‍රථිකාර, විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදේශන පහසුකම් (සර්වාංග රෝග, ශල්‍ය වෛද්‍ය, ළමා රෝග, චර්ම රෝග සහ ප‍්‍රසව හා නාරිවේද) සුළු ශල්‍යකර්ම පහසුකම්, මූලික රසායනාගාර පරීක්ෂණ පහසුකම් සහ මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවන් ජනතාව හට ලබා ගැනීමට හැකි විය. රෝගීන් සඳහා නිර්දේශීත සියළුම ‍‍‍ඖෂධ වර්ග එම ස්ථාන දෙකෙහිම පිහිටවූ ඖෂධ මධ්‍යස්ථාන වෙතින් ලබා දෙන ලදී.

මෙම කඳවුරු සඳහා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු සහ ගුවන් හමුදා වෛද්‍ය අංශයේ සාමාජික සාමාජිකාවන්ද ඇතුළුව 35 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය සහන සේවා කණ්ඩායමක් තම දායකත්වය දක්වන ලදී. එමගින් අයගම ප‍්‍රදේශයේ අවතැන් වූ 1000කට අධික රෝගීන් පිරිසක් ප‍්‍රථිකාර ලබා ගත් අතර අයගම ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය නිලධාරීන්ගේ සම්බන්ධිකරණ සහයද මෙම වැඩසටහන සිදු කිරීම සඳහා ලැබිණි.

ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් ලලිත් ජයවීර, ගුවන්පුර ගුවන් හමුදා රෝහල් අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් වසන්ත පද්මපෙරුම, රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල් අණදෙන නිලධාරීනී විංග් කමාන්ඩර් සුජීවා අල්විස්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය නිලධාරීන් සහ වෛද්‍ය අංශ සාමාජික සාමාජිකාවන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.








IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1700

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2064

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4886

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2906

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1674

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2547

Please publish modules in offcanvas position.

Web Analytics