Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දේශය රැකදුන් රණවිරුවන්ට ආශිර්වාද පතා කොළඹ කොටුව  ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය  අගනුවර බෞද්ධ සංගම් හා සුබසාධක සංගම් ඒකරාශී කරගනිමින්  සඟරුවන සියනමකගේ සහභාගීත්වයෙන් ඊයේ (05) පිණ්ඩපාත චාරිකාවක් පවත් වන ලදී.  එහිදී කොළඹ වටා  පිණ්ඩපාතයේ වැඩි සඟරුවනට මහ බැංකුව අසලදී මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දන් පිළිගැන්වූ අයුරු.



 
ඡායාරූපය - ප්‍රියන්ත ගමගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති ව්‍යාපාරය මේ රටේ ආර්ථීක, සමාජ සහසංස්කෘතික ක්ෂේත්‍රවල විශාල පරිවර්තනයක් සිදුකිරීමට දායක වූ බවත්ඉතිහාසයේසිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එහි වෘත්තීය සමිති ව්‍යාපාරයත් එකම ගමන්මගකපැමිණි මානවවාදී ව්‍යපාරයක් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ, ශ්‍රී ලංකානිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ නව කාර්යාලය ඊයේ (04) පස්වරුවේ විවෘත කරමිනි.

එම කාර්යාලය කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර නව කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

ශ්‍රීලංකා නිදහස් රජයේ වෘත්තීය සම්ති සම්මේලනයේ නියෝජ්‍ය සභාපති, ශ්‍රී ලංකානිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාවිසින් විශේෂ යෝජනාවලියක් මෙහිදී ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙකු වෙත සමරුතිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ශ්‍රී ලංකා නිදහස්රාජ්‍ය හා පළාත් කළමණාකරණ සහකාර සේවයේ උපාධිධාරි සංගමයේ ජාතික සංවිධායකආචාර්ය එරික් ජයලත්, ශ්‍රී ලංකා නිදහස් කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමයේහිටපු  ප්‍රධාන ලේකම් ටියුඩර් රණසිංහ සහ ශ්‍රී ලංකා දුම්රිය කම්කරු සේවකසංගමයේ ප්‍රධාන ලේකම් රූපසිංහ යන මහත්වරුන් එහිදී ජනාධිපතිතුමා අතින් සමරුතිළිණ ලැබූහ.

එක්සත්ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යලක්ෂ්මන් යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න,  ශ්‍රී ලංකානිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, ශ්‍රී ලංකා නිදහස්රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්. රෝයි ද මැල් යනමහත්වරුන් සහ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයින්මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය

ආරක්ෂක ‍ලේකම් ධුරය ඇතුළු රජයේ ප්‍රධාන තනතුරු 3ක් සඳහා අලුතින් තිදෙනකු පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත. 
ඡායාරූපවල දැක්වෙන්නේ නව පත්වීම් ලැබූ ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, නව යුද හමුදාපති ලෙස පත් කළ ප්‍රධාන අණදෙන නිලධාරී හා උතුරේ හිටපු ආඥාපති මහේෂ් සේනානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ නව ‍ලේකම් ධුරයට පත්කළ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි භාරගත් අයුරුය. හිටපු ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජනාධිපති ‍ලේකම් කාර්යාලයට කැඳවා ඇති බවද ජනපති කාර්යාලීය ආරංචිමාර්ග සඳහන් කරයි.

බාලදක්ෂ සේවා හා සම්බන්ධතා සතියේ ( වැඩ සතිය) සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (03) පෙරවරුවෙහි කථානායක නිල නිවසට පැමිණි බාලදක්ෂ කණ්ඩායම් එහි සේවා කටයුතු (පිරිසිදු කිරීම්)  ඉටු කළහ.

මෙහිදී කථානායකතුමන්  බාලදක්ෂයින් වෙත සාම්ප්‍රදායිකව සිදු කරනු ලබන දිරිගැන්වීම් දීමනාවක් ද පිරිනමන ලදී. මෙවර බාලදක්ෂ වැඩ සතිය ඩෙංගු මර්දනය මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන අතර එම සතිය පුරා දිවයිනම ආවරණය කරමින් 75000 කට අධික බාලදක්ෂයින් වැඩ සතියෙහි ක්‍රියාකාරකම්වල නියැලෙනු ඇත.    

කථානායක නිල නිවසේ පැවැති වැඩ සතියේ සමාරම්භක අවස්ථාවට බාලදක්ෂ  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනක්ප්‍රිත් ප්‍රනාන්දු මහතා ඇතුළු බාලදක්ෂ නිලධාරිහු සහ පසුගිය වසරෙහි වැඩ සතියෙහිදී දිවයිනෙහි වැඩිම ආදායමක් බාලදක්ෂ සංගමය වෙනුවෙන් ඉපැයූ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ද එක් වූහ. ​

දැන් කොටුව ස්ටේෂම යනුවෙන් කී විට මතක් වන්නේ කෝච්චි හෝ මගීන් නොව විරෝධතා හා උද්ඝෝෂණය. ඒ කොටුව ස්ටේෂම ඉදිරිපිට උද්ඝෝෂණ නැති දවසක් දැන් නැති නිසාය. ඒ උද්ඝෝෂණවලින් වැඩියෙන්ම දුක්විඳින්නේ මගී ජනතාවය. ඡායාරූපයේ දැක්වෙන්නේ සයිටම් උද්ඝෝෂකයන්ට එරෙහිව උසාවිය නිකුත් කළ නියෝගය ඔවුන් භාර නොගත් නිසා එය ප්‍රදර්ශනය කිරීමට ලයිට් කණුවක සවි කරන ‍පොලිස් නිලධාරීන්ය.

ඡායාරූප:- මලිත් ගමගේ

දිවයින පුරා ශීඝ්‍ර ලෙස පැතිරී යන ඩෙංගු මදුරු උවදුර මර්දනය කිරීම සඳහා පසුගිය 1 දා සිට ශ්‍රී ලංකා යුද හමුදාවද එක්විය. යුද හමුදා සාමාජිකයන් 200 කින් සමන්විත කණ්ඩායමක් කොළඹ නගරයේ හා අවට ඩෙංගු උවදුර තදින්ම පැතිරී ඇති ප්‍රදේශවල මදුරු මර්දනයට හා බෝවන ස්ථාන විනාශ කිරීමට එක්විය.

මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවාසවල මෙන්ම අවට මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හමුදා සෙබළුන් සහය ලබාදෙන අයුරුයි මේ.

ඡායාරූපය: යුද හමුදා මාධ්‍ය ඒකකය

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4887

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4474

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7625

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4829

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3099

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3907

Please publish modules in offcanvas position.

Web Analytics