Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

‘නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය’ ජනපති අතින් විවෘත වෙයි

රටේ බලයත්, ගමේ බලයත් නිදහසට තේමා කරගනිමින් ක්‍රියාත්මක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානය හෙවත් නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) පස්වරුවේ පුංචි බොරැල්‍ලේදී විවෘත කෙරුණි.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ පුංචි බොරැල්‍ලේ පිහිටි දේශපාලන කාර්යාල පරිශ්‍රය තුළ මෙම මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපිත කර තිබේ.
මෙමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ කටයුතුවල මාධ්‍ය වැඩසටහන් සංවිධානය කෙරෙන අතර ජනමාධ්‍යවේදීන්ට නොමි‍ලේ වයිෆයි පහසුකම්ද මෙම මාධ්‍ය කේන්ද්‍රය තුළ ලබාදී තිබිම විශේෂත්වයකි.


පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමතන ප්‍රධාන ජනරැලි 54 ක්, ප්‍රධාන ආසන රැස්වීම් 480 ක්, ග්‍රාමසේවා වසම් රැස්වීම් 14021 ක් සහ අපේක්ෂක රැස්වීම් 46870 ක් සමගින් සමස්ත රැස්වීම් 61425 ක් ඉදිරි දිනවල දීප ව්‍යාප්තව පැවැත්වෙන බව මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය කමිටු ‍ලේකම් තිලංග සුමතිපාල මහතා පැවැසීය.

මනාප ක්‍රමයට තිත තබමින් කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලබාදුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව මෙහිදී පැවැසූ තිලංග සුමතිපාල මහතා රට තුළ ශීලාචාර දේශපාලන සදාචාරයක්, විනයගරුක සමාජයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා ලබාදෙන මගපෙන්වීම තුළ පළාත් පාලන මැතිවරණයේ සියලු කටයුතු ක්‍රියාත්මක කරන බවද තිලංග සුමතිපාල මහතා පැවැසීය.

මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරමින් නිදහස් යුගයක් නම් වූ වබේ අඩවිය අන්තර්ජාලයට මුදා හැරීමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදුවිය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ‍ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්. බි. දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු ප්‍රධාන නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


පානුක රාජපක්ෂ
ඡායාරූපය: මලිත් ගමගේ

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2249

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2297

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3822

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4352

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5190

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3053

Please publish modules in offcanvas position.

X

Right Click

No right click