Coss Ear2
lakbima.lk
COSS Ear 1

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.
ඒ බොරැල්‍ලේ පිහිටි අගරදගුරු නිවසේදී පසුගිය සෙනසුරාදා (9) දිනයේදීය.
ඉදිරියේදි ක්‍රියාකාරී දේශපාලනයට නැවත අවතීර්ණ වෙන බවත් ඔබ වහන්සේ බැහැදැක ඒ වෙනුවෙන් ආශීර්වාද ලබාගැනීමට පැමිණි බව තිස්ස අත්තනායක මහතා පැවැසීය.
නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට එක්වන ඔබතුමා එදාමෙන් ඉදිරියේදීත් ජනතාවට හා රටට වැඩදායික සේවාවක් ඉටුකිරීමට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවායි අගරදගුරු හිමිපාණන් ආශීර්වාද කළේය.

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්‍ෂේත්‍රය ‍පෝෂණය කිරීමෙහිලා දායක වූ ‍ලේඛක ‍ලේඛිකාවන් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබිම උදෙසා වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පෙරේදා (8) පස්වරුවේ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
මෙහිදී ශ්‍රී ලාංකේය සාහිත්‍යය ප්‍රවර්ධනය උදෙසා දුන් දායකත්වය වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් හිමිවෙන සාහිත්‍යරත්න සම්මානයෙන් පිදුම් ලැබුවේ සිංහල සාහිත්‍ය වෙනුවෙන් මහාචාර්ය ආරිය රාජකරුණා, ද්‍රවිඩ සාහිත්‍ය වෙනුවෙන් නිර්වයි ‍පොන්අයියන් සහ ඉංග්‍රීසි සාහිත්‍ය වෙනුවෙන් ජීන් අර්සනායගම් යන සාහිත්‍යධරයන්ය.
වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ කීර්ති වැලිසරගේ රචනා කරන ලද ගරුඬ මුහුර්තය නවකතාවය. විශිෂ්ටතම කාව්‍ය කෘතිය වූයේ ලක්ෂාන්ත අතුකෝරාලගේ සමහර කමටහන් කෘතියයි. මීට අමතරව විවිධ විෂය ක්‍ෂේත්‍ර 18ක් ඔස්සේ වූ නිර්මාණ උදෙසා සම්මාන පිරිනැමිණි.

මිහිරාන් කරුණාරත්න
ඡායාරූප - ප්‍රියන්ත ගමගේ


කොළඹ නගරයේ සුදු ඉර තිබියදී වෙනත් තැනකින් පාර මාරුවෙන පදිකයෙකුට ‍පොලීසිය විසින්ම පවත්වන මාර්ග නීති පිළිබඳ ටියුෂන් පන්තියකට සහභාගි වන්නට සිදුවන්නේය. පදික වේදිකාවේ බයිසිකලයක් පැදගියහොත් නවතින්නට වෙන්නේ උසාවියේය. ඒත් ‍පොලීසියට ඒ නීතිය බලනොපාන හැඩය. නිතර ජනතාව ගැවසෙන කොටුව ලෝටස් පාරේ පදික වේදිකාව දිගේ මෙම රථ වාහන අංශයේ ‍පොලිස් නිලධාරියා වගේ වගක් නොමැතිව බයිසිකලය පැද යන්නේ නීතිය නවන ආකාරය තම ප්‍රධානියා කියාදී ඇති නිසා විය යුතුය.  

ඡායාරූපය - ප්‍රියන්ත ගමගේ

එක්සත් ජාතික පක්ෂයේ 71 වන  සංවත්සරය එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) දින පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්මාලයක් පළඳා පුෂ්‍පෝපහාර දැක්වූ අයුරු. 
පක්ෂයේ මහ‍ලේකම් අමාත්‍ය කබිර් හෂීම් මහතා ද පසෙකින් සිටී.

ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුණෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (5) පෙරවරුවේ එක් විය.
අදාළ ඉන්ජිනේරුවන් සමග සුහද කතාබහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබඳ විමසා බැලූ ජනාධිපතිවරයා ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්ෂම කිරීමටද උපදෙස් ලබාදුන්නේය.


 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 686

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1253

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1090

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 839

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5523

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3645

Please publish modules in offcanvas position.