Coss Ear2
lakbima.lk
COSS Ear 1

pixm

ලෝකය පුරාම හමුදාවම සැලියුට් ගසන්නේ දකුණතිනි. ඒත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවේ  බ්‍රිගේඩියර් නිශාන්ත හේරත් පමණක් සැලියුට් ගසන්නේ වමතෙනි. ඒ බොහෝ කලකට ඉහත යුද්ධයෙන් ඔහුට දකුණත අහිමි වූ බැවිනි. කුච්චවෙලිහි පැවැති දියකාවා යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටි ඔහු මේ ආචාරය පුද කරන්නේ බ්‍රිගේඩියර් නිලයේ සිට ඉකුත් 13 දා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලද හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්නට සුබ පතමිනි.

ඡායාරූපය - නිමල්සිරි එදිරිසිංහ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති සම්මාන උළෙලෙහිදී බ්‍රැන්ඩික්ස් සමූහය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයෙහි අංක එකේ අපනයනකරුවා ලෙස නම් කරන ලදී. බ්‍රැන්ඩික්ස් සමූහය 'වසරේ ශ්‍රී ලාංකේය අපනයනකරු' ලෙස සම්මානයට ලක්වූ පස්වන වසර මෙය වන අතර, මෙම උත්තරීතර සම්මානය එම සමූහයට මෙවර ලැබුණු සම්මාන පහෙන් එකක් විය. බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඕමාර් මහතා ජනාධිපති අතින් සම්මානය ලබාගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් අද (13) දහවල් 12.00 සිට ආරම්භ කරන ලද වැඩවර්ජනයට සමගාමීව කොළඹ ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දේව කන්නලව්වක් හා පොල්ගැසීමක් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය විසින් සංවිධානය කර තිබුණි.

ඒ ලංවිම දූෂකයන් හා වංචනිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, වංචනික මුදල් නැවත අයකරගෙන විදුලිබිල අඩු කරන ලෙසත් ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කරගනිමිනි.




ඡායාරූප - මලිත් ගමගේ{jcomments on}

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 8 වන වරටත් පවත්වනු ලබන දියකාවා යුද අභ්‍යාසය ලබන 14 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය හෙරත්කණ්ඩි ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතය. ප්‍රහාරක අභ්‍යාසයේ පෙරපුහුණුවීම්වල යෙදෙන භට පිරිස් සතුරු කඳවුරකට ප්‍රහාර එල්ල කරන අභ්‍යාසයක යෙදුන අයුරු.



ඡායාරූපය - යුද හමුදා මාධ්‍ය ඒකකය

22 වන සුමති සම්මාන උළෙ‍ලේ ප්‍රධාන අනුග්‍රාහකත්වය අදාළ ගිවිසුම ඩයලොග් ආසියාටා සමාගමේ සන්නාම හා මධ්‍ය සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක මහතා විසින් සහ සහයෝගිතා අනුග්‍රාහකත්වයට අදාළ ගිවිසුම මහජන බැංකුවේ අලෙවි සහ පර්යේෂණ සාමාන්‍යාධිකාරී එස්.බි. කුමාරසිංහ මහතා විසින් සුමති සම්මාන උළෙ‍ලේ නිර්මාතෘ සහ සංවිධායක කමිටු සභාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සමග හුවමාරු කරගනු ලැබූ අවස්ථාව. එම අවස්ථාවට සුමති සමූහ ව්‍යාපාරයේ සභාපති ජගත් සුමතිපාල මහතාද එක්ව සිටි අයුරු.


ඡායාරූප - මලිත් ගමගේ{jcomments on}

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.
ඒ බොරැල්‍ලේ පිහිටි අගරදගුරු නිවසේදී පසුගිය සෙනසුරාදා (9) දිනයේදීය.
ඉදිරියේදි ක්‍රියාකාරී දේශපාලනයට නැවත අවතීර්ණ වෙන බවත් ඔබ වහන්සේ බැහැදැක ඒ වෙනුවෙන් ආශීර්වාද ලබාගැනීමට පැමිණි බව තිස්ස අත්තනායක මහතා පැවැසීය.
නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට එක්වන ඔබතුමා එදාමෙන් ඉදිරියේදීත් ජනතාවට හා රටට වැඩදායික සේවාවක් ඉටුකිරීමට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවායි අගරදගුරු හිමිපාණන් ආශීර්වාද කළේය.

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 746

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 356

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3459

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1959

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3953

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5042

Please publish modules in offcanvas position.